සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ජාතික සාහිත්‍ය තරගාවලියට සමගාමීව පැවැත්වෙන කෑගල්ල දිස්ත්‍රික් සාහිත්‍ය තරග ඊයේ (22) දවස පුරා කෑගල්ල රාජකීය විද්‍යාලයේදී පැවැත්විණි.

එහිදී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය වලින් ළමා කතන්දර ඉදිරිපත් කිරීම, ජන ගායනා තරගවල ප්‍රතිඵල එම අවස්ථාවේදීම නිකුත් කළ අතර සෙසු සියලුම සාහිත්‍ය නිර්මාණ වල විනිශ්චය කටයුතු ද මෙහිදී සිදු කෙරිණි.

මෙම කාර්යය සඳහා කෑගල්ල කලාප කාර්යාලයේ නිලධාරීන් දොළොස් දෙනකුගෙන් යුත් විනිශ්ච මණ්ඩලයක් එක්ව සිටියහ.

මෙම තරගාවලිය දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ හා අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී කාංචනා විජයරත්න මහත්මිය ඇතුළු එම අංශය එක්ව සංවිධානය කර තිබුණි.