2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අද පෙරවරුවේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු කෑගල්ල බාලිකා විද්‍යාලයෙන් හා ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයෙන් ආරම්භ කෙරිණි.
ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය 2024 ට අදාලව කෑගල්ල දිස්ත්‍රික්කයේ ජන්දය ප්‍රකාශ කිරීම සදහා ලියාපදිංචි ජන්ද දායකයින් සංඛ්‍යාව 709,622 කි. ඡන්ද මධ්‍යස්ථාන 577 ක ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු සලසා ඇත.
දිස්ත්‍රික්කයේ ජන්ද බල ප්‍රදේශ 09ක් සඳහා බල පවත්වන මෙම මැතිවරණයේ දි පිලිගත් දේශපාලන පක්ෂ 14ක් හා ස්වාධන කණ්ඩායම් 04ක් ආසන 09ක් සඳහා තරඟ වදී.
මෙවර මැතිවරණයේදි ගණන් කිරීමේ මධ්‍යස්ථාන පරිශ්‍ර 02 ක් ලෙස කෑගලු බාලිකා විද්‍යාලය හා ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය ක්‍රියාත්මක කෙරෙන අතර ගණන් කිරීමේ මධ්‍යස්ථාන 85කි. එයින් මධ්‍යස්ථාන 23ක් තැපැල් ජන්ද හා මධ්‍යස්ථාන 62ක් සාමාන්‍ය ජන්ද ගණනය කිරිම සඳහා වෙන්කර ඇත.
ජන්ද රාජකාරී සදහා පොලිස් හා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 2500කට ආසන්න පිරිසක් හා රාජ්‍ය නිලධාරීන් 8400ක් පමන පිරිසක් එක් වේ.මැතිවරණය රාජකාරි සඳහා වාහන 410 ක් යොදවා ඇත.
























