ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමේ වැඩසටහනට අදාල කෑගල්ල දිස්ත්‍රික්කයේ සැලසුම්කරණය පිළිබඳ සාකච්ඡාවක් අද (25) දින පස්වරුවේ දී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පසුගිය මාසය තුල ඇති වු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත් ජනතාව සඳහා රොටරි සංගමය මගින් ලබාදෙන ලද ද්‍රව්‍යමය ආධාර ලබාදීමේ වැඩසටහනක් අද (25) දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.


මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණ තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, කලාපිය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ, ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය, කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසුරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකොන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස් රත්නායක යන මහත්ම මහතමින් ඇතුලු රාජ්‍ය නිලධාරින හා ප්‍රතිලාභින් පිරිසක් සහභාගි වි සිටියහ.

 

dist1

dist2

dist3

dist4

dist5

 

මහා පරිමාණ , මධ්‍ය පරිමාණ හා කුඩා පරිමාණ වශයෙන් කාබනික පොහොර නිෂ්පාදනයේ නියැලීමට අපේක්ෂිත ගොවීන් හදුනාගෙන ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය කරන තාක්ෂණික දැනුම හා මුල්‍ය පහසුකම් ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බව සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණ හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනත හේරත් මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කලේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (21) පෙරවරුවේ පැවති රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ක්ෂෙත්‍ර නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩ සටහනකට සහභාගී වෙමිණි.

199029905 1494060074268884 3791337740513524482 n196780455 1494059544268937 8335508113833831446 n196363939 1494060094268882 7920606519321358974 n191815286 1494060110935547 6356923464368426410 n193403490 1494060217602203 8307445067987834237 n194787717 1494059974268894 5350457118536645537 n191951469 1494060200935538 2082136270336127182 n197009099 1494060167602208 4977006589008603669 n

කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල සෙසු පිරිස් සඳහා කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අද (09) පෙරවරුවේ දී කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරිණි.

කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙහි දී සඳහන් කළේ සයිනොෆාම් එන්නත් 50000 ක් මුල් අදියර යටතේ දිස්ත්‍රික් එන්නත්කරණ වැඩසටහන යටතේ ලබා දී ඇති බවයි.

රාජ්‍ය නිලධාරීන්ට අමතරව දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් පිරිසකට ද එන්නත් ලබා දීම මෙහි දී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් විජයානි රත්නසේකර, වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුජීව බණ්ඩාර, විශේෂඥ වෛද්‍ය සුනේත්‍රා බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල පිරිස් සඳහා එන්නතකරණය දිස්ත්‍රික්කය පුරා මේ වන විට සිදු කෙරෙන අතර ශාන්ත මරියා විදුහලේ පැවති එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණය කිරීම සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද පෙරවරුවේ එක්ව සිටියේය.

191257625 1492144357793789 3826420932733229664 n

ආපදා අවස්ථාවන්හි දී මෙහෙයුම් කටයුතු සඳහා ආරක්ෂක අංශ වෙත අවශ්‍ය කරන උපකරණ කට්ටල කිහිපයක් බෙරගල යුද හමුදා කඳවුර වෙත ප්‍රදානය කිරීම කෑගල්ල දිසාපති /දිස්‌ත්‍රික්‌ ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා විසින් අද (06) සිදු කරනු ලැබීය.

මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් ආපදා සහකාර අධ්‍යක්ෂ අනුශ්ක චමිල මහතා ද සහභාගි වී සිටියේය.

189801223 1491546381186920 3146228222768438616 n190244287 1491553044519587 1177733679059854501 n188040073 1491552881186270 7922611401415537325 n190094893 1491552934519598 9189273491068317417 n191580921 1491552977852927 5429696713413720098 n191834867 1491552911186267 3467920933348327360 n

අවදානම් ස්ථාන වල ජීවත්වන පුද්ගලයින් වහා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරන්නැයි දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දෙයි.

මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලකුණික තත්ත්වය හේතුවෙන් පස් කණ්ඩියක් කඩාවැටී අරණායක, දෙවනගල, දෙවනගල වසමේ එකම පවුලේ පදිංචි පුද්ගලයින් සිව් දෙනෙක් අද උදෑසන (05) ජීවිතක්ෂයට පත් වූ අතර ඔවුන්ගේ නිවස මුළුමනින්ම විනාශ වී තිබිණි.

මෙම ස්ථානයෙන් වහා ඉව්වත් වන්නැයි බලධාරීන් මෙම පවුල සඳහා අනතුරු හඟවා තිබියදී එම උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස මෙම මරණ සිදුව ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.

අද (05) පෙරවරුවේ මෙම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය , කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා පාලන) දිනීෂා එස් රත්නායක, අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ් එම් ෆයිසාල්, දිස්ත්‍රික් ආපදා සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ තවත් පුද්ගල මරණයක් වරකාපොළ අල්ගම වීරසූරියකන්ද ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය ද නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් සිදුව තිබේ. එම පුද්ගලයාට ද නිවස පිහිටා ඇති ස්ථානයෙන් වහා ඉවත් වන්නැයි ඊයේ හවසෙ වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අදාළ බලධාරීන් දැනුවත් කර තිබුණ ද එම උපදෙස් නොතකා හැර තිබිණි.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 108 ක පුද්ගලයින් 500 ක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇති බවත් එම පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කොට කඩිනම් සහන සැලසීමට පියවර ගෙන ඇති බවත් කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.

