කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කේෂ්ත්‍රයේ අභිවෘද්ධිය සදහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන්, ඉදිරියට සැලසුම් කර ඇති ව්‍යාපෘතින් හා අපේක්ෂිත නව ව්‍යාපෘතීන් සකස් කරමින් තවදුරටත් දිස්ත්‍රික්කයේ කෘෂිකර්මය උසස් මට්ටමකට ගෙන ඒම සදහා එම විෂයට අදාලව කටයුතු කරන සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් අද (05) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.
මෙහිදි දිස්ත්‍රික්කයේ පොහොර බෙදා දීම, පොහොර මිල ගනන් හා පොහොර විෂයට අදාල ප්‍රගතිය ද විමසා බැලිණි .එමෙන්ම යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසම් පහක ක්‍රියාත්මක දූරියන් වගා ව්‍යාපෘතිය, රඹුක්කන කොට්ඨාසයේ වන සත්ව හානිය සදහා වායු තුවක්කු බෙදා දීමේ ව්‍යාපෘතිය , වරකාපොල, රුවන්වැල්ල හා බුලත්කොහුපිටිය යන කොට්ඨාසයන්හි ආරම්භ කල තරුණ කෘෂි ව්‍යවසාය ගම්මාන ව්‍යාපෘතිය ඇතුලු කරුණු කිහිපයක ප්‍රගතිය විමසා බැලීමක්ද සිදුකෙරිණි.
2025 වසර සදහා සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් අවම ව්‍යාපෘති 15 බැගින් සැකසීමට නිලධාරීන්ට ඉලක්කයක්ද ලබා දුණි.
මෙම වැඩසටහනේදී නිවැරදිව ව්‍යාපෘති වාර්තාවක් සැකසීම පිලිබද දැනුවත් කිරීම පේරාදෙණිය බීජ හා රෝපණ සංවර්ධන මධ්‍යස්ථානයේ ආචාර්ය ඉන්දික වීරසේකර මහතා විසින් සිදු කරන ලද අතර ව්‍යාපෘති වාර්තාවක පවතින අඩුපාඩු පිලිබද දිස්ත්‍රික් සැලසුම් අංශයේ නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ සජිනි රණසිංහ මහත්මිය විසින් පැහැදිලි කර දුන්නාය.
පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්‍යභාරය පිලිබදව දැනුවත් කිරීම සහකාර අධ්‍යක්ෂ චම්පිකා වෙලගෙදර මහත්මිය විසින් සිදු කරන ලදී.
මෙම වැඩසටහන දිස්ත්‍රික් කෘෂිකර්මය අධ්‍යක්ෂ එම්. එස් තිලකසිරි මහතා ඇතුලු එම අංශය විසින් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට දිස්ත්‍රික් පොහොර අංශයේ සහකාර අධ්‍යක්ෂ සරත් සුමනදාස මහතා, සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි කෘෂි හා පොහොර විෂයට අදාල සංවර්ධන නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

























