කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම ඊයේ දින ( 27) පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් / දිසාපති ජේ. එම්. ආර්. පී. ජයසිංහ මහත්මාගේ සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත මහත්මාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදීයි.

දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වූයේ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්. එස්. තිලකසිරි මහත්මාගේ මූලිකත්වයෙන් මාසික සැසිවාරය ලෙසයි. මෙහිදී දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම කමිටුවට අදාළ ප්‍රශ්න හා ගැටලු මෙම කමිටුවේදී සාකච්ඡාවට බඳුන් වූ අතර ඊට සමගාමීව පරිසර හා ඉඩම් පරිහරණ කමිටුවද ඒ ඒ ආයතන ප්‍රධානීන්ගේ හා අනෙකුත් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවට බඳුන් විය.

මෙහිදී වන සතුන්ගෙන් වන හානි සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලැබුණු " වන සතුන්ගෙන් සිදුවන හානි පාලනයට ජන සහභාගිත්ව නියමු ව්‍යාපෘතියක් සඳහා අවසර ලබා ගැනීම, කුඹුරු රිලවුන්ගේ හානිය නිසා අතහැර දැමීම", "රිලා වසංගතයට පොල් පලදාව බිලි", "වනසත්ව හානි අවම කිරීම පිණිස බෙදා දුන් උපකරණ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම", රිලවුන්ගෙන් වන හානිය සඳහා විසඳුම් ලබා ගැනීම" ආදී ඉහත ශීර්ෂ යටතේ ලැබුණු ලිපි කෘෂිකර්ම අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දීමට මෙහිදී තීරණය විය.

මෙම අවස්ථාවට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්තුමන්ලා, ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු , නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ , ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ,කෘෂිකර්ම ක්ෂේත්‍රයට අයත් ආයතනවල ප්‍රධානීන් , ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගොවිජන සේවා මධ්‍යස්ථානවල ප්‍රාදේශීය නිලධාරීන් සහ දිස්ත්‍රික් කෘෂිකර්ම අංශයේ නිලධාරීන් සහභාගි විය.