කෑගල්ල දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ස්‍ය වගාව සම්බන්ධයෙන් පවතින ගැටළු හදුනා ගැනීමේ ජංගම රසායනාගාර සේවාවක් ඊයේ (20) කැගල්ල ජලජීවි වගා ව්‍යාප්ති කාර්යාලයේදී හා රුවන්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
විසිතුරු මත්ස්‍ය ගොවිපලවල් වල මසුන්ට පවතින ලෙඩ රෝග එම අවස්ථාවේදිම හදුනාගන්නා අතර අවශ්‍ය ඹෟෂධ එම ස්ථානයේදීම සහන මිලට ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබුණි.
ජලජීවි වගාකරුවන් භාවිතා කරන ජලයේ PH අගය ,Hardness අගය මැන ගැනීමටත් එමගින් ගොවිපොලට වඩාත් සුදුසු මත්ස්‍ය වර්ගය හදුනා ගැනීමට මෙමගින් අවස්ථාව සැලසිණි.
සබරගමුව විශ්ව විද්‍යාලයේ ජංගම රසායනාගාරය මගින් මහාචාර්ය නිරෝෂන් වල්පිට මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩ සටහන පැවැත්විණි.
මෙම වැඩ සටහන දිස්ත්‍රික් ජලජීවී නිලධාරී චන්දන ජගත් කුමාර මහතා විසින් සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ , දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.එස්.තිලකසිරි, ජල ජීවී වගාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

























