විගමනික පවුල්වල ගැටලු හදුනා ගැනීම හා එම පවුල්වල ඵලදායිතාව ප්‍රවර්ධනය කිරිම සඳහා විගමනික පවුල් දැනුවත් කිරිමේ වැඩසටහනත් අද (29) දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

විගමනික පවුල්වල ගැටලු හදුනා ගනිමින් ඵලදායිතා සංකල්පය තුළින් පවුල් සවිබල ගැන්වීමේ අවශ්‍යතාවය මේ අවස්ථාවට එක් වෙමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත මහතා හා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ඵලදායිතා නිලධාරී සිතානි අබේවර්ධන මහත්මිය විසින් පැහැදිලි කිරිම් කෙරිණි.

විදෙස්ගත ශ්‍රමික පවුල්වල මුහුණ දෙන ගැටළු හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් විමෙන් ලබාගත හැකි විසදුම් පිළිබදවත් ශ්‍රි ලංකා විගමනික ප්‍රතිපත්තිය පිළිබඳවත් (sri lanka Migrant policy) දැනුවත් කිරිම රුවන්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා සංවර්ධන නිලධාරී ආර්. පි.පි. මහානාම මහතාගේ සම්පත් දායකත්වයෙන් සිදුකෙරිණි.

විගමනික ග්‍රමික පවුලවලට ඵලදායිතා සංකල්පය හදුන්වා දෙමින් පවුල් ඒකක සවිබල ගැන්විම පිලිබඳ දැනුවත් කිරිම සිදු කලේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ඵලදායිතා සංවර්ධන නිලධාරී ගීත් රාජපක්ෂ මහතා විසින්ය.

මෙම වැඩ සටහන දිස්ත්‍රික් ඵලදායිතා අංශය විසින් සංවිධානය කල අතර මේ අවස්ථාව සඳහා විදෙස්ගත විගමනික පවුල් නියෝජනය කරමින් පැමිණි පිරිස් , ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ඵලදායිතා සංවර්ධන නිලධාරීන්,දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදේශ රැකියා නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වුහ.