2024 වර්ෂයේ රාජ්‍ය නොවන සංවිධාන වල පළමු ,දෙවන හා තෙවන කාර්තුවල ප්‍රගතිය හා 2025 වර්ෂයේ යෝජිත සැලසුම් පිළිබඳ සමාලෝචනය කිරීම වෙනුවෙන් සම්බන්ධීකරණ හමුවක් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ශිෂ්‍යාධාර , අඩු ආදායම් පවුල් සඳහා මූල්‍ය අධාර ලබාදීම , ජන නල සබඳතා ලබාදීම , ජීවනෝපාය සංවර්ධනය ,වතු ප්‍රජාව උදෙසා උපදේශක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම , ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීම, දේශීය අල වගාව ආශ්‍රිත ගෙවතු වගාව, සාමය හා සංහිඳියාව තේමා කරගත් ක්‍රියාකාරකම්, පෝෂණ වැඩසටහන්, විවිධ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් සඳහා රාජ්‍ය නොවන සංවිධානවල අනුග්‍රහය ලබා ගැනීමට නියමිතය.
කෑගල්ල දිස්ත්‍රික්කය පුරාවට විවිධ ව්‍යාපෘති, වැඩසටහන් ක්‍රියාත්මක කරන රාජ්‍ය නොවන සංවිධාන දහයක පමණ ප්‍රමාණයක් මෙම අවස්ථාව සඳහා එක්වීය.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ උපදෙස් මත රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක නිශාන්ත ප්‍රේමතිලක මහතා මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි .
මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස්. නිශාන්ත මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වූහ.






















