සමාජ සේවා දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි කෑගල්ල දිස්ත්‍රික්කයේ ආබාධ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධීකරණය කරගනිමින් කෑගල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සමාජ පිහිටුවීම ඊයේ දින (26) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
විවිධ ක්‍රීඩා හැකියාවන් ඇති ආබාධ සහිතවුවන් ජාතික හා ජාත්‍යන්තර තලයට යොමු කිරීම මෙහි අරමුණයි.මෙම ක්‍රීඩා සමාජය ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ ලියාපදිංචි කිරීමට කටයුතු කරන බව මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර ,දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී ලලිත් ජයවර්ධන යන මහත්වරුන් ,ආබාධ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් භාරකරුවන් හා සමාජ සේවා අංශයෙන් නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වූහ.





















