ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන වැසිකිළි වැඩසටහන (WaSSip) පිළිබඳ ප්‍රගතිය විමසා බැලෙන හමුවක් අද (02) පෙරවරුවේ දී කැගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි. 2021 වසර අවසානය වන විට කෑගල්ල දිස්ත්‍රික්කය තුල අවසන් කිරිමට අපේක්ෂිත සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ මෙහි දී අවධානය යොමු විය.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කය තුල වසම් 11ම ආවරණය වන පරිදි වැසිකිළි 4066 ක් ඉදි කිරීම සිදු වන අතර මෙම වසර අවසන් වීමට පෙර එම ඉලක්කය හැකි උපරිම අයුරින් අවසන් කිරිමට මෙහි දි කටයුතු සැලසුම් කෙරිණි.
මෙම අවස්ථාවට එක් වූ කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා ප්‍රකාශ කළේ දිස්ත්‍රික්කය තුල පවතින ප්‍රධානතම ගැටලුවක් සඳහා පිළියම් ලෙස මෙම WaSSip ව්‍යාපෘතිය සැලකෙන අතර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් පරිදි ඒ ඒ දිස්ත්‍රික්කවලට ලැබෙන විවිධ රාජ්‍ය හා රාජ්‍ය නො වන ව්‍යාපෘතින් සඳහා රජයේ ආයතන ලෙස එම ප්‍රතිපාදන තමන්ගේ දිස්ත්‍රික්කයට සම්පූර්ණ ලෙස ලබා ගෙන ජන ජීවිතය ඔසවා තැබීමට හැකි සෑම පියවරක්ම ගත යුතු බව ය.තවද ගැටලු පැන නැඟි ඇති වැඩ කටයුතු සිදු වන වැසිකිළි කටයුතු නිරීක්ෂණය සඳහා මෙම සතිය තුලම ප්‍රාදේශීය ලේකම්වරුන් හා අදාල නිලධාරීන් එක්ව කේෂත්‍ර පරික්ෂාවකට කටයුතු කරන ලෙස ද දිසාපතිතුමන් මෙහි දි උපදෙස් ලබා දුන්නේ ය.
අදියර 3ක් ඔස්සේ ක්‍රියාත්මක මෙම වැසිකිළි වැඩසටහන ප්‍රජා ජල සමිති හා සමෘද්ධි බැංකු හරහා ක්‍රියාවට නැංවේ.
ඒ අනුව කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසම් 61 සඳහා වැසිකිළි 508ක්, වරකාපොල වසම් 23 ක් සඳහා 293 ක් ද, අරණාලක වසම් 21 සඳහා 241 ද , මාවනැල්ල වසම් 22ක් සඳහා 283 ක් ද, රඹුක්කන වසම් 35ක් සඳහා 109 ක් ද, ගලිගමුව වසම් 51 සඳහා 718 ක් ද, බුලත්කොහුපිටිය වසම් 12ක සඳහා 199ක ද, දෙහිඕවිට වසම් 26ක සඳහා 252ක් ද, රුවන්වැල්ල වසම් 36ක් සඳහා 391ක් ද, යටියන්තොට වසම් 16ක සඳහා 430 ක් ද, දැරණියගල වසම් 26ක් සඳහා 632ක ද ලෙස වැසිකිලි ඉදිකිරිමට කටයුතු කර ඇත.
මෙම ප්‍රගතිය විමසා බැලීම සඳහා එක් වු WaSSip ව්‍යාපෘති අධ්‍යක්ෂ, බස්නාහිර පළාත් ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. යූ.කේ රණතුංග මහතා මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා පැන නැඟි ඇති ගැටලු සඳහා ඒ මොහොතේම විසඳුම් ලබා දිමට කටයුතු කළේ ය. ඒ අතර ප්‍රතිලාභින්ට තම ගිණුම වෙත බැර කෙරෙන මුදල් බැංකු හරහා ලබා ගැනීමේ දි ඇති වන අවහිරතා වැලැක්විමට අවශ්‍ය කටයුතු සිදු කළ අතර ව්‍යාපෘතියේ කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා යම් පරිපාලන වියදමක් මෙන්ම කේෂත්‍ර නිලධාරින් සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබා දිම කෙරෙහි ද මෙහි දි විසඳුම් ලබා දිමට කටයුතු සැලසුම් කෙරිණි.
මෙම අවස්ථාවට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර සාමාන්‍යාධිකාරී (සමාජ විද්‍යා), දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂතුමන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂවරුන් සහකාර ප්‍රාදේශීය ලේකමවරුවන්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සැලසුම් අධ්‍යක්ෂවරුන්, කාර්මික නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.





ICTA's Regional Cluster Development team initiates Roadshows in order to create awareness about the National Digital Transformation plan and engage with regional stakeholders to create a conducive environment in all the regions for digital technology development.
These forums bring together Key Stakeholders, Government Sector Representatives, Telecommunications and Technology industry officials, SME, Education, Citizen Engagement and Start-up communities from each of the respective regions.
We warmly welcome you all to join us at the 'Central Region Roadshow' on 5th and 6th of November 2021.
Join the engaging discussion on the Digital Roadmap for Central Region Technology Development at the 'Stakeholder Engagement Forum' on November 5th 2021 at 9.30 am.
Scan the QR code or click the link below to join:
https://us02web.zoom.us/j/88136226455?pwd=YlRhZkFsdTMydUZyejFQcHdDZkh0UT09
Passcode: 2021
Join us at the 'Government Engagement Forum' at the Central Region Roadshow on November 6th 2021 at 9.30 am.
Scan the QR code or click the link below to join:
https://us02web.zoom.us/j/88551626074?pwd=S3BqSWdZNk5uRjR5NmI5dTh0SEQ0Zz09
Passcode: 2021



“සෞභාග්‍යා ගෙවතු වගා" සතියට සමගාමිව කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල ගෙවතු වගා වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු බව කෑගල්ල දිසාපති /දිස්ත්රික් ලේකම් මහික්ද එස්.වීරසූරිය මහතා සඳහන් කරයි.
කෑගල්ල දිසාපතිවරයා මෙසේ සඳහන් කළේ අද (01 ) පෙරවරුවේ දි කළාපිය සහයෝගිතා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මාකූර විහාරස්ථානයේදි පැවති ගෙවතු වගා වැඩසටහනකට සහභාගි වෙමිණි
මෙහිදි ගොවි සංවිධාන සඳහා දියර ඉසින යන්ත්‍ර ලබාදීම,පුරන් කුඹුරු අස්වැද්දු ගොවින් සඳහා කෘෂි උපකරණ බෙදාදිම,සහනාධාර චෙක්පත් ප්‍රදානය කිරිම හා බීජ වර්ග බෙදාදිම ද සිදුකෙරුණි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සමසභාපති රාජිකා වික්‍රමසිංහ මහත්මිය ඇතුලු ප්‍රතිලාභින් පිරිසක් සහභාගිවි සිටියහ.



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යෙය් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනතා කේන්ද්‍රිය ආර්ථිකයක් බිහි කිරිම සඳහා සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂද්‍ර මුල්‍ය ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්යාංශය මගින් කරනු ලබන සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩ සටහනේ බතික් නිෂ්පාදන කර්මාන්ත ගම්මානයක ව්‍යවසායකයින් පුහුණු කිරිමේ වැඩ සටහනක් පසුගියදා පැවැත්විණි.
මෙම පුහුණු වැඩ සටහන සති දෙකක් පුරා පැවැත්වුණු අතර ඒ සඳහා ව්‍යවසායකයින් 43 දෙනෙකු සහභාගී වී සිටියහ.
මෙම වැඩ සටහන සඳහා කලාපිය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බලසුරිය මහතාගේ මැදිහත් විමෙන් කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කේ .ජි. එස් නිශාන්ත මහතාගේ අධික්ෂණය යටතේ කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය විසින් සංවිධානය කර තිබුණි.










ලෝක මානසික සෞඛ්‍ය දිනය හා ජාතික උපදේශන දිනයට සමගාමීව පවත්වනු ලබන සතිමත්භාවය හා සංගීත ප්‍රතිකාරාත්මක උපදේශන වැඩ සටහනේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසහන කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේදී පසුගියදා පැවැත්විණිි.
මෙම වැඩ සටහන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ උපදේශන අංශය එක්ව සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්. එම්. ප්‍රියංගනී, විශේෂඥ මනෝ වෛද්‍ය නිපුණ රණවීර, වෛද්‍ය ප්‍රදීප් දිසානායක, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී රේණුකා ජයරත්න යන මහත්ම මහත්මින් ඇතුළු කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් හා හෙද හෙදියන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.





පාරම්පරික හා ග්‍රාමීය කර්මාන්ත නගා සිටුවිම සඳහා 2021 වර්ෂයට රුපියල් මිලියන 800ක වෙන් කර තිබෙන බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විජිත බණ්ඩාරනායක මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එම අමාත්‍යංශයේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචනා ඉදිරි සැලසුම් පිළිබඳ අද (29) දින පෙරවරුවේ රන්දෙණිය ආර්යා හෝටලයේ දී පැවති වැඩසටහනකට සහභාගි වෙමිනි.
අමාත්‍යංශ ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ පාරම්පරික හා ග්‍රාමීය කර්මාන්ත නඟා සිටුවීම සඳහා නවීන , විද්‍යාත්මක, තාක්ෂණික දැනුම තාක්ෂණ නිලධාරීන් හරහා කර්මාන්තකරුවන්ට ලබා දීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරීමට කටයුතු කළ යුතු බව ය.
මෙම අවස්ථාවට එක්වූ කෑගල්ල දිසාපති/දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා කියා සිටියේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තනරුවන්ගෙන් ලැබෙන දායකත්වය ඉතා ඉහළ මට්ටමක පවතින අතර තවදුරටත් එම තත්වය වර්ධනය කර ගැනිම සඳහා විද්‍යා හා තාක්ෂණික නිලධාරීන්ගෙන් සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට ලබා දෙන සහයෝගය ඉහළ නැංවිය යුතු බව ය.
මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කය තුල සාම්ප්‍රදායික ග්‍රාමිය කර්මාන්ත ගම්මාන හතරක් ක්‍රියාත්මක වේ.අල්කේගම හණ , පැලැල්ලේගම උණබට, කහඹිලියාගොඩ මැටි හා සාමගම මැටි නිෂ්පාදන ගම්මාන ඊට අයත් ය.
මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී එක් ගමකට එක් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, ග්‍රාමිය හා සාම්ප්‍රදායික කර්මාන්ත ගම්මාන ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන, ග්‍රාමිය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වගා කිරිමේ වැඩසටහන, ග්‍රාමිය කර්මාන්ත සඳහා දේශීය හා විදේශීය වෙළඳපොළ ප්‍රවර්ධන වැඩසටහන, ජාතික අමුද්‍රව්‍ය බැංකුවක් ස්ථාපනය කිරිම, ලී බඩු කේෂත්‍රය තුල සිටින කර්මාන්තකරුවන් බලගැන්වීම යනාදි අංශ පිළිබඳ ප්‍රගතිය හා ඒ ආශ්‍රිතව පැන නැඟි ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දිමද සිදු කෙරිණි.
මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය මඟිනි.
මෙම අවස්ථාවට ජාතික ශිල්ප සභවේ සභාපති සම්පත් අලහකෝන්, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ විරකෝන්, සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්, වේවැල්, පිත්ත්ල, මැටි, ලී බඩු හා ග්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ සැලසුම් අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සැලසුම් අධ්‍යක්ෂවරුන්, ජාතික ශිල්ප සභාවේ, දිස්ත්‍රික් අධ්‍යක්ෂ , ප්‍රාදේශිය විද්‍යා හා තාක්ෂණික නිලධාරීන් ඇතුලු පිරිසක් එක් වූහ.







දශක තුනකට වඩා මෙරට වෙලී ගත් රුදුරු ත්‍රස්ථවාදය මෙරටින් මුලිනුපුටා දැමූ රණවිරුවන් සිහිකෙරෙන ජාතික රණවිරු දිනට සමඟාමිව කොඩි පැළඳවීම හා එම කොඩි බෙදා දීමේ අවස්ථාවක් අද (27) දින පස්වරුවේ දී කැගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
මෙම අවස්ථාවට එක් වු සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සඳහන් කළේ තම දිවි පරදුවට තබමින් ඇස්, ඉස්, මස් දන් දුන් රණවිරුවන් රට රැකීමට උර දුන් අතර එයට කෘත ගුණ සැලකිමක් ලෙස එම පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධන ඉහල නැංවිමට නිරතුරුවම අවධානය යොමු කළ යුතු බව ය.
එහි දි තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරතුමා ප්‍රකාශ කළේ කොවිඩ් වසංගතය මර්දනය කිරිම සඳහා දායක වු පිරිස් අතර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ද කාර්යභාරය විශේෂයෙන්ම අගය කල යුතු බව යි. තව ද මෙ වන විට රට තුල කොවිඩ් ව්‍යාප්තිය හොඳින් පාලනය වි ඇති අතර එය පවත්වාගෙන යාම ජනතාවගේ වගකිමක් වන අතර ඊට නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැඳීම ද තරයේ සිදු කල යුතු බව ය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය රණවිරුවන් සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන අතර ජාතික රණවිරු දිනට සමඟාමිව මෙම රණවිරු කොඩ් පැළඳවිම හා බෙදා දිම ඔස්සේ ලැබෙන මුදලින් රණවිරු පවුල්වල ජිවන තත්වය උසස් කිරිමට කටයුතු කෙරේ.
මෙම අවස්ථාවට ආණ්ඩුකාරවර ලේකම් ප්‍රභාත් උදාකර , කෑගල්ල දිසාපති /දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය, අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක ඇතුලු මාණ්ඩලික නිලධාරීන්, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු නිලධාරින් පිරිසක් එක්ව සිටිය හ.







කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම සංවර්ධන වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම අද (27) වන දින පෙරවරුවේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නගර සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
මෙම හමුවේ දි කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලය ඔස්සේ සහ සබරගමුව පළාත් සභාව ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන හා යෝජිත සංවර්ධන වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය පිළිබඳ අදාල අංශවල නිලධාරීන් හරහා අවශ්‍ය තොරතුරු විමසා බැලීම සිදු කරන ලදී.
ඒ අනුව සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන, සාම්ප්‍රදායික නිෂ්පාදන ගම්මාන මෙන්ම අපනයන ගම්මාන පිළිබඳ කරුණු විමසා බැලුුනු අතර ග්‍රාමීය ක්‍රීඩා පිටි , ග්‍රාමීය සනීපාරක්ෂක පහසුකම් සැලසීමේ ව්‍යාපෘති, සංචාරක හා දිය ඇලි සංවර්ධන වැඩසටහන් මෙන්ම ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති යෝජනා සම්බන්ධව ද පුලුල් අවධානය යොමු විය.
දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාලව වැසිකිලි සංවර්ධන ව්‍යාපෘතින් හා බස් ඩිපෝවක් ස්ථාපනය කිරිමට අදාලව ද කරුණු විමිසා බැලිණි.
මෙහි දි අදහස් දැක් වු සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා කොව්ඩ් වසංගතය තම පළාත තුල පාලන මට්ටමකට ගෙන ඒමට සහය වූ සෞඛ්‍ය අංශයටත්, ආරක්ෂක අංශයටත්, රාජ්‍ය නිලධාරීන්ටත් තම ප්‍රණාමය ප්‍රකාශ කල අතර එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදු වන බවත් සඳහන් කළේ ය. වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා කියා සිටියේ කොට්ඨාස මට්ටමින් කාබනික පොහොර අවශ්‍යතාවය සපුරා ගැනීමට නිරන්තරව උත්සුක විය යුතු බවත්, සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වීමේ දි ඒවා ප්‍රාෙද්ශිය සම්බන්ධීකරණ කමිටු අනුමැතිය හරහා අනුමත වූ ව්‍යාපෘතීන් ලෙස ඒවා ඉදිරිපත් විය යුතු බවත් ය.
මෙම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටුවේ දී කොව්ඩ් එන්නත්කරණ කටයුතු පිළිබඳ විමසා බැලුනු අතර එන්නත්කරණය ඉතා ප්‍රශස්ත මට්ටමක පවතින බව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් සඳහන් කළ අතර එන්නත්කරණය සඳහා වයස 20 – 30 අතර තරුණ ප්‍රජාවගේ සහභාගීත්වයේ යම් අඩුවක් පවතිව බව පෙන්වා දුන්නේ ය.
මෙම හමුවේ දි මාවනැල්ල සහිරා විදුහලේ ප්‍රාථමික අංශ ක්‍රීඩා පිටිය සැකසිම, මාදෙණිය දෙමළ ද්වීතික අංශය ආරම්භ කිරිම , බුලත්කොහුපිටිය වරාවල මාර්ගය, පස්යාල - කඩුගන්නාව මාර්ගය පුලුල් කිරිම මෙන්ම වතු ආශ්‍රිත මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතියට අදාල මාර්ග පිළිබඳව වත්මන් ප්‍රගතිව විමසා බැලිණි.
තව ද වාරි සෞභාග්‍යා වැඩසටහන,සනීපාරක්ෂන පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ( Wassip ), ආපදාවන්ට ලක්වූවන් නැවත පදිංචි කළ හබලක්කාව ජල ව්‍යාපාතිය , සමෘද්ධි සංවර්ධන වැඩසටහන් ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන පළතුරු පැල, ගෙවතු බීජ, පොල් පැළ මෙන්ම කුකුළු පැටව් බෙදා දීම්, දැයට එලිය ජාතික වැඩසටහන සඳහා හඳුනා ගත් ප්‍රතිලාභීන් හඳුනා ගැනීම් මෙන්ම යටියන්තොට යක්දෙස්සවත්ත වන ජිවී රක්ෂිතයක් ලෙස පත් කිරිම සම්බන්ධ වත්මන් ප්‍රගතිය යනාදී කරුණු රැසක් මෙම කම්ටුවේ දී අවධානයට ලක් කෙරිණි.
මෙහි දී ගම සමඟ පිළිසඳර වැඩසටහන යටතේ පරිසර හා තිරසාර සංවර්ධනයට වෙන් කර ඇති මුදලින් සෑම වසමක්ම ආවරණය වන පරිදි නො දිරන ද්‍රව්‍ය එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන පිහිටු වීමටත් , සමාජ සුභසාධනය වෙනුවෙන් වෙන කර ඇති මුදලින් අඩු ආදායම්ලාභී ආබාධිත පුද්ගලයින් සඳහා අත්වාරු හා රෝද පුටු ආදිය ග්‍රාම නිලධාරී කාර්යාල තුල ස්ථාපනය කිරීමේ යෝජනා ඇතුලු කාරණා රැසක් පිළිබඳ ද අදහස් ඉදිරිපත් විය.
මෙම අවස්ථාවට වතු ප්රතිසංස්කරණ , තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබඒ අපනයන ප්‍රවර්ධන රාජ්ය අමාත්ය කනක හේරත් මහතා, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිනි රාජිකා වික්‍රමසිංහ, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කලාපීය සහයෝගීතා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්ම මහත්මින් මෙන්ම පළාත් සභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුලු දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, සබරගමු පළාත් සභාවේ ලේකම් රංජනී ජයකොඩි, ආණ්ඩුකාරවර ලේකම් ප්‍රභාත් උදාකර, කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය, අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුලු මාණ්ඩලික නිලධාරීන් , සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ඒ ඒ රාජය ආයතනවල ප්‍රධානීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.




ග්‍රාමීය ප්‍රජාවගේ දරිද්‍රතාවය අවම කර ගැනීම සඳහා ඔවුන්ගේ ආකල්ප, දැනුම හා ශක්තීන් හඳුනාගෙන කටයුතු කිරිම තුලින් හැකි වන බව කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.
කෑගල්ල දිසාපතිවරයා මෙසේ සඳහන් කළේ තෝරා ගත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක ආර්ථික සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීමේ සමාජ සජීවීකරණය පිළිබඳ දින හතරක නේවාසික පුහුණු වැඩසටහනකට සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.
මෙම වැඩසටහන කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අංශයේ සංවිධානයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණ කිරීමේ ආයතනයේ අධ්‍යාපන හා පුහුණු අංශය මඟින් සණස කැම්පස් ආයතන ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
තවදුරටත් දිසාපතිවරයා මෙසේ ද පැවසී ය. ග්‍රාමිය ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා ඔවුන් සංවර්ධන ප්‍රවේශයට සම්බන්ධ කර ගැනිම ආර්ථික සංවර්ධන නිලධාරීන් වන ඔබ සැමගේ කාර්ය භාරය වන බව ද පෙන්වා දුන්නේ ය.
මම පුහුණු වැඩසටහනේ තුලින් ග්‍රාමීය සංවර්ධනයේ දී ප්‍රජා සහභාගීත්වය සහ සමාජ සජීවිකරණය, ග්‍රාම සංවර්ධන ක්‍රියාවලිය තුල සංවර්ධන නිලධාරීන්ට උපකරණ දැනුම හා කුසලතා සංවර්ධනය යනාදි කේෂත්‍ර පිලිබඳ අවබෝධය ලබා දීම සිදු වේ.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ වීරකෝන්, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණ කිරීමේ ආයතනයේ අධි පර්යේෂක ආනන්ද සමරකෝන්, පුහුණු නිලධාරී චින්තක ජයසූරිය යන මහත්වරුන් හා ආර්ථික සංවර්ධන නිලධාරීන් පිරිසක් ඇතුලු සහභාගී වී සිටිය හ.




ලෝක ළමා දිනය එක් දිනයකට පමණක් සීමා නොකොට වසරේ දින 365 ම දරුවන් වෙනුවෙන් කැපකර කටයුතු කලයුතු බව, කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ, අද ( 24 ) දින ලෝක ළමා දින ජාතික සැමරුමට සමගාමිව පැවති "සහන් එළිය" කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේ දි පැවති අවස්ථාවට සහභාගි වෙමිනි.
ඔක්තෝම්බර් 01 දින සිට 31 දින දක්වා මාසයක් පුරා ලෝක ළමා දිනය වෙනුවෙන් වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබෙන අතර ඒ අතර දරුවන් වෙනුවෙන් නව මාධ්‍ය අවකාශයක් නිර්මාණය කරදිම ,දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කිරිම ,අධ්‍යාපනයේ සමානාත්මතාවය උදෙසා දුෂ්කර ප්‍රදේශවල දරුවන් සඳහා අධ්‍යාපන උපකරණ ප්‍රදානය කිරිම ඉන් කිහිපයක් බව,රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.
මෙහිදි ,පෙර පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ හය දක්වා මුල්‍ය ප්‍රතිපාදන ලබා දිම , ජාතික පාසල් 53 ක් සඳහා ස්වයංක්‍රීය අත් පිරිසිඳු කිරිමේ හා උෂ්ණත්ව මැනිමේ උපකරණ ප්‍රදානය කිරිම හා
කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්විම සඳහා උපකරණ හා මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම ද සිදුකෙරෙිණි.
මෙම වැඩ සටහන දිස්ත්‍රික් ළමා හා කාන්තා අංශය විසින් සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට සමාගම් වතු ප්රතිසංස්කරණ,තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවිකරණ හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්ය අමාත්ය කනක හේරත්,කළාපිය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය,දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපතිනි රාජිකා වික්‍රමසිංහ,පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන උදය කාන්ත ගුණතිලක,සුදත් මංජුල,යන මහත්ම මහත්මීන් ඇතුලු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය ද ,රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි ජයසේකර,කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් චරිතා ඉලංගකෝන්, යන මහත්මින් ද අමාත්‍යාංශයට අදාළ ආයතන වල නිලධාරින් ද සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් ඇතුලුව ජාතික පාසල් විදුහල්පතිවරුන්,කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරුන්,පෙර පාසල් ගුරුවරුන් ,හා කාන්තා ව්‍යවසායකයින් පිරිසක් සහභාගි වි සිටියහ.







ර් ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ඇති සහ ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයම ඇතුලත් ව්‍යාපාර පද්ධතියක් නිර්මාණය කිරිම මුල් කර ගෙන කුරුදු හා ගම්මිරිස් ගොවීන් සඳහා පැල හා උපකරණ බෙදා දීමේ වැඩසටහනක් අද (22) දිස්ත්‍රික් ලේකම්/ දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රුවන්වැල්ල කොට්ඨාසයේ දි පැවැත්විණි.
රුවන්වැල්ල හා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහිම ගොවි ව්‍යවසායකයින් 170 ක් සඳහා එක් අයෙකුට රු.50,000 .00 පමණ වටිනා දුව්‍යමය ආධාර මෙහි දි ලබා දීම සිදු විය.
AUSTRALIAN Aid යටතේ OXFAM හා ජනතා සංවර්ධන පදනම එක්ව මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.
මෙම අවස්ථාට OXFAM ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ඥානාගනේෂන්, දිස්ත්‍රික් සම්බන්ධීකාරක නසීර්, ජනතා සංවර්ධන පදනමේ දිස්ත්‍රික් කළමණාකාර කස්තුරි යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.




ශරීර ශක්තිය යොදන කලාව හෙවත් අංගම්පොර ශිල්ප ක්‍රමය ශ්‍රී ලාංකේය පෞඩ ඉතිහාසයේ පවතින විශිෂ්ටතම හෙල දායාදයකි.එය විදහා පාන අපූර්ව අංගම්පොර ශිල්ප හරඹයක් අද (22) පෙරවරුවේ දී කෑගල්ල සංස්කෘතික මධ්‍යස්ථාන එලිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.
කෑගල්ල දිසත්‍රිකක්යේ සිටින පාරම්පරික අංගම්පොර ශිල්පී පී.පියරත්න මහතා ප්‍රමුඛ එතුමාගේ ගෝල ශිල්පීන් විසින් මෙම සංදර්ශනය සඳහා සම්පත් දායකත්වය ලබා දුන් අතර දේව වන්දනාව, නර්තන අංගයක් ද සහිතව විශේෂාංග රැසකින් මෙම වැඩසටහන ව්ච්ත්‍රවත් විය. මෙම අපූර්ව වැඩසටහන සංවිධානය කරන ලද්දේ කෑගල්ල දිස්ත්‍රික් සංස්කෘතික නිළධාරිනී පද්මිණී වික්‍රමලතා මහත්මිය ඇතුළු දිස්ත්‍රික් සංස්කෘතික අංශය විසිනි .
මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක මහත්මිය ඇතුලු මාණ්ඩලික නිලධාරීන්, පරිපාලන සේවයට පිවිසි නවක පරිපාලන නිලධාරීන් මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටිය හ.








