ජාතික ළමාරක්ෂක අධිකාරිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කල ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහනට අදාළ කෑගල්ල දිස්ත්‍රික් ශිෂ්‍ය තානාපති සමුළුව පසුගියදා (20)දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
පාසල් විසිතුනක තෝරාගත් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය තානාපතිවරයෙක් ,ගුරු භවතෙක්, දෙමව්පියන් අතරින් අයෙක් නියෝජනය වන පරිදි පැවති මෙම දිස්ත්‍රික් සමුළුවේදී ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ළමා හිතකාමී සහ සුරක්ෂිත පරිසරයක් පාසල තුළ නිර්මාණය කිරීම සඳහා ශිෂ්‍ය තානාපතිවරුන් දැනුවත් කිරීම හා පාසලට එම තොරතුරු සන්නිවේදනය කරදීම ප්‍රධාන අරමුණු අතර විය.
ඒ අනුව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනෝමා ජයසිංහ මහත්මිය විසින් නව යොවුන් වියේ ගැටලු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම සිදුකරන ලදී.
දිස්ත්‍රික්කේ වාර්තා වී ඇති ළමා අපචාර සිදුවීම් පාදක කරගනිමින් ළමා ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා කටයුතු කිරීමේ වැදගත්කම මෙම සමුළුවේදී පෙන්වා දුන්නේ කෑගල්ල ළමා හා කාන්තා කොට්ඨාශ කාර්යාංශයේ ස්ථානාධිපති නිරෝෂා මුල්‍යගංගොඩ මහත්මිය විසිනි.
මෙම වැඩසටහන දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරී විනෝදනය කුලතුංග සහ දිස්ත්‍රික් මනෝ සමාජයේ නිලධාරී චතුරිකා බණ්ඩාර යන මහත්මීන් එක්ව සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

























