2025 වර්ෂයේ විදේශසේවා නියුක්ති කාර්යාංශයේ කාර්යභාරය පිළිබඳව කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (2024 11 21) පැවැත්වුණේ සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ විදේශසේවා නියුක්ති කාර්යාංශයේ රත්නපුර ජ්‍යෙෂ්ඨ පළාත් කළමනාකාර ජගත් බටුගෙදර මහත්මාගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීයි.

මෙම වැඩසටහන මගින් විදේශගත ශ්‍රමිකයන් සඳහා ප්‍රතිලාභ ලබාදීම පිළිබඳවත්, විගමනික ශ්‍රමිකයන් දැනුවත් කිරීම සඳහා වූ වැඩසටහන් පිළිබඳවත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විදේශ රැකියා සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු - යෝජනා හා අදහස් පිළිබඳව සාකච්ඡා කිරීමත්, දිස්ත්‍රික්කයේ විදේශි රැකියා ක්ෂේත්‍රය මුහුණදෙන ගැටලු පිළිබඳවත්, දිස්ත්‍රික්කයේ පුහුණු ශ්‍රමිකයන් විදේශගතවීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කිරීම සහ දිස්ත්‍රික්කයේ විදේශ රැකියා අංශය ඉහළට ඔසවා තැබීම සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංවර්ධන නිලධාරින්ගේ කාර්යභාරය පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමත් මේ මගින් සිදුවිය.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදේශ රැකියා අංශයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි හරින්ද්‍ර උඩමුල්ල මහත්මාගේ සම්බන්ධීකරණයෙන් අද දින පැවැත්වූ මෙම වැඩසටහනට කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංවර්ධන නිලධාරීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදේශ රැකියා අංශයේ සියලු නිලධාරීන් සහභාගි විය.