විගමනික ශ්‍රමිකයන්ට යහපත් ජීවන තත්ත්වයක් උදාකර ගැනීම සඳහා සහ මනෝ සමාජයීය සහාය ලබාදීම උදෙසා විගමනික ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් පුහුණු වැඩසටහනක් අද දින (2024 10 21) දවස පුරා පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී එහි අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත මහත්මාගේ ප්‍රධානත්වයෙන්.
විගමනික ප්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනා ගනිමින් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ මනෝ සමාජයීය සෞඛ්‍ය, තෘප්තිමත් පවුල් ජීවිතයක් සඳහා ආර්ථිකය කළමනාකරණය කර ගැනීම ආදී කිනම් හෝ තත්ත්වයක් යටතේ උදව් අපේක්ෂිත පුද්ගලයන්ගේ පවුල් හා ප්‍රජා කණ්ඩායම් සඳහා මනෝවිද්‍යාත්මක හා සමාජයීය අවශ්‍යතා වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග හඳුන්වාදීම හා දැනුවත් කිරීමේ පුහුණුවක් ලෙසයි මෙම වැඩසටහන පැවැත්වුණේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 නියෝජනය වන පරිදි එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් විගමනික ශ්‍රමික ප්‍රජාවගේ පවුල් දෙක බැගින් නියෝජනය වන පරිදි තෝරාගත් පවුල් සංඛ්‍යාවකටයි මෙම වැඩසටහන පැවැත්වුණේ. මෙහිදී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදේශ රැකියා දිස්ත්‍රික් සම්බන්ධීකාරක හරින්ද්‍ර උඩමුල්ල මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවැත් වූ මෙම වැඩසටහනට සම්පත් දායකත්වය සපයනු ලැබුවේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, විදේශ රැකියා අංශයේ - පුහුණුකරුවන් පුහුණු කිරීමේ නිලධාරී ලංකා සුමනදාස, සංවර්ධන නිලධාරී, තනුජා විජයතිලක (විදේශ රැකියා) යන මහත්ම මහත්මීන් විසිනි. මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදේශ රැකියා අංශයේ සියලුම නිලධාරීන් සහභාගි විය.






















