කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරින්ගේ ආකල්ප වර්ධනය කිරිමේ පුහුණු වැඩසටහනක් අද (23) දින පෙරවරුවේ දි කාර්යාලීය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.
මාර්තු මස 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය අරමුණු කර ගනිමින් දිරිය ව්‍යවසාය කාන්තාවන් ජාතික මට්ටමට ගෙන ඒමට දිස්ත්‍රික් ම්ට්ටමින් හොඳම ව්‍යවසායිකාව තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් අද (22) වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලියේ දි පැවැත්විණි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුබසාධක සංගමයේ පුස්තකාලය සඳහා දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ධන පරිත්‍යාගයෙන් පොත් කට්ටල පිරිනැමිමක් අද (21) දින පෙරවරුවේ දි සිදු කෙරිණි.
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ සිටින රාජ්‍ය ආයතනවල තොරතුරු නිලධාරීන් සඳහා වන පුහුණුවක් ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානයෙන් කෑගල්ල දිස්ත්‍රික් දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (18) පෙරවරුවේ දී කෑගල්ල සණස කැම්පස් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .
‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට සමඟාමිව ක්‍රියාත්මක කෙරෙන 'අය වැයෙන් වැඩ ලක්ෂයක් 'වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කය තුල වසමකට ව්‍යාපෘති 07 බැගින් සංවර්ධන ව්‍යාපෘති 4011ක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පවසයි.
කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව අද (15) දින පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී රැස්විණි.
දිස්ත්‍රික් හා ප්‍රාදේශිය වැඩිහිටි බල මණ්ඩලවල වැඩිහිටියන්ගේ සුභසාධනය සඳහා විශාල මෙහෙයක් කල සභාපති, ලේකම් හා සාමාජිකත්වය දැරූ දැනට ජිවතුන් අතර නොමැති වැඩිහිටියන්ට පින් අනුමෝදන් කිරිම හා ජීවත්ව සිටින වැඩිහිටිටන්ට නිදුක් නිරෝගී සුවය පතා ධර්ම දේශනාවක් හා දානමය පින්කමක් පසුගියදා කෑගල්ල වෑවලදෙණිය විහාරස්ථානයේ දී පැවැත්විණි.
සුළු පරිමාණ කොම්පොස්ට් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන මිලදි ගැනීම , ගුණාත්මක තත්වය ඉහල නැංවීම, සංවිධානගත කිරිම අරමුණු කර ගනිමින් අද (11) පෙරවරුවේදි දිස්ත්‍රික් පොහොර මෙහෙයුම් කමිටුව රැස්විණි.
වරකාපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල ඉදි කෙරෙන විසල් ජල යෝජනා ක්‍රමය පිළිබඳ අදාල පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ හමුවක් අද (10) දින පෙරවරුවේ දි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
විදේශ රැකියාවන්හි නිරත විගමණික ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව, සුභසාධනය මෙන්ම විදේශ රැකියා ප්‍රවර්ධනය උදෙසා කටයුතු කරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඔස්සේ සිදු කරන අතර එම විගමනික පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවීම වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 74 වන නිදහස් දිනයට සමඟාමීව කෑගල්ල දිස්ත්‍රික් නිදහස් දින සැමරුම ඉතා චාම් හා විචිත්‍රවත් අයුරින් කෑගල්ල නිදහස් මාවතේ දී වැවිලි කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව 08.00 ට ආරම්භ විය.
74 වන අභිමානවත් කෑගල්ල දිස්ත්‍රික් නිදහස් දින සැමරුම චාම් හා විචිත්‍රවත් අයුරින් පැවැත්විම සඳහා පෙර පුහුණුවිම් කටයුතු පෙබරවාරි 02 සහ 03 යන දිනයන්හි දිී පැවැත්වුණු අතර දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරින් එක්ව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පෙබරවාරි 04 වන දින පෙ.ව 8.00 ට කෑගල්ල නිදහස් මාවතේ දි දිස්ත්‍රික් නිදහස් දින සැමරුම පැවැත්විමට නියමිත යි.









ආහාර සුරක්ෂිතතාවයක් , අලුත් ආදායම් උත්පාදනයත්, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයත් ප්‍රමුඛ තවත් ප්‍රතිලාභ රැසක් අරමුණු කර ගත් ගම සමඟ පිළිසඳර - අය වැයෙන් වැඩ ලක්ෂයක් ජාතික වැඩසටහන 2022 අද දින (03) පෙ.ව 8.52 ට යෙදුනු සුබ මොහොතින් දිවයින පුරා ආරම්භ කෙරිණි.
කෑගල්ල දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක වැඩ සටහන් වල ප්‍රගතිය විමසා බැලෙන දිස්ත්‍රික් නිවාස කමිටුව දිස්ත්‍රික් ලේකම් / දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දින පැවැත්විණි.
74 වෙනි ජාතික නිදහස් දින සැමරුමෙහි කෑගල්ල දිස්ත්‍රික් උත්සවය පෙබරවාරි මස 04 වන දින පෙරවරුවේ දී කෑගල්ල නිදහස් මාවතේ දි ඉතා චාමි හා විචිත්‍රවත් අයුරින් පැවැත්විමට කටයුතු සංවිධානය කරමින් පවතී. එහි ප්‍රගතිය විමසා බැලෙන දෙවන ප්‍රගති සමාලෝචන හමුව අද (27) වන දින පෙරවරුවේ දී දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
‘ගම සමඟ පිළිසඳර වැඩසටහන’ -2022 අදාල ප්‍රගතිය විමසා බැලීමේ හමුවක් අද (27) දින පෙරවරුවේ දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා එක්ව දිස්ත්‍රික්කයේ සේවා වියුක්තිය අවම කරවීම සඳහා විවිධ වැඩ සටහන් සංවිධානය කර ක්‍රියාත්මක කරනු ලබයි.
දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ආරක්ෂා කර ගැනීම හා සංරක්ෂණය කර අනාගත පරම්පරාව වෙත ගෙන යාම සඳහා දේශිය ආයුර්වේද වෛද්‍යවරුන් සහ ප්‍රාදේශිය ආයුර්වේද සංරක්ෂණ සංවර්ධන නිලධාරීන්ගේ සහාය අත්‍යාවශ්‍ය වන බව කෑගල්ල දිසාපති / දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසූරිය මහතා සඳහන් කරයි.
ගම සමඟ පිළිසදර වැඩ සටහන යටතේ ක්‍රියත්මක, ජිවනෝපාය සංවර්ධන වැඩ සටහනේ ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිත ව්‍යාපෘතින් හඳුනා ගැනීම පිළිබඳව සාකච්ජාවක් දිසාපති / දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
2022 වසරේ දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කිරිමට නියමිත වැඩසටහන් පිළිබඳ හමුවක් අද (24) දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
කලාකරුවන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරිම සංස්කෘතික නිලධාරීන්ගේ වගකීම විය යුතු බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ ය.
හින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක උදාව සනිටුහන් කෙරෙමින් පසුගිය 14 වන දා ආරම්භ වූ තෛපොංගල් උත්සවය සිහිපත් කරමින් අද (19) දින කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් තෛපොංගල් සැමරුම් උත්සවයක් පැවත්විණි.
2020 වසරේ රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරින් සංවර්ධන නිලධාරින් ලෙස සේවයේ ස්ථිර කිරීම ඊයේ (18) වන දින අරණායක ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
දිරිය පියස නිවාස ඉදි කිරිමේ වැඩ සටහන ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක තවත් එක් වැඩ සටහනකි.
රාජ්‍ය නාට්‍ය උළෙල - 2022 අවසන් තරගය මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වේ. ඒ සදහා සුදුසුකම් ලැබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ගේ "වැඩි දුරක් නෑ " නාට්‍යය හෙට දින වේදිකාගත වීමට නියමිතයි .

