දිස්ත්‍රික් සැලසුම් අංශය සංවිධානය කළ ඩිජිටල් ගෙවීම් සහ ඒ ආශ්‍රිත මූල්‍ය වංචා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (29) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී ඩිජිටල් ගෙවීම් සහ ඒ ආශ්‍රිතව සිදුවන වංචා හා එයින් ආරක්ෂා වීමට ගත හැකි ක්‍රියාමාර්ග, mobile banking, internet banking, ගෙවීම් කිරීමේදී වංචනිකයන් හසුකර ගන්නා ආකාරය සහ එලෙස වංචනික පුද්ගලයන්ගෙන් ආරක්ෂාව වන ආකාරය ඇතුළු කරුණු රැසක් පිළිබඳව දැනුවත් කිරීම සිදුකෙරිණි. මෙම වැඩසටහනට සම්පත් දායකත්වයෙන් එක් වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ ප්‍රබෝධ අගලවත්ත හා ගිම්හාන මොහොට්ටි යන මහත්වරුන්ය.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ .ඒ වීරකෝන්, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ සජිනි රණසිංහ, ශ්‍රී ලංකා මා බැංකුවේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලයේ කළමනාකාර තිළිණි සමරදිවාකර යන මහත්ම මහත්මීන්,ග්‍රාමීය සංවර්ධන බැංකුවේ නිලධාරීන්,දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.





