දිස්ත්‍රික්කය තුළ අවදානම් ස්ථාව වල ජීවත්වන පුද්ගලයින් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු කොට ඔවුන්ට සහන සැලසීමට පියවර ගන්නැයි දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන් බව ද ස්වාභාවික ආපදා හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සඳහා වන්දි ගෙවීමේ කටයුතු ද විධිමත් ලෙස සිදු කෙරෙමින් පවතින බව ද දිසාපතිවරා විසින් අද (05) පස්වරුවේ මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී අනාවරණය කළේය.

එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්කයේ කටයුතු අඩපණ නොවී විධිමත්ව පවත්වා ගැනීම සඳහා දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම රාජ්‍ය ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරෙමින් පවතින බව ද සබරගමු ආණ්ඩුකාර ටිකිරි කොබ්බැකඩුව මහතා සහ දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය දිස්ත්‍රික්කයේ කටයුතු යථා පරිදි පවත්වා ගැනීම සඳහා මහත් සහයක් ලබා දෙන බව ද දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා මෙහි දී සඳහන් කළේය. ඒ සඳහා ආරක්ෂක අංශ, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ආපදා නිලධාරීන් ඇතුළු මේ සම්බන්ධව කටයුතු කරන සියළු රජයේ නිලධාරීන් වෙත සිය ස්තූතිය පිරිනමන බව ද දිසාපතිවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානයෙන් කටයුතු කොට මෙම වසංගත සමයේ සිය ආරක්ෂාව තහවුරු කර ගන්නැයි දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටී.

187883440 1488671144807777 4588455857262856888 n

වත්මන් කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනතාව වෙත අත්‍යවශ්‍ය සේවාවන්, ආරක්ෂාව සහ එන්නත්කරණ වැඩසටහන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මාර්ගගත zoom සාකච්ඡාවක් අද (01) පෙරවරුවේදී දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ මූලිකත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මෙහි දී අත්‍යවශ්‍ය සේවාවන් විධිමත්ව පවත්වාගෙන යාම සඳහා තෝරාගත් තොග අලෙවිසැල් සවස 6 න් පසුව විවෘත කර ජංගම අලෙවි රථවාහන සඳහා භාණ්ඩ නිකුත් කිරීමට හා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් දැනට ක්‍රියාත්ම තත්ත්වයේ පවතින සිල්ලර කඩ දෙකක් විවෘත කිරීමට කටයුතු කළ යුතු බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ප්‍රකාශ කළේය.

තවදුරටත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සඳහන් කළේ කරවනැල්ල රෝහල සඳහා PCR යන්ත්‍රයක් මේ මස අවසන් වීමට පෙර ලබා දීමට කටයුතු කරන බවයි. එමෙන්ම ජනතාව ඒකරාශී වීම වැළැක්වීම තුළින් කොවිඩ් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට හැකිවන බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා කෝවිඩ් මර්ධන එන්නත් 50 000 ක් මේ මස අවසාන වීමට පෙර ලැබීමට නියමිත බවත් එම එන්නත්කරණ කටයුතු සිදුකිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ගත යුතු බවත් මේ අවස්ථාවට එක්වූ සමාගම් වතු ප්‍රතිසංස්කරණ , තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ හා රබර් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේය.

මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කය තුළින් කොවිඩ් රෝගීන් 8327 ක් වාර්තා වන අතර නිවෙස් තුළ නිරෝධායනය ලබන්නන්ගේ සංඛ්‍යාව 8720 ක් වන බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ කුමාර් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රවාහනයේ දී මතුව ඇති ගැටළු පිළිබඳව කෑගල්ල දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂ මිහිරි ප්‍රියංගනී මහත්මිය මෙහි දී අවධාරණය කළාය.

මේ අවස්ථාව සඳහා කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, සබරගමු පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි , දිස්ත්‍රික් අතිරේක ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් විජයානි රත්නසේකර යන මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් , දිස්ත්‍රික් කොව්ඩ් මෙහෙයුම් මර්ධන කමිටුවේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී කර්නල් ජේ.ඒ ජේ.එල්.බී උඩෝවිට මහතා ඇතුළු ආරක්ෂක අංශ වල නිලධාරීන් රැසක් සහභාගී වූහ.

වෙසක් පොසොන් උත්සව වෙනුවෙන් පැවැත්වීමට නියමිත බැති ගී රචනා තරඟය සඳහා නිර්මාණ බාරගැනීම ජූනි මස 30 දක්වා දීර්ඝ කෙරේ. ඔබේ නිර්මාණ අප වෙත යොමු කරන්න 191947011 1490690304605861 9082731387896510 n

185539821 1476279249380300 2751811824082405918 n

 

