2024 කෑගලු වොලිබෝල් සැණකෙළි ඊයේ දින (13) පරිසර අමාත්‍ය එච්.පි ධම්මික මහතාගේ හා දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල පොලිස් ක්‍රීඩාංගණයේදී ඇරඹිණි .
දින තුනක් පුරාවට පැවැත්වෙන මෙම තරගාවලිය ඊයේ (13)දිනයේ රාජ්‍ය ආයතන කාන්තා හා පිරිමි තරගාවලියේ කෑගල්ල පොලිස් ක්‍රීඩාංගණයේ හා කෑගල්ල ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
සමුපකාර අභියෝගතා ක්‍රීඩා සමාජ පිරිමි වොලිබෝල් තරගාවලිය අද (14) උදෑසන 9 .00 සිට කෑගලු විද්‍යාලියේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පුද්ගලික සමාගම් හා වතු සමාගම් බොලිබෝල් පිරිමි තරගාවලිය හා කාන්තා ආධුනික වොලිබෝල් තරගාවලියේ හෙට (15) කෑගලු විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
සබරගමුව පළාත් සභාව, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කෑගල්ල පොලිසිය ,සබරගමු පළාත් ක්‍රීඩා අමාත්‍යංශය, පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, කෑගල්ල සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස් කාර්යාලය,කෑගල්ල වැවිලි මානව සංවර්ධන භාරය, කෑගලු විද්‍යාලිය 92/95 ආදි ශිෂ්‍ය කණ්ඩායම එක්ව කෑගල්ල වොලිබෝල් සංගමය මෙම වැඩසටහන සංවිධානය කරයි.
මෙම අවස්ථාවට සමගාමීව කෑගල්ල ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි මෙම වසරේ ජාතික වොලිබෝල් කාන්තා කණ්ඩායම නියෝජනය කරන දැනට සබරගමුව විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා උපාධිය හදාරන ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සදහා ශිෂ්‍යත්ව දෙකක් ප්රදානය කිරිමද සිදුකෙරිණි.
සමාරම්භක අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි සාගරික ආතාවුද මහත්මිය,අතිරේක දිස්ත්රික්ලේකම්වරුන් ,දිස්ත්‍රික් ක්‍රීඩා අංශයේ නිලධාරීන් ,කෑගල්ල වොලිබෝල් සංගමය, රොටරි සමාජය, සුහද මිතුරු සංසදයේ නිලධාරීන් , අනුග්‍රාහක භවතුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



























