ජාතික ළමාරක්ෂක අධිකාරිය හා දිස්ත්‍රික් ළමා කටයුතු අංශය එක්ව සංවිධානය කළ ළමා ආරක්ෂාව සහ නීතිය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (02)දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ප්‍රවාහන කරන පාසල් වෑන් රථ හිමිකරුවන්, රියදුරු මහතුන් සහ සහායකයින් සඳහා පැවති මෙම දැනුවත් කිරීම සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර ළමා ආරක්ෂාව සහ නීතිය සම්බන්ධයෙන් එහිදී නීතිඥ සිතාරා වෛද්‍යසේකර මහත්මිය විසින් පිරිස දැනුවත් කිරීම සිදුකරන ලදී.
එමෙන්ම කෑගල්ල රථ වාහන අංශයේ සැරයන් අනිල් මහත්මා විසින්ද පැමිණ සිටි පිරිස දැනුවත් කිරීම සිදුකරන ලද අතර පාසල් වෑන් රථ හිමියන්ට බලපාන ගැටලු සහ අදහස් පිළිබඳවද සාකච්ඡා කිරීමට කටයුතු සලසා තිබුණි.
මෙම වැඩසටහන දිස්ත්‍රික් ළමා කටයුතු අංශයේ දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරිනී විනෝදනී කුලතුංග සහ දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරී චතුරිකා බණ්ඩාර යන මහත්මීන් එක්ව සංවිධානය කර තිබුණි.
වැඩසටහන සඳහා සහභාගී වූ සියලුම සාමාජිකයන් සඳහා සහතික පත්‍ර ලබාදීමට කටයුතු කරන අතර සංකේතාත්මකව දිසාපතිතුමන් අතින් සහතික පත් කීපයක් ලබා දීම සිදු කළ අතර ළමා ආරක්‍ෂාව සම්බන්ධයෙන් වෑන් රථවල ස්ටිකර් ඇලවීමක්ද සිදුකෙරිණි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ශා එල් ප්‍රියදර්ශනී, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි එම්. ඒ .එල් කේ, මැණිකේ යන මහත්ම මහත්මීන්, ළමාරක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
