ඊයේ (13) දිනයේ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතු කොට ගෙන දිස්ත්‍රික්කයේ පවුල් 60 ක් අවතැන් වී පුද්ගල මරණ එකක් වාර්තා වී ඇතැයි කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කරයි.
කෑගල්ල තෝලංගමුව ගස්නාව ප්‍රදේශයේ ඊයේ රාත්‍රී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් නිවාස දෙකක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර එක් නිවසක සිටි අවුරුදු 55 ක පිරිමි පුද්ගලයේක් පස් කන්දට යටවී මිය ගොස් ඇති අතර එම නිවසේ කාන්තාව සහ හානියට පත් අනෙක් නිවසේ සිටි පුද්ගලයින් තිදෙනෙක් ගම්වාසීන් විසින් රෝහල් ගත කොට තිබේ. එමෙන්ම දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 07 පුද්ගලයින් 35 ක් අවතැන් වී ඇත.
මෙම ආපදා තත්ත්වය දැරණියගල, වරකාපොළ, යටියන්තොට සහ දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් වෙත මෙම ආපදා තත්ත්වය බලපා ඇති අතර පුද්ගල සහ දේපළ ආරක්ෂාව සඳහා සියළුම ප්‍රා දේශීය ලේකම්වරුන්ට කඩිනම් උපදෙස් ලබා දී ඇතැයි දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම මේ වන විට සිදුකරමින් සිටින අතර ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීවරුන් , ආපදා නිලධාරීන්, පොලිසය සහ ආරක්ෂක අංශවල නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් රැසක් ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බව දිසාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සියළු කටයුතු කෝවිඩ් වසංගතය වැළැක්වීම සඳහා වන ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ සිදු කෙරේ.
ඊයේ දිනයේ කෑගල්ල දිස්ත්‍රික්කයට මි.මි 250 ක වර්ෂාවක් ලැබී ඇති අතර තවදුරටත් ආපදා තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින්නැයි දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතා දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොවිඩ්- 19 මර්ධන මෙහෙයුම් කමිටුව zoom සමඟ

 

183160020 1475626339445591 4551671245224438702 n

 

වත්මන් කොවිඩ් - 19 වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් ජනතාව වෙත අත්‍යාවශ්‍ය සේවාවන් හා ආරක්ෂාව සැලසීම පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා මාර්ගගත (online) සාකච්ඡාවක් අද පෙරවරුවේදී දිසාපති / දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ මුලිකත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදි සංවරණ සිමාවන් පැනවීමත් සමග ගමනාගමනය සමිබන්ධයෙන් පැන නගින ගැටළු, සෞඛ්‍ය අංශයන්හි කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයිම පිළිබඳව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ අවධානය යොමු විය.
බස්නාහිර පළාතේ සිට කෑගල්ල දිස්ත්‍රික්කයට ඇතුළුවන පුද්ගලයන්ගෙන් අහඹු ලෙස රුපිට් ඇන්ටිජන් පරික්ෂණ කිරිමේ අවශ්‍යතාවය මේ අවස්ථාව සඳහා සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ අවධානයට යොමු විය.
රෝගීන් ප්‍රතීකාර මධ්‍යාස්ථාන වෙත යොමු කිරිමේදි මතුවන ගැටළු, කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමාර් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන් අතර ඒ සඳහා සබරගමු පළාත් සභාව සතු වාහන ලබා දීමට අවශ්‍ය කටයුතු කරනට බව සබරගමු පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය සදහන් කළාය.
මේ අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ, ප්‍රදේශීය සභා සභාපතිවරුන් ඇතුළු දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් විජයානි රත්නසේකර , කෑගල්ල දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ ඒ . ඒ . වීරකෝන් ,කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද යන මහත්ම මහත්මීන් ඇතුළු සියළුම ප්‍රදේශීය ලේකම්වරුන්, කෑගල්ල දිස්ත්‍රික් කෝවිඩ් නිවාරණ කමිටුවේ සම්බන්ධීකාර බ්‍රේගේඩියර් එල්.ඒ.ජේ.එල්.බී උඩෝවිට මහතා ඇතුළු ආරක්ෂක අංශ වල සාමාජිකයින් හා රාජ්‍ය ආයතන වල නිලධාරීන් පිරිසක් zoom තාක්ෂණය ඔස්සේ සහභාගී වූහ.

 

 

 

185118213 1475626369445588 8069288853270653864 n

 

 

 

182537019 1473758779632347 8831405528970324184 n

දැනට සංවර්ධනය කරමින් පවතින යටියන්තොට - සීපොත් මාර්ගයේ ඉදිකිරීම්වල දි පැන නැඟී ඇති ගැටලු හා ඊට ලබා දිය හැකි කෙටි කාලීන , දිගු කාලීන විසඳුම් පිළිබඳ සාකච්ඡාවක් අද දින (10) පස්වරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

මෙහි දි අදහස් දැක් වූ කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින් ද එස් විරසුරිය මහතා ප්‍රකාශ කළේ මෙම ඉදි කිරිම් අධි සංව්දි පරිසර කලාපයක් තුල සිදු වන බැවින් ඊට අදාල ඉදිකිරිම් සිදු කිරීමේ දී එම පරිසර පද්ධතීන් හා ජනතාවගේ ජීවන තත්වය උසස් කරමින් තිරසාර සංවර්ධන ඉලක්ක මතම කටයුතු කළ යුතු බව අවධාරණය කළේ ය.

ඒ අනුව මෙම සාකච්ඡාවේ දී එළඹෙන බ්‍රහස්පතින්දා දින සියලුම ව්‍යාපෘතියට අදාල නිලධාරීන් කේෂත්‍ර පරික්ෂාවක් සිදුකොට කඩ්නම් විසඳුම් ලබා දිමට තීරණය කල අතර අවහිර වී ඇති ඇළ මාර්ගය පිළිසකර කිරිම, අනාරක්ෂිතව පවතින පවුල් හා ඔවුනගේ හානියට පත් වගාවන් සඳහා රක්ෂණ ක්‍රමවේදයක් සැලසීමට අවශ්‍ය කටයුතු කෙරෙහි අදාල කොන්ත්‍රාත් ආයතනය කටයුතු කිරිමට මෙන්ම මෙම ඉදිකිරිම තුල ඉවත් කරන පස් සුදුසු ස්ථානයකට ඉවත් කිරිමටත් තීරණය කෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපතිනි, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය මෙහි දි ප්‍රකාශ කළේ ඉදිරියටත් ව්‍යාපෘති කටයුතු සාර්ථකව නිමා කිරිම සඳහා මනා සන්නිවේදනයක් පවත්වා ගත යුතු අතර දේශපාලන අධිකාරිය ලෙස තම පාර්ශවයෙන් ලබා දිය හැකි සහය නිරන්තරයෙන්ම ලබා දෙන බව ය.

