ජුලි මස 18 වන දිනට යෙදෙන සමථ දිනය මුල් කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කෑගලු දිස්ත්‍රික් සැමරුම අද දින (06) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ අවුරුදු 25 කට වැඩි කාලයක් සේවයේ යෙදුණු සමථකාරකවරු 16 දෙනෙක් ඇගයිමට ලක් කර සහතික පිරිනැමීමක්ද මේ අවස්තාවේදී සිදු කෙරිණි.
සමථ මණ්ඩල සාමාජිකයකුගේ කාර්යභාරය පිලිබද සවිස්තරාත්මක පැහැදිලි කිරිමක් මේ අවස්ථාවට එක් වෙමින් කෑගල්ල ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතංගොඩ මහත්මිය විසින් සිදු කළාය.
දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී ටි. එන්. යු. පද්මකුමාරි මහත්මිය ඇතුළු දිස්ත්‍රික් සමථ ඒකකය මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි.
මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත, මාවනැල්ල හා අරනායක ප්‍රාදේශීය ලේකම්තුමියන්, ප්‍රජා සමථ මූල මණ්ඩල සභාපතිවරුන් , උප සභාපතිවරුන්, සමථ වැඩසටහන් නිලධාරීන්, සමථ සංවර්ධන නිලධාරීන් ඇතුථ පිරිසක් සහභාගී වුහ.






























