ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන අංශය විසින් විශ්‍රාම පූර්ව නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (02) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබුණි.
විශ්‍රාමයට පෙර සූදානමයි- සාර්ථක වැඩිහිටි දිවියයි තේමා කර ගනිමින් සුවපත් විශ්‍රාම දිවියක් ගත කිරීම පිළිබඳ එහිදී අදහස් දැක්වීම හිටපු ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරී පද්මසිරි ගම්ලත් මහතා විසින් සිදු කරන ලදී.
තම විශ්‍රාම දිවියේ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා මෙම අවස්ථාවට කෑගල්ල හිටපු පරිපාලන ග්‍රාම නිලධාරී ආර්.ඒ.ඩ්බ්ලිව්.කේ ජයසේන මහතා එක්ව සිටියේය.
විශ්‍රාම දිවියේදී ශාරීරික සහ මානසික සුවතාවය පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී එස්.පී උපාලි රණසිංහ මහතා විසින් පිරිස දැනුවත් කෙරිණි.
මෙම දැනුවත් කිරීමේ අවසන් විශේෂාංගය ලෙස විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අදාළව පෞද්ගලික ලිපිගොනුව සම්බන්ධව කරුණු පැහැදිලි කර දීම විශ්‍රාම වැටුප් නිලධාරී නිහාල් පියසිරි මහතා විසින් සිදු කරන ලද්දේය.
දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරිනි ඩිලානි කුමාරි මහත්මිය ඇතුළු එම අංශය මෙම දැනුවත් කිරීම සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් පාලන කේ.ජී.එස් නිශාන්ත මහතා සහ විශ්‍රාම යාමට ආසන්නව සිටින රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
