මෙම අවස්ථාවට යටියන්තොට ප්‍රාදේශිය සභාවේ ගරු සභපතිතුමන්, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ.වීරකෝන්, දිස්ත්‍රික් ඉංජිනේරු සාරනාත් විමලචන්ද්‍ර, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ යන මහත්ම මහත්මින් හා දිස්ත්‍රික් ආපදා සහකාර අධ්‍යක්ෂ, මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු , මලල්පොල ග්‍රාම නිලධාරී , ආපදා සහන නිලධාරී, ව්‍යාපෘතිය භාර කොන්ත්‍රාත් නිලධාරීන් ඇතුලු අදාල ආයතනවල නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටිය හ.

 

 

182457823 1473582029650022 9035208623324501810 n

‘වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහන’ යටතේ ග්‍රාමීය වැව් අමුණු සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මඟින් කොහොලුල්ල වැවැ (වැරැල්ලපත වැව) කුඹුරු අක්කර 78 ක් සඳහා යල මහ දෙකන්නයටම ජලය සැපයීමට හැකි පරිදි රු. 30,12,000.00 පිරිවැයකින් සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සමාගම් වතු ප්‍රතිසංස්කරණ , තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මාස 6 කින් නිම කිරීමට සැලසුම් කර ඇත.

මේ අවස්ථාව සඳහා රඹුක්කන ප්‍රාදේශීය සභාවේ සභාපති අතුල හඳගම, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, රඹුක්කන ප්‍රාදේශීය ලේකම් ඉන්දික ලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

      182468410 1473571086317783 382059340919361312 n

රටතුළ පවතින කෝවිඩ් -19 වෛරසයේ ව්‍යාප්තිය හේතුකොට ගෙන රටට , ජනතාව ආරක්ෂා කර ගනිමින් සෙත් පැතීම සඳහා ගරු අග්‍රාමාත්‍ය , බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් පරිදි විශ්ව ආශීර්වාද හෝරාවක් පැවැත්වීමට ගත් තීරණය අනුව රතන සූත්‍රය සහ ජ්වර පිරිත් සජ්ජායනයක් රඹුක්කන කිරිවන්දෙණිය පුරාණ විහාරස්ථානයේ දී පසුගිය 08 වෙනිදා පස්වරුවේ සමාගම් වතු ප්‍රතිසංස්කරණ , තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

පිරිත් සජ්ජායනයට සමගාමීව ආශිර්වාද පහන් පූජාවක් ද පැවැත්වීමට මෙහි දී කටයුතු කළ අතර කෝවිඩ් -19 වැලැක්වීමේ රජයේ හා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දී ඇති උපදෙස් වලට අනුව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

මේ අවස්ථාවස සඳහා රඹුක්කන ප්‍රාදේශීය සභාවේ සභාපති අතුල හඳගම, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, රඹුක්කන ප්‍රා දේශීය ලේකම් ඉන්දික ලියනගේ යන මහත්ම මහත්මීන් සහ දිස්ත්‍රික් බෞද්ධ කටයුතු අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

182835942 1471552653186293 2647621745859217867 n   

මේ වන විට රටතුළ පවතින කෝවිඩ් -19 වෛරසයේ ව්‍යාප්තිය හේතුකොට ගෙන රටට , ජනතාවට සෙත් පැතීම සඳහා ගරු අග්‍රාමාත්‍ය , බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් පරිදි විශ්ව ආශීර්වාද හෝරාවක් පැවැත්වීමට ගෙන ඇති තිරණය අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළුම විහාරස්ථානයන්හි 2021.05.08 වන දින ප. ව. 5.46 ට එළගිතෙල් පහනක් දල්වා රතන සුත්‍රය හා ජ්වර පිරිත දේශනා කිරිමට කටයුතු සංවිධානය කර තිබේ.

ඒ අනුව රඹුක්කන, කිරිවන්දෙණිය පුරාණ විහාරය ප්‍රධාන කරගෙන පැවැත්වෙන මෙම පිංකම් මාලාව සඳහා සමාගම් වතු ප්‍රතිසංස්කරණ , තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතා, සහභාගී විමට නියමිතය.

මෙම පිංකම් මාලාව සංවිධානය කිරිමේදී අවම පිරිසක් සම්බන්ධ කර ගනිමින් කෝවිඩ් -19 වැලැක්වීමේ රජයේ හා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දී ඇති උපදෙස් වලට අනුව කටයුතු කිරිමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

පසුගිය වර්ෂයේ මාර්තු මාසයේදි කොරෝනා වසංගතය මුල් වරට හටගත් අවස්ථාවේදී ද දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල වැඩ වසන මහා සංඝ රත්නය දිනපතා රතන සුත්‍රය, ධජග්ග සුත්‍රය හා බොජ්ඣංග සුත්‍ර ආදී සෙත් පිරිත් දේශනා පැවැත්විම රටවාසී ජනතාවට මහත් ආශිර්වාදයක් විය.