විදේශ සේවයේ යෙදෙන පුද්ගලයින්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා මුල්‍ය සාක්ෂරතාවය හා අවිධිමත් මුල්‍ය ගනුදෙනු වලින් ආරක්ෂා වීම පිළිබදව විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (18) පෙරවරුවෙිදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
පාසල් ළමා ආරක්ෂක කමිටු විසින් හඳුනාගන්නා අවධානම් සහගත ළමුන් සඳහා පාසල් අධ්‍යාපනය නො කඩවා පවත්වා ගැනීමට පාසල් ළමා ආරක්ෂක කමිටු විසින් අධ්‍යාපනික සම්පත් සංචිතයක් ස්ථාපනය කිරිම සඳහා වැඩසටහන් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.
මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව මඟින් එම දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ටඨාසවල සේවය කරන නිලධාරීන් 24 දෙනෙකු සඳහා ටැබ් පරිගණක යන්ත්‍ර සහ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා අවශ්‍ය වන උපකරණ කට්ටල ලබා දිම අද (13) වන දින පෙරවරුවේ දී දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා අතින් සිදු කෙරිණි.
2020 වසරේ රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරින් සංවර්ධන නිලධාරින් ලෙස සේවයේ ස්ථිර කිරීමේ කෑගල්ල දිස්ත්‍රික් පත්විම් ප්‍රදානය සංකේතාත්මකව අද (13) වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
රාජ්‍ය සේවයේ කටයුතු කොට මේ වන විට තම විශ්‍රාම දිවිය ගත කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජේ්‍යෂ්ට පුරවැසියන් නියෝජනය කරන විශ්‍රාමික සුබසාධක සංගම් නියෝජිතයින්ගේ විශේෂ හමුවක් අද (12) වන දින පෙරවරුවේ දී දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පසුගිය දා ඇති වු අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් රඹුක්කන හා ගලිගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පදිංචි පෙර පාසල් යන වයසේ පසුවන දරුවන් 40 දෙනෙකුට අවශ්‍ය අධ්‍යාපන අධාර කට්ටල පිරිනැමීම අද (11) වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසූරිය මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.
පෙබරවාරි 4 වන දින පැවැත්විමට නියමිත 74 වන ජාතික නිදහස් දින උත්සවයේ කෑගල්ල දිස්ත්‍රික් සැමරුම රුක් රෝපණයට මුල් තැනක් ලබා දෙමින් පැවැත්වීමට නියමිත ය. ඒ පිළිබඳව අදාල පාර්ශවයන් සමග පැවැත්වු සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් /දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
අත්තනගල්ල හා රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් ඉඩම් පාදක කොට ගෙන ඉදිවන බස්නාගොඩ ජලාශය ඉදි කිරිම හේතුවෙන් අවතැන් වන පවුල් සඳහා වන්දි ලබා දිමේදී පැන නැඟුනු ගැටලු සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (10) වන පස්වරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
සීඝ්‍රයෙන් පැතිර යන මාරාන්තික ඩෙංගු රෝගය මර්දනය කිරිම සඳහා පසුගියදා පැවති කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් දිස්ත්‍රික්කය තුල ඩෙංගු මර්දනය සඳහා ජනවාරි 10 සිට 14 දක්වා සතියක කාලයක් නම් කරන ලදි.
'සියල්ලටම ප්‍රථම දරුවන්' යන්න සමස්ත රටම ධාරණය කර ගත් වපසරියක සමස්ත ළමා පරපුරටම සමාන අයිතින් හා වරප්‍රසාදයන් විහිදි පවති ද යන්න සැලකිල්ලට ගැනිම වටී. කායික ,මානසික හා සංස්කෘතික වශයෙන් සංවර්ධනය වෙමින් ආදරය හා රැකවරණය ලබමින් සතුටින් කල් ගෙවන දරු පරපුරක් බිහි කිරිම යථාර්ථයක් බවට පත් කර ගැනිම සැමගේ වගකිමක් විය යුතු ය. ඒ අනුව දැඩි සැලකිල්ලට ලක් විය යුතු පිරිසක් වන වතු ආශ්‍රිත දරුවන්ගේ යහ පැවැත්ම පිණිස විවිධ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙමින් පවති.
කෑගල්ල දිස්ත්රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් පිළිබඳ විමසා බැලෙන දිස්ත්‍රික සම්බන්ධීකරණ කමිටු හමුව අද (05) වන දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ පවතින එකම ක්‍රීඩා පාසල වන තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය රටට වැඩදායී පුරවැසියන් බිහි කරනා දිවයිනේ ප්‍රසිද්ධ පාසලකි. ග්‍රාමිය හා පාසල් යටිතල ක්‍රීඩා පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මඟින් ක්‍රීඩා පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන - 2022 යටතේ තෝලංගමුන මධ්‍ය විද්‍යාලය සංවර්ධනය කිරිම සඳහා තෝරා ගෙන ඇති අතර රුපියල් මිලියන 25ක් ඒ සඳහා ප්‍රතිපාදන ලෙස වෙන් කර ඇත.
2021 වසරේ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුපට දායක වු ප්‍රතිලාභීන් 10 දෙනෙකු වෙත හා 2021 වසරේ 5 වසර ශිෂ්‍යත්වය සමත් සිසුන් 04 දෙනෙකු වෙත චෙක්පත් ප්‍රදානය කිරිමක් අද(03) දින පෙරවරුවේ දි දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මිහිරි හා අමිහිරි මතකයන් මැද ගෙවුණු වසර දෙකක අභියෝගාත්මක කාල පරාසයකින් පසුව 2022 නව වසරේ රාජ්‍ය සේවකයින් නිල වශයෙන් තම සේවා කටයුතු ආරම්භ කිරිම අද (03) දින පෙරවරුවේ දී සිදු විය.
සූ සැට කලාවක කෑගලු ප්‍රත්‍යාවලෝකනය කලා විභාෂි -2021 දිස්ත්‍රික් සාහිත්‍ය මහෝත්සවය (29) දින පස්වරුවේ දී කෑගලු විද්‍යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
වැවිලි අමාත්‍යාංශය හා සමෘද්ධි අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන දිළිඳු කුඩා තේ වතු හිමියන් 6000 ක් සවිබල ගැන්වීමේ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රතිලාභින් 100 දෙනෙකු සඳහා චෙක්පත් හා උපකරණ ප්‍රදානය කිරීම වැවිලි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් අද (30) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
අති විශිෂ්ට සාහිත්‍ය කලාවක් හා සංස්කෘතික උරුමයකට හිමිකම් කියන කෑගලු දිසාවේ ලේඛන, නර්තන, සංගීත,කාව්‍ය හා කලා නිර්මාණ කේෂත්‍රයන්හි විස්කම් පෑ දුවා දරුවන් හා කලාකරුවන් ඇගයෙන කෑගල්ල දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය , සූ සැට කලාවක කෑගලු ප්‍රත්‍යාවලෝකනය ,කලා විභාෂි - 2021 හෙට ප.ව 2.30 ට කෑගල්ල විද්‍යාලයේ දී පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර ඇත.
කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ කෑගල්ල දිස්ත්‍රික් සුනාමි සැමරුම් වැඩසටහන අද (26) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හා වෑවලදෙනිය විහාරස්ථානයේදී පැවැත්විණි.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය හා දිස්ත්‍රික් බෞද්ධ කටයුතු අංශය එක්ව සංවිධානය කෙරුණු දහම් පාසල් ගුරුවරු ගුරුවරියන් සඳහා “මත්ද්‍රව්‍ය නිවාරණ” පුහුණු වැඩසටහනක් අද (25) දින පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දිී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් දෙදින සමුළුව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොල්ගොල්ල සමුපකාර සංවර්ධන ආයතනයේ දී ඊයෙ (23) සහ අද (24) දින පැවැත්විණි.
කොරෝනා වසංගත තත්වය තුල ළමුන් නිවෙස්වල ගත කළ කාලය තුල ළමා අපචාර හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි විමේ වැඩි ප්‍රවණතාවයක් දැකිය හැකි බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ ය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ කරුණු විමසා බැලෙන දිස්ත්‍රික් කෘෂි කමිටු රැස්වීම ඊයේ (21) දින කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
විදේශගතව රැකියා කරන ශ්‍රමිකයින්ගේ එතෙර ශ්‍රමයට මෙතෙරින් ලබා දිය හැකි අත්වැල ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම සඳහාත්, නිසි පුහුණුවකින් යුත් සුදුසුකම් සහිත පුහුණු ශ්‍රමිකයින් විදේශ රැකියා සදහා යොමු කිරීම පිළිබඳවත් ප්‍රාදේශීය ලේකම්වරුන් ප්‍රමුඛ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දැනුවත් කිරීමේ දිස්ත්‍රික් වැඩසටහනක් අද (22) පස්වරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
කෑගල්ල දිස්ත්රික්කයේ ක්රියාත්මක වන මාර්ග සංවර්ධන වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනය විමසා බැලෙන හමුවක් අද (22) දින පෙරවරුවේ දි වැවිලි කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනතා කේන්ද්‍රිය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා දේශීය නිෂ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීමට විවිධ වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවති.
ආපදා කලමණාකරණ සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක කෙරෙන ආපදා අවදානම් අවම කිරිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. එම වැඩසටහන යටතේ ආපදා අවදානම් පවතින දිස්ත්‍රික්ක කිහිපයක් තෝරා ගෙන පවතින අතර ඊට කෑගල්ල දිස්ත්‍රික්කය ද අයත් වේ.
කෑගල්ල දිස්ත්රික්කයේ ක්රියාත්මක වන අපනයන කෘෂි කලාප වැඩසටහන යටතේ අරනායක, මාවනැල්ල, රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලින් තෝරා ගත් ගම්මිරිස් වගාකරුවන් 40 දෙනෙක් හට සංකේතාත්මකව ගම්මිරිස් පැල හා වගාව සඳහා අවශ්‍ය උපකරණ ලබා දිම සහ කුළු බඩු නිෂ්පාදනයන්හි අගය එකතු කිරිමේ මධ්‍යස්ථාන දෙකක් සදහා අවශ්‍ය උපකරණ ලබා දම පසුගියදා මාවනැල්ල අඹ සෙවන හෝටල් පරිශ්‍රෙය්දී සිදු කෙරිණි .
බෞද්ධ ශාසනය නඟා සිටුවීම වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක ඉදිරි කටයුතු විමසා බැලෙන දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය අද (17) වන දින පස්වරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .
සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතය පාලනය කිරිමට සඳහා ගත හැකි ආරක්ෂිතම ක්‍රමවේදය වන එන්නත්කරණය මේ වන විට රට පුරා සාර්ථකව ක්‍රියාවට නැංවෙමින් පවතී. එහි තවත් පියවරක් වන රාජ්‍ය සේවකයින් සඳහා වන තුන් වන එන්නත් මාත්‍රාව ලබා දීම (බූස්ටර්) අද (16) දින කෑගල්ල නගර සභා ශාලාවේ දී ක්‍රියාත්මක විය. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම තවත් රාජ්‍ය ආයතන ගණනාවක කාර්‍යමණ්ඩල සඳහා එන්නත ලබා දිම මෙහි දි සිදු කෙරිණි.








