මහනුවර කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන වැඩසටහනෙහි පූර්ණ අනුග්‍රහය මත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා කටයුතු අංශය සංවිධානය කළ දෙදින පුහුණු වැඩමුළුවක් අද (30) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව හිංසනයට ලක් වූ කාන්තාවන් හා ගැහැණු දරුවන් සඳහා මැදිහත්වීම ,වින්දිතයන් වන සියලුම කාන්තාවන් හා ළමුන්ට මුහුණපෑමට සිදුවන ගැටලුකාරී තත්ත්වයන්ට යාන්ත්‍රණය සකස් කිරීම පිළිබඳ ඊට සම්බන්ධ වන නිලධාරීන් න්‍යායාත්මක හා ප්‍රායෝගිකව දැනුවත් කිරීම මෙම වැඩසටහනක් අරමුණයි.
ඒ සඳහා සම්පත් දායකත්වය නීතිවේදනී උදේනි තෙවරක්පෙරුම මහත්මිය සහ කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරී ලංකා අධිකාරි සහ ව්‍යාපෘති කළමනාකාරී චතුරංගා අභයරත්න යන මහත්මීන් විසින් ලබා දී තිබුණි.
දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරිනී මනෝරි දෙහිමඩුව මහත්මිය ඇතුළු එම අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට නීති ආධාර කොමිෂන් සභාවේ සබරගමු පළාත් සහකාර නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමිය ඇතුළු නීති නිලධාරීන්, පරිවාස නිලධාරීන් , පොලීසියේ ලමා හා කාන්තා ඒකකය. නිලධාරිනියන් , දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාන්ත හා ළමා කටයුතු විෂයන්ට අදාළ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


























