කෑගල්ල දිස්ත්‍රික් සමාජසේවා නිලධාරී ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (19) පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහත්මාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීයි.

මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමන් සහ දිස්ත්‍රික් සමාජසේවා නිලධාරී සරත් රණවීර මහතා අරමුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව 2024 ජාත්‍යන්තර ආබාධිත දිනය සැමරීමේ වැඩසටහන, 2025 වර්ෂයේ සඳහා වෘත්තීය පුහුණු සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම, පළාත් සමාජ සේවා අමාත්‍යාංශ රාජකාරිය පිළිබඳ දැනුවත් කිරීම, ආබාධ සහිත පුද්ගලයන් රැකියා ගත කිරීමේ වැඩසටහන, ආබාධ සහිත පුද්ගලයන් හා වකුගඩු රෝගී දීමනා ගෙවීම සම්බන්ධ ගැටලු, වෘත්තීය පුහුණු ලාභීන් සඳහා මෙවලම් කට්ටන ලබාදීම, ආබාධ සහිත පුද්ගල තොරතුරු ඇතුලත් කිරීම් සහ සෘජු ආධාර හා විශේෂ ව්‍යාපෘති ආධාර ප්‍රගතිය යන කරුණු පිළිබඳව මේහිදී සාකච්ඡා කෙරිණි.

2025 වර්ෂය සඳහා වෘත්තීය පුහුණු සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම 2024 වර්ෂයේ 28 වැනි දින තෝලංගමුව වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදීත් 29 වැනි දින රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීත් පැවැත්වෙන බව මෙම සාකච්ඡාවේදී අවධාරණය කරන ලදී.

මෙම අවස්ථාවට සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ සමාජසේවා නිලධාරී ඉන්දුමාලා අබේසිරිවර්ධන, කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියලු සමාජසේවා නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජසේවා අංශයේ සියලු නිලධාරීන් සහභාගි විය.