කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ග්‍රාම සේවා තරග විභාගයෙන් සමත් වූ නවක ග්‍රාම නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනෙහි සමාප්ති උත්සවය පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී දිස්ත්‍රික් ලේකම්J. M. R. P. ජයසිංහ මහත්මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
පුරා දින පහළවක අඛණ්ඩ පුහුණු කාලයකින් සමාප්තියට පත් වූ මෙම වැඩසටහනින් පසු ආධුනික ග්‍රාම නිලධාරී අපේක්ෂක අපේක්ෂිකාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පුහුණුව සඳහා යෙදවීමට නියමිතයි.
එහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්තුමන් පවසා සිටියේ ක්ෂේත්‍රයේ රාජකාරීවල නිරතවීමේදී මෙම පුහුණුව මගින් ලබාගත් දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් තව තවත් දැනුම රැස් කළ හැකි බවත් ඔබ සොයා එන සේවාදායකයන් හැකි සෑම අයුරකින්ම දැනුවත් කරමින් ඔවුන්ගේ ප්‍රශ්න ගැට නිරාකරණය කිරීමට උත්සාහවත් විය යුතු බවයි . එමෙන්ම හිතාමතා කිසිම ආකාරයකින් වැරදි නොකළ යුතු බවත් දැනුම වැඩි කර ගනිමින් මිත්‍රශීලීව ඒවා අනෙකුත් නිලධාරීන් සමග බෙදාගත යුතු බවත් සෙසු නිලධාරීන් සමග සහයෝගයෙන් වැඩ කළ යුතු බවත් නව දැනුම සොයා යන තරුණ වයසේ පසුවන ඔබට දැනුමෙන් සන්නද්ධ විය හැකි බවත් එම දැනුම ඔබගේ රාජකාරී දිවියට රුකුලක් වනු ඇති බවත් එතුමන් විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන ) K. G. S. නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් ) දිලිප් නිශාන්ත, කෑගල්ල දිස්ත්‍රික් සහකාර ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මින් ඇතුලු මාණ්ඩලික නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.






