"සිත් සියපත්" දිස්ත්‍රික් සාහිත්‍යය කලා මහෝත්සවයට සමගාමිව කෑගල්ල දිස්ත්‍රික්කයේ සිටින දුවා දරුවන්ගේ හැකියාවන් මැන බැලෙන දිස්ත්‍රික් පද්‍ය ගායනා තරග හා අත් අකුරු තරගය අද දින (15) දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දී හා සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි .
කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයෙන් මේ වන විට 35%ක් ආවරණය වන බවද 2025 වර්ෂයට පෙර සැමට පානීය ජලය ලබා දීමේ වැඩසටහන යටතේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරිමට කටයුතු කරන බව ග්‍රාමීය හා ප්‍රාදේශිය, පානීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය .
තාක්ෂණය මත පදනම් වන සමාජයක් සහ ඩිජිටල්කරණය වූ ශ්‍රි ලංකාවක් යන රාජ්‍ය ප්‍රතිපත්ති යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොම්ෂන් සභාව විසින් ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.ඒ යටතේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි 4G තාක්ෂණය භාවිතා කරමින් විදුලි සංදේශ පහසුකම් පුළුල් කිරිම සඳහා දිවයිනේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම ග්‍රාම නිලධාරී වසම් හා ගම්මාන ආවරණය වන පරිදි විදුලි සංදේශ හා තොරතුරු සන්නිවේදන පහසුකම් ඇති කිරිම උදෙසා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට නියමිත ය.
2020 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියේ අන්තර් දෙපාර්තමේන්තු කාණ්ඩයේ සමස්ත දිවයිනේ 3වන ස්ථානය කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හිමි වු අතර සෙසු ජයග්‍රහණ ලබා ගත් දිස්ත්‍රික්කයේ අනෙකුත් ආයතන හා ඒ සඳහා මඟ පෙන් වූ , කැප වු සියලුම නිලධාරීන්ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්තූතිය.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන පාසල් අධ්‍යාපනය ලබන හා ඉන් ඉවත්ව යන ප්‍රජාව රටේ සංවර්ධනයට විධිමත් ලෙස දායක කර ගැනීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක නිපුණතා සංවර්ධන දිස්ත්‍රික් කමිටු වැඩසටහන්හි කෑගල්ල දිස්ත්‍රික් දෙවන හමුව අද (03) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී රැස්විය.
එහි පළමු රැස්වීම පසුගිය මාර්තු මස 16 වන දින පැවැත් වූ අතර එහිදී පිහිටුවා ගත් කමිටු 07 හි වත්මන් ප්‍රගතිය අද දින සමාලෝචනය කෙරිණි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වැනි ශ්‍රේණියට අන්තර් ග්‍රහණය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයට අනුයුක්ත කරන ලද නවක පරිපාලන නිලධාරීන් තමන් රාජකාරිය කළ මාස දෙකක පමණ කාලය තුළ පුහුණුව ලද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දී ලබාගත් අත්දැකීම් අළලා සිදුකෙරුණු ප්‍රගතිය විමසා බැලීමේ හමුවක් අද (03) පස්වරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .
මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාවට නංවන ලද වෘත්තීය මාර්ගෝපදේශ සතිය නොවැම්බර් මස 4 -10 දින දක්වා පැවැත්වූ අතර ඊට සමගාමීව මාර්ගගත ක්‍රමවේද ඔස්සේ දියත් කළ තරගාවලියේ ජාතික මට්ටමේ ත්‍යාග හා සහතික පත් ලබා ගත් කෑගල්ල දිස්ත්‍රික්කයේ සිසු දරු දැරියන් හත් දෙනකු වෙනුවෙන් ඔවුනට හිමි සහතික පත් පිරිනැමීම අද (03) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .
කෑගල්ල දිස්ත්‍රික් විගණන කළමණාකරණ කමිටු රැස්වීම කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) දින පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කෘෂිකාර්මික තරුණ ව්‍යවසායකත්වය සංවර්ධන වැඩසටහන 2021 යටතේ කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහනක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල කෘෂිකර්ම අමාත්‍යංශයට අනුයුක්ත සංවර්ධන නිලධාරීන් සඳහා පැවැත්විණි.
කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසුරිය මහතාගේ විශේෂ අවධානයක් මත ක්‍රියාත්මක වූ මෙම වැඩමුළුවේ දි කාබනික පොහොර නිපදවන ක්‍රියාවලිය, ව්‍යාපාරයක් ලෙස පොහොර නිෂ්පාදනය කිරිම ඇතුලු එම කේෂත්‍රයට අදාල කරුණු රැසක් පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබා දීම සිදු කෙරිණි.
එම වැඩසටහන ඊයේ (30) දවස පුරා පවත්වන ලද්දේ මාකඳුර තිරසර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ දි ය.
කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනි, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි යන මහත්ම මහත්මීන්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂකවරුන් ඇතුලු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටිය හ.




ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන ජාතික ශරිර සුවතා ව්‍යාපෘතියෙහි (දෙවන අදියර) සඳහා කෑගල්ල දිස්ත්‍රික් පුහුණුකරුවන් සඳහා වන දෙදින වැඩමුලුව අද (30 ) දින පෙරවරුවේ දි කෑගල්ල මහජන ක්‍රීඩාංගනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේ දි ආරම්භ විය.
දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දිල්රුක්ෂි ඒකනායක මහත්මිය මෙහි දි බෝ නො වන රෝග පිළිබඳ පළමු දේශනය සිදු කළාය.
මෙම දෙදින පුහුණ වැඩසටහන තුල දි පෝෂණය, ශක්ති වර්ධනය හා යෝග්‍යතා පුහුණු වැඩසටහන, දිස්ත්‍රික් ශරිර සුවතා සංගමය පිහිටුවීම යනා දි කාරණා පිළිබඳ අවධානය යොමු කෙරේ. මෙම වැඩමුළුව සඳහා දිස්ත්‍රික් ශරීර සුවතා පුහුණුකරුවන් 100 දෙනෙකු සම්බන්ධ වේ.
මෙම සමාරම්භක අවස්ථාවට ක්‍රීඩා හා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජනක සමරසිංහ, දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරිනී සුසීමා පරුස්වල්ල, දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී ශුක්රී ඒ වාහිඩ් ඇතුලු ක්‍රීඩා සංවර්ධන දෙපාරතමේන්තුවේ නිලධාරින්, පුහුණුකරුවන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.





කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට ක්‍රියාත්මක මාර්ග, ජල සම්පාදන හා කෘෂි, ගොවිජන සංවර්ධන හා කාබනික පොහොර යන විෂය පථයන්ට අදාල වැඩසටහන්හි ප්‍රගතිය හා පැන නැඟි ඇති ගැටලු පිළිබඳ විමසා බැලෙන දිස්ත්‍රික් අනු කමිටුව අද (29) පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
එහි දි පහල කඩුගන්නාව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම, කෑගල්ල සියඹලාපිටිය මාර්ගය, යටියන්තොට බෙරන්වාව පාලම , යටියන්තොට මහවිල අනතුරුදායක ගල් ඉවත් කිරිම, මහනුවර අධිවේගී මාර්ගයේ දෙවන අදියර, වරකාපොල විකල්ප මාර්ග සංවර්ධනය, මාර්ග කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන, පස්යාල - කඩුගන්නාව මාර්ගය සංවර්ධන කිරිම සහ "ගම සමඟ පිළිසඳර" වැඩසටහනට අදාල මාර්ග හා පාලම් ව්‍යාපෘති වැඩසහනට අදාල වත්මන් ක්‍රියාකාරිත්වය හා පළාත් මාර්ග සම්බන්ධව මෙහි දි කරුණු විමසා බැලිම සිදු විය.
වතු ප්‍රතිසංස්කරණ , තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මෙම අවස්ථාවට එක් වෙමින් සඳහන් කළේ රජය මඟින් ක්‍රියාත්මක කෙරෙන කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යටතේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනා බව ය. තවදුරටත් ඒ මහතා සඳහන් කළේ කාබනික පොහොර නිෂ්පාදනය සිදු කිරිම පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහන් සමස්ථ කෑගල්ල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පැවැත්විය යුතු බවත් ඊට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන, ග්‍රාමිය කමිටු සම්බන්ධ කර ගත යුතු බවත් ය.
ජල සම්පාදන ජලාපවහන මණ්ඩලයේ කටයුතු, සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරිම ව්‍යාපෘතියට අදාල කටයුතු යන විෂය කේෂත්‍රය පිළිබඳව මෙහිදී අවධානය යොමු වු අතර දැනට දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කාබනික පොහොර වැඩසටහන තුල වත්මන් ප්‍රගතිය දිර්ඝව කරුණු සොයා බැලිණි.
මෙහි දි අදහස් දැක් වූ කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා කියා සිටියේ දිස්ත්‍රික්කයේ මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති 95ක් මේ වන විට ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කර ඇති අතර ඉන් ව්‍යාපෘති 93ක මිනුම් කටයුතු අවසන් කර ඇති බවත්, ඉන් 92ක ඇස්තමේන්තු කටයුතු අවසන් කර ඇති බවත් ය. ඒ අනුව මාර්ග 16 ක ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේ ය.
මීට අමතරව ගොවිජන සංවර්ධන වැඩසටහන්, කෘෂි රක්ෂණ මණ්ඩලයට අදාලව පවතින ගැටලු හා තේ, රබර්, පොල් හා සුළු අපනයන භෝග වගා වැඩසටහන් යන අංශ කෙරෙහි ද මෙම කමිටුවේ දි අවධානය යොමු විය.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනි කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්ත් මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි උදයකාන්ත ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුලු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ විරකෝන්,දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද මහත්ම මහත්මීන් සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්, ඒ ඒ විෂයන්ට අදාල රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.






ගොවීන් විසින් නිපදවනු ලබන ප්‍රාථමික නිෂ්පාදන අපනයන වෙළඳ පොළට ගැළපෙන පරිදි, අගය එකතු කිරීම ඒකාබද්ධ ක්‍රියාවලියක් තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අදියර 2ක් යටතේ රට තුළ අපනයන නිෂ්පාදන ගම්මාන 5,000ක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යෙය් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් සැලසුම් සකස් කර ඇත.
මේ යටතේ ගම්වල පවතින සම්පත්වල බහුලතාව අනුව ගමකට අවශ්‍ය නිෂ්පාදන තෝරාගනු ලබන අතර, ඒ අනුව ගොවීන්ට අවශ්‍ය අරමුදල් පහසුකම්, තාක්ෂණය, කාර්යක්ෂම සම්පත් භාවිතය, ගොවිපොළ කළමනාකරණය, අස්වනු නෙළීම, ඇසිරීම හා ප්‍රවාහනය වැනි අංශවල පුහුණුවක් ලබා දීමටත්, ඔවුන්ට අවශ්‍ය දේශීය හා ජාත්‍යන්තර වෙළඳ පොළ අවස්ථා සඳහා ප්‍රවේශය ලබා දීමටත් සැලසුම් කරේ.
ඒ යටතේ කෑගල්ල දිස්ත්රික්කයේ ක්රියාත්මක වන අපනයන කෘෂි කලාප වැඩසටහන යටතේ කෑගල්ල , දෙහිඹ්විට, රුවන්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලින් තෝරා ගත් කුරුඳු වගාකරුවන් 15 දෙනෙකු සඳහා මෙම කුරුඳු නිෂ්පාදනය, තාක්ෂණය භාවිතය හා අපනයන පිළිබඳ ප්‍රායෝගික පුහුණු අවස්ථාවක් නොවැම්බර් 22 – 26 දක්වා මාතර තිහගොඩ, කුරුඳු පර්යේෂන මධ්‍යස්ථානයේ දී පැවතිණි.
කෑගල්ල දිසාපතිතුමන්ගේ සංකල්පයකට අනුව ඊට අදාල රාජ්‍ය අමාත්‍යංශය හා කුරුඳු පර්යේෂණ ආයතනයේ දායකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම පුහුණුවේ දී වගාකරුවන්ට බලපාන කුරුදු වගා ආශ්‍රිත ගැටලු සඳහා විසඳුම් ලබා දිම සිදු විය.
ඒ අනුව උත්ක වැඩසටහන සංවිධානය කරන ලද්දේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා උක් , බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැට්, බුලත් ඇතුලු කුඩා වැවිල් බෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය , ජනතා සංවර්ධන පදනම හා oxfam ආයතනය එක්ව ය.
මෙම පුහුණු වැඩසටහනෙහි අවසන් දිනය සඳහා කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින් ද එස් වීරසූරිය මහතා ඇතුලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශිය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් සිටිය හ.







