2024 වර්ෂය අවසන් වන විට සමාජ ආරක්ෂණ අංශයේ බඳවා ගැනීමේ ඉලක්කය වෙන දායකයින් 2000 සම්පූර්ණ කළ හැකි බව දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19)පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය කෙරිණි.

2025 වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් එක් වසමකින් දායකයින් 5 දෙනෙක් බඳවා ගැනීමටත් ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගය ලබා ගැනීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස දිස්ත්‍රික් ලේකම්තුමා සමාජ ආරක්ෂණ අංශයට උපදෙස් ලබා දුනි.

ඒ අනුව 205 වසරේ සමාජාරක්ෂණ දායක මුදල් සඳහා දායකයින් බඳවා ගැනීමේ ගැනීමේ ඉලක්කය 5000 කි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සෑම මසකම පැවැත්වෙන කොට්ඨාස දින රැස්වීමේදී සමාජ ආරක්ෂණ නිලධාරීන් ප්‍රගතිය ඉදිරිපත් කළ යුතු බවත්, මාසිකව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ රැස්වීමේදී දිස්ත්‍රික් සමාජ ආරක්ෂණ අංශයේ ප්‍රගතිය ඉදිරිපත් කළ යුතු බවට මේ අවස්ථාවට එක් වෙමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන)කේ ජී. එස්.නිශාන්ත මහතා නිලධාරීන් දැනුවත් කෙරිණි.

මේ අවස්ථාවේදී 2022-2023 වර්ෂයන්හි ඉලක්කගත බඳවා ගැනීම් සම්පූර්ණ කර නිලධාරීන් ඇගයීම සඳහා ප්‍රශංසා සහතික පිරිනැමීමක් ද සිදුකෙරිණි.

මෙම වැඩසටහන සබරගමු පළාත් ජේෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරිනී රේණුකා හේරත් මහත්මිය ඇතුළු සමාජ ආරක්ෂණ අංශය සංවිධානය කර තිබිණි.