180944415 1470891639919061 3758654809128950621 n
 
සීඝ්‍රයෙන් පැතිර යන කොව්ඩ් 19 වසංගත තත්වය හමුවේ අඛණ්ඩව තම දෛනික රාජකාරී සිදු කරන සේවකයිනගේ ආරක්ෂාව වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍්‍්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රය විශබීජානුහරණය කිරීමේ වැඩසටහනක් අද (06) දින සිදු කෙරිණි.
කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සංවිධානයෙන් ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ කෑගල්ල ශාඛාවේ දායකත්වයෙන් මෙම කාර්යය සිදු විය.

 

   1234567           

 

                                                          123456                                                                              

181585482 1467974490210776 9210159569293512826 n          181028953 1473676482973910 1859645767109596322 n

 

184917559 1474969362844622 5204671606784162933 n

 

දිස්ත්‍රික්කයේ කඩසාප්පු ඇතුළු වෙළධසැල් මැයි 15 දක්වා දවසක් හැර දවසක් විවෘතව තබා ගමු.

177935819 1464577147217177 7053354006091902965 n පළාත් සභා පාසල් දින තුනක් වැසීමට පියවර

මුව ආවරණ නොපළදින පුද්ගලයින් නිරෝධායන නීති යටතේ අත්අඩංගුවට

පවතින කෝවිඩ් අවධානම හේතුවෙන් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ උපදෙස් පරිදි කෑගල්ල දිස්ත්‍රික්කයේ පළාත් සභා පාසල් අප්‍රේල් 30 දක්වා දින තුනක් වැසීමට පියවර ගත් බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා අද (27) සඳහන් කළේය.
උද්ගතව ඇති කෝවිඩ් අවධානම හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සහ දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද දින පෙරවරුවේ දිස්ත්‍රික් කෝඩිව් නිවාරණ කමිටුව රැස් වූ අතර දිස්ත්‍රික්කයේ කෝවිඩ් ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා ගත යුතු පියවර රැසක් සාකච්ඡාවට ලක් කෙරිණි.
සඳහා මහජනතාවගේ සහයෝගය නොමැතිව දිස්ත්‍රික්කයේ කෝවිඩ් ව්‍යාප්තිය අවම කිරීම අසීරු කාර්යයක් බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෙද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා මෙහි දී සඳහන් කළේය. පසුගිය අළුත් අවුරුදු සමයේ ජනතාව අනාරක්ෂිතව හැසිරීමේ ප්‍රතිඵලයක් ලේස මේ වන විට ඉතා සීඝ්‍රයෙන් කෝවිඩ් රෝගීන් ඉහළ යාමේ අවධානමක් ඇති බවත් ඉදිරියේ දී සංචරණය සීමා කර ගනිමින්, සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් දැඩිව පිළිපැදීමෙන් පමණක් ඉන් වැලකීමට හැකි වනු බවත් මෙහි දී අවධාරණය කළේය.
එමෙන්ම ඉදිරියේ දී කෝවිඩ් රෝගීන් සඳහා වෙන් කෙරුණු රෝහල් කිහිපයක් දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව මෙහි දී අනාවරණය වූ අතර ඒ අනුව බෙලිගල, කිතුල්ගල යන ප්‍රාදේශීය රෝහල් සහ අරණායක ,අමිතිරිගල සහ හිගුරලකන්ද යන ප්‍රාදේශීය රෝහල්වල භාවිතයට ගතහ හැකි වාට්ටු ද මේ සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන බව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂවරයා මෙහි දී පෙන්වා දුන්නේය. එමෙන්ම වරකාපොළ රෝහලේ ඇඳන් 17 කින් යුතු දැඩි සත්කාර සංකීර්ණයක් ද කඩිනමින් ඉදිකිරීම සඳහා ද කටයුතු කෙරෙන බව මෙහි දී අනාවරණය විය.
මුඛ ආවරණ නොමැතිව සැරිසරන පුද්ගලයින් නිරෝධායන නීති රීති යටතේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කන්නැයි ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම මහජනතාව දැනුවත් කිරීම උදෙසා කෝව්ඩ් වසංගතයේ දරුණු ස්වරූපය පෙන්නුම් කරන අයුරින් රාජ්‍ය ආයතනවල සහ නගරබදව වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු කළ යුතු බව ද මෙහි දී සාකච්ඡාවට ලක් කෙරිණි.
සබරගමු පළාත් සභාව විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙත කෝවිඩ් නිවාරණ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරන බව ආණ්ඩුකාරවරයා විසින් මෙහි දී සඳහන් කළ අතර ඒ අනුව එම මුදල් කෝවිඩ් නිවාරණ කටයුතු වලට පමණක් වෙන් කරන ලෙස පළාත් පාලන නියෝජිතයින්ට උපදෙස් ලබා දුන්නේය.
එමෙන්ම නිරෝධායනයට ලක්වන පවුල් සඳහා සහන සැලසීම , ග්‍රාමීය සහ ප්‍රාදේශීය කෝවිඩ් කමිටු සක්‍රීයව පවත්වාගෙන යාම, කෝවිඩ් අවධානම හේතුවෙන් රජයේ කාර්යාල වල නිලධාරීන් සීමා කිරීම ආදී කරුණු රැසක් ද මෙහි දී සාකච්ඡාවට ලක් කෙරිණි.
මේ අවස්ථාව සඳහා සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයාක්න ගුණතිලක, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල යන මහත්වරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් විජයානි රත්නසේකර යන මහත්මීන් ඇතුළු සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්, කෑගල්ල දිස්ත්‍රික් කෝවිඩ් නිවාරණ කමිටුවේ සම්බන්ධීකාර බ්‍රිගේඩියර් එල්.ඒ.ජේ.එල්.බී උඩෝවිට මහතා ඇතුළු ආරක්ෂක අංශ වල සාමාජිකයින්, කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂිකා මිහිරි ප්‍රියංගනී වසංගතරෝග විද්‍යාඥ වෛද්‍ය සුජීව බණ්ඩාර යන මහත්ම මහත්මීන්, කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.අයි.ඩී.සී ඉද්දමල්ගොඩ මහත්මිය මාවනැල්ල සහ දෙහිඹ්විට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් සහභාගී වූහ.

