එතෙක් මෙතෙක් ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වභාවික ආපදාව වූ සුනාමි ව්‍යසනය සිදුව අදට වසර 20ක් පිරීම නිමිති කරගනිමින් දිස්ත්‍රික් සුරක්ෂිත දින සැමරුම දිසාපති /දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේදී (26) දිස්ත්‍රික් ලේකම් කාර්යාල එළිමහන් පරිශ්‍රයේදී සමරනු ලැබිණි.
ජාතික කොඩි ඔසවා ජාතික ගිය ගායනා කිරීමෙන් අනතුරුව ජාතික කොඩිය අඩු කුඹු කිරීම දිසාපතිතුමාගේ සුරතෙන් සිදුවූ අතර පෙරවරු 9.25- 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පළ කර සිටියේ සුනාමි ව්‍යසනය ඇතුළු ස්වභාවික ආපදාවලින් දිවි අහිමි වූ සියලුම රටවැසියන් සිහිකරමිනි.
සර්ව ආගමික වතාවත් සිදු කිරීම සඳහා මෙම සැමරුමට ශ්‍රී මහින්දෝදය පිරිවෙනි පරිවේණාධිපති තරණගල බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති කෑගල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය අස්මඬලේ ධම්මරත්න ස්වාමීන් වහන්සේ , නිට්ටඹුව සාරිපුත්ත අධ්‍යාපන විද්යාපීතයේ කථිකාචාර්ය වෑවෙලදෙනිය විහාරස්ථානයේ විහාරවාසී අධ්‍යාපනපති පූජ්‍ය අම්පය විමලධර්ම ස්වාමීන් වහන්සේ, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ බාහිර සේවා නිලධාරී ගරු තොටවත්තගේ පියතුමා, කෑගල්ල කදිරේෂන් කෝවිලේ ත්‍යාගරාජා කුරුකල්තුමන්ද, කෑගල්ල නගර ජුමම්මා පල්ලියේ එම් ඒ.එම්. අස්ලම් මවුල්තුමාද එක්ව සිටියහ.
එමෙන්ම ස්වභාවික ව්‍යසනවලින් මියගිය සියලු රට වැසියන් සිහි කරමින් ගරුතර මහා සංඝරත්නය විසින් පැන් වැඩීම සිදු කළ අතර අනතුරුව සර්ව ආගමික නායකයන් උදෙසා පිරිකර පූජා කිරීමක්ද සිදුකෙරිණි.
මෙම අවස්ථාවට සමගාමීව දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් කෑගල්ල මූලස්ථාන පොලීසිය වෙත හදිසි ප්‍රතිචාර උපකරණ කට්ටලයක් පිරිනැමීමද සිදු කෙරිණි.
මෙම වැඩසටහන දිස්ත්‍රික් ආපදා අංශය සංවිධානය කර තිබූ අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය එම අවස්ථාවට එක්ව සිටියහ.



























