සංස්කෘති කටයුතු දෙපාර්තමේන්තුවේ දොළොස් මහේ පහන වැඩසටහනට සමගාමිව පවත්වන ළමා ලොවේ වර්ණාවලිය "නිල් අහසට සරුංගල්" සැණකෙළිය අද (23) දවස පුරා රඹුක්කන කොට්ඨාසයේ ළමා සමාජ දරුවන් රැසකගේ සහභාගීත්වයෙන් රඹුක්කන අශෝක ක්රීඩාංගණයේ දී පැවැත්විණි.
දිස්ත්රික් ලේකම්තුමන්ගේ හා අතිරේක දිස්ත්රික් ලේකම්තුමන්ගේ උපදෙස් හා මග පෙන්වීම මත දිස්ත්රික් සංස්කෘතික නිලධාරි කාංචනා විජේරත්න මහත්මිය ඇතුළු දිස්ත්රික් සංස්කෘතික අංශය සහ රඹුක්කන ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික හා ළමා අංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.




