177645199 1465285497146342 8714818189164145863 n  “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රටේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීමෙහි ලා කාබනිත ආහාර නිෂ්පාදනය දිරි ගැන්විම වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නැංවේ.


එම අරමුණ යථාර්ථයක් බවට පත් කිරිම සඳහා වන තවත් අදියරක් ලෙස රඹුක්කන හේවාදිවෙල ප්‍රදේශයේ ගොවීන් 18 දෙනෙකු තෝරා ගනිමින් කාබනික එලවලු වගා ව්‍යාපෘතියක් දැනටමත් ක්‍රියාත්මක වේ. ඒ ඔස්සේ එම ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙමින් වෙළද පොළ අවස්ථා සකසා දිම ප්‍රධානම අපේක්ෂවයි.


ඒ අනුව සාම්ප්‍රදායික කෘෂි රටාවන් ඔස්සේ වස විසෙන් තොර කාබනික ආහාර පාරිභෝගිකයින්ට ලබා දීමේ අරමුණ පෙරදැරිව දකුණු කොරියානු ග්යෝන්සාන්බුක් පළාත් සභාව , සේමාවුල් ගෝලියකරණ පදනම හා සබරගමු පළාත් සභාව ඒකාබද්ධව ඉදි කළ සෙමාවුල් (GAP) එළවලු සැකසුම් මධ්‍යස්ථානයක් විවෘත කිරිම අද (28) දින පෙරවරුවේ රඹුක්කන හේවාදිවෙල දි සිදුකෙරිණි.


මෙහි දි කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසූරිය මහතා ප්‍රකාශ කළේ දේශීය වගාකරුවන්ට තම නිෂ්පාදනයන් සඳහා අවශ්‍ය දිරිගැන්වීම් ප්‍රවර්ධනය කිරිම තුලින් එම ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරිමත් ඒ තුලින් ජාතික ආර්ථිකය නඟා සිටුවිමත් සිදුවන බව ය.


මෙම අවස්ථාවට රඹුක්කන ප්‍රාදේශිය සභාවේ සභාපති අතුල හඳගම, රඹුක්කන ප්‍රාදේශිය ලේකම් ඉන්දික ලියනගේ, සෙමාවුල් පදනමේ අධ්‍යක්ෂ පාර්ක් යන මහත්වරුන් ඇතුලු සහකාර සමුපකාර කොමසාරිස් (මාවනැල්ල කලාපය), ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, කෘෂි කර්ම ක්ෂත්‍රයට සම්බන්ධ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටිය හ.

176518754 1465296827145209 7394204205700007747 n අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ග්‍රාමීය සංවර්ධනය පෙරදැරි කර ගත් 9 වන ගම සමඟ පිළිසඳර වැඩසටහන පසුගිය පෙබරවාරි 06 වන දින දැරණියගල ප්‍රාරාදේශීය ලේකම් කොට්ඨාසයේ දික්ඇල්ල කන්ද කණිෂ්ඨ විද්‍යාලීය පරිශ්‍රයේ දී පැවැත්විණි.

එහි දී ජනතාව විසින් ඉදිරිපත් කළ ගැටලු සඳහා ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව මේ වන විට එහි වත්මන් ප්‍රගතිය විමසා බැලීමේ දෙවන ප්‍රගති සමාලෝචන රැස්විම අද (28) දින පෙරවරුවේ දී කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රාධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

එහි දී මහා මාර්ග හා පාලම්, ප්‍රජා ජල හා පානීය ජල ව්‍යාපෘති, ඉඩම් හා සම්බන්ධ ගැටලු ඇතුලු කරුණු ගණාවක් සම්බන්ධව ඊට අදාල රාජ්‍ය ආයතන නිලධාරීන් විසින් ගෙන ඇති වත්මන් ප්‍රගතිය විමසා බැලීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ. විරකෝන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ සැලසුම් ඊ.ආර් ගාමිණී යන මහත්ම මහත්මීන් හා මාර්ග සංවර්ධන අධිකාරිය, ජල සම්පත් මණ්ඩලය හා ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොම්ෂන් සභාව ඇතුලු අදාල ආයතනවල නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටිය හ.

166565222 1445059022502323 5017101566362921316 n
 
 
 
 
රජයේ සංවර්ධන , පරිපාලන හා වත්කම් කළමණාකරන කටයුතු වලදී කත්සේරු දෙපාර්තමේන්තුව මගින් විශාල සහයෝගයක් ලැබෙන බව කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසූරිය මහතා සඳහන් කළේය.
කෑගල්ල දිසාපතිවරයා මෙසේ සඳහන් කළේ අද( 31 ) පෙරවරුවේ කෑගල්ල දිස්ත්‍රික් තක්සේරු දෙපාර්තමේන්තුවේ නව කාර්යාලය විවෘත කිරිමෙන් පසුව පැවති වැඩ සටහනකට සහභාගී වෙමිණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට තක්සේරු දෙපාර්තමේන්තුව මගින් සිදු කර ගත යුතු කාර්යයන් කර ගැනීම සඳහා මෙතෙක් කල් රත්නපුර පළාත් කාර්යාලයට යෑමට සිදු වු අතර මෙම නව කාර්යාලය විවෘත කිරිමෙන් පසු එම සියළු කාර්යයන් මෙහිදි ඉටු කර ගැනීමට හැකි වන බව දිසාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට රජයේ ප්‍රධාන තත්සේරුකරු පී. ඩී. ඩී. එස් මුතුකුමාරණ මහත්මිය ඇතුළු නියෝජ්‍ය ප්‍රධාන තක්සේරුකරු, දිස්ත්‍රික් ප්‍රධාන තක්සේරුකරු ඇතුළු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
 

    

 
 
 
Steps will be taken to inform government officials about updating the Kegalle District Resource Profile.
 
