ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් ළමා ආරක්‍ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධව නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනෙහි තවත් අදියරක් අද (05)කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධ වැඩමුළු ,සම්මන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම ජාතික ළමාරක්ෂක අධිකාරියේ 2024 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ වැදගත් වැඩසටහනක් ලෙස සැලසුම් කර ඇත. ඒ යටතේ අධිකරණ හා නීතිය, අධ්‍යාපනය , ආරක්ෂාව, සෞඛ්‍ය ,කම්කරුවා හා රැකි රක්ෂා ,සංචාරක ,ජනමාධ්‍ය , තොරතුරු තාක්ෂණය .ළමා හා කාන්තා කටයුතු, ආපදා කළමනාකරණය යන ක්ෂේත්‍ර දහයට අදාල නිලධාරීන් ළමාරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදු කෙරේ.
ඒ යටතේ අද දින කෑගල්ල දිස්ත්‍රික්කයේ සමාජ සේවා නිලධාරීන් හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක විය.
මෙහිදී ජාතික ළමාරක්ෂක අධිකාරියේ පනත සහ එහි කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම රත්නපුර දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරී ඩබ්ලිව්.ජී.ආර් කුමාසිරි මහතා විසින් සිදු කරන ලද අතර ළමා ආරක්ෂණය පිළිබඳවත් ළමා අයිතිවාසිකම් පිළිබඳවත් දැනුවත් කිරීම මහනුවර දිස්ත්‍රික් මනෝ සමාජ නිලධාරීනි සමන් කුමාරී අබේගුණසේකර මහත්මිය විසින් සිදු කළාය.
ජාතික ළමාරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳව සහ එම මූලධර්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධව දැනුවත් කිරීම මාතලේ දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරී නිසංසලා හේමන්තී මහත්මිය විසින් සිදු කළාය.
මෙම කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරිනී විනෝදනී කුලතුංග සහ දිස්ත්‍රික් මනෝ සමාජ නිලධාරිනී චතුරිකා බණ්ඩාර යන මහත්මීන් විසින් සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස් නිශාන්ත යන මහත්වරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.






