දිරිය ව්‍යවසායකයන්ගේ නිර්මාණශීලිත්වයෙන් හැඩ ගැන්වූ "කෑගලු ව්‍යවසාය - 2021" අලෙවි ප්‍රදර්ශනය අද ( 29) පෙරවරුවේ දී කෑගල්ල නගර සභා ශාලාවේ දී ආරම්භ විය.
නිමි ඇඳුම්, ආහාර වර්ග, බෑග් වර්ග, පාවහන් නිෂ්පාදන, මැටි භාණ්ඩ, විසිතුරු නිර්මාණ ඇතුලු විවිධ නිෂ්පාදනයන් මෙහි දි මිල දි ගැනීමේ අවස්ථාව හිමි වන අතර "කෑගලු ව්‍යවසාය - 2021" වෙළඳ හා අලෙවි ප්‍රදර්ශනය නොවැම්බර් 29, 30 හා දෙසැම්බර් 01 දින පෙ.ව 9.00 සිට 6.00 දක්වා විවෘතව පවතී.
මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ කෑගල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය විසිනි.
මෙම සමාරම්භක අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) චරිතා ඉලංගකෝන්,දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද,කෑගල්ල සහකාර ප්‍රාදේශිය ලේකම්, ගණකාධිකාරී සමෘද්ධි, ජේෂ්ඨ සංඛ්‍යාලේකනඥ,පාරිභෝගික අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ,ප්‍රාදේශීය හා සණස සංවර්ධන බැංකුව (කෑගල්ල)කලමාණකාරවරුන්, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ එච්.ඒ.පී.ඊ පෙරේරා, තනුජා කුමාරගේ මහත්මීන් ඇතුලු කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන්, ව්‍යවසායකයින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.
















2021 වසරට කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය වෙත අනුයුක්ත කරන ලද අභ්‍යාසලාභී උපාධිධාරීන් 22 ක් සඳහා පුහුණු වැඩසටහනක් පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
එක් ප්‍රාදේශයේ ලේකම් කොට්ඨාසයකින් අභ්‍යාසලාභී උපාධිධාරීන් 02 ඇතුලත් වන පරිදි සහභාගී වූ මෙම වැඩසටහනින් පසුව ඔවුන් කේෂත්‍ර පරික්ෂාව සඳහා යොමු කරන අතර එහි දි මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් සඳහා ප්‍රතිකාර, පුහුණුව හා උපදේශනය ලබා දිම සිදු කෙරේ.
මෙම අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිනි ආචාර්ය ප්‍රියංගනි අමරබන්දු මහත්මිය ද සම්බන්ධ විය.
සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ අංශය), සහකාර අධ්‍යක්ෂ බාහිර සේවා (ප්‍රතිකාර හා පුහුණු) නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සම්පත් දායකත්වය ලබා දුන් අතර වැඩසටහන සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බාහිර සේවා සහකාර (ප්‍රතිකාර හා පුනරුත්ථාපන) එස්.ඊ තොටවත්තගේ පියතුමන් විසිනි.

src="images/2021/News/november/nov26_dangerous_drugs_control_board/dangerous_drugs_contro2_board1.png" alt="" /> src="/images/2021/News/november/nov26_dangerous_drugs_control_board/dangerous_drugs_contro3_board1.png" alt="" /> src="/images/2021/News/november/nov26_dangerous_drugs_control_board/dangerous_drugs_contro4_board1.png" alt="" /> src="/images/2021/News/november/nov26_dangerous_drugs_control_board/dangerous_drugs_contro5_board1.png" alt="" />
වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතාගේ සංකල්පයක් පරිදි එම කාර්යාලයේ සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද ‘මියුරු රස විත’ ගී මියැසිය වරකාපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී ඊයේ (25) පස්වරුවේ දී සාර්ථකව පැවැත්විණි.
කොවිඩ් වසංගත තත්වය හමුවේ අඛණ්ඩව රාජකාරි කරමින් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ගේ මානසික පීඩනය අවම කිරිම සඳහාත්, ඔවුනගේ කලා රසකාමිත්වය වැඩි කිරිම උදෙසාත් ගනු ලැබූ විශේෂාංගයක් ලෙසින් මෙම වැඩසටහන හඳුන්වා දිය හැකි අතර ඒ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදදේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතා විසිනි.
වාදනයෙන් හා ගායනයෙන් දායක වූයේ ද එම කාර්යාලයේම නිල දරුවන් හා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ප්‍රාසාංගික කලාවේදී ශිල්පීන් විසිනි.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී , වරකාපොල සහකාර ප්‍රාදේශිය ලේකම් කෞෂල්‍යා බණ්ඩාර මහත්මිය ඇතුලු මාණ්ඩලික නිලධාරීන්, දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරිනී පද්මිණී වික්‍රමලතා මහත්මිය , ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීන් ඇතුලු කලාවට හිතැති රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.









දීප ව්‍යාප්තව සවිබල ගැන්වූ සමෘද්ධි පවුල් ඒකක සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමවලට දායක කර ගැනිමේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රථම අදියර අද ( 24) දින පෙරවරුවේ දි ගලිගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී කැගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
ඒ අනුව ගලිගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සෑම වසමකින්ම සවිබල ගැන්වූ සමෘද්ධි පවුල්වල ප්‍රතිලාභීන් නියෝජනය වන අයුරින් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වූ දායකයින් 15 දෙනෙකුට ඔප්පු ප්‍රදානය කිරිම, මරණ පාරිතෝෂික චෙක් පත් ප්‍රදානය කිරිම මෙන්ම 2020 සාමාන්‍ය පෙල විභාගය සමත් දරුවන් දෙදෙනෙකුට අධ්‍යාපන ප්‍රතිලාභ ප්‍රදානය කිරිම සංකේතාත්මකව මෙහි දි සිදු කෙරිණි. තව ද විශ්‍රාම වැටුපක් නො ලබන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක මෙම සමාජ සත්කාරය සාර්ථක කර ගැනීමට ප්‍රාෙද්ශිය ලේකම් කොට්ඨාසය වෙනුවෙන් මෙන්ම පවතින වසංගත තත්වය හමුවේ වුව ද ජනතාව වෙනුවෙන් කැප වීමෙන් කටයුතු කල නිලධාරීන් ඇගයීම ද මෙම අවස්ථාවට සමඟාමිව සිදු කෙරිණි.
මෙහි දි අදහස් දැක් වු දිස්ත්‍රික් ලේකම් මහින් ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ අප රටට නිදහස ලැබූ දා පටන් විවිධ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර වත්මන් රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය විශ්‍රාම වැටුපක් නො ලබන රටේ බහුතර ජනතාවක් වෙනුවෙන් මෙම සමාජ ආරක්ෂන විශ්‍රාම වැටුප් ක්‍රමය ඉතා ඵලදායි ක්‍රියාවලියක් වන බව ය. රාජ්‍ය හෝ පෞද්ගලික අංශවල සේවය කරන අය සුලුතරයක් නියෝජනය වන ශ්‍රී ලංකාව තුල බහුතර පිරිසක් ස්වයං රැකියා හෝ දෛනික ආදායමක් ලබන කටයුතුවලින් ආදායම් මාර්ග සරිකර ගන්නා බව ය. ඒ අතර ජීවිත අවධානම් සහිත රැකියාවල නිරත වන පිරිස් ඇතුලු තම සැදෑ සමය කිසිදු විශ්‍රාම වැටුපක් නො ලබන ජනතාවට මෙම ක්‍රමය ඔස්සේ සිදු වන ප්‍රතිලාභ අතිමහත් වන බව ය. එසේම තම දිස්ත්‍රික්කය තුල මෙම ආරක්ෂන වැඩපිළිවෙල් සාර්ථක කර ගෙන යාමට සියලුම නිලධාරීන් කටයුතු කළ යුතු බව ද දිසාපතිතුමන් මෙහි දී ප්‍රකාශ කලේ ය.
මෙම වැඩසටහන සඳහා පැමිණි ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ වත්මන් සභාපති/ ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය සමන් හඳරාගම මහතා මෙම ක්‍රියාවලියෙහි ස්වභාවය පිළිබඳව පැහැදිලි කළේ ය. එහි දි වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා කියා සිටියේ 1996 සිට ශ්‍රි ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ස්ථාපනය වු අතර දැනට ලක්ෂ 08 ක පමන ප්‍රතිලාභින් රට තුල සිටින අතර ඒ සඳහා දැනට මිලියන 31ක පමණ වියදමක් මාසිකව වියදම් කරනා බව ය. 2040 වන විට රට තුල සිටින ජනගහනයේන් 25% ක පමණ පිරිසක් වැඩිහිටි ජනතාව නියෝජනය වන අතර එම ජනතාව රැක බලා ගැනිම මෙන්ම ඔවුනගේ ජීවන තත්වය නඟා සිටුවීම සඳහා රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම ඇප කැප විය යුතු අතර ඒ සඳහා සැලසුම් දැන් සිටම ක්‍රියාත්මක කළ යුතු බව ය.
රාජ්‍ය විශ්‍රාම වැටුපක් නො ලබන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් හා ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට දායකයින් බඳවා ගැනීමේ මෙම වැඩසටහන මුදල් අමාත්‍යංශය යටතේ පවතින සමෘද්ධි , ගෘහ ආර්ථික , ක්ෂද්‍ර මූල්‍ය , ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මඟින් ක්‍රියත්මක වන අතර මෙම කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් සමාජ ආරක්ෂණ අංශය ප්‍රමුඛ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමාජ ආරක්ෂණ අංශ නිලධාරින් විසිනි.
මෙම අවස්ථාවට ගලිගමුව ප්‍රාෙද්ශිය සභා උප සභාපති විල්බට් අප්පුහාමී, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී සුසන්ත හේරත් මහතා ඇතු එම කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්,දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි මහත්මිය,දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරිනී ( සබරගමු පළාත/ විශේෂ ව්‍යාපෘති) එස්.හේර මහත්මිය ඇතුලු සමාජ ආරක්ෂණ අංශයේ නිලධාරීන්, සමෘද්ධි කළමණාකරුවන් හා සමෘද්ධි නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ප්‍රතිලාභීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.












කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාස 11ම ආවරණය වන පරිදි සේවය කරන ග්‍රාම නිලධාරීන් සඳහා වන තුන් දින පුහුණු වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩසටහන අද (23) පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී ආරම්භ විය. මීට සමඟාමිව එම පුහුණුවෙහි තවත් අදියරක් දෙහිඹ්විට , අටලුගම අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානයේ දී අද දිනයේම දියත් කෙරිණි.
ස්වදේශ කටයුතු අමාත්‍යංශය මඟින් සිදු කෙරෙන මෙම පුහුණු වැඩසටහන ඔස්සේ ග්‍රාම නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය වැඩි කරමින් යහපත් සේවයක් ජනතාවට වෙත ලබා දිමට අවශ්‍ය දැනුවත් කිරීම ලබා දිම මෙමඟින් අපේක්ෂිත ය.
නායකත්වය, ඵලදායිත්වය, කළමණාකරණය, ග්‍රාම නිලධාරියෙකුගේ කාර්යභාරය හා විෂය පථය,නීතිය හා සාමය සම්බන්ධ පුහුණුව යනාදි අංශ පිළිබඳ මෙම වැඩසටහනින් පුහුණු කෙරේ.
ඒ අනුව වැඩසටහනෙහි මුල් දින වූ අද දින ඵලදායිතා සංකල්පය පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරුණු අතර ඊට සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ දිස්ත්‍රික් ඵලදායිතා නිලධාරී සමන් බණ්ඩාර මහතා විසිනි.






එළවලු ගොවියාටත්, පාරිභෝගිකයාටත් සහන ගෙන දෙන ස්වදේශ කටයුතු අමාත්‍යංශය මඟින් මෙහෙයවනු ලබන, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයයෙන් ක්‍රියාත්මක "සහන එළිය" දිප ව්‍යාප්තව විහි දී පවතින රාජය ආයතන වෙතට සහන මිලට එළවලු ලබා දීමේ වැඩසටහනෙහි කෑගල්ල දිස්ත්‍රික් සමාරම්භක අවස්ථාව අද (23) පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ දි සිදු කෙරිණි.
එහි දී පළමු එළවලු මල්ල කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා අතින් මීලදී ගැනීම සිදු කෙරුණු අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරින් විසින් සහන මිලට එළවලු මිලදී ගැනීම ද සිදු විය.
කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කේ.ජී.එස් නිශාන්ත මහතාගේ මැදිහත් වීමෙන් මෙම වැඩසටහන සිදු කෙරුණු අතර දිස්ත්‍රික්කය තුල පවතින රාජ්‍ය ආයතන සඳහා සහන මිලට මෙම එළවලු බෙදා හැරිම සෑම අඟවරුවාදා දිනකම මින් ඉදිරියට ක්‍රියාත්මක වේ.







ශ්‍රී ලාංකේය ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇගයිමට ලක් කරමින් ඔවුනට රාජ්‍ය සම්මානයෙන් උපහාර දැක්විම උදෙසා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව වාර්ෂිකව සංවිධානය කරනු ලබන කලාභූෂණ සම්මාන පිරිනැමිම 2021 වසරේ දෙසැම්බර් මස 15 වන දින පැවැත්විමට නියමිත ය. ඒ සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ කලාභූෂණ සම්මානය සඳහා සුදුසුකම් සහිත ප්‍රවීන කලාකරුවන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය අද (19) පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ම ආවරණය වන පරිදි කලාකරුවන් 11 දෙනෙකු මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් වූ අතර ඉන් කලාකරුවන් 05 දෙනෙකු ජාතික සම්මාන උළෙල සඳහා නිර්දේෂ කරනු ලැබේ.
මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී යන මහත්මීන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.
අපනයන ශක්‍යතාවයක් සහිත අත්කම්, තෑගි භාණ්ඩ හා ජීවන රටා ආශ්‍රිත නිෂ්පාදන සඳහා රෙදි පින්තාරුව පිළිබඳ තුන් දින පුහුණු වැඩසටහනක් අද (19) දින පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී ආරම්භ කෙරිණි.
මෙම වැඩසටහන සඳහා කෑගල්ල දිස්ත්‍රිකක්යේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි තෝරා ගත් ව්‍යවසායකයින් 20 දෙනෙකු සම්බන්ධ වේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ පළාත් කාර්යාලය හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන සඳහා ජාතික මොස්තර මධ්‍යස්ථානයේ නිලධාරී චන්න පෙරේරා මහතා සම්පත් දායකත්වය ලබා දෙන අතර මෙම පුහුණු වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාවට අපනයන සංවර්ධන නිලධාරිනී කෞෂල්‍යා ජයවර්ධන, චමිලා පාවුලුආරච්චි යන මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.




නවීකරණයට ලක් කෙරුණු තෝලංගමුව අනුබද්ධ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය ඊයේ ( 17 ) පෙරවරුවේ දි කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි උදයකාන්ත ගුණතිලක මහතා ඇතුලු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය හා කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.
මෙම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය වත්තේගම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට අනුබද්ධව පවත්වාගෙන යනු ලැබේ.
මෙම පුහුණු මධ්‍යස්ථානය මගින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා බතික් හා විවිධ අත්කම් නිර්මාණ පාඨමාලාවන් පැවැත්විමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතා මෙහිදි සඳහන් කළේ ඔබගේ හැකියාවන් හා කුසලතාවයන් ඔප මට්ටම් කර ගැනිමට මෙම පුහුණුව තුළින් හැකි වන බවත් ,තම ආර්ථිකය ශක්තිමත් කර ගන්නා අතරම රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිමටද දායකත්වය ලබා දෙන කණ්ඩායමක් වන බවයි.
ප්‍රාථමික සෞඛ්‍ය වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය මෙහිදි සඳහන් කළේ සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ මේවැනි වෘත්තිය පුහුණු මධ්‍යස්ථා 08 ක් මේ වන විට දිවයින පුරා ව්‍යාප්තව තිබෙන අතර ලබන වර්ෂයේදි තවත් මධ්‍යස්ථාන 02 ක් එක් වන බව සඳහන් කල අතර මෙවැනි වෘත්තිය පුහුණු පාඨමාලා හැදෑරිම තුළින් තම ජීවිත සාර්ථක කර ගැනිමට හැකි වන බවයි.
මෙම අවස්ථාවට වරකාපොළ ප්‍රාදේශිය සභාවේ සභාපති සරත් සුමණසූරිය මහතා ඇතුලු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය ,සමාජ සේවා දෙපාර්තාම්න්තුවේ අධ්‍යක්ෂ චන්දන රණවීර ,අතිරේක අධ්‍යක්ෂතුමිය හා ,නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන් ,වරකාපොළ ප්‍රාදේශිය ලේකම් රංගන සජීව ,වෝල්ටර් රාජපක්ෂ ,දිස්ත්‍රික් සමාජ සේවා නිළධාරි එච්.ආර්.එස්.රන්දෙණිය ,සමාජ සේවා නිළධාරි චන්දන දසනායක ,සමාජ සේවා නිළධාරි මංගල යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිළධාරින් පිරිසක් එක්ව සිටියහ.

src="images/2021/News/november/nov17_affiliated_vocational_training_center/affiliated_vocational_training_center2.png" alt="" /> src="/images/2021/News/november/nov17_affiliated_vocational_training_center/affiliated_vocational_training_center3.png" alt="" /> src="/images/2021/News/november/nov17_affiliated_vocational_training_center/affiliated_vocational_training_center4.png" alt="" /> src="/images/2021/News/november/nov17_affiliated_vocational_training_center/affiliated_vocational_training_center5.png" alt="" /> src="/images/2021/News/november/nov17_affiliated_vocational_training_center/affiliated_vocational_training_center6.png" alt="" /> src="/images/2021/News/november/nov17_affiliated_vocational_training_center/affiliated_vocational_training_center7.png" alt="" /> src="/images/2021/News/november/nov17_affiliated_vocational_training_center/affiliated_vocational_training_center8.png" alt="" /> src="/images/2021/News/november/nov17_affiliated_vocational_training_center/affiliated_vocational_training_center9.png" alt="" />
පසුගිය දා දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ගංවතුර හා නාය යාමේ ආපදා තත්වය හමුවේ අවතැන් වූ රඹුක්කන ප්‍රදේශයේ ජනතාවට සහනාධාර ලබාදීමේ වැඩසටහනක් තරුණ හා ක්‍රීඩා සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය , ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, වතු වැවිලි ප්‍රතිසංස්කරණ තේ හා රබර් ආශිත බෝග වගා සහ කර්මාන්ත කර්මාන්ත ශාලශාලා නවීකරණ හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ සහභාගීත්වයෙන් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ඊයේ (17) පස්වරුවේ දී පැවැත්විණි .
එහි දී අවතැන් වූ හා අනාරක්ෂිත නිවාස සදහා ඉඩම් ලබාදීම, පාසල් දරුවන්ට අධ්‍යාපන උපකරණ ලබාදීම, මුළුතැන්ගෙයි උපකරණ කට්ටිල සංකේතාත්මකව ලබාදීම සිදුවිය.
එම අවස්ථාවට කෑගල්ල ප්‍රාදේශීය සභා සභාපති ජගත් ජගත් ජයසිංහ ,රඹුක්කන ප්‍රාදේශීය සභාව සභාපති නිමල් ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරිය, කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් එස් වීරසූරිය, රඹුක්කන ප්‍රාදේශීය ලේකම් ඉන්දික ලියනගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.









පසුගිය දින කිහිපය තුළ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්වය හමුවේ නාය යාමේ අවදානම හේතුවෙන් වසා දැමූ කොළඹ නුවර මාර්ගයේ පහල කඩුගන්නාව ආශ්‍රිත ප්‍රදේශය නිරීක්ෂණය සඳහා තරුණ හා ක්‍රීඩා සංවර්ධන සම්බන්ධිකරණ හා අධීක්ෂණ අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණය හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (17) පස්වරුවේදී සහභාගි විය .
එහිදී ආපදා අවදානම අවම කිරීමට ගත් ක්‍රියාමාර්ගයන්හි වත්මන් ප්‍රගතිය, මාර්ගයේ එක් මං තීරුවකින් ගමනා ගමනය සිදු කිරීම, ආදායම් අහිමි වූ කඩ හිමියන් සඳහා ගනු ලබන ඉදිරි සැලසුම් පිළිබඳව අවධානයට ලක් විය.
එම අවස්ථාවට වතු වැවිලි ප්‍රතිසංස්කරණ තේ හා රබර් ආශ්‍රිත බෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණ හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, කෑගල්ල දිසාපති / දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය, ගොඩනැගිලි පර්යේෂණ භූ විද්‍යාඥ නිමාලි වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.




බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතින්හි ප්‍රගතිය සමාලෝචනය කිරිමේ රැස්වීමක් අද (17) පෙරවරුවේදි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ජේ. ඩි. රණේපුර මහතාගේ ප්‍රධානත්වයෙන් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකොන් මහත්මියගේ සහභාගීත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඌන සංවර්ධිත විහාරස්ථාන වැඩි දියුණු කිරිමේ වැඩ සටහන යටතේ ගලිගමුව, දැරණියගල , රුවන්වැල්ල, රඹුක්කන, වරකාපොල , දෙහිඹ්විට, අරණායක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වල තෝරා ගත් විහාරස්ථන 18 ක මේ වන විට ක්‍රියාත්මත වන ව්‍යාපෘතීන්හි ප්‍රගතිය විමසා බැලිණි.
ඌන සංවර්ධි දහම් පාසල් සංවර්ධනය කිරිමේ වැඩ සටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ම නියෝජනය වන පරිදි දහම් පාසල් 35 ක ක්‍රියාත්මක ව්‍යාපෘතින්හි වත්මන් තත්වය සාකච්ඡා කෙරිණි.
තිරසර පුණ්‍යග්‍රාම වැඩ සටහන යටතේ විහාරස්ථානයන්හි භෞතික සංවර්ධන වැඩ සටහන් මෙන්ම අධ්‍යාත්මික වැඩ සටහන්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ම නියෝජනය වන පරිදි ක්‍රියාත්මක අතර මේ වසර අවසන් වන විට එහි ප්‍රගතිය විමසා බැලිණි.
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අපදාවන්ට ලක් වු කැගල්ල , ගලිගමුව, රුවන්වැල්ල, රඹුක්කන, මාවනැල්ල කොට්ඨාසයන්හි විහාරස්ථානයන්හි ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබදවද මෙහිදි අවධානය යොමු විය.
2020 වසරේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරිමේදි අවධානය යොමු කල යුතු කරුණු පිළිබදව මෙහිදි සාකච්ඡා විය. ඒ අනුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සියල්ලටම පොදු වු නිර්මාණාත්මක මෙන්ම වඩාත් ඵලදායි වැඩ සටහනක අවශ්‍යතාවය මෙහිදි අවධානයට යොමු විය.
මේ අවස්ථාව සඳහා සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ෂණි, සහකාර ප්‍රාදේශිය ලේකම්වරුන්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි සහකාර සැලසුම් අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි බෞද්ධ කටයුතු සමායෝජකවරුන් ඇතුළු පිරිසක් එක් වුහ.





කෑගල්ල දිස්ත්‍රික්කයේ කර්මාන්ත අමාත්‍යාංශයට අනුයුක්ත ව්‍යවසාය සංවර්ධන නිලධාරීන් සඳහා වන ප්‍රගති සමාලෝචන රැස්වීම කෑගල්ල දිසාපති / දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ගලිගමුව ප්‍රාදේශිය ලේකම් සුසන්ත හේරත් මහතාගේ සහභාගීත්වයෙන් අද (17) දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අනුව ව්‍යවසාය සංවර්ධන නිලධාරින් විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩ සටහන් හා ඒ සම්බන්ධව පවතින ගැටළු පිළිබද සකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව කෑගල්ල දිස්ත්‍රික් ව්‍යවසාය සංවර්ධන අංශය මගින් සංවිධානය කර තිබු අතර ව්‍යවසාය සංවර්ධන නිලධාරින් පිරිසක් සහභාගි වුහ.

src="images/2021/News/november/nov17_enterprise_development_officers/enterprise_development_officers2.png" alt="" /> src="/images/2021/News/november/nov17_enterprise_development_officers/enterprise_development_officers3.png" alt="" /> src="/images/2021/News/november/nov17_enterprise_development_officers/enterprise_development_officers4.png" alt="" />
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හමුව සහ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන හා සමෘද්ධි වැඩසටහන් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (16) දින පෙරවරුවේ දි පුවක්දෙණිය ස්ලීක් කැමීලියා පරිශ්‍රයේ දී පැවැත්විණි.
ගම සමඟ පිළිසඳර ( දැරණියගල) වැඩසටහනෙහි වත්මන් ප්‍රගතිය සහ කාබනික පොහොර නිෂ්පාදනය හා බෙදා හැරිම පිළිබඳ මෙම සැසියේ දි විශේෂ අවධානයට ලක් කෙරුණු අතර ගෙවතු වගා වැඩසටහන්, සුරකිමු ගංඟා සහ හුස්ම දෙන තුරු රුක් රෝපන වැඩසටහන, ආපදා කලමණාකරණය හා ආපදා අවම කිරීමේ විශේෂ ව්‍යාපාතිය, ඉඩම් රාජකාරී,. ග්‍රාමිය ක්‍රීඩා පිටි හා ක්‍රීඩා ආශ්‍රිත ව්‍යාපෘතීන්, අපනයන කෘෂි කලාප, සාම්ප්‍රදායික ගම්මාන, පුණ්‍ය ග්‍රාම හා මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, කුඩා ව්‍යාපර හා කර්මාන්ත, සමාජ සේවා කටයුතු, අධිවේගී කොළඹ නුවර මාර්ගයේ ඉදිකිරිම් ගැටලු,ග්‍රාමීය කමිටු සක්‍රීයව ක්‍රියාත්මක කිරිම, සනීපාරක්ෂක වැඩසටහන (WaSSIP) මෙන්ම සිමා නීර්න කටයුතු ඇතුලු කේෂත්‍ර ගනනාවක් සම්බන්ධව ප්‍රගතිව මෙහි දි විමසා බැලණි.
මීට සමඟාමිව සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන හා සමෘද්ධි වැඩසටහන්වල ප්‍රගති පිළිබඳ විශේෂ අවධානයක් යොමු වු අතර සමෘද්ධි , ගෘහ ආර්ථික, ක්ෂද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාර සංවර්ධන රාජය අමාත්‍යංශයේ ලේකම් නීල් හපුහින්න මහතා මෙහි දි අදහස් දක්වමින් සඳහන් කළේ ග්‍රාමිය නිෂ්පාදනය පදනම් කරගත් ශක්තිමත් ගෘහ ආර්ථිකයක් නිර්මාණය කිරිම සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩසටහනෙහි මූලික අරමුණ වන අතර ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන්, අදාල අංශයන්හි නිලධාරීන් මෙන්ම කේෂත්‍ර නිලධාරීන්ගේද සක්‍රීය දායකත්වයෙන් සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතියක් වන බව ය. ඒ අනුව සෟභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහනෙහි ප්‍රගතිය, මුල්‍ය හා භෞතික ප්‍රගතිය මෙන්ම ව්‍යාපෘතින්ට අදාල යෝජනා සහ ගැටලු පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට එක් වූ කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසූරිය මහතා ප්‍රකාශ කළේ කෑගල්ල දිස්ත්‍රික්කය තුල මේ වන විට සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ආශ්‍රිත කර්මාන්ත 25ක් පමන ක්‍රියාත්මක වන අතර ඒ සඳහා රුපියල් මිලියන 91ක පමණ ප්‍රතිපාදන වෙන්ව ඇති අතර මේ වන විට රුපියල් මිලියන 15ක පමණ වැය කර ඇති අතර එම කර්මාන්තයන්හි 40% ක පමණ ප්‍රගතියක් මේ වන විට දැක ගත හැකි බව ය. කොවිඩ් අවධානම හා ආපදා තත්වය හමුවේ වුව ද මෙවන් ප්‍රගතියක් අත් කර ගැනිමට හැකි විම ද අගය කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.
කෑගල්ල දිස්ත්‍රික්කය තුල මේ වන විට සෞභාග්‍යා නිෂ්පාදන කර්මාන්ත අතර කෑගල්ල කෝට්ඨාසය තුල ව්‍යාපෘතින් 02ක, අරණායක 01, ගලිගමුව 06, වරකාපොල 02, රුවන්වැල්ල 03, යටියන්තොට 02, දෙහිඕවිට 02. දැරණියගල 02, මාවනැල්ල 02, බුලත්කොහුපිටිය 02 ක් හා රඹුක්කන 01 වශයෙන් ද ක්‍රියාත්මක වන අතර ඊට කුලු බඩු, මල් වගා, බිම්මල්, මැටි කර්මාන්ත, හඳුන්කූරු, කුකුල් පාලනය, මීමැසි පාලනය, කිතුල්, කෙසෙල් හා බුලත් යනාදී කර්මාන්ත අඩංගු ය.
මෙම අවස්ථාවට සෞභාග්‍යා සංවර්ධන කාර්්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්ත ගුණරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියද්ර්ශනී යන මහත්ම මහත්මීන් ඇතුලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය මාණ්ඩලික නිලධාරීන්, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සමාද්ධි, ගෘහ ආර්ථික, ක්ෂද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාර සංවර්ධන රාජය අමාත්‍යංශයේ නිලධාරීන්, සහකාර ප්‍රාදේශිය ලේකම්වරුන්, සැලසුම් අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂවරුන් ඇතුලු අදාල කේෂත්‍රවලට සම්බන්ධ නිලධාරින් පිරිසක් එක්ව සිටිය හ.







අංක 81, වරකාපොල සමථමූල මණ්ඩලයට නව තුන් අවුරුදු නිලකාලයක් සඳහා ගරු සභාපති , ගරු උපසභාපති ඇතුලු සාමාජික මහත්ම මහත්මින් 34 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අධිකරණ අමාත්‍යංශයේ සමථ මණ්ඩල කොමිෂන් සභාව මඟින් පත් කර ඇත.
ඒ අනුව නව සමථමූල මණ්ඩලයේ ගරු සභාපති වශයෙන් පත් වූ මාහේන ඩඩ්ලි සේනානායකාරාම විහාරාධිපති දෙහිවල චන්දවිසුද්ධි ස්වාමීන් වහන්සේට කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා විසින් අද (15) දින පස්වරුවේ දී නිල වශයෙන් පත් වීම් ලිපිය ලබා දීම සිදු කෙරිණි.
එම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී නීතිඥ නලීකා වීරසිංහ, සංවර්ධන නිලධාරී (සමථ) ඩබ්ලිව්. ජී. ප්‍රියංකා යන මහත්මීන් එක්ව සිටිය හ.


