දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ නර්තන, ගායන ,රංගන හැකියාවන්ගෙන් යුත් සෞන්දර්යාත්මක දිගහැරුම සඳ දිය මංකඩ - 2024 පසුගියදා (02)කෑගලු විද්‍යාලිය ශ්‍රවනාගාරයේදී සාර්ථකව නිමාවට පත්විය.
මඟුල් බෙර වාදන මධ්‍යයේ කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ .ජී .එස් . නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම්( ඉඩම්) දිලිප් නිශාන්ත යන මහත්වරුන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ කෑගලු විද්‍යාලීය විදුහල්පතිතුමන් , හිටපු කෑගල්ල දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී පද්මිණී වික්‍රමලතා මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් කැඳවා ගැනීම සිදුවූ අතර පොල්තෙල් පහන දල්වා සඳදිය මංකඩ කලා උළෙල -2024 ප්‍රසංගය ආරම්භ කෙරිණි. අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත මහතාගේ පිළිගැනීමේ කතාවෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම්තුමන් අදහස් දැක්වූ අතර ඉනික්බිති විචිත්‍රවත් අංග ගණනාවකින් මෙම උළෙල වර්ණවත් විය. ඊට ගායන අංගයන්, නාට්‍ය කිහිපයක් සහ නර්තන අංගයන් රැසක් එක් කර තිබුණි.
මෙවර සඳදිය මංකඩ කලා උළෙල සඳහා අනුග්‍රහකත්වයෙන් දායක වූයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සබරගමුව පළාත් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, අතුකෝරළ සමූහ ව්‍යාපාරය, සීවලී පොත් හල සහ දඹේවෙල කන්ස්ට්‍රක්ශන් අධිපති දඹේවෙල මහතාය.
දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරිනී කාංචනා විජේරත්න මහත්මිය ඇතුළු එම අංශයේ සංවිධානයෙන් සහ සමස්ත කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් මෙවරද වැඩසටහන සාර්ථකව සංවිධානය කර තිබුණි .
තම රාජකාරි ජීවිතයෙන් යම් අස්වැසිල්ලක් ලබමින් තමන් සතු සෞන්දර්යාත්මක කුසලතාවයන් සඳහා ඉඩහසරක් ලබාදීම වෙනුවෙන් පැවති සඳදිය මංකඩ නිලධාරි කලා උළෙල - 2024 මෙවර පැවැත්වූයේ අති සාර්ථක දෙවන වතාවට වූ අතර ඊට දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.




































