ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව, අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ආර්ථික දුෂ්කරතාවයන් ඇති පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය හා මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපතති රාජ්‍ය අමාත්‍ය රංජිත් සියබලාපිටිය හා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නිදහස් මාවතේදී දි ඊයේ (16) දින සිදු කෙරිණි.
මෙම වැඩසටහන යටතේ 2022/2023 වර්ෂයේ අ.පො.ස(සා.පෙළ) විභාගය සමත්ව අ.පො.ස(උ.පෙළ) හැදෑරීමට සුදුසුකම් ලද තෝරාගන්නා ලද සිසුන් වෙත මසකට රුපියල් හයදහස බැගින් වසර 2 ක කාලයක් සඳහාත්, 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා තෝරාගන්නා ලද ආර්ථික දුෂ්කරතාවයන් ඇති සිසුන් හට රුපියල් තුන්දහස බැගින් වසරක කාලයක් සඳහාත් ශිෂ්‍යාධාර ප්රතිලාභ හිමිවෙයි.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සිසු දරුවන් 3650 ප්‍රමාණයකට ශිෂ්‍යත්ව හිමි වේ. සිසු දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වඩාත් සාර්ථක කර ගැනීමත් ඒ තුළින් අනාගතයේ ජය ගැනීමටත් මෙම ශිෂ්‍යාධාර ක්‍රමය ඔවුන්ට ශක්තියක් වනු ඇත.
මෙම වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පළාත් අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සංවිධානය කළ අතර මේ සඳහා මූල්‍ය අනුග්‍රහය සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ලබා දෙන ලදී.
මෙම වැඩ සටහනට සමගාමීව සියඹලාපිටිය ජන සහන පදනම මගින් පාසල් දරුවන් සඳහා පාසල් බෑග් සහ දෙළුම් පැළ බෙදා දිමක්ද සිදු කෙරැණි.
මෙම අවස්ථාවට උතුරු මැද පලාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා,කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනි රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මින් ඇතුලු දේශපාලන අධිකාරිය හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතා , අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන ) කේ. ජි .එස්. නිශාන්ත කැගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් , ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් , සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් , අධ්‍යාපන කලප කාර්යාලයවල නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසු දරුවන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
































