ලයිකා ඥානම් පදනෙම් මුල්‍ය අනුග්‍රහයෙන් අරනායක හා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මුල් කරගෙන ඉදි වු ජල ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරිම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ හා ලයිකා ඥානම් පදනෙම් උප සභාපති සුන්තරම් අරුමානායම් යන මහතත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (21) සිදු කෙරිණි.
ඒ අනුව අරනායක ග්නන්ගොඩ ගම මුල් කරගෙන රුපියල් 2387838.00 ක ප්‍රතිපාදන මත ඉදි වු ජල ව්‍යාපෘතියෙන් පවුල් 61 සෙත සැලසේ. රුපියල් 1052809.00 ක ප්‍රතිපාදන මත ගලිගමුව බල්ලපාන උඩබාගේ ගමේ ඉදි වු ව්‍යාපෘතියෙන් පවුල් 47 ක් සඳහා සෙත සැලෙස් .
කෑගල්ල දිස්ත්‍රික්කයේ ජල සම්පාදන මණ්ඩලය විසින් ජලය සපයන බල ප්‍රදේශයේ සිටින ආර්ථික අපහසුතා නිසා ජල සැපයුම ලබා ගත නොහැකි ඒහෙත් තම නිවෙස්වලට කඩිනමින් ජල සැපයුම අවශ්‍ය වඩාත් අවධානමකට ලක් වී ඇති පවුල් පිළිබඳ විමසා බැලීමෙන් පසුව මෙම ගම්මාන ව්‍යාපෘතිය සදහා තෝරා ගෙන ඇත.
මෙම අවස්ථාව සඳහා කැගල්ල දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ. ඒ. වීරකෝන්, අරනායක ප්‍රාදේශිය ලේකම් ශාමලි පියතිස්ස, ගලිගමුව ප්‍රාදේශිය ලේකම් සුසන්ත හේරත්, ලයිකා ඥානම් පදනෙම් කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධකරණ නිලධාරී වසන්තා ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන් , රාජ්‍ය නලධාරීන් ඇතුලු ප්‍රදේශවාසින් පිරිසක් ෙම් අවස්ථාවට ඒක් විය.





