2021 ලෝක ළමා දින කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන 2021.10.24.දින කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ සහභාගිත්වයෙන් රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේදි පැවැත්විමට නියමිතය.
ඒ පිළිබද පූර්ව සාකච්ඡාවක් අද (22 ) දින පෙරවරුවේ දි කෑගල්ල දිසාපති/දිස්ත්රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන ) චරිතා ඉලංගකොන්, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන )දිනිෂා එස්.රත්නායක, රඹුක්කන ප්‍රාදේශිය ලේකම් ඉන්දික ලියනගේ යන මහත්ම මහත්මින් ඇතුලු දිස්ත්‍රික් ළමා අංශයේ නිලධාරින් පිරිසක් සහභාගි වුහ.




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාඟේ "සෞභාග්‍යයේ දැක්ම " ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනතා කේද්‍රිය ආර්ථිකයක් ගොඩනැගිම සඳහා දේශිය නිෂ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරිමට විවිධ වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවති.
කෑගල්ල මොලගොඩ මැටි නිෂ්පාදන ගම්මානයේ නිෂ්පාදනකරුවන් කෑගල්ල දිසාපති/දිස්ත්රික් ලේකම් මහින්ද එස් .වීරසූරිය මහතා වෙත තම කර්මාන්තය ශක්තිමත් කර ගැනිම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලිමක් කර තිබුණි.
එම ඉල්ලිමට අනුව දිසාපතිවරයා අදාළ නිලධාරින්ද සමඟ නිෂ්පාදනකරුවන් මුණ ගැසිමට කටයුතු කල අතර අවශ්‍ය විසදුම් කඩිනමින් ලබා දීමට අවශ්‍ය කටයුතු කරන බව ද සඳහන් කළේය.




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් " සතුටින් ජිවත්වන පවුලක්" ගොඩනැංවිමේ දි අවශ්‍ය කෙරෙන මුලික අවශ්‍යතාවයක් වන නිත්‍යානුකූල ඉඩමක අයිතිය ලබාදිම යථාර්ථයක් බවට පත්කිරිමට කටයුතු කර තිබෙන බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය එස්. එම්.චන්ද්‍රෙස්න මහතා සඳහන් කරයි.
ඉඩම් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඇවුන්ගල්ල ග්‍රාම නිලධාරි වසමට අයත් නාමල්ගම හා මල්වත්තකන්ද ගම්මානවල නිත්‍යානුකූල ඉඩමක අයිතිය නොමැතිව ජිවත් වු ජනතාවට නිවසටම ගොස් ඔප්පු පිරිනැමිමේ වැඩසටහනකට සහභාගි වෙමිනි.
2021 වර්ෂය අවසන් විමට පෙර මෙවැනි ඉඩම් හිමිකම් නොමැතිව ජිවත් වන පවුල් 100,000 ක් සදහා ඔප්පු ලබාදිමට අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදි සඳහන් කළේය.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කළාපිය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය ,දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සමසභාපති රාජිකා වික්‍රමසිංහ ,කෑගල්ල ප්‍රාදේශිය සභා සභාපති ජගත් ජයසිංහ යන මහත්ම මහත්මින් අතුලු දේශපාලන අධිකාරිය ද ,කෑගල්ල දිසාපති/දිස්ත්රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය, කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කේ.ජි.එස්.නිශාන්ත ,ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සුමිත් විජේසිංහ යන මහත්වරුන් ද ඉඩම් කොමසාරිස් ජනරාල් ඇතුලු පිරිසක් සහභාගිවි සිටියහ.







රුපියල් මිලියන 65 ක වියදමින් ඉදි කෙරෙන කෑගල්ල රංවල පොදු වෙළඳ සංකීර්ණයට මුල් ගල තැබීම සෙත් පිරිත් සජ්ඣායන මධ්‍යෙය් සබරගමු පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ සුරතින් අද (18) දින පෙරවරුවේ දි සිදු කෙරිණි.
2021 වර්ෂයේ ප්‍රාදේශිය සභා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය යටතේ මෙහි ප්‍රතිපාදව වෙන් කර ඇත.
මෙම නව ගොඩනැඟිල්ල මහල් 4කින් සමන්විත වන අතර පළමු අදියරේ ඉදි කිරිම් සඳහා රුපියල් මිලියන 35ක් වෙන් කර තිබේ..
මෙම ගොඩනැඟිල්ල වාහන නවතා තැබීමේ අංගනයකින් සහ නවීන ශ්‍රවනාගාර පහසුකම්වලින් ද සමන්විතයි.
මෙම අවස්ථාවට වතු ප්රතිසංස්කරණ , තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබඒ අපනයන ප්‍රවර්ධන රාජ්ය අමාත්ය කනක හේරත්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කලාපීය සහයෝගීතා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය,කෑගල්ල ප්‍රාදේශිය සභා සභාපති ජගත් ජයසිංහ ඇතුලු දේශපාලන අධිකාරිය, කෑගල්ල නගරාධිපති ජී.කේ. සමරසිංහ, කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස් නිශාන්ත යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක් වූහ.






ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී රැකියාවකට ගොස් නැවත ආපසු පැමිණ ස්වයං රැකියාවක් ආරම්භ කර පවත්වාගෙන යන කෑගල්ල දිස්ත්‍රික්කයේ විගමණික ශ්‍රමිකයින් තවදුරටත් ආර්ථික වශයෙන් බල ගැන්වීම පිණිස තෝරා ගත් පිරිසක් සඳහා චෙක්පත් ප්‍රදානයක් අද (18) දින පෙවරුවේ දි කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රමිකයින් 30 දෙනෙකු සඳහා එක් අයෙකුට රු.25,000.00 කට යටත්ව රු 740,699 ක මුදලක් අද දින එම ශ්‍රමිකයින් වෙත් ලබා දිම සිදුකෙරිණි.
වතු ප්රතිසංස්කරණ , තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබඒ අපනයන ප්‍රවර්ධන රාජ්ය අමාත්ය කනක හේරත් මහතා මෙහි දී සඳහන් කළේ මෙරටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ලබා දෙන පිරිස් අතර දෙවන තැන හිමි වන්නේ විදෙස් ශ්‍රමිකයන් වන බවත් ඔවුන්ව ආරක්ෂා කිරිමත්, දිරි ගැන්වීමත් , නිසි පුහුණුවක් ලබා දීමත් අවශ්‍ය වන අතර ඒ සඳහා ඔවුනට රක්ෂණ ක්‍රම , රැකියවේ ප්‍රමිතිය මෙන්ම ආරක්ෂිත සේවා ස්ථානයක් ලබා දීමටත් ක්‍රියාමාර්ග ගත යුතු බව ය.
මෙම අවස්ථාවට එක් වූ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කලාපීය සහයෝගීතා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රකාශ කළේ පුහුණු ශ්‍රමිකයන් විදෙස් ගත කිරීමේ අවශ්‍යතාවය සඳහා මේ වන විට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කරන අතර එම ශ්‍රමිකයින් විදෙස් ගතව මෙරටට එවන මුදල් නිසි ලෙස කලමණාකරණය කිරීමත්, එම පවුල්වල සමාජීය ගැටලු නිරාකරණය කිරිමේ නිරන්තර අවධානය යොමු කිරිම කළ යුතු බවත් ය.
මෙහි දි මෙම ප්‍රතිලාභින් අමතා සුභ පැතුම් පණිවිඩයක් එක් කළ කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ විදේශ රැකියා ශ්‍රමිකයින් සඳහා පහසුකම් සැලසීමේ අවශ්‍යතාවය ලබා දීමේ තවත් අදියරක් ලෙස මෙම චෙක් පත් ප්‍රදානය සැලකිය හැකි අතර මින් ලැබෙන ප්‍රතිලාභයෙන් රටේ ආර්ථිකය මෙන්ම පවුලේ ආර්ථිකය බල ගැන්වීමට කටයුතු කරන ලෙසත් ය.
මෙම ස්වයං රැකියා ආධාර ලබා දීමෙන් අනතුරුව නිරන්තරවම එම කටයුතු පසු විපරම් කිරීමට ද සැලසුම් කර ඇති බව මෙහි දි ප්‍රකාශ විය.
මෙම අවස්ථාවට ගලිගමුව ප්‍රාදේශිය සභා සභාපති සමන් ජයසිංහ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උප සභාපති එම්.පී තිබ්බටුමුල්ල, සහකාර කළමණාකරු මහේෂ් විතාන, කෑගල්ල දිස්ත්‍රික් විදේශ රැකියා සම්බන්ධිකරණ නිලධාරී හරින්ද්‍ර උඩුමුල්ල යන මහත්වරුන් ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සංවර්ධන නිලධාරීන් , ප්‍රතිලාභී විගමණික ශ්‍රමිකයින් ඇතුලු නිලධාරී පිරිසක් එක්ව සිටිය හ.








කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සීමාසහිත බෝගල ග්‍රැෆයිට් ලංකා පොදු සමාගම තම නිෂ්පාදන අපනයනය කිරිම තුලින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිමට විශාල විදේශය විනිමය ප්‍රමාණයක් ලබා දෙන නිෂ්පාදනායතනයක් වෙයි.
මෙම ආයතනය පොදු සමාගමක් ලෙස ක්‍රියාත්මක වන අතර කර්මාන්ත ශාලා පරිශ්‍රය විශාල භූමි වපසරියකට හිමිකම් කියයි.මෙම වපසරිය තුල විශාල පවුල් සංඛ්‍යාවක් වසර ගණනාවක් තිස්සේ පදිංචිව සිටිති. මෙතෙක් ඔවුනගේ නො විසදුණු ප්‍රශ්න ගණනාවක් පවතින අතර ඒ පිළිබදව පාලනාධිකාරිය සමඟ සාකච්ඡාවක් කෑගල්ල දිසාපති/දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) දින පැවැත්විණි.
මෙහි දි මේ පිළිබඳව පාලනාධිකාරිය යහපත් ප්‍රතිචාරයක් දැක් වු අතර ඉදිරයේ දී ඒ පිළිබඳව කටයුතු කිරිමට සූදානම් බව ද පැවසීය.
2021 වර්ෂයේ විවෘත පදනම මත ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගත් නවක පරිපාලන සේවා නිලධාරීන් 9 දෙනෙකු කෑගල්ල දිස්ත්‍රික්කයට අනුයුක්ත කෙරුණු අතර ඔවුන්ගේ සේවාස්ථ පුහුණුවේ එක් අංශයක් වන මහා පරිමාණ නිෂ්පාදනායතයක ක්‍රියාකාරිත්වය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීමේ කේෂත්‍ර නිරීක්ෂණ චාරිකාවක් මෙයට සමගාමීව සිදු විය.
මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් , ගලිගමුව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.






ගමින් ගමට ගොස් ජනතා අවශ්‍යතා විමසා බැලෙන " ගම සමඟ පිළිසඳර" වැඩසටහනෙහි නව වන අදියර කෑගල්ල දිස්ත්‍රික්කයේ දික්ඇල්ල කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ දි පෙබරවාරි මස 06 වන දින පැවති අතර එහි ප්‍රගතිය මාසික විමසා බැලෙන හමුවක් Zoom ඔස්සේ ඊයේ (12) දින පෙරවරුවේ දි පැවැත්විණි.
එහි දි දැරණියගල දික්ඇල්ල කන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ක්‍රියාත්මක ජල , ඉඩම්, අධ්‍යාපන, පාලම් ඉදි කිරිම්, මාර්ග සංවර්ධන , සනීපාරක්ෂක හා පොදු කටයුතු සංවර්ධන ව්‍යාපෘතීන්හි වත්මන් ප්‍රගතිය ඒ ඒ අංශයන්හි නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලදි.
ඒ අනුව මාර්ග 94 ක ව්‍යාපෘති සඳහා මිලියන 5804ක මුදලක් ඇස්තමේන්තු ගත කොට ඇති අතර මාර්ග 27 ක ටෙන්ඩර් කටයුතු අවසන් කර ඇති ඇත . මාර්ග 59 ක ශකයතා අධ්‍යන කිරීමට නියමිත බවත්, මේ වන විට බොහෝ මාර්ගයන්හි සංවර්ධන කටයුතු ආරම්භ කොට වැඩකටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ප්‍රකාශ විය. තවද ප්‍රදේශයේ පාලම් 29 ක් සඳහා ව්‍යාපාති යෝජනා ඉදිරිපත් වි ඇති අතර පාලම් 16ක් මේ වන විටත් ඇස්තමේන්තු ගත කර ඇති අතර පාලම් 18 ක් සඳහා ටෙන්ඩර් කැඳවිමේ කටයුතු සිදු වෙමින් පවති.
WaSSIP ව්‍යාපෘතියද සම්බන්ධ කරමින් වැසිකිළි පද්ධති ඉදි කිරිමට කටයුතු කිරිම පිළිබඳව ද මෙහි දි අවධානය යොමු වු අතර පානීය ජල ව්‍යාපෘති 40 ක පමන යෝජනා පවතින බව මෙහි දි සඳහන් විය.ප්‍රජා ජල ව්‍යාපති යටතේ ප්‍රධාන ලෙස යෝජනා 03 කටයුතු සිදු වන අතර දික් ඇල්ල කන්ද පානිය ජල ව්‍යාපෘතියේ කටයුතු ඉදිරි තෙමස තුල අවසන් කිරිමට හැකි වන බවත්, මාලිබොඩවත්ත ජල ව්‍යාපෘතිය සඳහා වු ඇස්තමේන්තු කටයුතු මේ වන විට සිදු වන බවත් මෙම ව්‍යාපෘතින් ඔස්සේ දැරණියගල විශාල ප්‍රදේශයක් ආවරණය වන බවත් ප්‍රකාශ විය.
මෙම හමුවේ දි ඉඩම් ප්‍රතිසංස්කරන කොම්ෂන් සභාව හා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ප්‍රදේශයේ ඉඩම් ගැටලු 15ක් විසඳීම සඳහා යුහුසුලුව ක්‍රියාත්මක වන බව පැවසුනු අතර පුවක්මල් ඇල්ල ශ්‍රී දේවගිරි ආරණ්‍ය සේනාසනය සඳහා අදාල පූජා භූමි ඔප්පුව ලබා දිම, මාලිබොඩ ඔරුපීල්ලගම ඉඩම්වලට මායිම් නිරවුල් කිරිම, අස්ගලපල්හේන ඉඩම්වල පදිංචිකරුවන් සඳහා බලපත්‍ර ලබා දීම ඇතුලු ගැටලු රැසක් සඳහා ගෙන ඇති පියවරයන් විමසා බැලූ අතර මාලිබොඩ අක්කර 3ක පමණ කොටසක් පවරා ගෙන පොදු කටයුතු වෙනුවෙන් කුඩා නගරයක් ලෙසින් සකසා සංවර්ධන කටයුතු සිදු කිරිමට අවශය පියවර ගැනීමට ඉදිරියේ දි සාකච්ඡාවක් කැඳවා පියවර ගැනීමට කටයුතු කරන බව ද ප්‍රකාශ විය.
මෙම හමුවේ දි අදහස් දැක්වූ කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ අතිගරු ජනාධිපතිතුමන්ගේ පැමිණීමෙන් ආරම්භ වුනු මෙම "ගම සමඟ පිළිසඳර " වැඩසටහනට අදාල ඉලක්ක සාක්ෂාත් කර ගැනිම සඳහා සියලු දෙනාගේ සහය අපේක්ෂ කරන බවත් ජනතාවගේ ජිවන තත්වන උසස් කරමින් සමස්ත දිස්ත්‍රික්කයම නඟා සිටුවිමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවත් ය.
මෙම අවස්ථාවට වතු ප්රතිසංස්කරණ , තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණ ය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්ය අමාත්ය කනක හේරත් මහතා, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, ගම සමඟ පිළිසඳර ලේකම් කාර්යාලයේ ලේකම් කරුණාරත්න, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ විරකෝන්, දැරණියගල ප්‍රාදේශිය ලේකම් බංඩාර මැණිකේ යන මහත්ම මහත්මීන්, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ, ප්‍රධාන ඉංජිනේරු ඇතුලු අදාල අංශයන් නියෝජනය කරන නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.


කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී දිස්ත්‍රික් ඉඩම් පරිහරණ හා පරිසර කමිටුව රැස් විය.
එහි දි දිස්ත්‍රික්කයේ පවතින අවශේෂ කැලෑ හඳුනා ගැනිම, තරුණ ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා රජයේ ඉඩම්වල ආයෝජන අවස්ථා ලබා දිම, දැරණියගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඔරුපිල්ලගම ගමෙහි පිහිටි තෙලෙහිගල මුකලාන රක්ෂිතයක් බවට පත් කිරිම, දෙහිඹ්විට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වෙලන්ගල්ල දුම්බරකන්ද කදු මුදුනේ තේ වගා කිරිම හේතුවෙන් නිවෙස්වලට හානි සිදුවිම , ඉඩම් යෝග්‍යතා වාර්තා පිළිබදව ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදි සාකච්ඡා කෙරිණි.
තව ද කුඩා ඔය ආශ්‍රිතව සිදු කරන අනවසර ඉදිකිරීම් සම්බන්ධව පැන නැඟී ඇති ගැටලු, කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ සමඟි පාලම අසල හිඟුල ඔයේ අනවසර ඉදි කිරීම් පිළිබඳ පැමිණිලි හා දැණියගල බෝතොට පාර කුණු කන්ද හේතුවෙන් සිදුව ඇති පරිසර හානිය පිළිබද පැමිණිල්ල හා ඒ සදහා ගත හැකි පියවරයන් පිළිබඳ කරුණු විමසා බැලිණි.
කෑගල්ල නගරයට ජලය බෙදා හරින ගුරුගොඩ ඔයේ ජල පෝෂක ප්‍රදේශය සංරක්ෂණය කිරිම තුළින් ජල සම්පාදන මණ්ඩලයේ කුළුමුව හරහා ලබා ගන්නා ජලයේ ගුණාත්මක බව වැඩි කිරිම පිළිබදව, කැළණි ගගේ ප්‍රධාන ජල පෝෂකයක් වන රිටිගහ ඹය සංරක්ෂණය කිරිම හා එහි ජල දුෂණය අවම කීරිම ,කැළණි ගඟට මල අපද්‍රව්‍ය එකතුවිම මගින් සිදු වන ජල දුෂණය අවම කිරිම පිලිබදවද මෙහිදි අවධානය යොමු විය.
.
මෙම කමිටුවේ දී "සුරකිමු ගංඟා" ජාතික වැඩසටහනට සමඟාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සීතාවක ගඟ දෙපස ඉවුරු ඛාදනය වැලැක්වීම සඳහා ගඟ මධ්‍ය ඇති දුපත් ඉවත් කිරිමට ව්‍යාපෘති වාර්තාවන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතිය සදහා යොමු කර ඇති බවත් මෙහිදි සදහන් විය.
රුවන්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වසම් පහකට මැදිව ගලා යන කැළණි ගඟ හා ගුරුගොඩ ඹයේ අප ජලය හා ඝණ අපද්‍රව්‍ය එකතු වන ස්ථාන හදුනාගෙන එම අප ද්‍රව්‍ය විධිමත් අයුරින් බැහැර කිරිම සඳහා ක්‍රමවේදයක් සකස් කිරිමට අදාල ව්‍යාපෘතිය සුරකිමු ගංගා ලේකම් කාර්යාලය වෙත යොමු කිරිමට නියමිත බවත් මෙහිදි අනාවරණය විය.
මේ දින වල පවතින අයහපත් කාලගුණ තත්වය පිළිබදව නිරන්තර අවධානයෙන් සිටිය යුතු බවත් ඒ හා අතිවිය හැකි අපදා තත්වයන් පිළිබදව කෑගල්ල අපදා සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල මහතා අදහස් දැක්විය.
.
මෙම අවස්ථාවට, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ.වීරකෝන්, දිස්ත්‍රික් කෘෂි කර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි , ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් සාගරිකා මැදිවක යන මහත්ම මහත්මීන්, මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සහකාර අධ්‍යක්ෂ, , පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, අවිස්සාවේල්ල පොලිස් අධිකාරිතුමන් , කෑගල්ල සහකාර පොලිස් අධිකාරිතුමන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.








කාබනික පොහොර ව්‍යාප්තිය තුළින් හිරිත ශ්‍රි ලංකාවක් බිහි කිරිම රජයේ ප්‍රමුඛ කාර්ය වී ඇති අතර ඒ සඳහා ගොවි ජනතාව දැනුවත් කර ආකල්පමය වෙනසක් සමග ඉදිරියට යා යුතු යැයි කෑගල්ල දිස්ත්රික් ලේකම් /දිසාපති මහින්ද එස් විසූරිය මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේදි අද (12) පස්වරුවේ පැවති දිස්ත්‍රික් කෘෂි කර්ම කමිටුවට සහභාගී වෙමින්ය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රසායනික පොහොර භාවිතය නවතා කාබනික කෘෂි ආර්ථික රටාවක් බිහි කිරීමේ දැවැන්ත ජාතික අරමුණ යථාර්ථයක් කිරිම සඳහා දීප ව්‍යාප්තව වැඩසටහන් ගණනාවක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ සඳහා ජනතාවගේ විශේෂ උනන්දුවක් ද ඇති වෙමින් පවතී.
ඒ අනුව සබරගමු පළාත තුල ගොවියාට අවශ්‍ය කාබනික පොහොර හා කාබනික පලිබෝධනාශක ලබා දෙමින් නිරෝගීමත් පරපුරක් බිහි කිරිම සඳහා ගමින් ගමට පිබිදෙන "සජීව්‍යා" කාබනික වගා සංග්‍රාමය මේ වන විට සාර්ථකව තම සැලසුම් ක්‍රියාවට නංවමින් පවතින අතර එම වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදි කෑගල්ල දිස්ත්‍රික්කය මුහුණ දෙන ගැටලු පිලිබඳවද මෙහිදි සාකච්ඡා විය.
මහා පරිමාන , සුළු පරිමාන හා දියර පොහොර නිෂ්පාදනය ලෙස ව්‍යවසායකයින් පිරිසක් මේ වන විට කාබනික පොහොර නිෂ්පාදන කටයුතු වල නියැලි ඇත. ඔවුන්ට අවශ්‍ය මග පෙන්විම හා උපදෙස් ලබා දිම කෘෂි කර්ම ක්ෂේත්‍රයට අදාල සියළුම නිලධාරින් වගකිම බවත් එම කටයුතු නිසි ලෙස ඉටු වන්නේද යන්න නිරන්තරව අධික්ෂණය විය යුතු බවත් දිසාපතිතුමන් පැවසීය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 14 හිම තම බල ප්‍රදේශයට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණයත්, මේ වන විට නිෂ්පාදිත ප්‍රමාණයත්, උණ අවශ්‍යතාවය හා එම පොහොර ප්‍රමාණයන් සපයා ගන්නා ක්‍රමවේදයන් පිළිබදවත් මෙහිදි සාකච්ඡා විය.
නිෂ්පාදිත කාබනික පොහොර වල ප්‍රමිතිය පරික්ෂා කිරිම කඩිනමි කල යුතු අතරම කාබනික පොහොර වලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරිම් සිදු කරනවාද යන්න ගැන නිරන්තර අවධානයෙන් පසුවිමේ අවශ්‍යතාවය මෙහිදි පෙන්වා දුන්හ.
අපනයන කෘෂි කර්ම දෙපාර්තමේන්තුව, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි වගාවන් සදහා අවශ්‍ය පොහොර ප්‍රමාණයන් පිළිබදවද මෙහිදි සාකච්ඡා විය.
වී වගාව සදහා යොදා ගන්නා කාබනික පොහොර සුපෝෂිත කර ගැනීම සඳහා නයිට්‍රජන් අඩංගු දියර පොහොර ලංකාවේ දියර පොහොර සමාගම් මගින් ලබා දෙන බවට දැනුම් දී ඇති බව පොහොර ලේකම් කාර්යාලයේ කෑගල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තෙම්න්තුව හරහා සමෘද්ධි පවුල් බල ගන්වමින් ණය පහසුකම් ලබා දීම,ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි සෞභාග්‍යා ගෙවතු වැඩ සටහන ක්‍රියාත්මක බවත් , සත්ව හා ගොවිපොළ පුහුණු වැඩසටහන් සම්බන්ධිකරණය කිරීම් මෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය දිරි දිම් සිදු කෙරෙන බව ද ප්‍රකාශ කෙරිණි.
මෙහිදී ගොවි සංවිධාන නියෝජිතයින් විසින් පොහොර ආශ්‍රිතව පැන නැඟි ඇති ගැටලු පිළිබඳ අදහස් පල කරන ලදී.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ.වීරකෝන්, දිස්ත්‍රික් කෘෂි කර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද,දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි, දිස්ත්‍රික් ආපදා සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල යන මහත්ම මහත්මීන් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් සාගරිකා මැදිවක, පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ,දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සහකාර අධ්‍යක්ෂ, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, කෘෂිකර්මාන්තයට අදාල කේෂත්‍ර රැසක නිලධාරීන් පිරිසක් සහ ගොවි සංව්ධාන නියෝජිතයින් පිරිසක් සහභාගී වුහ.





රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් කොවිඩ් 19 වසංගතය තත්ත්වය හමුවේ 2021 වර්ෂය සදහ නැවත විවෘත කිරීම සම්බන්ධව දැනුවත් කිරීමේ හමුවක් අද පස්වරුවේ zoom ඔස්සේ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි . ඒ අනුව පාසල් ආරම්භ කිරීමට අදාල පෙර සූදානම, ඉගෙනුම් පරිසරය සෞඛ්‍යාරක්ෂිතව සූදානම් කිරීම හා ඉගෙනුම් පරිසරයට අනුගත වන සේ ළමා මනස සූදානම් කිරීම ප්‍රධාන අරමුණු කොටගෙන පාසල් පද්ධතිය අදියර කිහිපයක් ඔස්සේ ආරම්භ කිරීමට නියමිත බවත් මෙහිදී අනාවරණය විය .
ඒ යටතේ එළැඹෙන 12- 20 දින දක්වා පාසල් පරිසරය සෞඛ්‍යාරක්ෂිතව පවිත්‍ර කිරීම හා අධ්‍යාපන නිලධාරීන් පළාත් සභා නිලධාරීන් හා ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය එම පාසල් නිරීක්ෂණය කිරීමට නියමිත වේ. ලබන 21 වන දින ඒ අනුව සිසුන් 200කට නොඅඩු ප්‍රාථමික පාසල් විවෘත කිරීමට නියමිත අතර පන්තියක සිසුන් 20 ක් සිටී නම් එම පන්ති සෑම දිනකම පැවැත්වීමටත්, සිසුන් 21 - 40 අතර සිටීනම් කණ්ඩායම් දෙකක් ලෙස සතියක් හැර සතියක් පන්ති පැවැත්වීමටත් සිසුන් 40 කට වැඩි පන්ති වල සිසුන් සමාන කාණ්ඩ 3 කට වෙන්කර අධ්‍යන කටයුතු කිරීමටත් පුද්ගල දුරස්ථ භාවය පවත්වා ගත හැකි නම් සමාන කොටස් දෙකකට වෙන්කර පන්ති පැවැත්වීමටත් නියමිතය.
පාසල් ආරම්භ කිරීමෙන් අනතුරුව සති දෙකක් යනතුරු පාසල තුළ සාමාන්‍ය විෂය පථයකට යොමු නොවී දරුවන්ගේ මානසික වර්ධනයට වැඩිදියුණු කිරීමට ඉඩකඩ වෙන් කර ඇති බව මෙහිදී අනාවරණය විය .
තවද අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මෙන්ම පාසල් දරුවන් ප්‍රවාහනය කරන කාර්ය මණ්ඩලවල ද එන්නත්කරණ කටයුතු සිදුවී හමාර නම් පමණක් ඔවුන් එම රාජකාරීන් සඳහා යොමු කිරීමට ද මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු කර ඇති බව සඳහන් විය .එසේම දරුවන් රැගෙන ඒමට සහ රැගෙන යාමට පැමිණෙන දෙමාපියන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳවද වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කර ඇති බව මෙහිදී සඳහන් කෙරිණි.
මෙම අවස්තාවේදී අදහස් දැක්වූ කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් එස් වීරසූරිය මහතා සඳහන් කළේ පාසල් කටයුතු නැවත ආරම්භ සදහා තම පාර්ශවයෙන් ලබා දීමට අවශ්‍ය උපරිම සහය ලබා දීමට අැප කැප වන බවත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු , ග්‍රාමීය කමිටු ,ප්‍රාදේශීය ලේකම්වරුන් හා එක්ව නිරන්තරයෙන්ම පාසල් කටයුතු නිරීක්ෂණය කිරීමට පියවර ගන්නා බවත් පැවසීය.
ඒ අනුව පළමුවන අදියර ලෙස එළඹෙන 21 වන දා පාසල් විවෘත කිරීමෙන් අනතුරුව දෙවන අදියර ලෙස සිසුන් 200 කට වැඩි ප්‍රාථමික අංශ හා ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු පාසල්වල සියලුම ශ්‍රේණි ආරම්භ කිරීමටත්, තුන්වන අදියර ලෙස සියලුම පාසල් වල පාසල්වල 10 ,11, 12, 13 ශ්‍රේණි සහ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 200 කට නොඅඩු අඩු පාසල් වල සියලුම ශ්‍රේණි ආරම්භ කිරීමටත්, හතරවන අදියර ලෙස සියලුම ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීමටත් ඉදිරියේදී සැලසුම්කර ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය .
මෙම හමුව සඳහා සමාගම් වතු ප්රතිසංස්කරණ,තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවිකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්ය අමාත්ය කනක හේරත් , කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ ඇතුළු කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය , සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිසිර හෙට්ටි දුරගේ,පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පු ආරච්චි යන මහත්ම මහත්මීන් මෙන්ම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අධ්‍යක්ෂකවරුන් , කලාප හා කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී සහභාගී වී සිටියහ.




"ඉදිරි දින 100 ඇතුලත රට තුළ හරිත කෘෂි කර්මාන්තයක් ඇති කිරිමට ප්‍රමුඛතාවය"
----------------------------------------------------------------------
"රජ්‍ය සේවය කාර්යක්ෂමව පවත්වාගෙන යාමට දිසාපතිවරුන්ගේ කාර්යභාරය ඉතා වැදගත්"
---------------------------------------------------------------------
රටේ පවත්නා සංවර්ධන කටයුතු පිළිබඳව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සියලුම දිසාපතිවරුන් සමග අද (07) පෙරවරුවේදි විශේෂ ප්‍රගති සමාලෝචන හමුවක් පැවැත්විණි.
රට තුළ හරිත කෘෂිකර්මාන්තයක් බිහි කිරිම සඳහා කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය ප්‍රවර්ධනය කල යුතු බවත්, කාබනික පළිබෝධනාශක නිෂ්පාදනය පිළිබද අවධානය යොමු කිරිමත්, ඒ තුළින් නව රැකියා ජනනය කිරිම, පරිසර සංරක්ෂණය, ශරීර සුවතාවය ඇති කර නිරෝගීමත් පරපුරක් රට තුළ බිහිකර ගැනීමට හැකි බවත් මෙම අවස්තාවේදී ජනාධිපතිතුමන් පැවසීය.
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය හා රටේ සංවර්ධනය සඳහා දිසාපතිවරයාගේ කාර්ය භාරය ඉතා වැදගත් බවත් දිස්ත්‍රික්කයේ සිදුවන සෑම සංවර්ධන වැඩසටහනක්ම දිසාපතිවරුන් හරහා සම්බන්ධිකරණය විය යුතු බවත් අතිගරු ජනාධිපතිතුමන් අවධාරණය කරන ලදි.
සංවර්ධන වැඩසටහන්වලට අවශ්‍ය ඉඩකඩ, අවස්ථාවන් බාධාවකින් තොරව ආයෝජකයින් වෙත ලබා දිමට කටයුතු කිරිමත්, පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් එතුමන් පැවසීය.
මහජන අවශ්‍යතාවයන් නිසි ලෙස ඉටු කිරිම හා මහජන අවශ්‍යතාවයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා නිසි ලෙස ඉටු වන්නේද යන්න පිළිබදව දිසාපතිවරුන් නිරන්තර අවධානයෙන් කටයුතු කල යුතු බවට මෙහිදී උපදෙස් ලැබිණි.
සත්ව පාලනය, එළ කිරි නිෂ්පාදනය දිරි ගැන්විම, අනවසර කැලෑ කැපිම් නතර කිරිම, ,නැවත වන වගා ආරම්භ කිරිම, පරිසරයට හානිකර ආක්‍රමණශිලී ශාක ඉවත්කර පරිසර හිතකාමී වන වගා වැඩ සටහන් ආරම්භ කිරිමට අවධානය යොමු කළ යුතු බව ද ජනාධිපතිතුමන් පැවසීය.
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉහල නැංවිම පිණිස දිසාපතිවරුන් නායකත්වය ගත යුතු බවත්,දුෂණ වංචා , අක්‍රමිකතා වැලැක්විම සදහා අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි නිරන්තර අවධානයෙන් සිටිමේ වැදගත්කම මෙහිදී පෙන්වා දෙන ලදී.
දරිද්‍රතාවය නැති කිරිම සදහා ගොවින්ගේ ආදායම වැඩි කිරිමට කටයුතු කලයුතු අතරම ගොවි පවුල්වල ජීවන තත්වය ඉහල නැංවීමට අවශ්‍ය කටයුතු කෙරෙහි අවධානය යොමු කිරිමේ වැදගත්කම පෙන්වා දුන් මෙම සාකච්ඡාවේ දී
වි මිලදී ගැනීම, අලි වැට කළමනාකරණ කටයුතු පිළිබදවද සාකච්ඡා විය.
තවද දිසාපතිවරුන් මගින් සියලුම දිස්ත්‍රික්කයන්හි ප්‍රගතිය විමසීමක්ද කෙරිණි.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පී .බී. ජයසුන්දර මහතා, ජනාධිපති ඡේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා,ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.


තිරසාර කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම අරමුණු කර ගනිමින් ශ්‍රි ලංකාව තුල කාබනික වගාවන් දිරි ගැන්වීමේ දැවැන්ත කාර්යභාරයක් ඉටුකරන දකුණු කොරියානු සෙමාවුල් ගෝලීය පදනම මේ වන විටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ග්‍රාම නිලධාරී වසම් 03 ක් කේන්ද්‍ර කර ගනිමින් සාර්ථක බිම්මල් වගා ව්‍යපෘතියක් හදුන්වා දෙමින් එම ගොවි ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට කටයුතු කරමින් සිටි.
ඉදිරියේදි කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන් නියෝජනය වන පරිදි කෘෂි කාර්මික ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට නියමිතය.
මෙම අවස්ථාවට ව්‍යාපෘති සම්බන්ධිකාරක විරාජ් මහතා ද එක් විය.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ළමා සභා සංකල්පයට අනුගත වෙමින් ක්‍රියාත්මක වන කෑගල්ල දිස්ත්‍රික් ළමා සභාව මගින් "තටු සවිමත් සමනල වියක් උදෙසා "සංවාදාත්මක දැනුවත් කිරිමේ වැඩසටහනක් zoom තාක්ෂණය ඔස්සේ අද (05 ) පස්වරුවේ දි පැවැත්විණි.
මෙම වැඩසටහන කෑගල්ල දිස්ත්රික් ලේකම්/දිසාපති මහින්ද එස් විරසුරිය මහතාගේ උපදෙස් හා මඟ පෙන්විම යටතේ දිස්ත්‍රික් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කෙරෙන හයවන වැඩසටහනයි.
"තටු සවිමත් සමනල වියක් උදෙසා " දෙමාපියන්ගේ හා දරුවන්ගේ කාර්යභාරය සංවාදාත්මක දැනුවත් කිරිමේ වැඩ සටහන කෑගල්ල කොට්ඨාස ප්‍රජා සමිබන්ධතා නිලධාරී සමන් සේනානායක මහතාගේ
සම්පත් දායකත්වයෙන් පැවැත්විණි.මෙම වැඩ සටහනේ අරමුණ මනා පෞරුෂයකින් යුත් දරුවෙක් පවුලක් තුළ බිහි කර ගැනීමයි.
මෙම වැඩ සටහන ඇගයිමට ලක් කරමින් කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය පවසා සිටියේ මෙවැනි දැනුවත් කිරිම් තුළින් සුරක්ෂිත දරුවන් ලොවට දායාද කිරිම සදහා දෙමාපියන්ට වඩා හොද මග පෙන්වීමක් ලැබෙන බවය. එමෙන්ම ලොව පුරා වසංගතයක් පැතිර පවතින මෙවන් සමයක තාක්ෂණය මෙවැනි කටයුතු සදහා යොදා ගැනීම අගය කල යුතු බවය.
කෑගල්ල දිස්ත්‍රික් ළමා සභාවේ දරුවන්ගේ දැඩි උනන්දුව හා කැප කිරිමත්, සහභාගීත්වයත්, දෙමාපියන්ගේ සහභාගීත්වයත් මත දිස්ත්රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී රූපා කිරගල මහත්මියගේ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීගේ සහභාගීත්වයෙන් මෙම වැඩ සටහන පැවැත්විණි.





කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකමි කාර්යාලයන් මගින් ක්‍රියාත්මක වැඩ සටහන් වල ප්‍රගතිය විමසා බැලීමේ හමුවක් අද පෙරවරුවේදි කෑගල්ල දිස්ත්රික් ලේකම් / දිසාපති මහින්ද එස් වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
මෙහි දි කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කෙරෙන සියලු සංවර්ධන වැඩසටහන් පිළිබඳ සවිස්තරාත්මක ප්‍රගතිය හා පැනනැගි ඇති ගැටඵ පිලිබඳ මෙහිදි සාකච්ඡා කෙරිණි.
කෑගල්ල දිසාපති /දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙහිදි සඳහන් කළේ කෑගල්ල දිස්ත්‍රික්කය වෙත විශාල මුදල් ප්‍රමාණයක් සංවර්ධන ව්‍යාපෘතින් සදහා වෙන් වී ඇති බවත්, රටේ පවත්නා කොරෝනා වසංගත තත්වයත් , මේ දින වල පවතින අයහපත් කාලගුණ තත්වයත් නිසා සංවර්ධන ව්‍යාපෘතින් වල ප්‍රමාදයක් සිදු වී ඇති බවත්ය. කෙසේ වෙතත් මෙම වර්ෂය තුළ අවසන් කිරිමට නියමිත ව්‍යාපෘතින් කඩිනමින් අවසන් කිරිමට අවශ්‍ය කටයුතු කරන ලෙස සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් ලබාදිම සිදුකෙරිණි.
කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතින් ක්‍රමවත්ව ක්‍රියාත්මක විය යුතු බවත් එම සියළුම ව්‍යාපෘතින් ප්‍රාදේශිය ලේකම්රුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සම්බන්ධයෙන් පවතින ගැටළු මෙහිදි සාකච්ඡා විය.
එමෙන්ම "සෞභාග්‍ය " නිෂ්පාදන ගම්මාන වැඩ සටහන ,සම්ප්‍රදායික නිෂ්පාදන ගම්මාන වැඩ සටහන , විමධ්‍යගත අයවැය යටතේ ඉදිකිරිම් හා මිලදි ගැනීම් හි ප්‍රගතිය ,ග්‍රාමීය ක්‍රීඩාපිටි සංවර්ධන වැඩ සටහන ,සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරිමේ වැඩ සටහන , සමෘද්ධි වැඩ සටහන්. ,පුණ්‍යගාමී විහාරස්ථාන සංවර්ධන වැඩසටහන්, ,වසර අවසන් වන විට නිම කළ යුතු පුහුණු වැඩ සටහන්, ග්‍රාම නිලධාරී කාර්යාල තරඟ වැඩ සටහන යන වැඩසටහන් පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරිණි.
දැරණියගල දික් ඇල්ල කන්ද මුල් කරගෙන පැවති ගම සමග පිළිසදර වැඩ සටහනෙන් අනතුරුව ඇරඹි මාර්ග සංවර්ධන ව්‍යාපෘතින්, වතු නිවාස සංවර්ධන ව්‍යාපෘතීය, පාසල් ක්‍රීඩා පිටි සංවර්ධනය ව්‍යාපෘතින්හි ප්‍රගතිය විමසා බැලීමක්ද මෙහිදි සිදු කෙරිණි.
මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් ( පාලන ) චරිතා ඉලංගකෝන් , කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන ) දිනීෂා එස් රත්නායක ,දිස්ත්රික් සමෘද්ධි අධ්යක්ෂ ටි.ඒ.පි කුසුම්සිරි ,දිස්ත්රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ.වීරකෝන් ,ප්‍රධාන ගණකාධිකාරි ඒ. සි. නිල්මල්ගොඩ යන මහත්ම මහත්මින් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් ,ප්‍රාදේශිය ලේකම්වරුන් ,සහකාර ප්‍රාදේශිය ලේකම්වරුන් ,සැළසුම් අධ්‍යක්ෂවරුන් ,ගණකාධිකරවරුන් ,මූලස්ථාන සමෘද්ධි කළමනාකරුවන් ඇතුලු පිරිසක් සහභාගිවී සිටිය හ.

2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ නවක නිලධාරී නව දෙනෙකු තම සේවාස්ථ පුහුණුව ආරම්භ කිරීමේ අවස්ථාව අද (04) දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
රාජ්‍ය සේවය යනු මහජන සේවයක් වන බවත් ජනතා සුභ සිද්ධිය උදෙසා කටයුතු කිරීමට අවංකවම කැප විය යුතු බවත් , සේවයේ ගෞරවය හා කීර්තිනාමය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරිමට අදිටන් කර ගන්නා ලෙසත් මෙම නවක නිලධාරින් අමතා කෑගල්ල දිසාපති/දිස්ත්රික් ලේකම් මහින්ද එස් විරසූරිය මහතා සඳහන් කළේ ය.
කෑගල්ල දිස්ත්‍රික්කය තුල පවතින දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රජයට අනුබද්ධ ආයතන මෙන්ම අර්ධ රාජ්‍ය ආයතන සඳහා මෙම නිලධාරීන් පුහුණුවට යොමු කිරීමට අපේක්ෂිත ය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී,ඒ,පී කුසුම්සිරි , දිස්ත්රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ.වීරකෝන්, අතිරේක දිස්ත්රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, ප්‍රධාන ගණකාධිකාරී චාන්දනී නිල්මල්ගොඩ,ප්‍රධාන අභ්‍යන්තර විගණන තුෂාරී ජයවර්ධන,ආපදා සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.






ඔබේ වෘත්තීය සිහියයට - අපෙන් පියාපත්
ඔක්තෝම්බර් මස 04 සිට 10 දක්වා සතියක් පුරාවට
මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය මඟින් ආරම්භ කරන ලද වෘත්තීය මාර්ගෝපදේශ සතිය සඳහා වූ කෑගල්ල දිස්ත්‍රික් සමාරම්භක උත්සවය මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (04) දින පෙරවරුවේ දි ආරම්භ විය.
රටේ රැකියා නියුක්තිය ඉහළ නංවමින්, සංවිධිත , පරිපූරිණ ශ්‍රම වෙළඳපොළ තොරතුරු පද්ධතියක් ස්ථාපනය කරමින් රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් මග ගැන්වීම සහ රැකියාගත කිරිම කිරිම මෙම වැඩසටහනෙහි අරමුණයි.
මෙම සමාරම්භක අවස්ථාවේ දී අරමුණ පැහැදිලි කරමින් මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා සිතාරා ජයසේන මහත්මිය සඳහන් කළේ අදින් ආරම්භ වන මෙම වෘත්තතීය පුහුණු සතිය තුල දි වෘත්තීය මාර්ගෝපදේශය නැමැති සංකල්පය ජනතාවගේ හදවත්වල නො මැකෙන අයුරින් සටහන් කිරීමට පිටිවහලක් කර ගන්නා බව ය.
එසේම රටක ශ්‍රම බලකාය ඔස්සේ රටේ ආර්ථික සංවර්ධනය පිළිඹිඹු කරන බවත් කුසලතා , නිපුණතා හා තාක්ෂණික ඥානයෙන් බල ගැන්වූ ශ්‍රම බලකායක් බිහි කිරිමට මෙම වැඩසටහන දායක කර ගන්නා බවත් පැවසුවා ය.
මෙම වෘත්තීය මාර්ගෝපදේශන සතිය සමාරම්භක අවස්ථාවට සුභ පැතුම් එක් කරමින් අදහස් දැක් වු කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ තම දිස්ත්‍රික්කය තුල පවතින මානව සම්පත උපරිම කාර්යක්ෂමතාවයකින් යුක්තව ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීම අතිශය වැදගත් වන බව ය. තව ද නිවැරදි වෘත්තිය මාර්ගෝපදේශනයක් ඹස්සේ කාර්යක්ශම වෘත්තීයවේදීන් බිහි කරගැනීමට අඩිතාලම පාසල් සමය තුල පටන් ක්‍රියාත්මක විය යුතු බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.එසේම මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු සහය තම නිලධාරීන් හා එක්ව ලබා දිමට කටයුතු කරන බවත් දිසාපතිවරයා කියා සිටියේ ය.
මෙම වැඩසටහනෙහි ඉලක්ක ගත කණ්ඩායම් වන්නේ පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, රැකියා අපේක්ෂිතයින් , දෙමාපියන්, ගුරුවරුන්, තරුණ ප්‍රජාව, ස්වයං රුකියාලාභීන්, ව්‍යවසාසකයින්, රැකියා සපයන්නන් වන අතර ඉලක්කගත කණ්ඩායම් සඳහා මෙම සතිය පුරා විවිධ වැඩසටහන් පැවැත්විමට නියමිත ය.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෘත්තිය මාර්ගෝපදේශ නිලධාරී රංජිත් මුගුණුවල මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් , දිස්ත්‍රිකක්යේ මානව සම්පත් නිලධාරීන්,වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන්, රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන, පෞද්ගලික ආයතනවල නිලධාරින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.



තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ පූර්ණ මැදිහත්විමෙන් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කලාපීය සහයෝගිතා පිළිබද රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතාගේ සම්බන්ධිකරණයෙන් E - soft පරිගණක ආයතනය මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩල සදහා පරිගණක ලබාදිම අද ( 03 ) පෙරවරුවේදි වෑවළදෙණිය විහාරස්ථානයේ දී සිදුකෙරිණි.
මෙහිදි කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ශාසනාරක්ෂක බල මණ්ඩල සදහා පරිගණක යන්ත්‍ර ලබාදිම සිදුවිය.
ඉදිරියේදි E - soft ආයතනය හා එක්ව පිරිවෙන් වල අධ්‍යාපනය හදාරන භික්ෂුන් වහන්සේලාට ඉංග්‍රිසි අධ්‍යපනය හැදෑරිමට අවශ්‍ය පහසුකම් ලබාදිමට පියවර ගන්නා බවත් , කලාපීය වශයෙන් ශ්‍රි ලංකාව ථේරවාදි බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත්කිරිමට කටයුතු කරන බවත් මෙහි දී රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රකාශ කළේය.
කෑගල්ල දිසාපති /දිස්ත්රික් ලේකම් මහින්ද එස්.වීරසුරිය මහතා මෙහි දී සඳහන් කළේ පරිගණක තාක්ෂණය යොදා ගනිමින් ලේඛකාධිකාරි බල මණ්ඩලවල කටයුතු වඩාත් කාර්යක්ෂම ආකාරයෙන් කරගෙන යාමට මේ තුළින් හැකිවන බවයි.
මෙම අවස්ථාවට කෑගල්ල වෑවළදෙණිය විහාරාධිපති දිස්ත්‍රික් ශාසකාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති පාතබුලත්ගම කෝරළ තුන ඇතුලු සතර කෝරළ මහ දිශාවේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් නියෝජ්‍ය අධ්‍යපන අධ්‍යක්ෂ පුජ්‍ය හෙම්මාවතගම සිද්ධාර්ථ නාහිමියන් ඇතුලු මහසංඝරත්නයද,කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කේ.ජි.එස් නිශාන්ත, E - soft ආයතනයේ කළමණාකරණ අධ්‍යක්ෂ ෂෙහාන් රාජපක්ෂ, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක බන්නක මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.







"සියල්ලන්ට පෙර දරුවන් " 2021 ලෝක ළමා දින තේමාව අරමුණු කර ගනිමින් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් කුසගිනි නැති තුරුලිය ඇති දැහැමි රටක් ගොඩ නගමු වැඩ සටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ථාස ආවරණය වන පරිදි කොස් පැල රෝපණය කිරිමේ වැඩ සටහනක් හා ළමා පරිසර බලකායක් පිහිටුවීම අද (01) දින සිදු කෙරිණි.
කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන කෑගල්ල දිසාපති / දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් දිසාපති මැදුර පරිශ්‍රයේ කොස් පැළයක් රෝපණය කිරිම අද පෙරවරුවේදී සිදු කෙරිණි.
මෙහිදි දිසාපතිවරයා සඳහන් කලේ අනාගත ලෝකය භාර ගැනීමට සිටින දූ දරුවන් වෙනුවෙන් වෙන් කර තිබෙන ළමා දිනය අද වන විට කොරෝනා වසංගතය හමුවේ ලෝකය විශාල අර්බුධයකට මුහුණ දී තිබෙනවා. කුඩා දරුවන්ටද ඒ අභියෝගය ඒ ආකාරයෙන්ම බලපා තිබෙන බව පැවසු අතර මේ සියළු දේ පදනම් කර ගනිමින් ළමුන් හරහා යහපත් ලොවක් ගොඩ නගන්නට හැකි හැම පියවරක්ම ගතයුතු බවයි.
විශේෂයෙන්ම පරිසරය ආරක්ෂා කර ගනිමින් කුස ගිනි නැති තුරුලිය ඇති දැහැමි රටක් ගොඩ නගමු යන්න තේමා කරගෙන ක්‍රියාත්මක කරන කොස් පැළ රෝපණ වැඩ සටහන තුළින් ලෝක ළමා දින අරමුණ ඉටු වන බවක් මේ හරහා සුභදායි අනාගත ලොවක් බිහි කිරිමට හැකි වන බව තවදුරටත් දිසාපතිවරයා සදහන් කලේය.
මේ අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන ) චරිතා ඉලංගකෝන් , අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) දිනිෂා එස් රතනායක , දිස්ත්‍රික් කෘෂි කර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද ,දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී රූපා කීරගල යන මහත්ම මහතමීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.






දැනට වල් බිහි වී, අතහැර දමා ඇති ආහාර දෙපාර්තමේන්තුවට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ පරගම්මන ආහාර ගබඩාව අර්ථාන්විත හා වැඩදායි කාර්යක් සඳහා යොදවා ගැනීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සැලසුම් කිරීමේ නිරීක්ෂණ චාරිකාවක් සදහා කලාපිය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා , කෑගල්ල දිසාපති /දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා, කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කේ.ජි.එස් නිශාන්ත මහතා, මල්ලිකා කාන්ති ජයතිස්ස මහත්මිය ඇතුලු නිලධාරීන් පිරිසක් අද (30) පෙරවරුවේ දී එක්ව සිටිය හ.







සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලබන ස්වශක්ති සංවිධාන ඇගයිමේ වැඩ සටහන යටතේ 2019 වර්ෂයට අදාලව, 2020 සහ 2021 වර්ෂවල පවත්වන ලද “ස්ව අභිමානී ”ජාතික ඇගයිම් අනුව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙකු ජයග්‍රහණ හිමි කර ගෙන ඇත.

වසර 2025 දි අපනයන කෘෂි ක්ෂේත්‍රයෙන් ලබන ආදායම දෙගුණයක් කිරිමත්, අපනයන කෘෂි ක්ෂේත්‍රයේ අගය එකතු කල නිෂ්පාදන 25% දක්වා වැඩි කිරිමත් , ඒ තුලින් නව කෘෂි ව්‍යවසායකයින් බිහිකිරිමත් අරමුණු කර ගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අපනයන කෘෂි කලාප වැඩසටහනේ කෑගල්ල දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන උඩකරඩුපන ග්‍රාමයේදි අද ( 28 ) දින පෙරවරුවේ දි කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
කෑගල්ල අපනයන කෘෂි කළාපය තුල කුරුඳු සහ වැනිලා වගාව සිදුකෙරෙන අතර ග්‍රාම නිළධාරි වසම් 10 ක් ආවරණය වන පරිදි ප්‍රතිලාභින් 100 දෙනෙකු මේ සදහා තෝරා ගෙන තිබේ.
මෙහි දි කලාපීය සහයෝගිතා අමාත්‍ය තාරක බාලසුරිය මහතා සඳහන් කළේ , සුළු අපනයන භෝග නිෂ්පාදනය දිරි ගැන්විම සදහා රජය මගින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබෙන බව සදහන් කල අතර නිෂ්පාදනයන්හි ප්‍රමිතිය උසස් කිරිම හා අගය එකතු කිරිම තුලින් ජාත්‍යන්තර වෙළද පල අත්පත් කර ගැනිම තුළින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට උපයා දිමට හැකිවන බව ය.
කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මෙවැනි කෘෂි කලාප 21 ක් ආරම්භ කිරිමට කටයුතු කරන බවත් ඒ තුළින් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වන අතරම රටේ සංවර්ධනයට ද එය මහගු පිටිවහලක් වන බව කෑගල්ල දිසාපති /දිසත්‍රික් ලේකම් මහින්ද එස්.විරසුරිය මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාවට කෑගල්ල නගරාධිපති ජි. කේ.සමරසිංහ, කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කේ.ජි. එස් නිශාන්ත, දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ ඒ. ඒ. විරකෝන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උපුල් මුණවිර,දිස්ත්‍රික් අපනයන සහකාර අධ්‍යක්ෂ කේ.පි.පි.මධුෂානි, යන මහත්ම මහත්මීන් ඇතුලු ප්‍රතිලාභින් පිරිසක් එක්ව සිටිය හ.










සහල්,පිටි ,සීනි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සාධාරණ මිලකට පාරිභෝගිකයාට ලබාදිය හැකි වැඩපිළිවෙලක් පිළිබද සාකච්ඡාවක් සමාගම් වතු ප්රතිසංස්කරණ,තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවිකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්ය අමාත්ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිසාපති /දිස්ත්රික් ලේකම් මහින්ද එස්.විරසුරිය මහතාගේ සහභාගිත්වයෙන් අද ( 28 )පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.
මෙහිදි කෑගල්ල දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග බෙදාහරින වෙළදුන් සදහන් කළේ ඔවුනට ප්‍රයෝගිකව බලපා ඇති ගැටලු මධ්‍යයේ වුවද පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට ආහාර ද්‍රව්‍ය ලබාදිමට කටයුතු කරන බවයි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපතිනී රාජිකා වික්‍රමසිංහ, කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් දිනීෂා එස්.රත්නායක, දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ ඒ.ඒ.විරකෝන්, කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කේ.ජි.එස් නිශාන්ත, මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් වි.ඕ.එල් එස් රත්නසේකර, දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ( පාරිභෝගක ) සි.එම්.ජේ. ගුණවර්ධන යන මහතම මහතමින් ද තොග වෙළදුන් පිරිසක් ද සහභාගි වී සිටිය හ.





ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ක්‍රියාවට නංවමින් ළමා සහභාගීත්ව අයිතිය තහවුරු කිරිම සඳහා දිස්ත්‍රික් ළමා සභාව ක්‍රියාත්මක වේ. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික් ළමා සභාව සඳහා නිළධාරීන් පත් කර ගැනීමේ නිලවරණය දිස්ත්‍රික් ලේකම්/ දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේදී zoom ඔස්යේ පැවැත්විණි.
දරුවන් තුළ ඇති දක්ෂතාවයන් හා හැකියාවන් හදුනාගනිමින් තම පෞරුෂය ගොඩනංවා ගැනීමට මහගු පිටිවහලක් ළමා සමාජ මගින් උදාකර ගත හැකි බවත්, තම හැකියාවන් රටට පමණක් නොව ජාත්‍යන්තරය කරා ගෙන යෑමට මේ මගින් මාවත විවර වෙන බවත් මේ අවස්ථාවට සුභ පැතුම් එක් කරමින් දිස්ත්‍රික් ලේකම්/ දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා පැවසීය.
මේ යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන් නියෝජනය වන පරිදි එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකින් ළමයින් 6දෙනෙකු බැගින් 66 දෙනෙක් ඡන්ද දායකයින් ලෙස ඉදිරිපත් විය. ගුගල් පත්‍රිකාවක් හරහා නිලවරණය සදහා ඉදිරිපත් වන දරුවන්නන්ගේ නාම යෝජනා ලබා ගැනීමත් සිදු කෙරිණි .එම දරුවන් 66 දෙනාගෙන් සමන්විත whatsApp කණ්ඩායමක් හරහා ඔවුන්ට අවශ්‍ය ප්‍රචාරක කටයුතු කර ගැනීම සදහා දින 5 ක කාලයක් ලැබිණි. ඒ අනුව දිස්ත්‍රික් ළමා සභාවේ නිලතල 17 ක් සඳහා ළමයින් 32 දෙදෙනෙකු අතර ඡන්ද විමසීම අද පෙරවරුවේදී සිදු කෙරිණි. Oxfam ආයතනය හරහා මේ දරුවන් 66 දෙනා වෙනුවෙන් අන්තර්ජාල හා තාක්ෂණික අනුග්‍රහය ලැබිණි.
ඡන්ද විමසිමේ ප්‍රතිළුල අනුව සභාපති- පසිදු රුක්ෂාන්-යටියන්තොට, ලේකම්- දසුනි උපේක්ෂා විජේවර්ධන- යටියන්තොට, උප සභාපති- සදුමිනි ගුණතිලක- අරනායක ,උප ලේකම් සදනි ශිවංගි ප්‍රාභාශිනි -මාවනැල්ල, භාණ්ඩාගාරික -සම්මානි ප්‍රාර්ථනා ගජසිංහ -යටියන්තොට, දිස්ත්‍රික් සංවිධායක -දුලංජන දිල්ශාන්- යටියන්තොට, Krida අනුකමිටුවේ සභාපති -ගිහාන් සංකල්ප -දෙහිඕවිට , ක්‍රිඩා අනු කමිටුවේ ලේකම්-අවෝධ්‍යා ගිමිහානී -රුවන්වැල්ල , පරිසරය අනු කමිටුවේ සභාපති -සී.රණසිංහ -රුවන්වැල්ල, පරිසර අනු කමිටුවේ ලේකම්-හංසිකා ලන්ෂිකා යටියන්තොට ,සෞන්දර්ය අනු කමිටුවේ සභාපති-හංසමාල් දිනුජය -කෑගල්ල, සෞන්දර්ය අනු කමිටුවේ ලේකම්- දුලක්ෂි දනන්ජනී අදිකාරි -රඹුක්කන ,ළමා අයිවාසිකම් අනු කමිටුවේ සභාපති -පියුමි හංසිකා බංඞාර -කෑගල්ල, ළමා අයිතිවාසිකම් කමිටුවේ ලේකම් -ටරිනි ඩියාරා- යටියන්තොට, ජනමාධ්‍ය අනු කමිටුවේ සභාපති-තරුෂ සන්දප් විරසිංහ අරනායක ,සගරා සංස්කාරක-බානුක නිමේෂ් -වරකාපොල, පර්යේෂන හා පුහුණු සභාපති -ආකාශ් ක්‍රිෂාන් - රුවන්වැල්ල ලෙසින් තේරී පත්විණි.
රවේ පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ පාසල් අධ්‍යාපනයෙන් බැහැරව නිවසට කොටු වී සිටින දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් දිස්ත්‍රික් ළමා සභාව මගින් පවත්වන වැඩ සටහන් වල වැදගත්කම පෙන්වා දුන් කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය මේ වැඩසටහන් මාලාව වෙනුනේ සහාය දැක්වු සියළු දෙනා වෙත සුභපැතුම් එක් කලාය.
මෙම නිලවරණය පැවැත්වීම දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී රූපා කිරගල මහත්මියගේ සෘජු මැදිහත්වීම මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින්ගේ සහාය ඇතිව සිදු කෙරිණි.
මේ අවස්ථාව සදහා පසුගිය වසරවල නිලතල දැරු දිස්ත්‍රික් ළමා සභාවල නිලධාරීන් කිහිපදෙනෙක් හා Oxfam ආයතනයේ නිලධාරීන් පිරිසක්ද එක් වුහ.




පසුගාමි ග්‍රාමිය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන පසුගාමි ග්‍රාමිය ප්‍රදේශවල ජිවත්වන ජනතාවඟේ ජිවනෝපාය නඟාසිටුවිම සඳහා ක්‍රියාත්මක කිරිමට යෝජිත “ එළුවන් ඇති කිරිමේ ව්‍යාපෘතිය" සහ උදු ,මුං ,සහ ඉගුරු යන කෘෂිකාර්මික භෝග වඟා ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් කෑගල්ල දිසාපති /දිස්ත්රික් ලේකම් මහින්ද එස්. විරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 27 ) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
පසුගාමි ග්‍රාමිය ප්‍රදේශවල ජිවත්වන අඩු ආදායම්ලාභින්ඟේ ජිවනෝපාය දියුණුකර ඔවුන්ඟේ ජිවන මට්ටම් උසස් කිරිම මෙම ව්‍යාපෘතියේ මුලික අරමුණ බව දිසාපතිවරයා මෙහිදි සඳහන් කළේය.
2021 වර්ෂය තුල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම සඳහා රුපියල් ලක්ෂ 50 ක මුදලක් වෙන් කර ගිබේ.
මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) දිනීෂා එස් රත්නායක ,දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ ඒ. ඒ.. විරකෝන් ,දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ටි ඒ. පි. කුසුම්සිරි , දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද ,නියෝජ්‍ය සැළසුම් අධ්‍යක්ෂ ජනනි මදුරසිංහ ,යන මහතම මහත්මින් ඇතුලු ව කෘෂිකර්ම කේෂත්‍රයට අදාළ නිළධාරින් පිරිසක් ද සහභාගිවි සිටියහ.




කෑගල්ල දිසාපති / දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම් කාර්යාල විශේෂ ප්‍රගති සමාලෝචන රැස්විම මාර්ගගත ව අද ( 24 ) දින පෙරවරුවේ දි පැවැත්විණි.
මෙහි දි කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කෙරෙන සියලු සංවර්ධන වැඩසටහන් පිළිබඳ සවිස්තරාත්මක ප්‍රගතිය හා පැනනැගි ඇති ගැටලු පිලිබද සාකච්ඡා කෙරිණි.
.
ඒ අතර "සෞභාග්‍යා" නිෂ්පාදන ගම්මාන ,සම්ප්‍රදායික නිෂ්පාදන ගම්මාන , විමධ්‍යගත අයවැය ,ග්‍රාමිය පාසල් ක්‍රිඩාපිටි සංවර්ධන ,සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරිමේ , සමෘද්ධි ,බෞද්ධ විහාරස්ථාන සංවර්ධන ,කාබනික පොහොර නිෂ්පාදන හා කොවිඩ් එන්නත්කරණ යන වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කෙරිණි. ,
කෑගල්ල දිසාපති /දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙහිදි සඳහන් කළේ මෙම වර්ෂය තුළ අවසන් කිරිමට නියමිත සියලු ව්‍යාපෘතින් කඩිනමින් අවසන් කිරිමට අවශ්‍ය කටයුතු කරන ලෙස සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් ලබාදිම සිදුකෙරිණි.
මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් ( පාලන ) චරිතා ඉලංගකෝන් , කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන ) දිනීෂා එස් රත්නායක ,දිස්ත්රික් සමෘද්ධි අධ්යක්ෂ ටි.ඒ.පි කුසුම්සිරි ,දිස්ත්රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ.වීරකෝන් ,ප්‍රධාන ගණකාධිකාරි ඒ සි නිල්මල්ගොඩ යන මහත්ම මහත්මින්ද ,ප්‍රාදේශිය ලේකම්වරුන් ,සහකාර ප්‍රාදේශිය ලේකම්වරුන් ,සැළසුම් අධ්‍යක්ෂවරුන් ,ගණකාධිකාරිවරුන් ,මූලස්ථාන සමෘද්ධි කළමනාකරුවන් ඇතුලු පිරිසක් සහභාගිවී සිටිය හ.



ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන්වලට අදාළ චක්‍රලේඛලන හා ඇස්තමේන්තු සංශෝධනය කිරීමේදී තාක්ෂණික නිලධාරීන් හට පැනනැගී ඇති විවිධ ගැටලු හා ඊට විසඳුම් ලබාදීමේ මාර්ගගත වැඩසටහනක් අද (23) පෙරවරුවේදී මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සියලු දිස්ත්‍රික්කයන්හි තාක්ෂණික නිලධාරීන්, පළාත් පාලන ආයතනවල ඊට සම්බන්ධ නිලධාරීන් ඇතුළු අවශ්‍ය අනිකුත් නිලධාරීන් සඳහා පැවැත්විණි .
එහි දී එම තාක්ෂණික නිලධාරීන් විසින් තමන්ට පවතින ගැටලු ඉදිරිපත් කර ඊට අවශ්‍ය විසඳුම් ලබා ගැනීමට අවස්ථාව සලසා ගන්නා ලදී.


අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රසායනික පොහොර භාවිතය නවතා කාබනික කෘෂි ආර්ථික රටාවක් බිහි කිරීමේ දැවැන්ත ජාතික අරමුණ යථාර්ථයක් කිරිම සඳහා දීප ව්‍යාප්තව වැඩසටහන් ගණනාවක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ සඳහා ජනතාවගේ විශේෂ උනන්දුවක් ද ඇති වෙමින් පවතී.
ඒ අනුව සබරගමු පළාත තුල ගොවියාට අවශ්‍ය කාබනික පොහොර හා කාබනික පලිබෝධනාශක ලබා දෙමින් නිරෝගීමත් පරපුරක් බිහි කිරිම සඳහා ගමින් ගමට පිබිදෙන "සජීව්‍යා" කාබනික වගා සංග්‍රාමය මේ වන විට සාර්ථකව තම සැලසුම් ක්‍රියාවට නංවමින් පවතින අතර එම වැඩසටහන් සඳහා පළාත් සභාව සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන යොදවා ගැනිම හා සජීව්‍යා කාබනික වගා විප්ලවය සිදු කිරිමෙිදි පවතින සැලසුම් මෙන්ම මුහුණ දෙන ගැටලු පිලිබඳ සාකච්ඡාවක් අද (23) දින පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
මෙම අවස්ථාවට එක් වූ කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ තම දිස්ත්‍රික්කය කාබනික නිෂ්පාදන බිහි කරන හා නිපදවන කලාපයක් බවට පත් කිරීමේ අරමුණ ඉටු කර ගැනීමට තමන් කැප වි සිටින බවත් ඒ සඳහා පැන නැගෙන ගැටලු විසඳිමට තම පුර්ණ අවධානය යොමු කර ඇති බවත් ය.
මෙම හමුවේ දී කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් අදාල කේෂත්‍ර නිලධාරින් හා ගොවි මහතුන් සඳහා විවිධ පුහුණ වැඩසටහන් ආරම්භ කොට පවතින අතර දස ආකාරයකින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම් හා සම්බන්ධ වැඩසටහන්, දියර පොහොර හා කාබනික පිලිබෝධ නිෂ්පාදන දැනුවත් කිරිම් සඳහා සංයුක්ත තැටි ලබා දෙමින් හා අත් පත්‍රිකා බෙදා දීම් , "ගොවිබිමට අරුනලු" වැනි ප්‍රචාරක ක්‍රමයන් ඔස්සේ වඩාත් උචිත සන්නිවේදනයක් ගොවි මහතුන්ට ලබා දෙමින් පුලුල් දැනුවත් කිරිමේ කටයුතු ඇතුලු වැඩසටහන් ගණනාවක් පිළිබඳ මෙහි දි කරුණු අනාවරණය විය.
මෙහි දී අදහස් සබරගමු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් අනුර හේමකුමාර මහතා සඳහන් කළේ කාබනික පොහොර නිෂ්පාදනය මෙම වසරේ දි සාර්ථක කර ගත යුතු අතර ඉදිරියේ දි ඉන් ඔබ්බට ගොස් අංශ ගණනාවක් පිළිබඳ කටයුතු කිරීමේ අවශ්‍යතාවය පවතින බව ය.
කෑගල්ල දිස්ත්‍රිකකය තුල ගොවි මහතුන් විසින් සිදු කරන කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය පිළිබඳ දත්ත නාමාවලියක් යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වි ඇති අතර දිස්ත්‍රික්කයේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි එකම දිනක් තුල කොම්පෝසට් පොහොර භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එහි සමාරම්භය හෙට දින රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම ආවරණය වන පිරිදි ආරම්භ වන බව ප්‍රකාශ විය.
මුදල් කොම්ෂන් සභාවේ ලේකම් උපාලි තෙන්නකෝන් මහතා මෙම අවස්ථාවට එක් වෙමින් මෙම "සජීව්‍යා" කාබනික වගා සංග්‍රාමය තුල කැගල්ල දිස්ත්‍රික්කයේ පවතින සැලසුම් හා අභියෝග පිළිබඳ අදාල නිලධාරින්ගේ අදහස් ලබා ගනිම්න් ඉදිරි සැලසුම් පිළිබඳව තොරතුරු ලබා ගැනිමට කටයුතු කරන ලදී.
සබරගමු පළාත් සජීව්‍යා කාබනික වගා සංග්‍රාමය සාර්ථක කර ගැනිම සඳහා පවතින ගැටලු අතර අමුද්‍රව්‍ය හිඟය හා ඒවා නිපදවීමේ අවශ්‍යතාවය , කාබනික පොහොර සාම්පල පරික්ෂා කිරීමේ ඇති ඉල්ලුම, නිර්දේශිත අගයන් තුල සහතිකකරණය, නව රෝපණ ද්‍රව්‍ය සිටුවීමේ කටයුතු, පලිබෝධ පාලනය, පොහොර භාවිතය , වෙළද පොල අවශ්‍යතා ඇතුලු කරුණු රැසක් පිළිබඳ මෙහි දි සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක,මුදල් කොම්ෂන් සභාවේ අධ්‍යක්ෂ බංඩාර, කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ වීරකෝන් යන මහත්ම මහත්මින්, කෑගල්ල දිස්ත්‍රික් නියෝජය කෘෂිකර්ම අධ්‍යක්ෂ, ,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඇතුලු කෘෂිකර්ම කේෂත්‍රයට අදාළ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.




තරුණ හා ක්‍රිඩා අමාත්‍යාංශයේ මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ කෑගල්ල දිස්ත්රික් රැකියා කේන්ද්රය මගින් 2021 ඔක්තොම්බර් 04 සිට 10 දක්වා පැවැත්වෙන වෘත්තීය මාර්ගෝපදේශ සතිය වෙනුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ වැඩ සටහන් මාලාවක් සංවිධානය කර ඇත.
2021.10.04 දින කෑගල්ල දිස්ත්රික් ලේකම්/ දිසාපති මහින්ද එස් වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය මාර්ගෝපදේශ සතියේ සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතය.
2021.10. 05 දින දැනුම මිණුම තරඟයේ පළමු හා දෙවන වටය පැවැත්වීමට නියමිතය.අ .පො. ස ( උ. පෙ) විෂයන් තෝරා ගැනීම හා පාඩම් ක්‍රමවේද පිළිබඳව කැළණිය විශ්ව විද්‍යාලයේ වෘත්තිය මාර්ගෝපදේශ හා උපදේශක විරාජ් අබේසිංහ මහතාගේ සම්පත් දායකත්වයෙන් පාසල් සිසුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශ වැඩ සටහනක් පැවැත්වීමට නියමිතය."දරුවා හදුනා ගනිමු " තේමාව මුල්කරගනිමින් වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ කථිකාචාර්ය ජාලිය රත්නායක මහතාගේ සම්පත් දායකත්වයෙන් පෙර පාසල් ගුරුවරුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශ වැඩ සටහනක් පැවැත්වීමට නියමිතය. එදිනම Life Taik වැඩ සටහන යටතේ ඹබ අසිරිමත් මැයෙන් උපාධි අපේක්ෂිතයන් දැනුවත් කෙරේ.
2021.10.06 දින මෘදු කුසලතා සංවර්ධන වැඩ සටහන, වෘත්තීය පුහුණු ආයතන මුල් කරගනිමින් ජාතික සමාජ සංවර්ධන ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රගීත් මුණසිංහ මහතා විසින් පැවැත්වීමට නියමිතය. කොවිඩ් අර්බුධය හමුවේ ඔබේ ව්‍යාපාර සාර්ථක කර ගන්නේ කෙසේද යන්න පිළිබදව දේශනයක් ව්‍යාපෘති නිලධාරී එච්. එම. ඩී.බී. හේරත් මහතා විසින් පැවැත්වීමට නියමිතය.
2021 .10.07 දින පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා සඳහා කුසලතා සංවර්ධනය කර ගන්නේ කෙසේද යන්න පිළිබදව රැකියා අපේක්ෂකයින් දැනුවත් කිරිමක් JMC ආයතනයේ ප්‍රවීන විගණන නිලධාරී සංදීප ජයසේකර මහතා විසින් පැවැත්වීමට කයයුතු යොදා ඇත.
2021.10.08 දින රැකියා අපේක්ෂිතයින් සඳහා (Career key test) වෘත්තීය යතුර පරික්ෂණය ,මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ.
2021.10.09 දින ජාතික රැකියා පොල වැඩ සටහන රැකියා අපේක්ෂකයින් සඳහා ( Career key test) වෘත්තීය යතුර පරික්ෂණය මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ.
2021.10.10 දින වෘත්තීය මාර්ගෝපදේශ සතියේ සමාප්ති උත්සවය හා සහතිකපත් බෙදා දිමට නියමිතය.
පවතින කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ මෙම සියළුම වැඩ සටහන් මාර්ගගත
(Online) ක්‍රමවේදය ඔස්සේ පැවැත්වීමට නියමිතය.


පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ළමා සභා සංකල්පයට අනුගත වෙමින් ක්‍රියාත්මක වන කෑගල්ල දිස්ත්‍රික් ළමා සභාව මගින් "කුළුදුල් ගී ප්‍රසංගය "යන්න තේමා කර ගනිමින් ළමා සහභාගිත්ව අයිතියට නව අරුතක් එක්කරමින් දියත් කල වැඩසටහනක් zoom ඔස්සේ අද (21 ) පස්වරුවේ දි පැවැත්විණි.
මෙම වැඩසටහන කෑගල්ල දිස්ත්රික් ලේකම්/දිසාපති මහින්ද එස් විරසුරිය මහතාඟේ උපදෙස් හා මඟ පෙන්විම යටතේ දිස්ත්‍රික් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කෙරිණි.
යටියන්තොට නවට රන්තරු ළමා සමාජයේ දරුවන් දෙදෙනකු විසින් මෙහි සම්පත් දායකත්වය ලබාදි තිබිණි.
මෙම අවස්ථාවට සුභ පැතුම් පණිවිඩයක් එක් කළ යටියන්තොට ප්‍රාදේශිය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මහත්මිය සඳහන් කළේ රටේ අනාගතය භාර ගැනීමට සූදානම්ව සිටින පිරිපුන් දරු පිරිසක් බිහිකිරිමට මෙවැනි වැඩසටහන් ඔස්සේ මනා පිටිවහලක් වන බවයි.
එළඹෙන ලෝක ළමා දිනයේදි ළමා සමාජ හරහා යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ථාශය තුළ නැණ ප්‍රදීප වැඩසටහන ,අධ්‍යාපන උපකරණ සංචිතයක් ගොඩනැගීම , රුක් රෝපණ වැඩසටහන හා රසවින්දනාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබෙන බව ද ඒ මහත්මිය මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා ය.




