රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ජාතික භාෂා හා පලාත් පාලන අමාත්‍යංශය හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජාතික භාෂා අංශය මඟින් සබැඳියාව - දැනුවත් වෙමු, ක්‍රියා කරමු තේමාව පෙරදැරිව 07.01 – 07.05 දක්වා රාජ්‍ය භාෂා සතිය ක්‍රියාවට නැංවිණි. ඊට සමඟමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

ඒ යටතේ අද (09) දින පෙරවරුවේ දී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිලිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.එහිදී රාජ්‍ය භාෂා සහ අයිතීන් , තෘප්තිමත් රාජ්‍ය සේවයක් ඇති කිරිමට රාජ්‍යය භාෂා ප්‍රතිපත්තියේ ඇති වැදගත්කම , ධනාත්මක ආකල්ප සංවර්ධනය, රජ්‍ය භාෂා ප්‍රතිපත්තියේ මේ දක්වා විකාශනය, සහජීවනය හා භාෂා අයිතීන් උල්ලංඝනය වූ විට ගත හැකි ක්‍රියාමාර්ග ඇතුලු කරුණු රැසක් සම්බන්ධව දැනුවත් කෙරිණි.ඒ සඳහා සම්පත් දායකත්වය මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (ක්‍රමසම්පාදන) ලලිත් දසනායක මහතා විසින් ලබා දුණි.

මෙම අවස්ථාවට සමඟාමීව දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ උපදෙස් පරිදි රාජ්‍ය භාෂා සතියට සමඟාමිව පාසල් දින හා යොවුන් දිනයන්ට සමඟාමිව නිර්මාණ තරගයක් පසුගිය ජූලි මස 03 වන දින පැවැත්වු අතර පාසැල් සිසුන් කේන්ද්‍ර කර ගනිමින් චිත්‍ර නිර්මාණ තරඟයක් හා කාර්මික විද්‍යාල සිසුන් කේන්ද්‍ර කරගනිමින් සමාජ මාධ්‍ය දැන්විම් නිර්මාන තරගයක් පැවැත්විණි.එහි ජයග්‍රහණය ලද ජයග්‍රහකයින්ට ත්‍යාග හා කුසලතා සහතික පත් ප්‍රධානය දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

තවද මෙම අවස්ථාව රසවත් කිරීම සඳහා කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් භාෂාව හා සහජීවනය තේමා කරගත් සෞන්දර්්‍යාත්මක අංග කිහිපයක් ද ඉදිරිපත් කරන ලදී.

මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ ජාතික ඒකාබද්ධතා දිස්ත්‍රික් ප්‍රවර්ධන නිලධාරි ඉන්දිකා විරවර්ධන මහත්මිය ඇතුලු එම අංශය විසිනි.

එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන)කේජි.එස් නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත,කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (චිත්‍ර) ජි.ආර්.ටි.ඩි.එම් කපුනන්ද, කෑගල්ල කාර්මික විද්‍යාලයේ කථිකාචාර්ය (තොරතුරු තාක්ෂණය) ආර්.ඒ.පී.එල්.කේ සොමරත්න යන මහත්ම මහත්මීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, කාර්මික විද්‍යාල සිසුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.