×

පණිවුඩය

Invalid Page Request

සමාජ සේවා දෙපාර්තමේන්තුව ,ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය සහ මිනිස් බල සහ රැකි රක්ෂා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ආබාධ සහිත පුද්ගලයන් සඳහා රැකියා සහයෝගීතා ප්‍රවර්ධනය සඳහා වන ව්‍යාපෘතිය (ESPD) මේ වන විට දිවයින පුරා සාර්ථකව ක්‍රියාවට නංවා ඇත.

එහි කෑගල්ල දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක තුන් වන වැඩසටහන ලෙස පාර්ශවකරුවන් දැනුවත් කිරීම අද (11) පෙරවරුවේදී කෑගල්ල හේෂානි හෝටලේදී දිස්ත්‍රික් ලේකම් දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ අනුව ආබාධ සහිත රැකියා අපේක්ෂිතයන් සහ ආබාධ සහිත පුද්ගලයන් රැකියා ගත කළ හැකි ආයතන එක් වූ මෙම වැඩසටහනට සම්බන්ධවූවන් පිළිගැනීම දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර මහතා විසින් සිදු කරන ලදී.දිස්ත්‍රික් මානව සම්පත් සංවර්ධන නිලධාරී රංජිත් මුගුණුවෙල මහතා ද මෙහිදී අදහස් දක්වන ලදී.

මෙම අවස්ථාව ඇමතූ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ මහතා සදහන් කලේ ආබාධ සහිත ප්‍රජාව රැකියා ගත කිරීම ඉතාම කාලෝචිත ක්‍රියාවක් බවයි. එමෙන්ම අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත මහතා ද අදහස් පළ කරන ලදී.

ආබාධ සහිත පුද්ගලයන් සදහා රැකියා සහයෝගය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (ESPD) පිලිබද මෙන්ම දිවයින පුරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මේ වන විට සිදුවන ක්‍රියාවලියන් පිළිබඳව එම ව්‍යාපෘතියේ විශේෂඥ ශිමිසු ටකාශී (Shimizu Takeshi)මහතා සහ එහි කාර්ය මණ්ඩලයේ නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කර දෙන ලදහ.

මෙම අවස්ථාවට Zoom ඔස්සේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න මහත්මියද එක්වූවාය.විවිධ පෞද්ගලික ආයතනවල පවතින පුරප්පාඩු පිළිබඳ එම ආයතන නියෝජනය කරමින් පැමිණි නියෝජිතයන් විසින් කරුණු පැහැදිලි කර දුන් අතර දැනුවත් කිරීම අවසානයේ කෙටි සම්මුඛ පරීක්ෂණයක්ද ආබාධ සහිතවූවන් සදහා පැවැත්විණි.

කෑගල්ල දෙහිඕවිට, රුවන්වැල්ල, අරණායක, මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරුන්, ගලිගමුව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජ සේවා, මානව සම්පත් නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන්, ආබාධ සහිත රැකියා අපේක්ෂිතයින්, ඔවුන්ගේ භාරකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.