2024 දෙසැම්බර් 03 වැනි දිනට යෙදී ඇති ජාත්‍යන්තර ආබාධිත දින සැමරුමට සමගාමීව සමාජ සේවා නිලධාරී ප්‍රගති රැස්වීම හා ස්වශක්ති දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම අද දින (03) පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන )කේ.ජී.එස් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් සීමිත ප්‍රාසාංගික විශේෂ අංග කිහිපයක් ඉදිරිපත් කිරීමටත් එම දිනය අර්ථවත් කිරීම උදෙසා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11 නියෝජනය කරමින් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජීවත්වන වන ස්වශක්තියෙන් යම් ස්වයං රැකියාවක නිරත හෝ කුමන හෝ විශේෂිත දක්ෂතාවක් පෙන්නුම් කරන හෝ පුද්ගලයකු තෝරාගෙන ඔහුට හෝ ඇයට ත්‍යාග හා සහතික පත්‍රයක් පිරිනැමීම, එමෙන්ම ආබාධිත පවුලක අධ්‍යාපනය හදාරන අධ්‍යාපන කඩඉම් සම්පූර්ණ කළ සිසු දරු දැරිවියක තෝරාගෙන අද දින සභා වාරයේදී ගත් තීරණය අනුව රුපියල් 5000/= පමණ මුදල් ත්‍යාගයක් පිරිනැමීම, (අධ්‍යාපන කඩයිම් සම්පූර්ණ කළ දරු දැරියන් වනුයේ ශිෂ්‍යත්වය සමත්, අපොස (සා පෙළ), (උ පෙළ) සමත් සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ඇති සිසු සිසුවියන්) සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජීවත් වන ආබාධිත වූවන්ගේ විශේෂ විනෝද චාරිකාව සංවිධානය කර ගැනීමත් මෙහිදී සාකච්ඡා විය.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර මහත්මා සහ එම අංශයේ සියලුම සමාජ සේවා නිලධාරී මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියලු සමාජ සේවා නිලධාරීන්, ආබාධිත ස්වශක්ති ප්‍රාදේශීය බල මණ්ඩලවල සභාපති, ලේකම්, භාණ්ඩාගාරික සහ සියලු කමිටු නිලධාරී මහත්ම මහත්මීහු සහභාගි විය.
මීට සමගාමීව දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී ප්‍රගති රැස්වීම පැවති අතර එහිදී 2024 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව අගෝස්තු මාසය වන විට සිදුකර ඇති දිස්ත්‍රික් ප්‍රගතිය සභාවට ඉදිරිපත් කළ අතර එය සාකච්ඡා කිරීම ද සිදු කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සමාජ සේවා නිලධාරී මහත්ම මහත්මීන් සහභාගි වුහ.






















