රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුමක් ඇති නිලධාරින් පුහුණකරුවන් ලෙස පුහුණු කිරීමේ සය දින පුහුණු වැඩමුළුවෙහි සමාරම්භය ඊයේ (10) දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය ශ්‍රවනාගාරයේදි සිදුවිය.
මෙම වැඩසටහන මෙහෙයවීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සිදු කල අතර දිස්ත්‍රික් තොරතුරු තාක්ෂණ ඒකකය හා දිස්ත්‍රික් පුහුණු ඒකකය එක්ව මෙම වැඩසටහන සම්බන්ධිකරණය කරනු ලබයි.
පලමු දින පුහුණුවට සම්පත්දායකයින් ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ජේෂ්ඨ කළමනාකරු මනෝජ් හේමරත්න, අචලා උපුල්දෙණිය, ලකී ගමගේ (ලක් හෝල්ඩින්ග්ස්) යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ , අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත යන මහත්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, පරිපාලන නිලධාරීන් , පරිපාලන ග්‍රාම නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ






















