නව රජයේ පළමු දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව නව සභාපති පරිසර අමාත්‍ය වෛද්‍ය එච්. පි. ධමිමික මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
රිලවුන් විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ වගාවන් හා ජන ජිවිතයට එල්ල කරන බලපෑම මෙහිදි පැන නැගුණු කරුණු අතර මුලික විය. මේ සම්බන්ධයෙන් සමිබන්ධිකරණ කමිටු සභාපතිතුමා අදහස් දක්වමින් පවසා සිටියේ මේ ගැටළුව විසදීම සඳහා නව රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බවයි. දේශපාලන වාසි වලින් තොරව කඩිනම් පියවර ගැනිමට කටයුතු කරන බව වැඩි දුරටත් එතුමන් පැවසීය.
කෑගල්ල දිස්ත්‍රික්කය ස්වභාවික සෞන්දර්යයෙන් යුතු දිස්ත්‍රික්කයක් මෙන්ම පාරිසරික බලපෑම්වලට ලක් වන දිස්ත්‍රික්කයකි . දරණියගල , යටියන්තොට, අරනායක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන්හි පරිසර සංවේදී කලාපයන් රැක ගැනීමට ඉදිරියේදී ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කිරිමට අවධානය යොමු කරන බව පරිසර අමාත්‍ය එචි. පී . ධම්මික මහතා පැවසීය.
2024 වර්ෂයේ ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය , සබරගමුව පළාත් සභාව විසින් ක්‍රියාත්මක සංවර්ධන සැලැස්මේ ප්‍රගතිය,දිස්ත්‍රික්කයේ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමි පිළිබදව , දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ගැටලු , දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද, දිස්ත්‍රික් ආපදා සැලැස්ම, නිවාස ව්‍යාපෘතින්හි ප්‍රගතිය, මාර්ග සංවර්ධන වැඩ සටහනේ ප්‍රගතියද මෙහිදි සාකච්ඡා වු කරුණු අතර විය.
පසුගිය මාසයක කාලයක තුල දිස්ත්‍රික්කයේ මී උණ රෝගීන් 184 ක් වාර්ථා වී ඇති අතර මේ වසර තුළ මරණ 8ක් වාර්ථා වී ඇත. මෙහිදි අනාවරනය වු කරුණක් වන්නේ ගොවීන් හා කෘෂි ක්ෂෙත්‍රයට සම්බන්ධ වුවන්ට අමතරව වෙනත් පුද්ගලයින්ටද රෝගය වැලදීමේ අවස්ථාවන් පවතින බවත් ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගැනීමේ අවශ්‍යතාවයත්ය. පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගය පැතිරිම සාර්ථකව මේ වන විට පාලනය කර ඇතත් ඉදිරි මාස කිහිපය තුල ක්‍රමවත්ව ඩෙංගු නිවාරණ කටයුතු වල අවශ්‍යතාවයද මෙහිදි සාකච්ඡා විය.
මේ වසර අවසන් වීමට ප්‍රථමයෙන් ඉතා කඩිනමින් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පැවැත්වීමට පියවර ගන්නා බවත් ඒ අනුව ප්‍රදේශිය මට්ටමෙන් ඇති වන ගැටළු ලබන වසරේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කල හැකි බවත් මෙහිදී ප්‍රකාශ විය.
මේ අවස්ථාවට දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය , කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, සබරගමු පළාත් සභාවේ අමාත්‍යංශ ලේකම්වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ ඒ. ඒ වීරකෝන් , කෑගල්ල දිස්ත්‍රික් රාජ්‍ය ආයතන ප්‍රධානීන් , පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.