වේවැල් පිත්තල මැටි ලී බඩු සහ ග්‍රාමීය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ව්‍යාපෘතින්හි ප්‍රගතිය විමසා බැලීමේ හමුවක් Zoom ඔස්සේ අද ( 21) දින පෙරවරුවේ එම අමාත්‍යාංශයේ ලේකම් එම්. ඒ. බී. විජිත බණ්ඩාරනායක මහතා හා කැගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පවත්නා කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් මේ වසර අවසන් වන විට සැලසුම් කල ඉලක්ක කරා යා යුතු බව සදහන් කල අමාත්‍යාංශ ලේකම්තුමන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 හිම මෙම ව්‍යාපෘතින් සම්බන්ධයෙන් ගැටළු හා ප්‍රගතිය විමසා බැලීමක් සිදු කෙරිණි.
මෙම අමාත්‍යාංශය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සාම්ප්‍රදායික ග්‍රාමීය හස්ත කර්මාන්ත හා ගෘහ කර්මාන්ත
ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සදහා විශාල මුදල් ප්‍රතිපාදනයක් වෙන් වි ඇති අතර එම වැඩ සටහන් දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන්හි ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ අධික්ෂණය යටතේ සාර්ථකව මේ වන විට ක්‍රියාත්මත වන බව දිස්ත්‍රික් ලේකම්තුමන් පැවසිය .
මේ යටතේ එක් ගමකට එක් ව්‍යවසායකයෙක් බිහි කිරිමේ වැඩ සටහන යටතේ ප්‍රතිලාභින් 537 ක් තෝරාගෙන එම ව්‍යවසායකයින් හට න්‍යායික හා ප්‍රායෝගික පුහුණු ලබා දිම මේ වන විටත් ක්‍රියාත්මකයි.
ග්‍රාමීය හා සාම්ප්‍රදායික කර්මාන්ත ගම්මාන ඒකාබද්ධ වැඩ සටහන යටතේ ගම්මාන 4 ක් දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරිමට කටයුතු කර ඇත. ඒ යටතේ, මාවනැල්ල -අල්කේගම හණ ගම්මානයත්, යටියන්තොට පැලැල්ලේගම උණ බට ගම්මානයත්, රඹුක්කන -කහබිලියාගම මැටි කර්මාන්ත ගම්මානයත්, අරණායක සාමගම මැටි කර්මාන්ත ගම්මානයත් ලෙසය.
ජාතික ශිල්ප සභාව හා විදාතා මධ්‍යස්ථානය ඒකාබද්ධව ග්‍රාමීය කර්මාන්ත සදහා දේශිය හා විදේශිය වෙළදපල ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මකය.
ග්‍රාමීය කර්මාන්ත සදහා අමුද්‍රව්‍ය වගා කිරිමේ වැඩ සටහන යටතේ යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය වේවල් හා උණ පැල අක්කර පහක වගා කිරිමට කටයුතු යොදා ඇත.
රඹුක්කන - මොලගොඩ අමුද්‍රව්‍ය කළමනාකරණ බැංකුවත් ස්ථාපිත තිරිම, ග්‍රාමීය කර්මාන්ත කරුවන් සදහා තාක්ෂණික සහාය ලබා දිම හා දැනුම හුවමාරුව, ග්‍රාමීය කර්මාන්තවල නිෂ්පාදන ප්‍රමිතිගත කිරිම, හස්ත කර්මාන්ත ශිල්පින් ලියාපදිංවිය හා ශිල්ප සභා ස්ථාපිත කිරිමටද නියමිතය.
ඉහත සදහන් වු වැඩ සටහන් දිස්ත්‍රික්කය තුල මේ වන විට ක්‍රියාත්මක වන අතර අමාත්‍යාංශය මගින් මුදල් ප්‍රතිපාදන මිලියන 100 ක් මේ වන විට වෙන් කර දී ඇති අතර කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද එම ව්‍යාපෘතින් ක්‍රියාත්මක වන බව දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙහි දී සඳහන් කළේය. මෙම ව්‍යාපෘතින් සදහා ප්‍රාදේශිය ලේකම්වරුන් , සහකාර ප්‍රාදේශිය ලේකම්වරුන්,සැලසුම් සහකාර / නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් , ගණකාධිකාරිවරුන්, දිස්ත්‍රික්කයේ විධාතා නිලධාරීන් හා ජාතික ශිල්ප සභාවේ නිලධාරින්ගේ හා ව්‍යවසායකයින්ගේ ප්‍රමුඛ දායතත්වය ලැබී ඇති බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
මෙම අවස්ථාවට වේවැල් පිත්තල මැටි ලී බඩු සහ ග්‍රාමීය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, ජාතික ශිල්ප සභාවේ සභාපති , ප්‍රාදේශිය ලේකම්වරුන්, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ, සැලසුම් සහකාර / නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් , ගණකාධිකාරිවරුන්, දිස්ත්‍රික්කයේ විධාතා නිලධාරීන් හා ජාතික ශිල්ප සභාවේ නිලධාරින්, ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.





"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සඳහන් දස වැදෑරුම් සංකල්පයෙහි අන්තර්ගත තිරසර පරිසර කළමනාකරණය සඳහා වන ප්‍රධානම වැඩසටහනක් ලෙසින් "සුරකිමු ගංඟා" ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
පරිසර සංරක්ෂණයේ ප්‍රධාන අංගයක් වන ජලයේ ගුණාත්මකභාවය සහතික කිරීමෙන් ජල සම්පත සුරක්ෂිත කිරිම මෙහි මුඛ්‍ය අපේක්ෂා වේ . ඊට අමතරව ගංඟා සංරක්ෂණය මඟින් ජනතාවට පිරිසිදු පානීය ජලය සම්පාදනය කිරිම, පරිසර හා ජෛව සම්පත් ආරක්ෂා කිරිම හා සංචාරක ප්‍රවර්ධනය ද මෙම ජාතික වැඩසටහනෙහි සෙසු අරමුණ අතර වෙයි.
ශ්‍රී ලංකාවේ ගංගා 103ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන පරිසර අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාවට නංවයි.
මෙම "සුරකිමු ගංඟා" ජාතික වැඩසටහනට අදාල දිස්ත්‍රික්ක මට්ටමින් දැනට පවතින ප්‍රගතිය විමසා බැලීමේ හමුවක් Zoom ඔස්සේ අද ( 17) දින පෙරවරුවේ පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ අනුව සුරකිමු ගංඟා වැඩසටහන ක්‍රියාත්මක වන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් හා සම්බන්ධ වෙමින් දැනට එම දිස්ත්‍රික් ව්‍යාපෘතින් හි පවතින ප්‍රගතිය,නව යෝජනා මෙන්ම පැන නැඟී ඇති ගැටලු ඇතුලු කරුණු රැසක් පිළිබඳව මෙහි දී කරුණු සාකච්ඡා කෙරිණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ " සුරකිමු ගංඟා" වැඩසටහන පිළිබඳ ප්‍රගතිය සම්බන්ධව අදහස් ඉදිරිපත් කළ දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙහි දී සඳහන් කළේ දැනට කෑගල්ල දිස්ත්‍රික්කය තුල ව්‍යාපෘති 04 ක යෝජනා අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර ඇති අතර ඉන් එක් ව්‍යාපෘතියක කටයුතු මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව ය.
ඒ අනුව රුපියල් මිලියන 7.2 ක ප්‍රතිපාදන ඔස්සේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ම ආවරණය වන පරිදි ගලා බසින සියලුම ගංඟා සහ අතු ගංඟාවල පවතින නො දිරන අපද්‍රව්‍ය එකතු වීම වැලැක්විම සඳහා පළාත් පාලන ආයතන ද එක්ව නො දිරන කසළ කුට්ටි කරන බ්‍රෙල යන්ත්‍ර භාවිතයෙන් එම අපද්‍රව්‍ය කලමණාකරණය කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කොට පවතින බවත් ගැටලුවකින් තොරව එම කටයුතු සිදු වන බවත් මෙහි දී දිසාපතිතුමන් ප්‍රකාශ කළේ ය.
තව ද දිස්ත්‍රික්කයේ පවතින ගුරුගොඩ ඔය, කෑගලු ඹය හා කැළණි ගඟ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශ පිරිසිදු කිරීමට අදාල ව්‍යාපෘති යෝජනා 03ක් ද අනුමැතිය සඳහා යොමු කර ඇති බවත් එම අනුමැතීන් ලැබුන විගස එම කටයුතු ආරම්භ කිරිමට තමන් සූදානම් බවත් දිස්ත්‍රික් ලේකම්තුමන් මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
ඒ අනුව මෙම සාකච්ඡාවේ දි ගරු අමාත්‍යතුමන් සඳහන් කළේ ඉතාමත් කඩිනම්න් ඉදිරි වසර කිහිපය තුල ගංඟා 103ම සාර්ථක ලෙස සුරක්ෂිත කිරීම සඳහා කටයුතු කරනා බව ය.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂකවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.



"සෞභාග්‍යයේ දැක්ම " රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූල වෙමින්, නිරෝගි හා ඵලදායි පුරවැසියෙක් බිහි කිරිම වෙනුවෙන් සබරගමු පළාත තුළ කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරිමේ ක්‍රියාන්විතය “සජීව්‍යා කාබනික පොහොර නිෂ්පාදන විප්ලවයේ සබරගමු පළාත් කෑගල්ල දිස්ත්‍රික් මෙහෙයුම් කමිටු රැස්විම අද (16 ) දින zoom ඔස්සේ සබරගමුව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතාඟේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිසාපති/දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාඟේ සංවිධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදි සබරගමු පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා සදහන් කළේ කාබනික පොහොර භාවිතයට ගොවීන් උනන්දු කිරිම තුලින් ගොවින් කාබනික පොහොර නිෂ්පාදනයට යොමු කිරිමට හැකිවන බවයි.
කෑගල්ල දිස්ත්‍රික් කාබනික පොහොර දිනය ලෙස සැප්තැම්බර් මස 23 දිනය සඳහන් කරන බව ආණ්ඩුකාරතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
කෑගල්ල දිසාපති/දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙහිදි සඳහන් කළේ මෙම කන්නය සඳහා දිස්ත්‍රික්කයේ කාබනික පොහොර අවශ්‍යතාවය මෙට්‍ර්ක් ටොන් 4279 ක අවශ්‍යතාවයෙන් 52% ක් සපුරා ගැනිමට හැකි බවත් ඉතිරි ප්‍රමාණය අනෙතුත් ආයතන වල නිෂ්පාදනයෙන් ලබා ගැනිමට හැකිවන බවයි.
මෙහිදි සබරගමු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමන් සඳහන් කළේ
වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබා දිමේ අරමුණ ඇතුව ක්‍රියාත්මක සජිව්‍ය“කාබනික පොහොර විප්ලවය සය වැදෑරුම් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මකය වන බව ය.
පරිසර හිතකාමි ගොවිතැන සඳහා පළාතට අවශ්‍ය කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්ය කටයුතු සම්බන්ධිකරණය, අධික්ෂණය හා නියාමන කටයුතු කිරිම, පරිසර හිතකාමි ගොවිතැන පිළිබඳව හා ඒ හා බැදුණු කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරිම සහ පුහුණු කිරිම ,පරිසර හිතකාමි පළිබෝධ නාශක ක්‍රම පිළිබඳව ගොවි ජනතාව හා කේෂත්‍ර නිලධාරින් දැනුවත් කිරිම හා පුහුණු කිරිම, සියලුම ආකාරයේ අස්වනු හානි අවම කිරිම සඳහා වන ක්‍රමවේද පිළිබඳව ගොවින්, අලෙවිකරුවන්, ව්‍යාපාරික ප්‍රජාව හා පාරිභෝගිකයින් හා දැනුවත් කිරිම,පරිසර හිතකාමි ගොවිතැනේ සැබෑ ඵල නෙලා ගැනිමට කැමති ව්‍යාවසායකයින් වෙනුවෙන් සහතිකකරණය හා අලෙවිකරණ අවශ්‍යතා හඳුන්වා දිම හා පහසුකම් සැලසිම, කෘෂිකාර්මික අංශ හා බැඳුණු සියලු ආයතන ඒකාබද්ධ කර ගනිමින් තිරසාර ඒකාබද්ධ වැඩසටහන් සංවිධානය හා ක්‍රියාත්මක කිරිම, එම සය වැදෑරුම් වැඩපිළිවෙලට අයත් වේ.
මෙම අවස්ථාවට විඩියේ තාක්ෂණය ඔස්සේ, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් රංජනි ජයකොඩි,ආණ්ඩුකාර ලේකම් ප්‍රභාත් උදාකර, කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක යන මහත්ම මහත්මීන් ද,කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන් ,පළාත් පාලන කොමසාරිස්තුමන්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන්, සමෘද්ධි සංවර්ධන පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ,ඇතුලු කෘෂිකර්ම කේෂත්‍රයට අදාළ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.




පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ළමා සභා සංකල්පයට අනුගත වෙමින් ක්‍රියාත්මක වන කෑගල්ල දිස්ත්‍රික් ළමා සභාව මගින්“මනා පෞරුෂයකින් යුත් දරුවෙක් සඳහා පවුලේ දායකත්වය ”සංවාදාත්මක දැනුවත් කිරිමේ වැඩසටහනක් zoom ඔස්සේ අද (14 ) පස්වරුවේ දි පැවැත්විණි.
මෙම වැඩසටහන කෑගල්ල දිස්ත්රික් ලේකම්/දිසාපති මහින්ද එස් විරසුරිය මහතාඟේ උපදෙස් හා මඟ පෙන්විම යටතේ දිස්ත්‍රික් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කෙරිණි.
“සුභ සිහින ජය ගැනීමේ මග ” තුන් වන වැඩ සටහන වරකාපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී නයනා ප්‍රියදර්ශනී මහත්මියගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණි.මෙම වැඩ සටහනේ අරමුණ මනා පෞරුෂයකින් යුත් දරුවෙක් පවුලක් තුළ බිහි කර ගැනීමයි.
මෙම වැඩ සටහන ඇගයිමට ලක් කරමින් වරකාපොල ප්‍රාදේශිය ලේකම් රංගන සජිව මහතා පවසා සිටියේ මෙවැනි දැනුවත් කිරිම් තුළින් සුරක්ෂිත දරුවන් ලොවට දායාද කිරිම සදහා දෙමාපියන්ට වඩා හොද මග පෙන්වීමක් ලැබෙන බවය.
.
කෑගල්ල දිස්ත්‍රික් ළමා සභාවේ දරුවන්ගේ දැඩි උනන්දුව හා කැප කිරිමත්, සහභාගීත්වයත් මත දිස්ත්රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී රූපා කිරගල මහත්මියගේ සහභාගීත්වයෙන් මෙම වැඩ සටහන පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික් ළමා සභාව මගින් දරුවන් හා වැඩිහිටියන් දැනුවත් කිරිමේ වැඩ සටහන් මාලාවේ තවත් පියවක් ලෙස 2021 සැප්තැම්බර් මස 16 වන දින යටියන්තොට ප්‍රාදේශිය ළමා සභාවේ සම්පත් දායකත්වයෙන් “කඩදාසියෙන් ලස්සන නිර්මාණයක්” වැඩ සටහන පැවැත්වීමට නියමිතය.



වත්මන් කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනතාව වෙත අත්‍යවශ්‍ය සේවාවන්, ආරක්ෂාව සහ එන්නත්කරණ වැඩසටහන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මාර්ගගත සාකච්ඡාවක් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ මුලිකත්වයෙන් , කෑගල්ල දිසාපති/දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ සංවිධානත්වයෙන් අද (13)පස්වරුවේදී පැවැත්විණි.
කොවිඩ් 19 වසංගතය පාලනය කිරිම සදහා මේ වන විට ගත හැකි එකම විසදුම එන්නත්කරණය බවත් ,ඒ අනුව ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලබා දිම මේ මස 16 වන දින සිට 25 වන දින දක්වා ක්‍රියාවට නැංවීමට කටයුතු කර ඇති බව මෙහිදි සදහන් විය.
කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චමිල් විජේකෝන් මහතා මෙහිදි සදහන් කලේ මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් මරණ හා රෝගීන් වාර්තා වීමේ යම් අඩුවක් පෙන්වන බවය.
මේ අවස්ථාව සඳහා සමාගම් වතු ප්රතිසංස්කරණ , තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ හා රබර් ප්‍රවර්ධන රාජ්ය අමාත්ය කනක හේරත් මහතා, කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහාතා, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මීය ඇතුළු දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, සබරගමු පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි , දිස්ත්‍රික් අතිරේක ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) දිනිෂා එස් රත්නායක යන මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් , සෞඛ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

කෑගල්ල දිසාපති /දිස්ත්රික් ලේකම් මහින්ද එස් විරසුරිය මහතාඟේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ඉදිරි කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද ( 11 ) පැවති කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම් හමුවේදි සාකච්ඡාවට යොමු කෙරිණි.
මෙම සාකච්ඡාව කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේ වත්මන් තත්වය හා ඉදිරි ක්‍රියාත්මක සැලසුම් පිළිබඳව වසංගත රෝග පිළිබද වෛද්‍ය සුජිව බණ්ඩාර මහතා සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමන් විසින් මෙහිදි පැහැදිලි කිරිමක් සිදුකෙරිණි.
මෙම වසංගත තත්වය හමුවේ රාජකාරි කටයුතු නො පිරිහෙලා සිදුකරන සෞඛ්‍ය කාර්යය මණ්ඩලයටත් ,ආරක්ෂක අංශයටත් ,රාජ්‍ය නිලධාරින්ටත් සිය ප්‍රණාමය පල කළ සිටින බව දිසාපතිතුමන් විසින් මෙහිදි සඳහන් කරන ලදි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන )චරිතා ඉලංගකෝන් .අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශණි, දිස්ත්‍රික් වසංගත රෝග වෛද්‍ය සුජිව බණ්ඩාර, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම මාණ්ඩලික නිලධාරින් ,ප්‍රාදේශිය ලේකම්වරුන් සහභාගි වූහ .



කෑගල්ල දිසාපති /දිස්ත්රික් ලේකම් මහින්ද එස් විරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම් හමුව අද ( 11 ) පෙරවරුවේදි කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රාදේශිය මට්ටමේ සංවර්ධන වැඩසටහන් සියල්ල හඳුනාගැනිමේ කාර්යභාරය මහජන නියෝජිතයින්ගේ, රාජ්‍ය නිලධාරින්ගේ හා ප්‍රජාවගේ සහභාගිත්වයෙන් සිදුකර ,සැලසුම් සහිතව ක්‍රියාත්මක කර ,එහි ප්‍රතිලාභ කඩිනමින් මහජනතාව වෙත ලබාදිම මෙවර ( 2022 ) අයවැයේ අරමුණ බවයි.
ඒ අනුව “ ගම සමඟ පිළිසඳරක්" රැස්විම තුළින් සංවර්ධන යෝජනා හඳුනාගෙන ප්‍රමුඛතා ලේඛන සකස් කොට මුදල් අමාත්‍යාංශය වෙත යොමු කිරිමට අවශ්‍ය බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන ලෙස දිසාපතිතුමන් විසින් ප්‍රාදේශිය ලේකම්වරුන් දැනුවත් කිරිම මෙහිදී සිදුකෙරිණි.
සමෘද්ධි වැඩසටහනේ ප්‍රගතිය ,අවශේෂ කැලෑ වැඩසටහනේ ප්‍රගතිය , තරුණ ව්‍යවසායකයින්ට ඉඩම් ලබාදිමේ වැඩසටහනේ ප්‍රගතිය , අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරිම පිළිබඳව හා කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන )චරිතා ඉලංගකෝන් .අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශණි, දිස්ත්‍රික් වසංගත රෝග වෛද්‍ය සුජිව බණ්ඩාර, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම මාණ්ඩලික නිලධාරින් ,ප්‍රාදේශිය ලේකම්වරුන් , හා පාරිභෝගික අධිකාරියේ නිලධාරින් ඇතුලු පිරිසක් සහභාගිවි සිටියහ.





පවතින කොවිඩ් වසංගතය මර්දනය සඳහා ගත හැකි සුදුසුම පියවරක් වන එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට දීප ව්‍යාප්තව ඉතා කාර්යක්ෂමව හා සාර්ථකව ක්‍රියාවට නැංවෙමින් පවතී. එහි තවත් අදියරක් වන වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණ බලකාය සඳහා වූ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම කෑගල්ල දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේ උපදෙස් පරිදි ඊයේ දින ආරම්භ විය .
ඒ අනුව සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ දැඩි කැපවීම මත කෑගල්ල, රඹුක්කන හා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තරුණ පිරිස් සඳහා වන එන්නත්කරණ ක්‍රියාවලිය ඊයේ සහ අද දින ඉතා සාර්ථක ව පැවැත් වීමට හැකි විය.
තදබදයකින් තොරව ඉතා කාර්යක්ෂමව මෙම වැඩසටහන කෙටි කාලසීමාවක් තුළ පවත්වා අවසන් කිරීමට හැකිවීම මෙහි විශේෂත්වයක් වූ අතර ඒ සඳහා දේශපාලන අධිකාරියේ මැදිහත්වීම හා කෑගල්ල දිසාපති දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි එම කොට්ඨාශයන්හි සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මනා සංවිධානශීලීත්වය මෙන්ම ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි නිලධාරීන්ගේ කැපවීම හා පරිශ්‍රමය ද ඉතා ප්‍රශංසනීය විය .
මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ද තරුණ ප්‍රජාව සඳහා වන එන්නත්කරණ කටයුතු ද මේ වන විට සාර්ථකව ආරම්භ ව පවතින අතර සමස්ථ දිස්ත්‍රික්කයේම එන්නත් ලබා ගැනීමට සුදුසු අය සඳහා එන්නත් ලබාදීම යුහුසුලුව අවසන් කිරීමට අපේක්ෂිත ය .






මෙතෙක් කිසිදු එන්නතක් ලබා නොගත් කෑගල්ල දිස්ත්‍රික්යේ පුද්ගලයින් සඳහා එන්නත් ලබා දිමට නියමිතය.
ඒ අනුව තමන් පදිංචි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් (MOH) සතියේ දිනයන්හිදි රාජකාරි වේලාවන්හිදි තුලදි ලබා ගත හැකිය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණ පිරිසට කොවිඩ් 19- ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදිම අද (08 ) පෙරවරුවේ ආරම්භ කෙරුණු බව කෑගල්ල දිසාපති /දිස්ත්රික් ලේකම් මහින්ද එස් . වීරසුරිය මහතා සඳහන් කරයි.
ඒ අනුව කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨා සයේ කෑගල්ල නගර ශාලාව ,කෑගල්ල මහජන ක්‍රිඩාංගණය ,හෙට්ටිමුල්ල බණ්ඩාරණායක ප්‍රාථමික විද්‍යාලය ,හෙට්ටිමුල්ල නව කනිෂ්ඨ විද්‍යාලය ,මාබෝපිටිය මහා විද්‍යාලය ,හුංගම්පල මහා විද්‍යාලය සහ පුවක්දෙණිය ප්‍රාථමික විද්‍යාලයේ දි එන්නත්කරණය කිරිම ආරම්භ කෙරුණු අතර හෙට (09) දිනත් එන්නත්කරණ කටයුතු සිදුකෙරේ.
රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අද (08) දින එන්නත්කරණය සුජාතා විද්‍යාලය ,කොටවැල්ල විද්‍යාලය සහ උඩගලදෙණිය විද්‍යාලවල දි ආරම්භ කෙරුණු අතර හෙට (09) දින මොලගොඩ ප්‍රාථමික විද්‍යාලය ,කඩිගමුව විද්‍යාලය , සහ හිරිවඩුන්න විද්‍යාලයද , (10) දින ඉඔුල්ගස්දෙණිය මොරගොල්ල ප්‍රජා ශාලාව ,වළල්ගොඩ විද්‍යාලයද ,(11) දින රඔුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදි සිදුකෙරේ.
අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල නියුතු පුද්ගලයින් සදහා අද (08) සහ හෙට (09) අදාළ සෞඛ්‍ය නිලධාරී කාර්යාලවල දි එන්නත්කරණ කටයුතු සිදුකෙරේ.








පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ළමා සභා සංකල්පයට අනුගත වෙමින් ක්‍රියාත්මක වන කෑගල්ල දිස්ත්‍රික් ළමා සභාව මගින් "පුංචි කඩදාසියෙන් ලස්සන වැඩක් "යන්න තේමා කර ගනිමින් ළමා සහභාගිත්වය අයිතියට නව අරුතක් එක්කරමින් දියත් කල වැඩසටහනක් zoom ඔස්සේ අද (07 ) පස්වරුවේ දි පැවැත්විණි.
මෙම වැඩසටහන කෑගල්ල දිස්ත්රික් ලේකම්/දිසාපති මහින්ද එස් විරසුරිය මහතාඟේ උපදෙස් හා මඟ පෙන්විම යටතේ දිස්ත්‍රික් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කෙරිණි.
යටියන්තොට ඉහළ ගරාගොඩ පිපෙන කැකුලු ළමා සමාජයේ දැරියන් දෙදෙනකු විසින් මෙහි සම්පත් දායකත්වය ලබාදි තිබිණි.
මෙම අවස්ථාවට සුභ පැතුම් පණිවිඩයක් එක් කළ යටියන්තොට ප්‍රාදේශිය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මහත්මිය සඳහන් කළේ කොවිඩ් වසංගත තත්වය තුළ නිවෙස් තුලට සිරවි සිටින දරුවන්ඟේ මානසික ආතතිය සමනය කිරිමට මෙවැනි නිර්මාණාත්මක ක්‍රියාකාරකම් මනා පිටිවහලක් වන බවයි.
එළඹෙන ලෝක ළමා දිනයේදි ළමා සමාජ හරහා යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ථාශය තුළ කොස් පැළ 1000 සිටුවිමේ වැඩසටහනක්ද, පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා දරුවන් වෙනුවෙන් on line තාක්ෂණය ඔස්සේ සියලු විෂයයන් ආවරණය වන පරිදි on line පාසැලක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබෙන බව ද ඒ මහත්මිය මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා ය .