Kegalle Government Agent / District Secretary Mahinda S. Weerasuriya stated that all information in the Kegalle District should be collected and compiled with resource profile accuracy as information and data are required to facilitate development and administration. The Government Agent of Kegalle stated this while participating in the first Divisional Secretaries' conference in the year 2021. The Government Agent further stated that the Heads of Government Institutions and Departments in the District, Divisional Secretaries, Assistant Directors, Field Officers of the District Secretariat and the Liaison Officers of the District Secretariat. That. The activities of the Department of Multipurpose Development, the progress of land identification related to residual forest land management, the proposed export village program to be implemented at the rural level, and the progress of infrastructure development programs were discussed. Kegalle Additional District Secretary (Administration) Charitha Illangakoon, Additional District Secretary (Lands and Development) Dinisha S. Ratnayake, District Planning Director AA Weerakoon, District Agriculture Director Manjula Pinnalanda, District Samurdhi Director T. that. P. Kusumsiri, Assistant District Secretary Wijayani Ratnasekera and a group of officials from institutions and departments were present.

Mrs. I.W.M.C.K.Illangakoon assumes of Duties as new Additional District Secretary (Administration), Kegalle

 

 

Mrs. I.W.M.C.K.Illangakoon assumed duties as Additional District Secretary (Administration ) of Kegalle Administrative District on 03.12.2020, in the presence of Mr. Mahinda S. Weerasooriya, District Secretary / Government Agent, Kegalle.

She having educated at Kandy Girls’ High School holds a Bachelor Degree of Biology in University of Kelaniya (Micro Biology) and she joined the Public Administrative Service in 1994 and Joined Public Administrative Service in 2000.

She was promoted to grade I of Sri Lanka Administrative Service and served as Assistant Secretary, Chief Office, Central Province, Assistant Divisional secretary Medadumbara, Assistant Director (Administration) – Department of Agriculture, Peradeniya. Director of (Establishment) of Ministry of Public Administration and Public Services and has an extensive experience in Administrative Service.

 

 

 

 

 

 ජනතා ගැටළු විසඳීම සඳහා දේශපාලන නියෝජිතයින් සහ රජයේ නිලධාරීන් ඒකාබද්ධව වැඩ කළ යුතුයි

---------------------------------------------------------------------------------------------------------------------

ජනතා ගැටළු විසඳා ගැනීම සඳහා රජයේ නිලධාරීන් සහ දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය ඒකාබද්ධව කටයුතු කිරීම වඩා වැදගත් වන බවත් එය ජනතාවගේ ගැටළු වඩාත් පහසුවෙන් සහ අවබෝධයෙන් නිරාකරණය කර ගැනීම සඳහා සාර්ථක ප්‍රවේශයක් වන බවත් කෑගල්ල මහ දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා 9 වන පාර්ලිමේන්තුව සඳහා අභිනවයෙන් තේරීපත්වු ජනතා නියෝජිතයින් පිළිගනිමින් අද (31) පෙරවරුවේ පැවති විශේෂ සංවර්ධන වැඩසටහන් පිළිබඳ සාකාච්ඡාවක දී සඳහන් කළේය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ විශේෂ සංවර්ධන වැඩසටහන් පිළිබඳ සහ දිස්ත්‍රික්කයේ ගැටළු පිළිබඳ මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කෙරුණ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු නව සම සභාපතිනිය ලෙස සුභ මොහොතින් වැඩ ආරම්භ කිරීම ද මෙහි දී සිදු කළාය.

මෙම අවස්ථාව සඳහා සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග කර්මාන්ත නවීකරණ, තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, කලාපීය සහයෝගීතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති සහ කෑගල්ල දි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය, කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී උදයකාන්ත ගුණතිලක මහතා යන මැති මැතිවරුන් ඇතුළු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ප්‍රමුඛ දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය සහ දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නාලිකා පියසේන, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් සහ ආයතන රැසක රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කෑගල්ල දිස්ත්‍රික් මත් නිවාරණ ක්‍රියාකාරකම් සඳහා ස්වේච්ඡා කණ්ඩායම් පිහිටුවීමට කටයුතු කෙරේ
-------------------------------------------------------------------------------------------------------
 
