×

පණිවුඩය

Invalid Page Request

වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා ශ්‍රවන උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2024 11 28 වැනි දින පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් / දිසාපති ජේ. එම්. ආර්. පී. ජයසිංහ මහත්මාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීයි.

ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ප්‍රතිපාදනය මත අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් 120 දෙනෙකු සඳහා නොමිලයේ ශ්‍රවන උපකරණ බෙදා දීමයි මෙහිදී සිදු කෙරුණේ. බෙදා දුන් එක් ශ්‍රවණ උපකරණයක වටිනාකම රු. 68500/= ක්. ඒ අනුව එම ශ්‍රවණ උපකරණ සඳහා වැය වූ පිරිවැය රු. 8 220 000/= ක්.

ජාතික වශයෙන් වැදගත් මෙම වැඩසටහන දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරී ඩිලානි කුමරි මහත්මිය ඇතුලු එම අංශය මගින් සංවිධානය කර තිබුණි.