තරුණ හා ක්‍රිඩා අමාත්‍යාංශයේ මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ කෑගල්ල දිස්ත්රික් රැකියා කේන්ද්රය මගින් වෘත්තීය මාර්ගෝපදේශ සතිය වෙනුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වනු ලබන තරග සදහා 9 ,10, 11 ශ්‍රේණිවල දරුවන්ගෙන් 2021.08.23 වන දින සිට 2021.09.12 වන දින දක්වා අයදුම්පත් කැදවනු ලැබේ.
වැඩිහිටි රචනා තරගය සදහා වයස අවුරුදු 18 ට වැඩි ඹ්නැම අයෙකුට සහභාගි විය හැකිය. ඒ සදහා ද 2021.08.23 වන දින සිට 2021.09.12 වන දින දක්වා අයදුම්පත් කැදවනු ලැබේ.
මේ යටතේ රචනා , චිත්‍ර, ගද්‍ය රචනා, කථික සහ දැනුම මිනුම, තරග පැවැත්වේ
. මෙහි මාතෘකා වශයෙන් ශ්‍රි ලංකාවේ ශ්‍රම ළුලදායිතාවය තුළ අනාගත වැඩ ලොව ජය ගන්නට වෘත්තීය මාර්ගෝපදේශයේ වැදගත්තම, 21 වන සියවස හා වෘත්තීය මාර්ගෝපදේශය, සිහින දකිමු සැලසුම් කරමු වැඩ ලෝකය හැඩ කරමු,රටක වෘත්තීය මාර්ගෝපදේශ සේවාවක වැදගත්තම රටේ සංවර්ධනයට තරුණ ප්‍රජාවේ දායකත්වය යන මාතෘකා ඔස්සේ මෙම තරග පැවැත්වේ.
වෘත්තීය මාර්ගෝපදේශ සතිය 2021 ඔක්තොම්බර් 04 සිට 10 දක්වා පැවැත්වෙන අතර එම සතිය වෙනුවෙන් මෙම තරග මාලාව පැවැත්වේ. මෙම තරග ජයග්‍රාහකයින් සදහා සහතික පත් හා මුල්‍ය ත්‍යාග පිරිනැමීමටද නියමිතය.
කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරි රංජිත් මුගුණුවෙල මහතා ( 076 8447558 , 070 2292132) , ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මානව සම්පත් සංවර්ධන නිලධාරීන්ගෙන් සහ https://www.dome.gov.lk වෙබ් අඩවිය මගින්ද මෙම තරගය පිළිබද වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

කොවිඩ් 19 වසංගතය පාලනය කිරිම සඳහා රට තාවකාලිකව වසා තිබිම නිසා ජිවනෝපාය අහිමි වී ඇති පවුල් සදහා රුපියල් 2000 ක දිමනාව ගෙවිම කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මේ වන විට ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම් / දිසාපති මහින්ද එස් වීරසුරිය මහතා පවසයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 හිම ප්‍රතිලාභීන් 51210 ක් හදුනාගෙන ඇත.ඒ අනුව 2021.09.02 වන දින වන විට ප්‍රතිලාභීන් 42800 ක් සඳහා මෙම දිමනා ගෙවා අවසන් අතර එය 83% ක ප්‍රතිශතයකි.
දීමනාව හිමි ඉතිරි සියලු දෙනා හට ඉදිරි දින කිහිපය තුළ ගෙවිම් කිරිමට නියමිත බව දිසාපතිතුමන් වැඩි දුරටත් පැවසීය.
මේ වන විටත් කෑගල්ල දිස්ත්‍රිත්තයේ කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් නිරෝධායනය වන අඩු ආදායම්ලාභි පවුල් සඳහා සහන සැලසීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා පවසයි.
කෑගල්ල දිස්ත්‍රිත්තයේ මේ වන විට අඩු ආදායම්ලාභි පවුල් 28 194 ක් සදහා රු 10,000/- බැගින් වටිනා බඩු මල්ලක් සදහා රුපියල් මිලියන 281.94 මුදලක් ගෙවිම් කර ඇත.
ඒ අනුව කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 3353 ක්, අරණායක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ1092 ක්, ගලිගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 3082 ක්, මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 3331 ක් , රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 2807 ක්, වරකාපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 4164 ක්,දෙහිඹ්විට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 3002 ක් ,රුවන්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 2427 ක්, බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 1577 ක්, දැරණියගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ1064 ක්, යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 2295 ක් ලෙසින්ය.
කොවිඩ් 19 ආසාධිත අඩු ආදායම්ලාභි පවුල් 2855 ක් සදහා 2021.09.01 වන දින වන විට රුපියල් 10,000 /- හි එක් කොටසක් ලෙස රුපියල් 5, 000 /- ක බඩු මල්ලක් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 14.275 ක මුදලක් ගෙවිම් කර ඇත.
ඒ අනුව කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 10 ක්, අරණායක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ1378 ක්, මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 186 ක් , වරකාපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 237 ක්,දෙහිඹ්විට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 85 ක් ,රුවන්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 251 ක්, බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 125 ක්, දැරණියගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 520 ක්, යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 63 ක් ලෙසින්ය.
ප්‍රමාදයකින් තොරව ප්‍රතිපාදන ලද විගස කොවිඩ් 19 ආසාධිත අඩු ආදායම්ලාභි පවුල්සදහා ඉදිරියටත් ගෙවිම් කටයුතු සිදු කිරිමට නියමිත බවත් මෙම බඩු මල්ල ලබා දිමේදි ඉතා කැපවීමෙන් කටයුතු කරන සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු ග්‍රාමීය කමිටු සාමාජිකයින් දක්වන කැප කිරිම හා සේවය අගය කරන බව දිසාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
රටේ පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය යටතේ දැඩි සංවරණ සිමාවන් පවතින අවස්ථාවන්හිදි සහල් , සිනි වැනි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සගවා තබා ගන්නා වෙළෙදසැල් පරික්ෂා කිරිම සම්බන්ධයෙන් කටයුතු කිරිම පිළිබඳව සාකච්ඡාවක් අද(6) පෙරවරුවේදී දිසාපති / දිස්ත්රික් ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් සමඟ පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි වෙළදසැල් වැටලිම් කටයුතු ඉදිරියේදි කිරිමට නියමිතය.
රජයෙන් නියම කර ඇති මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරිම් කටයුතු සිදු කල යුතු අතර එම නිති රිති කඩ කරන්නන් හට නිතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය.
පාරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කිරිමේ කටයුතු කරන බවට පැමිණිලි ලැබී ඇති අතර ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් හට දිසාපතිතුමන්ගෙන් උපදෙස් ලැබිණි. එමෙන්ම මහජනතාවද තමන් මිලදි ගන්නා භාණ්ඩ පිළිබදව නිරන්තර අවධානයෙන් සිටිය යුතු බවද පෙන්වා දුන්නේය.
මෙම වැටලිම් කටයුතු කෑගල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි සහයෝගය ඇතිව ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇත.
මෙම කටයුතු සදහා අවශ්‍ය සහය ලබා ගැනීමට දිස්ත්‍රික්යේ සැම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකින්ම උපාධිධාරින් පස්දෙනෙක් හෝ යහදෙනෙක් දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සමග සම්බන්ධිකරණය කිරිමට දිස්ත්‍රික් ලේකම්තුමන් කටයුතු යොදා ඇත.
මෙම සාකච්ඡාවක් සදහා කෑගල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ සි. එමි. ජේ. ගුණවර්ධන, කාර්යභාර නිලධාරී තුෂාර රෑනපාන යන මහත්වරුන් ඇතුළු කෑගල්ල පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරින් පිරිසක් සහභාගී වුහ.



කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි පින්නවල අලි අනාථාගාරය යනු දෙස් විදෙස් සංචාරකයන් අතර අතිශය ආකර්ශණයට ලක් වූ සංචාරක කේන්ද්‍රස්ථානයකි .
එහි ඊයේ දින (31) ඉතිහාසගත නිවුන් අලි පැටව් දෙදෙනකුගේ උපත සිදුවිය .පින්නවල අලි සෙවනෙහි සිටින සුරංගි නම් වූ කෙනෙර විසින් මෙම නිවුන් අලි උපත සිදු කර තිබෙන අතර නිවුන් අලි පැටව් දෙදෙනාම පිරිමි පැටවුන් වේ. පළමු පැටවා අලුයම 4ට පමණ ද දෙවන පැටවා උදෑසන 10 ට පමණ ද මෙලොව එළිය දැක තිබේ.
මෙය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම අර්ධ ගෘහස්ථ නිවුන් අලි උපත ලෙස ද ඉතිහාස ගත වේ.




පවතින covid වසංගතය පාලනය කිරීම සඳහා ගත හැකි සුදුසුම ක්‍රියා මාර්ගයක් වන කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩසටහනට අදාළව කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මේ වන විට පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් ප්‍රමාණය 85.8%ක් දක්වා වර්ධනය වී ඇති බව කෑගල්ල දිසාපති /දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා ප්‍රකාශ කරයි .
තව ද දිස්ත්‍රික්කය තුළ මේ වන විට දෙවන එන්නත් මාත්‍රාව ලබාගත් ප්‍රතිශතය 18.6% අගයක පවතී. පළමු මාත්‍රාව ගෙන මසක් සම්පූර්ණ වූ පසු දෙවන මාත්‍රාව ලබා ගත යුතු අතර ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ දෙවන මාත්‍රාව ලබාගත් ප්‍රතිශතය ද සම්පූර්ණ කළ හැකි බව දිසාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය .
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කය තුල සයිනොෆාම් , අස්ට්‍රා සෙනෙකා සහ කොවිඩ් ෂීල්ඩ් එන්නත් මාත්‍රා ලබාදීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙන්වා දිය හැකිය .

කොවිඩ් 19 වසංගතය පාලනය කිරිම සඳහා රට තාවකාලිකව වසා තිබිම නිසා ජිවනෝපාය අහිමි වී ඇති පවුල් සදහා රුපියල් 2000 ක දිමනාව ගෙවිම කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මේ වන විට ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම් / දිසාපති මහින්ද එස් වීරසුරිය මහතා පවසයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 හිම ප්‍රතිලාභීන් 51210 ක් හදුනාගෙන ඇත.ඒ අනුව 2021.08.30 වන දින වන විට ප්‍රතිලාභීන් 34875 ක් සඳහා මෙම දිමනා ගෙවා අවසන් අතර එය 70% ක ප්‍රතිශතයකි. දීමනාව හිමි සියලු දෙනා හට මේ සතිය අවසන් වන විට ගෙවිම් කිරිමට නියමිත ය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 හිම වයස අවුරුදු 60 වැඩි මෙතෙක් කිසිදු එන්නතක් ලබා නොගත් පුද්ගලයින් 12000 ක පමණ ප්‍රමාණයක් හදුනාගෙන ඇති බව කෑගල්ල දිසාපති / දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා පැවසීය .
දිසාපතිවරයා මෙසේ සඳහන් කළේ ඊයේ (25 ) දින zoom තාක්ෂණය ඔස්සේ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ සහභාගිත්වයෙන් පැවති කෑගල්ල දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටුවට සහභාගි වෙමිනි.
මෙහිදි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබා දෙමින් පවසා සිටියේ ඉදිරි දින කිහිපය ඇතුලත එම පුද්ගලයින් සියළු දෙනා හට එන්නත් ලබා දිම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ජිවනෝපාය අහිමි අඩු ආදායම්ලාභි පවුල් 63500 කට රුපියල් 2000 දිමනාව ලබාදිමට රජය මගින් රුපියල් මිලියන 127 ක් වෙන්කර තිබෙන බව කෑගල්ල දිසාපති /දිස්ත්රික් ලේකම් මහින්ද එස් විරසුරිය මහතා සඳහන් කරයි.
දිසාපතිවරයා මෙසේ සඳහන් කළේ ඊයේ (25 ) දින zoom තාක්ෂණය ඔස්සේ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාඟේ සහභාගිත්වයෙන් පැවති කෑගල්ල දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටුවට සහභාගි වෙමිනි.
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරුන්ඟේ අධික්ෂණය යටතේ ග්‍රාමිය කමිටු සම්බන්ධිකරණයෙන් මෙම කාර්යය සිදුකෙරෙන බව දිසාපතිවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක වෙම්න් පවතින සංවර්ධන වැඩසටහන්හි ප්‍රගතිය විමසා බැලෙන සාකච්ඡාවක් අද (20) දින පෙරවරුවේ zoom ඔස්සේ කෑගල්ල දිසාපති/දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහි දී සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන, සාම්ප්‍රදායික නිෂ්පාදන ගම්මාන වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, "ගම සමඟ පිළිසදර" වැඩසටහනෙහි යටිතල පහසුකම් පිළිබඳ ප්‍රගතිය, විමධ්‍යගත අයවැය ප්‍රගතිය, ග්‍රාමීය ක්‍රීඩා පිටි ප්‍රතිසංස්කරණ වැඩසටහන, රඹුක්කන ,පින්නවල ඉදිකෙරෙන පුරවර විශ්ව විද්‍යාල ඉදිකිරීමේ ප්‍රගතිය, දිස්ත්‍රික්කයේ පිහිටි සංචාරක ආකර්ශනයට පත් දියඇලි සංවර්ධන කිරීමේ ප්‍රගතිය, ජල සම්පාදන හා සනීපාරක්ෂක, ඉඩම් සංවර්ධන යනාදී කරුණු පිලිබද අවධානයට ලක් කෙරිණි.
මෙහි දි අදහස් දැක් වු කෑගල්ල දිසාපතිතුමන් ප්‍රකාශ කළේ පවතින කොව්ඩ් අවධානම හමුවේ වුව ද සංවර්ධන කටයුතු අඩාල නො කර පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට පියවර ගන්නා ලෙසත්, ජන ජීවිත ආරක්ෂා කිරිම සඳහාත් කටයුතු කිරිමට පියවර ගන්නා ලෙසත් ය.
මෙම සාකච්ඡාවට එක්වූ ප්‍රාදේශීය ලේකම්වරු විසින් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින යම් යම් වැඩසටහන් සඳහා ලබා දිය යුතු ප්‍රායෝගික පුහුණු අවස්ථා ලබා දීමේ අපහසුතාවයක් මතුව ඇති බැවින් ඒ සදහා සහන කාලයක් හෝ අවස්ථාවක් ලබා දිමේ අවශ්‍යතාවය පිලිබඳ පෙන්වා දුන්හ.
මෙම සාකච්ඡාවට කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ .ඒ වීරකොන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද යන මහත්ම මහත්මීන් හා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.

කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නව ගොඩ නැගිල්ලේ ඉදි කිරිම් කටයුතු සම්බන්ධයෙන් වු ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් අද (19) දින කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද ඒස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
රජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් මෙහි ඉදි කිරිම් කටයුතු සිදු කෙරෙන අතර 2021 වර්ෂයේ අවසානයේදී ඉදි කිරිම් කටයුතු අවසන් කිරිම සඳහා අදාල නිලධාරීන් දැනුවත් මෙහිදි සිදු කෙරිණි.
මෙම අවස්ථාවට මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මානවඩු , දිස්ත්‍රික් ඉංජිනේරු සාරානත් විමලචන්ද්‍ර යන මහත්වරැන් ඇතුළු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.




සෞභාගයේ දැක්ම රාජ්‍ය පුතිපත්තියට අනුකූල වෙමින්, නිරෝගී හා ඵලදායී පුරවැසියෙක් බිහි කිරිම වෙනුවෙන් සබරගමුව පළාත තුළ කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරිමේ ක්‍රියාන්විතය “සජීව්‍යා” කාබනික පොහොර නිෂ්පාදන විප්ලවයේ පළමු පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අද (17) දින ZOOM තාක්ෂණය ඹස්සේ සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබා දීමේ අරමුණ ඇතුව ක්‍රියාත්මක “සජීව්‍යාʺ කාබනික පොහොර විප්ලවය සය වැදෑරුම් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මකය.
පරිසර හිතකාමී ගොවිතැන සඳහා පළාතට අවශ්‍ය කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්ය කටයුතු සම්බන්ධීකරණය, අධීක්ෂණය හා නියාමන කටයුතු කිරිම පරිසර හිතකාමී ගොවිතැන පිළිබඳව හා, ඒ හා බැඳුණු කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳව ගොවිජනතාව දැනුවත් කිරිම සහ පුහුණුු කිරිම, පරිසර හිතකාමී පළිබෝධ නාශක ක්‍රම පිළිබඳව ගොවිජනතාව හා ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරිම හා පුහුණු කිරිම,සියලුම ආකාරයේ අස්වනු හානි අවම කිරිම සඳහා වන ක්‍රමවේද පිළිබඳව ගොවීන්, අලෙවිකරුවන්, ව්‍යාපාරික ප්‍රජාව හා පාරිභෝගිකයින් දැනුවත් කිරිම. පරිසර හිතකාමී ගොවිතැනේ සැබෑ ඵල නෙලා ගැනීමට කැමති ව්‍යවසායකයින් වෙනුවෙන් සහතිකකරණය හා අලෙවිකරණ අවශ්‍යතා හදුන්වා දීම හා පහසුකම් සැලසීම,
කෘෂිකාර්මික අංශය හා බැඳුනු සියලු ආයතන ඒකාබද්ධ කර ගනිමින් තිරසාර ඒකාබද්ධ වැඩසටහන් සංවිධානය හා ක්‍රියාත්මක කිරිම. එම සය වැදෑරුම් වැඩ පිළිවෙලට අයත් වේ.
පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක දෙකෙහිම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව ගොවින් දැනුවත් කිරිම හා පුහුණු කිරිමේ වැඩ සටහන් ක්‍රියාත්මක වන බව දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් වරුන් පැවසීය. දියර පොහොර නිෂ්පාදනය මෙන්ම පොහොර වල ප්‍රමිතිය පිළිබඳවද මෙහිදි අවධානය යොමු විය.
පළාත් පාලන ආයතනයන්හි නිෂ්පාදනය වන කොම්පෝස්ට් , කාබනික පොහොර බවට පත් කිරිම සඳහා අවශ්‍ය සම්පත් හා පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවටද මෙහිදි සාකච්ඡා විය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කිබනික පොහොර නිෂ්පාදන කටයුතු සාර්ථකව පවත්වාගෙන යන බවත් , දැනට වසා දමා ඇති පාසල් කිහිපයක් හදුනාගෙන ඇති බවත් ඒවා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය මත මෙම කටයුතු සදහා යොදා හැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙහිදි පැවසිය.
මෙම අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ, සමාගම් වතු ප්රතිසංස්කරණ,තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවිකරණ හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්ය අමාත්ය කනක හේරත් මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි,රත්නපුර දිස්ත්රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මින් හා ආණ්ඩුකාර ලේකම්තුමන්, සබරගමුව පළාත් කෘෂි කර්ම අමාත්‍යාංශයේ ලේකම්, පළාත් පාලන කොමසාරිස්තුමන්,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන්, සමෟද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයින් සඳහා වන එන්නතකරණ වැඩසටනේ දෙවන මාත්‍රාව ලබා දීම අද (10) දින පෙරවරුවේ තැපැල් ශ්‍රවනාගාරයේ දී ආරම්භ කෙරිණි. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන් 350 කට පමණ සයිනොෆාම් දෙවන එන්නත ලබා දිම සිදු කෙරිණි. අද සිට එළඹෙන 14 වන දින දක්වා කෑගල්ල දිස්ත්‍රික්කයේ පලමු එන්නත ලබා ගත් රාජ්‍ය නිලධාරීන් සඳහා එහි දෙවන මාත්‍රාව ලබා දිමට කටයුතු සැලසුම් කර ඇති අතර එම වැඩසටහන කෑගල්ල නගර සභා ශාලාවේ දි පැවැත්වීමට නියමිත ය.
මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය හා කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.





කෑගල්ල දිස්ත්‍රික් විශේෂ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සමාගම් වතු ප්රතිසංස්කරණ,තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවිකරණ හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්ය අමාත්ය කනක හේරත් මහතා ඇතුළු දේශපාලන අධිකාරියේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිසාපති/දිස්ත්රික් ලේකම් මහින්ද එස් විරසුරිය මහතාගේ සහභාගිත්වයෙන් අද (08)පෙරවරුවේදි කෑගල්ල මහජන ක්‍රිඩාංගණයේදි පැවැත්විණි.
මෙහිදි රාජ්‍ය ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතන වල මෙතෙක් එන්නත් ලබා නොගත් නිලධාරින්,උපාධිධාරි අභ්‍යාසලාභි නිලධාරින්,බහුකාර්ය කාර්යය සාධක සමාජිකයින්,සංචාරක කේෂත්‍රයට සම්බන්ධ වුවන්,සුපිරි වෙළදසල් කාර්ය මණ්ඩලය, හා පෞද්ගලික රෝහල් හා රසායනාගාර කාර්යය මණ්ඩල සඳහා එන්නත්කරණය සිදුකෙරිණි.
මෙහිදි පුද්ගලයින් 4000 ට අධික සංඛ්‍යාවකට එන්නත් ලබාදිම සිදුකෙරුණු අතර කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය,ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය,සහ කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.








කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ප්‍රදේශීය ලේකම්වරුන්ගේ හමුව අද (06) පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
එම හමුවේ දී කොව්ඩ් මර්දන වැඩසටහන් ක්‍රියාකාරිත්වය පිළිබඳ විශේෂ අවධානයකට ලක් කළ අතර ඉදිරි එන්නත්කරණ වැඩපිළිවෙල සිදු වන ආකාරය, නිරෝධායන කටයුතු පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීම සිදු විය.
එසේම විදුලිය නොමැති සමෘද්ධි පවුල් හා අඩු ආදායම්ලාභී පවුල් සඳහා විදුලිය ලබා දීම, ග්‍රාම නිලධාරී නිල සෙවන කාර්යාල ඉදිකිරිම්, සිමා නීර්ණ යෝජනා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට විශ්‍රාම වැටුප් සක්‍රීය කිරිම්, තරුණ ව්‍යවසායකයන්ට රජයේ ඉඩම් ලබා දිම මෙන්ම හඳුනා ගන්නා ඉඩම් විවිධ ව්‍යාපෘතීන්ට ලබා දිම පිළිබඳව දිසාපතිතුමන් විසින් ප්‍රාදේශිය ලේකම්වරුන් දැනුවත් කිරිම සිදු විය.
තව ද දිස්ත්‍රික්කයේ පවතින අවශේෂ කැලෑ චක්‍රෙල්ඛයට අනුව කටයුතු කිරීමේ ප්‍රගතිය , ඉඩම් ඔප්පු, දීමනා, බලපත්‍ර ලබා දීමේ ප්‍රගතිය පිළිබඳ විමසා බැලීම ද හෙිදී සිදු විය.
මෙම අවස්ථවේ දී අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම්තුමන් සඳහන් කළේ ළමා හිංසනය සහ මෙහෙකාර සේවය , පාසල් යා යුතු එහෙත් දැනට පාසල් අධ්‍යාපනය නො ලබන දරුවන් හඳුනා ගැනීම සඳහාත්, කාන්තා හිංසනය අවම කිරිම සඳහාත් වසම් මට්ටමින් අදාල නිලධාරීන් හරහා විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සැලකිලිමත් වන ලෙස ය. එසේම මෙම වසංගත තත්වය හමුවේ රාජකාරි කටයුතු නො පිරිහෙළා සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත්, ආරක්ෂක අංශයටත්, රාජ්‍ය නිලධාරීන්ටත් තම ප්‍රණාමය පල කළ සිටින බව ද දිසාපතිතුමන් විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.
මීට අමතරව කාබනික පොහොර ව්‍යාපෘතිීන්, පුනර්ජනනීය බලශක්ති දිරි ගැන්වීම්, උපාධිධාරී අභ්‍යන්තර අනුයුක්ත කිරිම්, "සුරකිමු ගංඟා" ජාතික වැඩසටහනේ කෑගල්ල දිස්ත්‍රික් ව්‍යාපෘතිීන්, ගම සමඟ පිළසඳර වැඩසටහනෙහි වත්මන් ප්‍රගතිය ඇතුලු කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සියලුම මාණ්ඩලික නිලධාරීන්, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු පිරිසක් සහභාගි වී සිටිය හ.






අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වස විසෙන් තොර කෘෂි සංස්කෘතියක් බිහි කිරිම වස් ආහාර සුරක්ෂීතතාවය ඇති කිරීම තුලින් නිරෝගීමත් පරපුරක් බිහි කිරිම සඳහා රසායනික පොහොර නවතා පරිසර හිතකමී කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරිම සදහා දීප ව්‍යාප්තව වැඩසටහන් ගණනාවක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. එයට සමඟාමී වැඩසටහනක් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පසුගිය දා පැවැත්විණි.
ඒ අනුව දැනට වසර කිහිපයක සිට වසාදමා තිබෙන රඹුක්කන නාරම්බැද්ද කණිෂ්ඨ විද්‍යාලය කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් බවට පත් කිරීමට කටයුතු කරන බව කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කරයි.
කෑගල්ල දිසාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මෙම භූමිය කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් බවට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳව හා එක් නිෂ්පාදකයෙකු විසින් දැනට කරන ලද ඉල්ලීමකට අනුව නිරීක්ෂන අවස්ථාවකට සහභාගී වෙමිනි.
මෙහි දී දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම පරිශ්‍රය කාබනික පොහොර නිෂ්පාදනය කිරීම, වන වගාව සඳහා පැළ රෝපණය කිරීම සහ වගා කේෂත්‍රෙය් පුහුණු කටයුතු සඳහා ද යොදා ගැනීමට කටයුතු කරන බව ය. තව ද මේ වන විටත් කෑගල්ල දිස්ත්‍රික්කය තුල වගා කටයුතු සඳහා අවශ්‍ය කරන කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හා සුලු පරිමාණ වශයෙන් නිෂ්පාදනකරුවන් හඳුනා ගෙන තිබෙන බවත් දිසාපතිවරයා කියා සිටියේ ය.




කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී දිස්ත්‍රික් ඉඩම් පරිහරණ හා පරිසර කමිටුව රැස් විය.
එහි දි දිස්ත්‍රික්කයේ පවතින අවශේෂ කැලෑ හඳුනා ගනිම්න් ඒවා රක්ෂිත බවට නම් කිරිම, අනවසර ඉඩම් නිරවුල් කර ගැනිම සම්බන්ධ කමිටු අනුමැති ලබා ගැනිම්, තරුණ ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා රජයේ ඉඩම්වල ආයෝජන අවස්ථා ලබා දිම, ඉඩම් පරිහරණ කලාපීය සැලසුම්කරණය ඇතුලු කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කෙරිණි.
තව ද කුඩා ඔය ආශ්‍රිතව සිදු කරන අනවසර ඉදිකිරීම් සම්බන්ධව පැන නැඟී ඇති ගැටලු, කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ සමඟි පාලම අසල හිඟුල ඔයේ අනවසර ඉදි කිරීම් පිළිබඳ පැමිණිලි හා තවත් අනවසර ක්‍රියාකලාපයන් පිළිබඳ ලැබී ඇති පැමිණිලිවලට අදාල ගත හැකි පියවරයන් පිළිබඳ කරුණු විමසා බැලිණි.
එහි දී අදහස් දැක් වූ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්තුමන් සඳහන් කළේ දැනට පවතින ඉදිකිරිම් ද ආරක්ෂා කරමින් සංවර්ධන කටයුතු සිදු කිරීමත් ඒ සඳහා සියලු පාර්ශවයන්ගේ දායකත්වය ලබා ගැනීමට වග බලා ගත යුතු බවත් ය.
මෙම කමිටුවේ දී "සුරකිමු ගංඟා" ජාතික වැඩසටහනට සමඟාමීව කෑගල්ල දිස්ත්‍රික්කය තුල යටියන්තොට, බුලත්කොහුපිටිය හා කෑගල්ල ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාස හරහා ව්‍යාපෘති යෝජනා 03ක් මේ වන විට ලැබී ඇති බවත් අනාවරණය විය.
එපමණක් නොව ඇල ආශ්‍රිතව පවතින වස විස හා අපවත්‍රවීම් නවතා එම ජල මූලාශ්‍ර පවිත්‍ර කිරීමටත්, නො දිරන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කිරීම සඳහා යන්ත්‍ර සූත්‍රවල අවශ්‍යතාවය පිළිබදවත් යෝජනා පල විය.
මෙම අවස්ථාවට ගලිගමුව සහ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ.වීරකෝන්, දිස්ත්‍රික් කෘෂි කර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි , ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් සාගරිකා මැදිවක යන මහත්ම මහත්මීන්, මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සහකාර අධ්‍යක්ෂ, , පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.





කෑගල්ල දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තයේ උන්නතිය පිළිබඳ කරුණු විමසා බැලෙන දිස්ත්‍රික් කෘෂි කම්ටු රැස්වීම අද (04) පෙරවරුවේ දී කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
දිස්ත්‍රික් කෘෂි කමිටුවට අදාලව මෙහි දී විසිතුරු මල් වවන්නන් බිහි කිරීම, 2021 යල කන්නයේ ජල කලමණාකරණ කටයුතු හා වගා සැලසුම්, ඉදිරි වසර වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත වැඩසටහන් පිළිබඳ යෝජනා ලබා ගැනීම්, මිලියන 09 ක ප්‍රතිපාදන වෙන්ව ඇති කෘෂි අපනයන කලාප වැඩසටන්, සත්ව පාලනය වෙනුවෙන් ගිනි අවි නිකුත් කිරීම හා හා ඒම බලපත්‍ර අලුත් වැඩියා කිරීම්, කෘෂි නිෂ්පාදන අගයදාම ව්‍යාපෘතියන් , කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන් ඇතුලු කරැණු ගණනාවක් පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි.
මෙහි දී අදහස් දැක් වූ කෑගල්ල දිසාපතිතුමන් ප්‍රකාශ කළේ සියලු ආයතන ඒ්කාබද්ධව කටයුතු කළ යුතු බවත් විශේෂයෙන්ම ගොවි මහතුන් සඳහා කාබනික පොහොර භාවිතය සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් නිරතුරැවම අදාල කේෂත්‍ර නිලධාරීන්ගේ මගපෙන්වීම යටතේ සිදු විය යුතු බවත් ය.
ගොවිජන සේවා දෙපාර්තෙම්න්තුව හරහා වසම් මට්ටමින් කාබනික පොහොර භාවිතය පිළිබඳ දැනුවත් කිරීම් සිදු වන බව මෙහිදී පැහැදිලි කළ අතර කුරුදු හා බුලත් වගාවන් සඳහා පවතින ගැටලු පිළිබඳව ද අවධානය යොමු විය. කුඩා තේ වතු හිමිකරුවන් සඳහා ඔවුනගේ අවශ්‍යතාවෙයන් 40% ක පොහොර තමන් විසින් නිපදවීමට අවශ්‍ය පහසුකම් සැපයීමයට නියමිත බවත් , 2021 – 2022 මහ කන්නයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා කාබනික පොහොර භාවිතා කරමින් වගා කටයුතු සිදු කිරිමට කටයුතු කරන බවත් මෙහිදී ප්‍රකාශ විය.
තව ද පවතින පුරන් කුඹුරුවල පොල් වගා කිරිම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින අතර ජල ජීවි සංවර්ධන දෙපාර්තෙම්න්තුව ඔස්සේ විසිතුරු මත්ස්‍ය වගාව අලුතින් ආරම්භ කිරීම, පවතින වගා වර්ධනය කිරීම, අලෙවි සල් හා ආහාර නිෂ්පාදන ඒ්කක ඇති කිරීම සඳහා මුල්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කෙරේ.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තෙම්න්තුව හරහා සමෘද්ධි පවුල් බල ගන්වමින් ණය පහසුකම් ලබා දීම,තේ පැල ලබා දීම, කෘෂි , සත්ව හා ගොවිපොළ පුහුණු වැඩසටහන් සම්බන්ධිකරණය කිරීම් මෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය දිරි දිම් සිදු කෙරෙන ද බව ප්‍රකාශ විය.
2022 වසර් සඳහා කිතුල්, වැනිලා, කෝපි යන වගාවන් සඳහා ප්‍රතිපාදන වෙන් වී ඇති බවත් මේ වන විට විසිතුරු පත්‍ර නිෂ්පාදන ව්‍යාපෘති ආරම්භ වී ඇති බවත් මෙහි දී අනාවරණය විය.
මීට අමතරව කුඩා වතු, වානිජ ගෙවතු, වානිජ වගා වැඩසටහන් අදියර 3 ක් යටෙත් ක්‍රියාත්මක වීමට නියමිත බවත් මෙම කමිටුවේ දී අනාවරණය විය .
මෙහිදී ගොවි සංවිධාන නියෝජිතයින් විසින් පොහොර ආශ්‍රිතව පැන නැඟි ඇති ගැටලු සහ පුරන් කුඹුරු වගාව සඳහා පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳ අදහස් පල කරන ලදී.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ.වීරකෝන්, දිස්ත්‍රික් කෘෂි කර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද,දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි, දිස්ත්‍රික් ආපදා සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල යන මහත්ම මහත්මීන් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් සාගරිකා මැදිවක, පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ,දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සහකාර අධ්‍යක්ෂ, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, කෘෂිකර්මාන්තයට අදාල කේෂත්‍ර රැසක නිලධාරීන් පිරිසක් සහ ගොවි සංව්ධාන නියෝජිතයින් පිරිසක් සහභාගී වුහ.





අධිකරණ අමාත්‍යංශයේ සමථ මණ්ඩල කොම්ෂන් සභාව මඟින් ක්‍රියාත්මක වන කෑගල්ල දිස්ත්‍රික් සමථ මූල මණ්ඩලයේ වසර 03 ක සේවා කාලය ඇවෑමෙන් නව පත්වීම් ලද අංක 84 යටියන්තොට සමථ මූල මණ්ඩල නව සභාපති එල්.ජී ධර්මසිරි හා හා අංක 116 දෙහිඕවට සමථ මණ්ඩල නව සභාපති ඩී.ජේ. සනත් ජයවර්ධන යන මහත්වරුන්ට හිමි පත්වීම් ලිපි ප්‍රධානය අද (04) පෙරවරුවේ දී කෑගල්ල දිසාපති/දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
එම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරිනී නීතිඥ නලීකා කුමාරි මහත්මිය ද එක් වූවා ය.


කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශයේ සංකල්පයකට අනුව කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලීය ළමා හා කාන්තා අංශය මඟින් මෙහෙයවනු ලබන අඩු වයස් ගැබ් ගැනීම් වැළැක්වීම සම්බන්ධයෙන් වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින කේෂත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ දෙ දින පුහුණු වැඩසටහනක් අද (02) දින පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්රික් ලේකම්/ දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාගේ උපදෙස් පිරිදි ආරම්භ විය.
ළමා හිංසනය මෙරටින් තුරන් කිරිම සඳහා වූ වැඩසටහන් ගණනාවනක් ක්‍රියාත්මක වන අතර මෙවැනි දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.
මෙම අවස්ථාවට එක්වෙමින් කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය ප්‍රකාශ කළේ කාලීන වශයෙන් පමණක් නොව නිරතුරුවම ළමා අපචාර වැළැක්වීම පිළීබඳ අවධානයෙන් පසු විය යුතු බවත් කේෂත්‍ර නිලධාරීන් ඒ සඳහා පෙරමුණ ගත යුතු බවත් ය.
කාන්තා හා ළමා සංවර්ධන ඒකකවල සේවය කරන කේෂත්‍ර නිලධාරීනගේ දැනුම වැඩි කිරීම, අඩු වයස් ගැබ් ගැනීම් වැළැක්වීමට හා දැනට ගැබ් ගෙන සිටින නව යෞවනියන්ට අවශ්‍ය සහය ලබා දීමට කටයුතු කිරීම ඇතුලු කරුණු රාශියක් පිළිබඳ මෙම පුහුණු වැඩමුලුවේ දී දැනුවත් කිරිමට නියමිත ය.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ළමා හා කාන්තා අංශවල කේෂත්‍ර නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.


ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය මෙරට ප්‍රථම ඔලිම්පික් ජයග්‍රාහක ඩන්කන් වයිට් සිය ජයග්‍රහනය ලබා ගත් ජූලි 31 වන දින සිහි කිරිම වස් 2021 වර්ෂයේ සිට සෑම වසරකම ජූලි මස 31 වන දින ‘ජාතික ක්‍රීඩා දිනය’ ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. නිරෝගිමත් පරපුරක් ඇති කරමින් කාර්යක්ෂමව, ඵලදායී, මානව සම්පත් බිහි කිරීම අරමුණු කරගනිමින් සමරන මෙම ජාතික ක්‍රීඩා දිනය සංකේතාත්මකව සැමරීම කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රෙය් දී අද (30) පෙරවරුවේ දී සිදු කෙරිණි. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය විසින් මෙම වැඩසටහන ජාතික ධජය එසවීමෙන් ආරම්භ කෙරුණු අතර ඉනික්බ්තව කාර්යාලීය නිලධාරීන් සඳහා සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් තුලින් ඵලදායී සේවයක් ලබා දීම සඳහා ව්‍යායාම, දේශීය ආහාර හා පෝෂණයෙහි ඇති වැදගත්කම පිළිබඳ දේශනයක් පැවැත්විණි.
මෙම අවස්ථාවට එක් වූ කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය ප්‍රකෘශ කළේ ලොවම භීතියෙන් වෙළා ගත් කොව්ඩ් වසංගතය තත්වය හමුවේ වුව ද බොහෝ රටවල් ව්‍යායාම කිරීම සඳහා ජනතාවට අවස්ථාව උදා කිරීම තුලින්ම නිරෝගීකමේ ඇති වටිනාකම පසක් වන බව ය.
ජාතික ක්‍රීඩා දිනයේ විශේෂ දේශනය සඳහා එක් වූ කෑගල්ල ආයුර්වේද රෝහලේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය ලක්මාලී කරුණාරත්න මහත්මිය විසින් මෙහි දී බෝ නොවන රෝග ව්‍යාප්තිය අරමුණු කරගනිමින් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක වැදගත්කම, යෝග ව්‍යායාම මෙන්ම මානසික් ඒකාග්‍රතාවය පවත්වා ගැනිමේ අවශ්‍යතාවය පිළිබඳව පැහැදිලි කළා ය.
පවතින කොවිඩ් අවධානම හමුවේ සෞඛ්‍ය රීතින්වලට අනුගතව පැවති මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලීය ක්‍රීඩා අංශය විසිනි.
මෙම අවස්ථාවට කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, ප්‍රධාන ගණකාධිකාරී චාන්දනී නිල්මල්ගොඩ, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සංඛ්‍යෙල්ඛනඥ ජේ.යූ රාජපක්ෂ, පරිපාලන නිලධාරිනී යාමිනී රත්නායක යන මහත්ම මහත්මීන් හා දිස්ත්‍රික් ක්‍රීඩා අංශයේ නිලධාරීන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.








කෑගල්ල දිස්ත්‍රික්කයේ ශාසනාක්ෂක බල මණ්ඩල 17 හි සභාපති ස්වාමීන් වහන්සේලා හා ලේඛකාධිකාරි ස්වාමීන් වහන්සේලා 34 දෙනෙක් අතරින් කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය වෙනුවෙන් අභිනවයෙන් නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම අද දින (27) දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සංවිධායක, දිසාපති /දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීසූරිය මැතිතුමා මුලිකත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ඒ අනුව ගරු සභාපති ලෙස පහත බුලත්ගම කෝරළ තුන ඇතුළු සතර කෝරළ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක විශ්‍රම ලත් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෑවලදෙණිය සිරි මහින්දෝදය පිරිවෙන් විහාරාධිපති පුජ්‍ය හෙම්මාතගම සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ , ගරු ලේඛකාධිකාරී - සතර කෝරළ මහදිසාවේ උප ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් විදුහල්පති පුජ්‍ය දුනුකේවත්තේ සිලවිමල නායක ස්වාමින් වහන්සේ , ගරු නියෝජ්‍ය සභාපති- අරනායක ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති පුජ්‍ය වරාපිටියේ රතනසාර ස්වාමින් වහන්සේ, ගරු නියෝජ්‍ය ලේඛකාධිකාරී-මාවනැල්ල නැගෙනහිර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පුජ්‍ය මෙඩේරිගම සංඝරතන ස්වාමින් මහන්සේ තේරි පත් වුහ.
ගරු උප ලේඛකාධිකාරි(දහම් පාසල්)- අණායක ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පුජ්‍ය කිරපනේ සෝමාලෝක ස්වාමින් වහන්සේ, ගරු උප ලේඛකාධිකාරි(ආගමික)- මාවනැල්ල බටහිර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පුජ්‍ය වෙලගම මහින්ද ස්වාමීන් වහන්සේ ,ගරු උප ලේඛකාධිකාරි( සංස්කෘතික හා සමාජසේවා)- ගලිගමුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි පුජ්‍ය නෙළුංදෙණියේ ධම්මදස්සී ස්වාමීන් වහන්සේ,ගරු උප ලේඛකාධිකාරි ( ශාසනාරක්ෂක බල මණ්ඩලය)-දැදිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි පුජ්‍ය උඩපැල්පිට ඉන්දරතන ස්වාමින් වහන්සේ හා ගරු උප ලේඛකාධිකාරි (මුල්‍ය)- කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරි ජේ. ඒ. ඒ. සි. නිල්මල්ගොඩ මහත්මිය තේරි පත්වුහ.
ශ්‍රි ලංකාවේ බුද්ධ ශාසනයේ උන්නතිය, චිරස්ථිතිය හා ආරක්ෂාව උදෙසා ක්‍රියා කීරිම ශාසනාරක්ෂක මණ්ඩලයේ පරමාර්ථය වේ.
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩල කටයුතු අධික්ෂණය හා සම්බන්ධිකරණය , දිස්ත්‍රික්කයේ බෞද්ධයන් පන්සිල් සුරකින චරිතවත් පිරිසක් බවට පත්කිරිම, පන්සල හා ගම අතර සම්බන්ධතාවය වර්ධනය කිරිම තුළින් ගිහි පැවිදි සම්බන්ධතාවය තහවුරු කිරිම, ප්‍රායෝගික ජිවිතයට අදාළ වන පරිදි බෞද්ධ ජනතාවගේ දහම් දැනුම වර්ධනය කිරිම, දහම් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරිම, බෞද්ධ අයිතිවාසිකම් හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරිම, දිස්ත්‍රික්කය තුළ අපරාධ වැලැක්වීමට ක්‍රියා කිරිම යන අරමුණු සඵල කර ගැනීම දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ පරමාර්ථයයි.
මෙම අවස්ථාව සඳහා සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස් රත්නායක මහත්මින් පොලිස් අධිකාරිතුමන්, ප්‍රාදේශිය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි බෞද්ධ කටයුතු සමායෝජකවරුන් ඇතුළු පීසක් සහභාගී වුහ.







කිතුල්ගල , පන්සල පාර ජල පෝෂක ප්‍රදේශයෙන් ජලය ලබා ගැනීමේදී මතුවී ඇති ගැටළු විසදා ගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කෑගල්ල දිස්ත්රික් ලේකම් / දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
එහිදි අදහස් දක්වමින් දිසාපතිතුමන් පවසා සිටියේ , පෞද්ගලික ඉඩමක පිහිටා ඇති මෙම ජල උල්පත් වලින් ජලය ලබා ගැනීමේදී ඉඩමේ හිමිකරුට බාධාවක් නොවන ලෙස ඉඩමේ පිහිටි උල්පත් වලින් ජලය ලබාගත් ප්‍රදේශවාසීන්ට මානුෂීය කාරණාවක් ලෙස සලකා තව දුරටත් ජලය ලබා ගැනීම සදහා ක්‍රමවේදයක් සකස් කර ගත යුතු බවය.
යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමියගේ මුලිකත්වයෙන් මිට පෙර මෙම ස්ථානය පිළිබදව ක්ෂේත්‍ර පරික්ෂාවක් සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අදහස් හා යොජනා බොහොමයක් ඉදිරිපත් විය. දෙපාර්ෂවයම අගතියට පත් නොවන ලෙස යහපත් විසඳුමක් ලබා ගැනීමේ අවශ්‍යතාවය දිසාපතිතුමන්ගේ දැඩි අවධානයට යොමු විය.
ඒ අනුව ජල උල්පත් පිහිටි ඉඩමෙන් ඉඩම්හිමියාට කරදරයක් නොවන ලෙස ඔහුගේ කැමැත්ත මත නල මාර්ගයෙන් පිටතට ජලය ගෙන යාබද ඉඩමේ ජල ටැංකියක් ඉදිකර ඒ හරහා. අවශ්‍ය පවුල් සඳහා ජලය බෙදා හැරිමේ යෝජනාව ක්‍රියාත්මත කිරිම සඳහා ප්‍රජා ජල සම්පාදන මණ්ඩලය ඇතුළු අදාල ආයතනයන්ට ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන මෙන් දිසාපතිතුමන් උපදෙස් ලැබිණි.
මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක, මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් එම්. එම්. පී පෙතන්ගොඩ, කෑගල්ල මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඒ. කේ පෙරේරා යන මහත්ම මහත්මීන් හා යටියන්තොයට පොලිස් ස්ථානාධිපති,ප්‍රජා ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් , අඩවි වන නිලධාරි කාර්යාල නිලධාරීන්, එම ප්‍රදේශයේ ජලය ලබා ගන්නා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.






සුරකිමු ගංගා ජාතික වැඩ සටහන යටතේ මේ වන විට ගංගාවන්හි ජලය දුෂණයට ලක්වන හා පරිසර පද්ධතිය හානියට ලක්වන ස්ථාන ප්‍රාදේශීය මට්ටමින් හදුනාගෙන එම තත්වයන් අවම කිරිම සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරිම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (20) දිස්ත්‍රික් ලේකම්/ දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කය වසර පුරාම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශයකි. ඒ හේතුවෙන් ගංගා ආශ්‍රිතව නොදිරන කැලිකසල එක් විමේ වැඩ් ප්‍රවනතාවයක් ඇත.කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා මේ වන විටත් ව්‍යාපෘති යෝජනා තුනක් සඳහා අනුමැතිය හිමි වී ඇත.
ඒ අනුව පලාත් පාලන ආයතන 12 සදහා විධිමත් ලෙස කසල බැහැර කිරිමේ ක්‍රමවේදය පිළිබදව අවධානය යොමු වි ඇත. රුපියල් මිලියන 7.2 මුදලක්, බ්‍රේල යන්ත්‍ර (නොදිරන කසල කුට්ටි ලෙස සකස් කිරිම සදහා) 9 ක් මිලදි ගැනීම සදහා වෙන් වී ඇත. විශේෂයෙන් නාගරික ප්‍රදේශයන්හි ජනතාව විධිමත් ලෙස කසල බැහැර කිරිමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අතර ජනතාව දැනුවත් කිරිම කෙරෙහි මෙහිදි අවධානය යොමු විය.
බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කැළණි ගගේ ජල පෝෂක රිටිගහ ඔය සංරක්ෂණය කිරිමටත් , බුලත්කොහුපිටිය නගර මධ්‍යයේ ගලා බසිනා අලවතුර ඇලට අවිධිමත් ලෙස කසල බැහැර කිරිම පාලනය කිරිම කෙරෙහි අවධානය යොමු විය. ජනතාව දැනුවත් කිරිම, ඔයේ නිර්මාණය වී ඇති ගොඩැලි ඉවත් කිරිම, ඛාදනය වී ඇති ස්ථාන සංරක්ෂණය කිරිම සදහා ආරක්ෂිත පැල සිටුවීම පිළිබදවද සාකච්ඡාවට ලක් විය.
කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් ගුරුගොඩ ඔයේ ජල පෝෂක ප්‍රදේශය සංරක්ෂණය කිරිමත්,තුළුමුව හරහා ලබා ගන්නා ජලයේ ගුණාත්මක බව ඉහල නංවා ගැනීම කෙරෙහි අවධානය යොමු විය. ඒ යටතේ උදුගොඩ ගොවිපොලේ අපදියර විධිමත් ලෙස බැහැර කිරිම සඳහා ටැංකි ස්ථාපිත කිරිම, මොරොන්තොට සති පොල ආශ්‍රිතව ජීව වායු ඒකකයක් ස්ථාපිත කිරිම, කෑගල්ල සති පොලේ කැළි කසල විධිමත් ලෙස බැහැර කිරම සම්බන්දව දැනටමත් කටයුතු කෙරෙමින් පවති.
යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කැළණි ගගට අපදුව්‍ය එක්වීම ශ්‍රිපාද වන්දනා සමයත් සමග බහුලව සිදුවන බැවින් ඒ සදහා විධිමත් ක්‍රමවේදයක අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු විය.කැළණි ගගේ කිතුල්ගල ආශ්‍රිතව වැසිකිලි පද්ධතියක් ස්ථාපනය කිරිම,ඉවුරු සංරක්ෂණය කිරිම සඳහා පැල සිවුවීම, දැනුවත් කිරිමේ පුවරු සිටුවිම කෙරෙහිද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
මේ අවස්ථාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.ජී.ටී. එන්. කිරිඇල්ල, කෑගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති ජගත් ජයසිංහ, අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස් රත්නායක, මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ කේ. ඒ පෙරේරා, දිස්ත්‍රික් සැපසුම් අධ්‍යක්ෂ ඒ. ඒ. වීරකෝන්, දිස්ත්‍රික් කෘෂි කර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, යන මහත්ම මහත්මීන්ද, පලාත් පාලන සහකාර කොමසාරිස්,පරිසර නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.





කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා විම සඳහා අවශ්‍ය උපකරණ හා වියලි ආහාර ද්‍රව්‍ය කට්ටල ජනතා සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ නිශාන්ත කස්තුරි මහතා විසින් දිස්ත්‍රික් ලේකම් / දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතා වෙත භාර දීම අද පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලයේ හවුල්කාරී සංවිධාන, දිස්ත්‍රික් හා ප්‍රාදේශිය අන්තර් ආගමික කමිටු ජාලය විසින් ජර්මනියේ මිසරෝ සංවිධානයේ අනුග්‍රහය ඇතිව මෙම උපකරණ හා ද්‍රව්‍ය ආධාර පරිත්‍යාග කිරිම සිදු විය.
මේ යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි අවශ්‍ය නිලධාරීන් සඳහා පි. පි. ඊ. ඇදුම් කට්ටල 150 ක්, සෝදන බේසම් 6ක්, විෂබීිජ නාශක දියර ඉසිමේ යන්ත්‍ර 6ක්, වැඩිහිටි නිවාස හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත ලබා දීමට හා වියලි ආහාර ද්‍රව්‍ය කට්ටල තෝරා ගත් පවුල් 70 ක් සඳහා බෙදා දිමට නියමිතය.
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ. වීරකෝන්, දිස්ත්‍රික් කෘෂි කර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද , රාජ්‍ය නොවන සංව්ධාන සම්බන්ධිකාරක නිශාන්ත ප්‍රේමතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාඟේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්තිි ප්‍රකාශයේ සඳහන් කෘෂිකර්මාන්තයේ දියුණුව සඳහා හදුුන්වාදි තිබෙන "වාරි සෞභාග්‍යා" වැඩ සටහන යටතේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බුලුගහදෙනිය ග්‍රාම නිලධාරි වසමේ උඩනාරුස්ස අමුණෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කළාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතාඟේ ප්‍රධානත්වයෙන් අද (18) දින පෙරවරුවේදි ආරම්භ කෙරිණි.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙන අමුණ තුලින් කුඹුරු අක්කර 25 කට දෙ කන්නයේම ජලය ලබාදිමට හැකිි වන අතර රුපියල් ලක්ෂ 14 ක් මේ සඳහා වැය කෙරේ.වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ඉදිකිරිම් කටයුතු සිදුකෙරේ.
කළාපීය සහයෝගිතා රාජ්‍ය අමාාත්‍ය තාරක බාලසුරිය මහතා මෙහිදි සඳහන් කලේ කාබනික පොහොර නිෂ්පාදනය සුලු,මධ්‍ය,හා මහා පරිමාණ අකාරයට නිෂ්පාදනය කිරිම මෙන්ම ගෘහ ඒකක මට්ටමින් ද නිෂ්පාදනය කිරිමට කටයුතු කල යුතු බවයි.
මෙම අවස්ථාවට කෑගල්ල දිසාපති/දිස්ත්රික් ලේකම් මහින්ද එස් විරසූරිය .කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කේ.ජි.එස් නිශාන්ත කෑගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති ජගත් ජයසිංහ යන මහත්වරුන් ඇතුලු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගිවි සිටියහ.





ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් බිහි කිරිම සදහා සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂද්‍ර මුල්‍ය , ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන "සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන " වැඩසටහන් මාලාවේ තවත් ගම්මානයක් සඳහා පහසුකම් සැපයීම අද (12) පෙරවරුවේ දෙහිඕවිට දෙබෑගම, තිඹිරිපොල ගම්මානයේ දී මැති ඇමතිවරැන්ගේ හා රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
මෙහිදි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂද්‍ර මූල්‍ය, ස්වයං රැකියා , ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සෘජුවම සමෘද්ධි ප්‍රතිලාභින්ගේ ආර්ථිකය නඟා සිටුවීම සඳහාත් , සමෘද්ධි ප්‍රතිලාභී නො වන අඩු ආදායම් සහිත ආර්ථික තත්වය නඟා සිටුවීමට උන්නදු ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කිරීමටත් සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේ අරමුණ වන බව ය.
දේශිය නිෂ්පාදන කර්මාන්ත ශක්තිමත් කරමින් මෙවැනි නිෂ්පාදන ගම්මාන 500 ක් දීප ව්‍යාප්තව මෙම වසර තුලදී ඇති කිරීමට නියමිත අතර 2022 වර්ෂයේ දී ඊට තවත් ගම්මාන 1000ක් එක් කිරීමට අපේක්ෂිත ය.
මෙම දෙබෑගම නිෂ්පාදන ගම්මානය මීමැසි පාලනය, කෙසෙල් වගාව සහ බුලත් වගාව කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යන අතර පලමු අදියරේ දී රුපියල් මිලියන 10ක මුදලක් ප්‍රතිපාදන ලෙස වෙන් කර ඇත. ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 120 කි. මෙම අවස්ථාවේ දී එම නිෂ්පාදකයින් සඳහා මීමැසි පෙට්ටි සහ කෙසෙල් සහ බුලත් පැළ ලබා දීම ද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට සමාගම් වතු ප්රතිසංස්කරණ , තේ වතු ආශ්‍රිත බෝග වගා තේ කර්මාන්තශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්ය ඇමති කනක හේරත්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනී රාජිකා වික්‍රමසිංහ, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල මහතා ඇතුලු ප්‍රාෙද්ශීය දේශපාලන අධිකාරිය, කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය, ,සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි,දෙහිඕවිට ප්‍රාදේශිය ලේකම් චන්දන පියදාස, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ වීරකෝන්, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී.කුසුම්සිරි, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ජනනි මදුරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු සමෘද්ධි ප්රතිලාභීන් පිරිසක් සහභාගී වී සිටිය හ.







සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ මූල්‍ය අවශ්‍යතා, මූලික ප්‍රාග්ධන අවශ්‍යතා, ස්වයං රැකියා ඇතුලු සමෘද්ධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම උදෙසා සහ සමෘද්ධිලාභීන්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීමටත් ,ආයෝජන වැඩි කිරීමටත් මෙවැනි සමෘද්ධි බැංකු ආරම්භ කිරීම තුලින් හැකි වන බව කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ ය.
කෑගල්ල දිසාපතිවරයා මේ බව සඳහන් කළේ රුපියල් ලක්ෂ 120 ක වියදමින් නවීකරණයට ලක් කෙරුණු දෙහිඕවිට අටළුගම්පුර සමෘද්ධි බැංකු ගොඩනැඟිල්ල අද (16) පෙරවරුවේ විවෘත කිරීමෙන් පසුව පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් අඩු ආදායම්ලාභී දිළිඳු පවුල් සවිබල ගැන්වීම සඳහා සමෘද්ධි වැඩසටහන මහඟු පිටිවහලක්ව පවතින අතර ලක්ෂ 17 ½ ක් වන සෘජු සමෘද්ධි ප්‍රතිලාභින් උදෙසා මෙවැනි නවීන සමෘද්ධි බැංකු ඡාලා ඉදි කරමින් පෞද්ගලික අංශය හා තරඟකාරීව කටයුතු කරමින් සමස්ත රටේ දිළිඳු කම තුරන් කිරිමටත් , ස්ථීර ආදායම් මාර්ග බිහි කිරීමටත් අවස්ථාව මෙවැනි වැඩසටහන් ඹස්සේ යථාර්ථයක් වන බව මෙහි දී අදහස් දක්වමින් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂද්‍ර මූල්‍ය, ස්වයං රැකියා , ව්‍යාපාර සංවර්ධන හාඌ ණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මෙම වැඩසටහනට සමඟාමීව සමෘද්ධි පවුල්වල සිසු දරු දැරියන් සඳහා ‘සිප් දොර’ ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමක්, නිවාස මූල්‍යාධාර ප්‍රධානයක් ද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, සමාගම් වතු ප්රතිසංස්කරණ , තේ වතු ආශ්‍රිත බෝග වගා තේ කර්මාන්තශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්ය ඇමති කනක හේරත්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනී රාජිකා වික්‍රමසිංහ, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල, ,සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි,දෙහිඕවිට ප්‍රාදේශිය ලේකම් චන්දන පියදාස, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ වීරකෝන්, දිස්ත්‍රික් සමුර්දි අධ්‍යක්ෂ ටී.ඒ.පී.කුසුම්සිරි, අධ්‍යක්ෂ නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ජනනි මදුරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු සමෘද්ධි කලමණාකරුවන් , සමෘද්ධි ප්රතිලාභීන් පිරිසක් සහභාගී වී සිටිය හ.








ස්වභාවික සුන්දරත්වයෙන් යුත් දිය ඇලි 40 කට පමණ ආසන්න ප්‍රමණනයකින් යුක්ත කෑගල්ල දිස්ත්‍රික්කය දෙස් විදෙස් සංවාරකයින්ගේ ආකර්ෂණය දිනා ගන්නා ස්ථානයක් බවට පත් කිරිම කාලීන අවශ්‍යතාවයක් යැයි කෑගල්ල දිසාපති / දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ අද දින (13) කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවති දිය ඇලි ආශ්‍රිත සංවාරක සැලැස්මක් සකස් කිරීම පිළිබද රැස්වීමකට සහභාගී වෙමිණි.
පවතින කොවිඩ් 19 වසංගත තත්වය නිසා සංවාරක කර්මාන්තය ආශ්‍රිතව යම් බිද වැටීමක් සිදු වුවත් 2030 වන විට ඩොලර් බිලියන 10 ක විදේශ විනිමයක් කරා ලගා වීම ඉලක්කය බවත් ඒ සඳහා කෙටි කාලීන හා දිගු කාලීන සැලැස්මක් සකස් කිරිම පිළිබදව මේ වන විටත් කටයුතු සිදු වෙමින් පවතින බව සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ටී. එම්. ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා පැවසීය.
ඒ අනුව මේ වසර තුළදී කෑගල්ල දිස්ත්‍රික්කයේ දිය ඇලි ආශ්‍රිත සංවාරක කටයුතු ප්‍රවර්ධනය කිරිම සම්බන්ධයෙන් අවධානය යොමු විය . අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අසුපිනි ඇල්ල , යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මන්නාකැති ඇල්ල හා ඹ්ලු ඇල්ල, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇලි හත හා රක්ඛනාව ඇල්ල, බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නළගන ඇල්ල, මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝ ඇල්ල, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මානැල්ල ඇල්ල ආශ්‍රිතව සංවර්ධන කටයුතු සිදු විය යුතු ආකාරය පපිළිබඳව මෙහිදි සාකච්ඡා විය.
ලංකාවේ ප්‍රධානතම වාණිජ දිස්ත්‍රික්කය වු කොළඹ, ප්‍රධානතම සංස්කෘතික නගරය වු මහනුවර, ප්‍රධානතම සංචාරක දිස්ත්‍රික්කය වු නුවරඑළිය කෑගල්ල දිස්ත්‍රික්කයට මායින්ව පිහිටිම සංචාරක කර්මාන්තය දියුණු කිරිම කෙරෙහි බලපාන වැදගත් සාධකයන්ය. ඊට අමතරව කොළඹ හා නුවර අතර ප්‍රධානතම මහා මාර්ගය හා දුම්රිය මාර්ගය කෑගල්ල දිස්ත්‍රික්කය හරහා ගමක් කිරිමත්,නුවරඑළිය දිස්ත්‍රික්කයට සමාන දේශගුණික තත්වයක් සහිත ප්‍රදේශ ගනණාවක් යටියන්තොට සීපොත්, කිතුල්ගල, බුලත්කොහුපිටිය දේදුගල ආශ්‍රිතව පැවතීමත් විශේෂිතය.
මේ අවස්ථාව සඳහා සමාගම් වතු ප්රතිසංස්කරණ තේ හා රබර් ආශ්‍රත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණ තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්ය අමාත්ය කනක හේරත් මහතා ,කෑගල්ල දිස්ත්‍රික් සමිබන්ධීකරණ කමිටු සම සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ, වරකාපොල ප්‍රාදේශිය සභාවේ සභපතිතුමන් ඇතුළු දේශපාලන අධිකාරිය, කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ.වීරකෝන් යන මහත්ම මහත්මීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් , දිස්ත්‍රික් සහකාර සැලසුම් අධ්‍යක්ෂවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.






පවතින කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ දැඩි කැපවීමෙන් යුතුව රාජකාරී කටයුතු සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය උදෙසා සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ ශ්වසන යන්ත්‍ර ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් පරිත්‍යාග කිරීම අද (12) දින පෙරවරුවේ දී රඹුක්කන අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි.
හිරු මාධ්‍ය ජාලය සහ රතු කුරුස සමාජය මඟින් මෙම පරිත්‍යාග සඳහා අනුග්‍රහය ලබා දෙන ලදී.
මෙම භාණ්ඩ පිරිනැමීමේ අවස්ථාවට කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය, රඹුක්කන ප්‍රාදේශීය ලේකම් ඉන්දික ලියනගේ, කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමාර් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුලු රෝහල් වෛද්‍ය අධිකාරි, හිරු මාධ්‍ය ජාලයේ හා රතු කුරුස සමාජයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.










මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නව ප්‍රාදේශිය ලේකම් ලෙස ශ්‍රි ලංකා පරිපාලන සේවයේ 11 ශ්‍රේණියේ නිලධාරිනියක වන වී.ඕ.එල්.එස් රත්නසේකර මහත්මිය අද (08) දින වැඩභාර ගත්තාය.
2009/03/02 ශ්‍රි ලංකා පරිපාලන සේවයට එක්වූ ඇය වසර තුනක් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරියක ලෙස හා වසර දෙකක් පරිවාස හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස හා සමාජ සේවා කොමසාරිස් ධූරය ද, වසර 05 ක් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්යක්ෂවරිය ලෙස ද , දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශිය ලේකම් වරියක ලෙස වසරකට ආසන්න කාලයක් සේවය කර තිබේ.
වී.ඕ.එල්.එස් රත්නසේකර මහත්මිය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය සහ ශාස්ත්‍රපති උපාධිය ද , ශ්‍රි ලංකා රසායන විද්‍යා ආයතනයේ විද්‍යාවේදී ( රසායන විද්‍යාව) උපාධිය ද ලබා ගෙන තිබේ.
මෙම අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් , ගලිගමුව ප්‍රාදේශිය ලේකම් සුසන්ත හේරත් යන මහත්ම මහත්මීන් හා මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ගමින් ගමට ගොස් ජනතා අවශ්‍යතා විමසා බැලෙන නව වන ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටන පසුගිය පෙබරවාරි මස 06 වන දින දැරණියගල දික්ඇල්ල කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ දි පැවැත්විණි.
එහි දී ජනතාව ඉදිරිපත් කළ ගැටලු සඳහා ලබා දී ඇති විසඳුම් පිළිබඳ විමසා බැලෙන මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමක අද (07) දින පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැතුවිණි.
ඒ අනුව අධ්‍යාපන, ජල සම්පාදන හා ඉඩම් ආශ්‍රිතව සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන්හි වත්මන් තත්වය අදාල අංශ නියෝජනය කරන නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලදී. දික්ඇල්ලකන්ද කණිෂ්ඨ විද්‍යාලයට දැඩි ලෙස අවශ්‍යව තිබූ භෞතික පහසුකම් රැසක් මේ වන විට ලබා දි ඇති බව මෙහි දි අනාවරණය වූ අතර පොත්දෙණිකන්ද මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන්ම නිමාවට පත්ව ඇත.
ඊට අමතරව ප්‍රදේශයේ අනෙකුත් පාසලවල පවතින ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරමින් පවතී. මීට අමතරව ඉඩම් හා ජල පහසුකම් ලබා දීම සම්බන්ධ වත්මන් ප්‍රගතිය සාකච්ඡාවට ලක් කළ අතර ඉදිරිපත් වූ ජනතා ගැටලු සඳහා ක්‍රියාමාර්ග මේ වන විටත් ගනිමින් තිබෙන බව මෙහි දි ප්‍රකාශ විය.
මෙම අවස්ථාවට කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය, අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, දැරණියගල ප්‍රාදේශීය ලේකම් බංඩාර මැණිකේ යන මහත්ම මහත්මීන් හා කෑගල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂවරුන් ඇතුලු අදාල අංශ නියෝජනය කරන නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.




තිරසාර කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව තුල කාබනික වගාවන් දිරි ගැන්වීමේ දැවැන්ත කාර්යභාරයක් ඉටුකරන ද.කොරියානු සෙමාවුල් ගෝලීය පදනම මේ වන විටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ග්‍රාම නිලධාරී වසම් 03 ක් කේන්ද්‍ර කර ගනිමින් සාර්ථක බිම්මල් වගාවක් හා කාබනික වගා ව්‍යාපෘතියක් හඳ්‍රන්වා දෙමින් එම ගොවි ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට කටයුතු කරමින් සිටීයි.
ඉහත අවස්ථාවට සමඟාමීව සෙමාවුල් ගෝලීය පදනම හා KOICA ආයතන එක්ව පවත්වන ලද මානව සම්පත් හා සමාජ සංවර්ධනය වැඩමුලුව සඳහා සහභාගී වූ නිලධාරීන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීමක් ද අද (07) පෙරවරුවේ කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
පුරා වසර 03 ක කාලයක් කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට බිම්මල් වගාව හා කාබනික වගා ව්‍යාපෘති ගණනාවක් සිදු කරමින් දායක වූ සෙමාවුල් ගෝලීය පදනමේ අධ්‍යක්ෂ පාර්ක් මහතාට සමු දීමේ අවස්ථාවට එක් වෙමින් අදහස් දැක් වූ කෑගල්ල දිසාපති /දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ සෙමාවුල් ගෝලීය පදනම හා එක්ව කටයුතු කිරිමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බව ය. තව ද කෑගල්ල දිස්ත්‍රික්කය කෘෂි කර්මාන්තය වෙනුවෙන් එම පදනමේ අධ්‍යක්ෂ පාර්ක් මහතා දැක් වූ දායකත්වය ද දිසාපතිතුමාගේ ඇගයීමට ලක් විය.
දේශීය මෙන්ම විදේශිය පුහුණු අවස්ථාවන් ද ලබා දෙමින් ගොවි ජනතාවට කාබනික වගා ක්‍රමෝපායන් පිළිබඳ ලබා දුන් අවස්ථාවන් මෙන්ම දේශීය කෘෂිකර්මාන්තයට දැක් වූ මෙහෙය වෙනුවෙන් අධ්‍යක්ෂ පාර්ක් මහතාට කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මෙහි දී සමරු ඵලකයක් තිලිණ කෙරිණි.
ඉදිරි පස් වසරක් වෙනුවෙන් වූ නවමු කෘෂි ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 25 ක මුදලක් මේ වන විටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත වී ඇති අතර ඒ ඹස්සේ පලමු වර්ෂය තුල ගොවීන් 40 දෙනෙකුගෙන් තෝරා ගනිමින් වසර 5 අවසානයේ ගොවීන් 400 දෙනෙකු සඳහා කාබනික වගා අවස්ථාවන් ලබා දීමට කටයුතු කරන බවත් ශ්‍රි ලංකාවේ තිරසාර කෘෂි රටාවක් ඇති කිරීමට පූර්ණ සහයෝගය තම පදනමට ලබා දෙන ලෙසත් මෙහි දී අදහස් දක්වමින් අධ්‍යක්ෂ පාර්ක් මහතා කියා සිටියේ ය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, රඹුක්කන ප්‍රාදේශීය ලේකම් ඉන්දික ලියනගේ ,දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද , ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් සාගරිකා මැදිවක යන මහත්ම මහත්මීන් හා පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ, KOICA ආයතනයේ හා සෙමාවුල් ගෝලීය පදනමේ නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.








කොවිඩ් වසංගතය හමුවේ වුව ද අඛණ්ඩව තම රාජකාරී කටයුතු පවත්වාගෙන යන රාජ්‍ය සේවකයින් සඳහා ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් අද (06) දින පෙරවරුවේ කෑගල්ල නගර ශාලාවේ දී කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ උපදෙස් පිරිදි ක්‍රියාත්මක විය.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන නිලධාරීන් 350 දෙනෙකු සඳහා සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව මෙහි දී ලබා දුන් අතර තවත් රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන් සඳහා එන්නත් ලබා දීම ද මීට සමඟාමීව සිදු කෙරිණි.
මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක යන මහත්මීන් හා කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.




අරණායක මැතිවරණ කොට්ඨාසයේ නාරම්ගම්මන ග්‍රාමය කේන්ද්‍ර කර ගනිමින් සෞභාග්‍යා කුළුබඩු නිෂ්පාදන ගම්මානයේ ප්‍රතිලාභින් 50 දෙනෙකු සඳහා මූල්‍යමය ආධාර ලබා දීමක් අද (05) පස්වරුවේ දී නාරම්ගම්මන විහාරස්ථානයේ දී සිදු කෙරිණි.
ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම හා එම ජනතාව දිරි ගන්වමින් ජීවන තත්වය උසස් කිරීම ඔස්සේ ජාතික ආර්ථිකය ඉහළ නැංවීම සඳහා රජය මෙවැනි වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.
මෙම අවස්ථාවට එක්වූ සමාගම් වතු ප්රතිසංස්කරණ තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණ තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්ය අමාත්ය කනක හේරත් මහතා ප්‍රකාශ කළේ රජය මඟින් ක්‍රියාත්මක කරන මෙවන් සුභසාධක වැඩසටහන්වල ඇති ප්‍රයෝජන ජනතාව විසින් නිසි ලෙස ලබා ගැනීමට නම් උනන්දුව හා උත්සාහය මත පදනම්ව කටයුතු කිරිම අත්‍යවශ්‍ය වන බව ය. ඒ ඹස්සේ දේශීය කර්මාන්ත සංස්කෘතියක් බිහි කරමින් රට ඉහළ සංවර්ධනයක් කරා ගෙන ඒම සිය අපේක්ෂාව බව ද සඳහන් කළේ ය.
මෙම අවස්ථාවට කලාපිය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා හා ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය , කෑගල්ල/ දිසාපති දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය, අරණායක ප්‍රාදේශිය ලේකම් ඉසෙඩ් එම් ෆයිසාර්, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ වීරකෝන්, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.







ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සතුටින් ජීවත් වන පවුලක් ගොඩ නැංවීමේ දි අවශ්‍ය කෙරෙන මූලික අවශ්‍යතාවයක් වන හිසට සෙවනක් ලබා දීම අරමුණු කරගෙන සෞභාග්‍යා සමෘද්ධි සතියට සමගාමීව රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කවුඩවුල්ල වසමේ සමෘද්ධිලාභී පවුලකට රුපියල් ලක්ෂ හයක වියදමින් ඉදි කෙරුණු නව නිවස එම පවුලට අද (05) පෙරවරුවේ දී යෙදුනු සුභ මොහොතින් පවරා දීම සිදු විය.
මෙම අවස්ථාවට එක්වූ සමාගම් වතු ප්රතිසංස්කරණ තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණ තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්ය අමාත්ය කනක හේරත් මහතා ප්‍රකාශ කළේ රටේ ජනතාවගෙන් සැලකිිය යුතු කොටසක් සමෘද්ධිලාභීන් වන අතර එම පිරිසෙන් පර්චස් 40කට වඩා ඉඩම්හිමි පිරිස් සදහා තේ වගා සහනාධාර ලබා දීමට කටයුතු කරන බව ය. තව ද කොවිඩ් අභියෝගය හමුවේ වුවද ජනතාවගේ සුභසිද්ධිය උදෙසා මේ මොහොතේ සියලු අමාත්‍යංශ ඒකාබද්ධව කටයුතු කරනා බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ය.
මෙහි දී අදහස් දැක් වූ කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ යැපුම් මානසිකත්වයෙන් මිදී රටේ සංවර්ධනයට දායක වන පිරිසක් බවට සමෘද්ධිලාභින් පත් කිරිමට අවැසි කටයුතු කිරීමට තමන් නිරතුරුවම කටයුතු කරනා බව ය.
මෙහි දී සමෘද්ධි ලාභී පවුල්වල උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලත් සිසු දරු දැරියන් සඳහා "සිප්දොර ශිෂ්‍යත්ව" ලබා දීම , ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ මහන මැෂිමක් සමෘද්ධි ව්‍යවසාක කාන්තාවක් උදෙසා පිරිනැමීම, පොරොත්තු ලේඛනගත අඩු ආදායම්ලාභීන් පිරිසකට සමෘද්ධි හිමිකම් පත්‍ර ප්‍රදානයක් ද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට රඹුක්කන ප්‍රාදේශීය සභාවේ සභාපති අතුල හඳගම මහතා ඇතුලු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය, රඹුක්කන ප්‍රාදේශිය ලේකම් ඉන්දික ලියනගේ , දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි යන මහත්ම මහත්මීන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.







රාජ්‍ය නොවන සංවිධාන සාමූහිකත්වයේ කොව්ඩ් 19 ප්‍රතිචාර යටතේ ළමා නිවාස හා වැඩිහිටි නිවාස සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය හා වියළි ආහාර ලබාදීමේ වැඩසටහනක් නෙලුන්දෙණිය වැඩිහිටි නිවාසයේ දී අද (02) පෙරවරුවේ දී කෑගල්ල දිසාපති / දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම ද්‍රව්‍යමය බෙදා දීම දිස්ත්‍රික් සම්බන්ධීකාරක ප්‍රියන්ත පියතිලක මහතා හා දිස්ත්‍රික් සර්වෝදය මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් සිදු කෙරුණු අතර මෙවැනි වැඩසටහන් 25ක් කෑගල්ල දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කෙරේ.
මෙම අවස්ථාවට වරකාපොල ප්‍රාදේශිය ලේකම් රංගන සජීව, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී රන්දෙණිය යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.





සමස්ත දිවයිනම ආවරණ වන පරිදි ක්‍රියාත්මක වන ‘වාරි සෞභාග්‍යා’ වැඩසටහන අදාලව ග්‍රාමීය වැව් අමුණු සංවර්ධනය කිරිම යටතේ වරකාපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දැදිගම ගල්වල අමුණෙහි ඉදි කිරීම් හා අලුතු වැඩියා කටයුතු යළි ආරම්භ කිරීම අද (02) පෙරවරුවේ දි කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
මෙම ව්‍යාපෘත්තිය සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් ලක්ෂ 40 ක් වන මාස 06 ක කාලක් තුල ඉදිකිරීම් නිම කිරිමට නියමිත ය. ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව සහ වරකාපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව ව්‍යාපෘතියෙහි කටයුතු සිදු කෙරේ
.
මෙම අවස්ථාවට වරකාපොල ප්‍රාදේශිය සභා සභාපති සරත් සුමනසූරිය ඇතුලු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය, වරකාපොල ප්‍රාදේශිය ලේකම් රංගන සජීව මහතා හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.






ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍ය යේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සතුටින් ජීවත් වන පවුලක් ගොඩ නැංවීමේ දි අවශ්‍ය කෙරෙන මූලික අවශ්‍යතාවයක් වන හිසට සෙවනක් ලබා දීම අරමුණු කරගෙන සෞභාග්‍යා සමෘද්ධි සතියට සමගාමීව වරකාපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අඹේපුස්ස වසමේ අඩු ආදායම් සහිත සමෘද්ධිලාභී ගාමිණී කුලතුංග මහතාට රුපියල් ලක්ෂ හයක වියදමින් ඉදි කෙරුණු නව නිවස එම පවුලට අද (02) පෙරවරුවේ දී යෙදුනු සුභ මොහොතින් පවරා දීම සිදු විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනතා කේන්දීය ආර්ථිකයක් බිහි කිරිම සදහා සමෘද්ධි, ගෘහ ආර්ථික , ශ්‍රද්‍ර මුල්‍ය , ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන " සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන " වැඩ සටහනේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන මොලගොඩ මැටි නිෂ්පාදන ගම්මානයේදී සමාගම් වතු ප්රතිසංස්කරණ , තේ වතු ආශ්‍රිත බෝග වගා තේ කර්මාන්තශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්ය ඇමති කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් , කෑගල්ල දිසාපති/ දිස්ත්රික් ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතාගේ සහභාගීත්වයෙන් අද (01) පෙරවරුවේදී පැවැත්විණි.

























