දිස්ත්‍රික්කයේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ඉලක්කගත වැඩසටහන්හි ප්‍රගතිය විමසා බැලෙන මෙම වසරේ දෙවන කාර්තුවට අදාල සංස්කෘතික නිලධාරීන්ගේ ප්‍රගතිය විමසා බැලෙන හමුවක් අද (02) පෙරවරුවේ දී අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දොළොස් මහේ පහන වැඩසටහන්ට අදාළව ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ මෙහිදී නිලධාරීන් විසින් ප්‍රගතිය ඉදිරිපත් කරන ලදී.

මෙම වසරේ පවත්වන ප්‍රාදේශීය සාහිත්‍ය තරගාවලියට අදාළ තරග කොන්දේසි හා විනිශ්චය කටයුතු පිළිබඳව මෙහිදී නිලධාරීන් දැනුවත් කළ අතර සැප්තැම්බර් මස වන විට සියලුම ප්‍රාදේශීය සාහිත්‍ය උත්සව අවසන් කළ යුතු බව ද කියැවිණි.

එමෙන්ම අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලිය සඳහා අයදුම්පත් අගෝස්තු මස 31 වන දින දක්වා ඉල්ලුම් කිරීමට හැකි බවද මෙම හමුවේදී ප්‍රකාශ කෙරිණි. එම කරුණු ද ඇතුළත්ව සංස්කෘතික නිලධාරීන්ට අදාළ කාර්යභාරයන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙහිදී වැඩිදුරටත් කරුණු සාකච්ඡා කෙරිණි.

දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරිනී කාංචනා විජයරත්න මහත්මිය ඇතුළු දිස්ත්‍රික් සංස්කෘතික අංශය මෙම හමුව සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට මධ්‍යම රජය හා පළාත් සභාවට අනුයුක්තව සිටින සංස්කෘතික නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.