කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි විදේශ රැකියා සංවර්ධන නිලධාරීන්ගේ මනෝවිද්‍යාත්මකව සිත ශක්තිමත් කොට මනෝවිද්‍යාත්මක ගැටළුවලට සහාය දැක්වීම අරමුණු කර ගනිමින් විදේශ රැකියා අංශය මගින් සංවිධානය කරන ලද වැඩසටහනක් පසුගියදා (03) දිස්ත්‍රික් ලේකම්/දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීම සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නේ නාරාහෙන්පිට යුද හමුදා රෝහලේ මනෝ විද්‍යාඥ මේජර් චමිල ප්‍රසාද් පේදුරුආරච්චි මහත්මා විසිනි.එම දැනුවත් කිරීමෙන් පසු ඔවුන් හරහා විගමික ප්‍රජාවගේ සහ එම පවුල්වල සාමාජිකයින්ගේ මනෝ ගැටලු විසඳීමට රුකුලක් ඇති කිරීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
එහිදී දිස්ත්‍රික් විදේශ රැකියා සම්බන්ධීකාරක සංවර්ධන නිලධාරී හරේන්ද්‍ර උඩුමුල්ල සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ නිලධාරී ලංකා සුමනදාස සහ මහත්මාවරුන් විසින් වැඩසටහනෙහි අරමුණු පැහැදිලි කිරීම සිදු කලහ.
මෙම මනෝ සමාජයීය වැඩසටහන ලංකාවේ දිස්ත්‍රික්ක අතරින් පළමුවෙන්ම ක්‍රියාත්මක වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වීම විශේෂත්වයයි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විදේශ රැකියා අංශවල නිලධාරීන් සහභාගි වි සිටියහ.



























