2024 වසරේ කෑගල්ල දිස්ත්‍රික්කය තුල මිලියන 2500 ඉක්මවු පිරිවැයකින් ව්‍යාපෘතීන් 6000කට වැඩි ප්‍රමාණයක් සාර්ථකව අවසන් කිරිමට හැකි වූ බව දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ විරකෝන් මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (21) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි පැවති කෑගල්ල දිස්ත්‍රික්කයේ මෙම වසරේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය විමසා බැලුනු හමුවේ දී ය.
සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන, කඳුකර දශකය, විමධ්‍යගත වැඩසටහන්, ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘතින්, වතු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන්, ග්‍රාමීය මාර්ග වැඩසටහන් ඇතුලු ව්‍යාපෘතීන් රැසක් දිස්‍ත්‍රික්කය තුල මෙම වසරට අදාලව ක්‍රියාත්මක විය. ඒ අනුව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කළ ඒ ඒ සංවර්ධන ව්‍යාපෘතීන්වල ප්‍රගතීය විමසා බැලීම මෙහිදී සිදු වූ අතර ඉදිරි වසර සඳහා ව්‍යාපෘති සිදු කිරීමේ දී සළකා බැලිය යුතු කරුණු හා යෝජනා ද ඉදිරිපත් කෙරිණි.
අභියෝගවලින් පිරුණු වසරක් වුවද සමස්ත සංවර්ධන ව්‍යාපෘතීන්වල ප්‍රගතිය 95% මට්ටමකට ගෙන ඒමට හැකිවීමත් ඒ සඳහා වන සියලුම ගෙවීම් අවසන් කිරීමට හැකිවිමත් විශේෂත්වයකි. මේ සඳහා කැපවූ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සැළසුම් අංශවල නිළධාරින් ඇගයිමට ලක් කිරිමද මෙම හමුවට සමඟාමීව සිදු කෙරිණි.
දිස්ත්‍රික් සැලසුම් අංශය සංවිධානය කළ මෙම හමුව සඳහා දිස්ත්‍රික් ලේකම්/දිසාපති රංජන ජයසිංහ මහතා,දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අංශයේ නියෝජ්‍ය හා සහකාර සැලසුම් අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සැලසුම් අධ්‍යක්ෂවරුන්, සැලසුම් අංශයන්හි සංවර්ධන නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



