නාගරික සහ ග්‍රාමීය පාසල්වල දරුවන් මත්ද්‍රව්‍ය උවදුරින් ආරක්ෂා කර ගැනීම සඳහා අධ්‍යාපන, සෞඛ්‍ය, ආරක්ෂක හා අදාළ අනෙකුත් අංශ ඒකාබද්ධව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් හැකිවන බව කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.
කෑගල්ල දිසාපතිවරයා මෙසේ සඳහන් කළේ අද (24) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් සඳහා දිස්ත්‍රික් සවේච්ඡා සංවිධාන පිහිටුවා ගැනීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.
මෙම වැඩසටහන අනත්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබිණි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මතින් නිදහස් ජාතියක් , සෞභාග්‍යමත් දේශයක් සඳහා වන ජාතික දැක්ම යථාර්තයක් කර ගැනීම සඳහා මෙම දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවන ස්වේඡ්ඡා සංවිධාන තුළින් හැකිවනු බවද පෙන්වා දුන්නේය.
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා යොදාගත හැකි විශාල මුදලක් මත්ද්‍රව්‍ය උවදුරින් ජනතාව බේරා ගැනීම සඳහා වැය කිරීමට සිදුව තිබෙන බව ද තවදුරටත් දිසාපතිවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ කෑගල්ල දිස්ත්‍රික් බාහිර සේවා සහකාර එස්.සී තොටවත්තගේ පියතුමා , මත්ද්‍රව්‍ය අධ්‍යාපන හා තොරතුරු නිලධාරි කුමුදුනී ජයතිලක සහ චන්දිමා යන මහත්මියන් සහ ස්වේඡ්ඡා නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

 

රු. ලක්ෂ 700 ක් වියදම් කර ඉදිකිරීම් අතරමඟ නවතා දමා තිබෙන කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ මැදිහත්වීමෙන් නැවත වැඩ ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

මෙම නව ඉදිකිරීම් කටයුතු සඳහා රු.මි. 198 ක් වෙන්කර ඇත. මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මානවඩු මහතාගේ උපදේශකත්වය යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් ඉඳිකිරීම් කටයුතු සිදුකරනු ලබයි. මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ මහජන සේවාවන් අඩු පහසුකම් මධ්‍යයේ සිදුකරගෙන යනු ලබයි. එමෙන්ම රාජ්‍ය ආයතන ගණනාවක් කුලී පදනම මත පෞද්ගලික ගෙඩානැගිලි වල සිය සේවාවන් පවත්වා ගෙන යනු ලැබේ. එම ගැටළු වලට මෙම නව ගොඩනැගිල්ල ඉඳිකිරීම තුළින් විසඳුම් ලැබෙන අතර වඩාත් කාර්යක්ෂම මහජන සේවාවක් එකම ස්ථානයක් තුළ දී ජනතාවට ලබා ගැනීමට ද හැකි වේ.

 

  

 

පසුගිය දින කිහිපය තුළ දි කෑගල්ල දිස්ත්‍රික්කයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් පවුල් 1009 ක පුද්ගලයින් 2561 දෙනෙකු පිඩාවට පත්ව ඇති බවත් පුද්ගල මරණ 03 ක්ද වාර්තා වුණු බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසුරිය මහතා සඳහන් කළේය.

මේවන විට විපතට පත් පවුල් සඳහා සහන සැලසිමට රුපියල් මිලියන 05 ක් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය හා ආරක්ෂක අමාත්‍යාංශය මගින් ලබාදි ඇති අතර අදාළ කොට්ඨාස වල ප්‍රාදේශිය ලේකම්වරුන් මඟින් සහන ලබාදිමට පියවර ගෙන තිබේ. ආපදා හේතුවෙන් සිදුවු මරණ 03 වෙනුවෙන් රුපියල් 25000 බැගින් අත්තිකාරම් මුදල් ලබාදුන් අතර එක් මරණයක් සඳහා රුපියල් 225000 බැගින් වන්දි මුදල් ලබාදිමට කඩිනමින් පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාස 11 තුළ ග්‍රාම නිළධාරි වසම් 171 ක ආපදා තත්ත්වයන් වාර්තා වු අතර පවුල් 1018ක් පීඩාවට පත්ව තිබේ. ඒ අනුව පුර්ණ වශයෙන් නිවාස හානි 09 ක්, අර්ධ වශයෙන් හානි 568 ක්, සුඑ හානි 42 ක් ,ගෘහ උපකරණ විනාශ විම් 312 ක් සුඑ හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හානි (පුර්ණ වශයෙන් ) 11ක්, යන්ත්‍රෝපකරණ හානි 108 ක් , තොග හානි 12 ක් හා ව්‍යාපාර හානි 278 ක් වාර්තා වුණු බව ද දිසාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ඇති වු හදිසි ආපදා තත්ත්වය තුළ දී පිඩාවට පත් ජනතාවට සහන සැලසිම සඳහා කඩිනමින් කටයුතු කළ ප්‍රාදේශීය ලේකම්වරුන් , ආරක්ෂක අංශ නිළධාරින්, රාජ්‍ය නිළධාරින් හා ජනතාව දැක්වු සහාය අගය කරන බව දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.

 

           

 

 කෑගල්ල දිස්ත්‍රික්කයේ මහජනතාව වෙත,


කොවිඩ්-19 වෛරසය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ඔබට යම්කිසි සේවාවක් අවශ්‍යද?
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත රෝගියෙකු පිළිබඳ තොරතුරු ලබා දීමට, ඉල්ලීමක් කිරීමට, දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට, අවශ්‍යතා පිළිබඳ දනුම් දීමට, යෝජනා / චෝදනා ඉදිරිපත් කිරීමට අවශ්‍යද?
ඔබගේ ගැටලු පහත සබැඳිය හරහා අප වෙත යොමු කරන්න.

https://forms.gle/syBvwkTQbxcmcGWMA

 

කෑගල්ල covid - 19 දිස්ත්‍රික් මෙහෙයුම් ක්‍රියාකාරී කමිටුව

 

Admin Account Development

Enginering Planing Disasater

Agriculture Static Media

Explosive Samurdi Internal Audit