පවතින අයහපත් කාලගුණ තත්වය නිසා නාය යාම් ආපදා තත්වයක් මතු වි ඇති කොළඹ - නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශය තවදුරටත් වසා තැබීමට තීරණය කෙරේ.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය හා මාර්ග සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව මේ වන විටත් පවතින ආපදා තත්වයට විසඳුම් ලබා දිමට කටයුතු කරමින් සිටී.එම ආයතන මඟින් ලබා දෙන නිර්දේශ මත මාර්ගය විවෘත කිරිමට ඉදිරියේ දී කටයුතු කෙරේ.
අද (15) දින පෙරවරුවේ දී සිදු කෙරුණු මෙම නිරීක්ෂණ අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය, දිස්ත්‍රික් ආපදා සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල යන මහත්වරුන් , දිස්ත්‍රික් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂතුම්ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ නිලධාරීන් , මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.






වේවැල් , මැටි , පිත්තල හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශයේ විදාතා අංශය මගින් විදාතා සම්පත් මධ්‍යස්ථානය හරහා ක්‍රියාත්මක වන එක් ගමකට එක ව්‍යවසායකයෙක් වැඩසටහන ඉතා කැපවීමෙන් හා උනන්දුවෙන් අතිවිශිෂ්ට අයුරින් ඉටු කිරීම , තාක්ෂණික සායනය , තාක්ෂණික උපකාර ලබාදීම , හරිත කඩමණ්ඩි පැවැත්වීම ඇතුළු සියලු විදාතා වැඩසටහන් සදහා මනා ලෙස අධික්ෂණය හා පසු විපරම් කරමින් කරන ලද විශේෂ කැපවීම වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් / දිසාපති මහින්ද එස් විජේසූරිය මහතා හා කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදිප් යසරත්න මහතා පසුගියදා ඇගයීමට ලක්විය.
මෙම අවස්ථාව අමාත්‍යාංශයේ ලේකම් විජිත බණ්ඩාරනායක මහතාගේ උපදෙස් හා මග පෙන්වීම අනුවඅතිරේක ලේකම් ලක්දාස් මහතා හා අධ්‍යක්ෂ විදාතා ඒ. එම්. ආරිෆ් මහතා ගේ සංවිධානයෙන් සිදුකරන ලද අතර කොළඹ හා කෑගල්ල දිස්ත්‍රික් විදාතා නිලධාරි ශිරෝමි සපරමාදු සමග ජී.එච්.ජි. කුමාරි මහත්මියන්ද සහභාගී විය.




ශ්‍රි ලංකාවේ රාජ්‍ය භාෂාවන් වන සිංහල හා දමිල භාෂා දැනුම පාසල් අධ්‍යාපනය තුළින් ප්‍රවර්ධනය කිරිම අරමුණු කර ගනිමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පාසල් වල පුස්තකාල සඳහා පොත් කට්ටල ලබා දිමක් අද (10)පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, කෑගල්ල හා දෙහිඕවිට අධ්‍යාපන කලාප තුන යටතේ තෝරාගත් පාසල් 99 ක් සඳහා අපොස සාමන්‍ය පෙළ සිසුන් සඳහා මෙම අත් පොත් ලබා දිමට නියමිතය.
භාෂා දැනුම හා කුසලතාවය වර්ධනය කරමින් ජාතින් අතර සුහදතාවය වර්ධනය කර ගැනීමට හා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් රාජ්‍ය සේවය ඵලදායිව ඉටු කිරිමත් මෙම වැඩ සටහනේ ප්‍රමුඛ කටයුත්තක් සේ සැලකේ.
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශයේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ භාෂා අංශය මගින් කෑගල්ල දිසාපතිතුමන්ගේ මඟ පෙන්විම මත මෙම වැඩ සටහන ක්‍රියාත්මක විමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන ) චරිතා ඉලංගකෝන් මහත්මිය, අධ්‍යාපන කලාප කාර්යාල නියෝජනය කරමින් සහභාගී වු නිලධාරින් හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ භාෂා අංශයේ නිලධාරින්ද මේ අවස්ථාව සදහා එක්වුහ.




කළමණාකාර සේවා නිළධාරි සේවයේ පළමු වන ශ්‍රේණියේ නිළධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණය නිදහස් කිරිමේ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කළ නිළධාරින් සඳහා සහතිකපත්‍ර පිරිනැමීම කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
මෙම පුහුණු පාඨමාලාව දින 10 ක් පුරා පැවත් අතර නිළධාරින් 09 දෙනෙකු ඒ සහභාගි වි සිටියහ.
රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාළන අමාත්‍යාංශය හා කෑගල්ල දිස්ත්‍රික ලේකම් කාර්යාලය එක්ව වැඩ සටහන සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන ) චාරිතා ඉලංගකෝන් ,සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශණි යන මහත්මින් සහභාගිවි සිටියහ.




2021 වර්ෂයේ තේ හා රබර් ආශ්‍රිත බෝග වගා නිෂ්පාදන වල ප්‍රගතිය සහ 2022 වර්ෂයේදි ක්‍රියාත්මක කිරිමට සැළසුම් කර තිබෙන වැඩසටහන් පිළිබඳව වැවිලි සමාගම් සමඟ දිස්ත්‍රික් මට්ටමින් සිදුකෙරෙන සාකච්ඡා වල පළමු වැඩසටහන අද (08) දින පෙරවරුවේ වතු වැවිලි ප්‍රතිසංස්කරණ තේ හා රබර් ආශ්‍රිත බෝග වගා සහ කර්මන්ත ශාලා නවිකරණ හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
මෙහිදි මල්වත්ත වැවිලි සමාගම , රුවන්වැල්ල සහ දෙහිඕවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලට අයත් වැවිලි සමාගම් වල 2021 වර්ෂයේදි තේ හා රබර් නැවත වගාව සහ නව වගාවන් පිළිබඳව ප්‍රගතිය සහ 2022 වර්ෂයේදි ත්‍රියාත්මක කිරිමට සැළසුම් කර තිබෙන වැඩසටහන් ද සමාගම් වල නිෂ්පාදන ධරිතාවය ඉහළ නැංවිමට අවශ්‍ය කෙරෙන සහායන් සම්බන්ධව සාකච්ඡා කෙරිණි.
එමෙන්ම වතු ප්‍රජාව සුභසාධනය සඳහා රජය සහ සමාගම් මගින් සිදුකර තිබෙන විවිධ ව්‍යාපෘතින් වල ප්‍රගතිය ද සාකච්ඡාවට ලක් කෙරිණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි උදයකාන්ත ගුණතිලක ,හිටපු පළාත් සභා මන්ත්‍රි අජිත් ශ්‍යාමින්ද මහතා ඇතුලු දේශපාලන අධිකාරිය ද වතු වැවිලි ප්‍රතිසංස්කරණ තේ හා රබර් ආශ්‍රිත බෝග වගා සහ කර්මන්ත ශාලා නවිකරණ හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යශයේ ලේකම් තිළකරත්න බණ්ඩාර ,රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාධව වර්ණකුලසුරිය,කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලෙකම් (පාලන ) චරිතා ඉලංගකෝන් ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්.රත්නායක යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් සහභාගිවි සිටියහ.






තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් රාජ්‍ය සේවය මුල් කරගත් විවිධ ක්ෂෙත්‍රයන් වඩාත් කාර්යක්ෂම කිරිමේ අරමුණ පෙරදැරි කරගත් තොරතුරු හා සංනිවේදන නියෝජිතායතනය (ICTA) මගින් සංවිධානය කරනු ලැබු Central Cluster Hybrid Roadshow වැඩ සටහන 2021.11.05,06 යන දෙදින තුළ මාර්ග ගත ක්‍රමයට පැවැත්විණි.
උතුරු මැද , සබරගමුව, මධ්‍යම පළාත් මුල් කරගනිමින් කෑගල්ල , රත්නපුර, අනුරාධපුරය, පොළොන්නරුව, නුවර ,නුවර එළිය, මාතලේ දිස්ත්‍රික්කයන් මුල් කර ගනිමින් මධ්‍යම කලාපය තාක්ෂණික පොකුරක් බවට පත් කර ගැනීම මෙම වැඩ සටහනේ අරමුණයි.
මේ තුළින් ව්‍යවසාය, වෙළද, අධ්‍යාපනය, කෘෂි කර්ම ක්ෂෙත්‍රයේ නිරත වන්නන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරිමට නියමිතය.කර්මාන්ත සංවර්ධනය කර ගැනිමට මෙන්ම කෘෂි කර්මාන්තය සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම තුළින් ග්‍රාමීය ප්‍රජාව නගා සිටුවන්නේ කෙසේද යන්න පිළිබදවත්, රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරිම වෙනුවෙන් තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ සහයෝගය නිබදව ලබා දිමට කටයුතු කරන අතරම තොරතුරු තාක්ෂණ ඒකකය 500 ක් රාජ්‍ය සේවය තුළ ස්ථාපිත කිරිමට ICTA ආයතනය කටයුතු කරන බව එහි විධායක කළමණාකාරිත්වය මෙම වැඩ සටහනේදී පැවසීය.
රටේ පවත්නා කොරෝනා වසංගත තත්වයේදි තොරතුරු තාක්ෂණය භාවිතා කිරිමේ අවශ්‍යතාවය වාඩාත් හොදින් අවබෝධ කර ගැනීමේ ප්‍රවේශයක් ලැබුණු අතරම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය සඳහා දරුවන් නැඹුරු වීම එයට හොදම නිදසුනකි. තාක්ෂණය භාවිතා කිරිම සම්බන්ධයෙන් කාන්තා සහභාගීත්වය කෙසේද යන්න පිළිබදව මෙහිදි වැඩි අවධානයක් යොමු වන අතරම ඒ තුළින් කාන්තා සේවා නියුක්තිය වැඩි දියුණු කිරිමටද අපේක්ෂා කරයි.
මේ අවස්ථාවට zoom තාක්ෂණය ඔස්සේ එක් වෙමින් කළාපය තුල පිහිටි දිස්ත්‍රික්කයන් තොරතුරු තාක්ෂණය ඹස්සේ කටයුතු කිරිමේදී මුහුණ දෙන ගැටළු පිළිබදව ඒ ඒ දිස්ත්‍රික්කයන්හි දිසාපතිවරුන් ,අතිරේක දිස්ත්‍රික් ලේකම් වරුන් අදහස් දැක්වීමක්ද මෙහිදි සිදු කෙරිණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා වෙනුවෙන් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය ඩිජිටල් තාක්ෂණය යොදා ගැනිමේදි පැනනැගී ඇති ගැටළු ඉදිරිපත් කලාය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය හා වතු ජනතාව වැඩි විමත් නාගරිකව ඊට සාපේක්ෂව සුළුතර පිරිසක් ජිවත් වීමත් හේතු කොට ගෙන තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය පහළ මට්ටමක පවතින බව ප්‍රකාශ කලාය. ඒ අනුව ග්‍රාමීයව තොරතුරු තාක්ෂණය ගෙන යාමේදී දුරකතන පහසුකම් පවා නොමැති ප්‍රදේශ කෑගල්ල දිස්ත්‍රික්කයේ පවතින බවත්, ඒ අනුව යටිතල පහසුකම් පද්ධතිය සංවර්ධනය විය යුතු බවත් දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන්ට විධිමත් ක්‍රමවේදයක් ඹස්යේ තාක්ෂණය තොරතුරු නිලධාරි හරහා තාක්ෂණය ගෙන යාමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නාය.
තොරතුරු තාක්ෂණය යොදා ගැනීමේදී දිස්ත්‍රික්කයේ උපකරණ වල හා තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ හිගතාවයත්, දිනෙන් දින වෙනස් වෙමින් පවතින දැනුම ලබා ගැනීමේ ගැටළුවට මුහුණ දිමට සිදු වන බවත් පැවසීය. දැනට ක්‍රියාත්මක වන LGN ජාලයට ප්‍රවේශ වීමේ අපහසුතාවයත්,සබදතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමේ ගැටළුවත් අනෙකුත් දිස්ත්‍රික්කයන්ට මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයටද පොදු ගැටළුවක් බව පෙන්වා දුන්නාය.
බිම් මට්ටමේ සිට තොරතුරු ලබා ගැනීමේදී නැවත නැවත එකම පුද්ගලයින්ගෙන් තොරතුරු ලබා නොගෙන එක් අවස්ථාවකදි සියළුම අවස්ථාවන් හා ප්‍රවේශයන් ආවරණය වන පරිදි පොදු ක්‍රමවේදයක් සැකසීම මගින් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමේ හැකියාව අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමිය වැඩි දුරටත් පෙන්වා දුන්නාය.
ICTA ආයතනය මගින් දින දෙකක් පුරාවට පැවැත් වු මෙම වැඩ සටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ ඒකකය විසින් සංවිධානය කර තිබුණි.
මෙම zoom තාක්ෂණය ඹස්සේ පැවති වැඩ සටහන සදහා දිස්ත්‍රික් ලේකම් තුමන්ලා, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් , ප්‍රාදේශිය ලේකම්වරුන් දිස්ත්‍රික්කයන්හි රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි ප්‍රධානීන් ICTA ආයතනයේ විධායක නිලධාරින් , තොරතුරු තාත්ෂණ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.





රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංවර්ධන ගැටලු හා ජනතා අදහස් විමසා බැලීමේ අවස්ථාවන් කිහිපයක් සඳහා අද (04) දින පෙරවරුවේ වතු වැවිලි ප්‍රතිසංස්කරණ තේ හා රබර් ආශ්‍රිත බෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමන් හා කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
රුපියල් මිලියන 46ක වියදමින් ඉදිකළ කිරිවල්ලපිටිය - ඊරියගොල්ල මාර්ගය කාපට් දමා අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව අද දිනයේ දී ජනතා අයිතියට පත් කිරීම මෙම අවස්ථාවට සමගාමීව සිදු කෙරිණි.
මාර්ගයේ දිග කිලෝමීටර් හතරකි .
පැමිණ සිටින සම්භාවනීය අමුත්තන් අතින් ගබ්බල ප්‍රදේශයේ රබර් සැකසුම් මධ්‍යස්ථානයක් සඳහා මුල්ගල් තැබීම ද මෙම අවස්ථාවේදී සිදුවිය.
තවද රඹුක්කන - මාවනැල්ල මාර්ගයේ කැබැල්ලවත්ත බෝක්කුව ගිලා බැසීම පරික්ෂා කිරීම අද දින සිදුවූ අතර වහාම එහි පිළිසකර කිරීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු කෙරිණි.
ඊරියගොල්ල වල් කොටුවත්ත ග්‍රාමයේ පසුගිය කාලයේ සිදුවූ අධික වර්ෂාව හේතුවෙන් නාය යෑමේ අවදානමකට මුහුණ දී සිටි පවුල් 10ක පදිංචිකරුවන් එම ස්ථානයෙන් තාවකාලිකව ඉවත් කොට එම ස්ථාන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් හා එක්ව ස්ථාන පරීක්ෂාවකින් අනතුරුව අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙස දිසාපතිතුමන් විසින් අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට රබර් සංවර්ධන අධ්‍යක්ෂ තුමන් තුරු සවිය වැඩසටහන හි සභාපතිතුමාන්, රඹුක්කන ප්‍රාදේශීය සභා සභාපතිතුමාන්, රඹුක්කන ප්‍රාදේශීය ලේකම්තුමා ලේකම්තුමන්, මාර්ග සංවර්ධන අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු සහ ව්‍යාපෘති ඉංජිනේරුතුමන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.




වෙළඳ අමාත්‍යංශයේ මඟ පෙන්විම යටතේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිත අපනයන සැකසුම් ගම්මාන (EPV) වැඩසටහන සඳහා කෑගල්ල දිස්ත්‍රික්කය තුල රුවන්වැල්ල හා යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල කෝපි අපනයන සැකසුම් ගම්මාන ද , දෙහිඕවිට , ගලිගමුව , රඹුක්කන, යටියන්තොට, අරණායක හා මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැනිලා අපනයන ගම්මාන ද , කිතුල් අපනයන ගම්මාන ලෙස යටියන්තොට හා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තෝරා ගත් ගම් ද ලෙස වැඩි දියුණු කිරිමට අපේක්ෂා කෙරේ.
උක්ත තොරතුරු අනාවරණය වුයේ අද (03) පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි අපනයන සංවර්ධන නිලධාරින් සඳහා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ය. මෙම හමුවේ දි කෑගල්ල දිස්ත්‍රික්කය තුල සේවය කරන අපනයන සංවර්ධන නිලධාරින් විසින් 2021 වර්ෂයේ දි කළ වැඩසටහන් හා ඉදිරි වසරේ දී අපේක්ෂිත ව්‍යාපෘතීන් පිළිබඳ අදහස් ප්‍රකාශ කෙරිණි .
මෙම අවස්ථාවේ දි අදහස් දැක් වූ කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා කියා සිටියේ තම කොට්ඨාසවල අපනයන නිෂ්පාදනයන් සිදු කළ හැකි ව්‍යවසායකයන් වැඩි වශයෙන් බිහි කිරීමමට අවධානය යොමු කරන ලෙසත්, විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා මෙරට ව්‍යවසායකින්ගේ නිෂ්පාදන අපනයනය කිරීමේ වැඩපිළිවෙලක අවශ්‍යතාවයන් පවතින බවත් ය.
මෙම ප්‍රගති සමාලෝචන හමුවේ දී 2021 වසරේ දී කෑගල්ල දිස්ත්‍රික්කය තුල වගා කළ කහ වගාවන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් වුනු අතර අක්කර 9.5 ක් පුරාවට කහ වගාව නව වගාවක් ලෙස ආරම්භ කොට ඇති අතර වගාකරුවන්ට කහ බිජ ලබා දීම,තාක්ෂණික පුහුණු වැඩසටහන් දියත් කොට ඇත.
තව ද විසිතුරු පත්‍ර වගාව සඳහා වගාකරුවන් 47 දෙනෙකු හඳුනා ගෙන ඔවුන් සඳහා ප්‍රායෝගික පුහුණුව හා දැනුවත් කිරීම් ලබා දීම සිදු කොට ඇත.
2019 වසරේ දි ආරම්භ කල වැනිලා වගා ව්‍යාපෘතිය ඔස්සේ වගාකරුවන් මේ වන විට 314 දෙනෙකු හඳුනා ගෙන ඔවුනට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කර ඇත.
මීට අමතරව මෙහිදී කුළු බඩු , ආහාර නිෂ්පාදන සඳහා වෙළඳ පොළ අවශ්‍යතාවයන් පළිබඳ ව්‍යවසායකයින් දැනුවත් කිරිම, විසිතුරු මත්ස්‍ය වගාව, කෙසෙල් කෙඳි ආශ්‍රිත අත්කම් භාණ්ඩ නිෂ්පාදනය ඇතුලු දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ කරුණු විමසා බැලිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද යන මහත්ම මහත්මීන් හා කෑගල්ල දිස්ත්‍රික් අපනයන සංවර්ධන නිලධාරින් එක්ව සිටිය හ.




ස්ථායිකරණ ක්‍රමවේද මගින් නායයෑම් අවදානම අවම කිරිමේ ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක වන කෑගල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කිරිමේ හමුවක් අද ( 02 ) දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය (RLVMMP ) සඳහා ආසියානු යටිතල පහසුකම් බැංකුවේ ණය ආධාර සහ ශ්‍රි ලංකා ජනරජයේ මූල්‍ය පහසුකම් යටතේ ක්‍රියාවට නැංවේ.
අදියර දෙකක් ඔස්සේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ශ්‍රි ලංකාවේ නායයෑම් සිදුවන දිස්ත්‍රික්ක 07 ක තීරණාත්මක ස්ථාන 24 ක් ඉතා කඩිනමින් සුරක්ෂිත කිරිම ආරම්භ කරන අතර දෙවන අදියර යටතේ ප්‍රධාන මාර්ග,උඩරට දුම්රිය මාර්ගය ,රෝහල් ,පන්සල් නගර වැනි පොදු ස්ථාන ආශ්‍රිත නාය යෑම් අවදානම් සහිත ස්ථාන 123 ක් ස්ථාවර කිරිමට සැළසුම් කෙරේ.
මීට සමගාමිව කෑගල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අවදානම් ඇති ස්ථාන 18 ක් සුරක්ෂිත කිරිමට සැලසුම් කර ඇති අතර ඉන් ස්ථාන 07 ක ඉදිකිරිම් කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.ඒ අනුව තුඹලියද්ද ,වේයන්ගොඩ/රුවන්වැල්ල මාර්ගයේ නායනෑම් අවදානම් සහිත ස්ථාන දෙකක් ,විලුඹහේන මාර්ගයේ 17/3සහ17/4 අතර බෝක්තු,කෑගල්ල අධිකරණ සංකීර්ණය ,නාරංගල,අරණායක /හුළං කපොල්ල මාර්ගය ,දෙහිඕවිට/දැරණියගල නූරිය මාර්ගයේ 11/5 සහ 5/13 අතර බෝක්කුව ,කෑගල්ල විකල්ප මාර්ගය, නායයෑම් අවදානම් අවම කිරිමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.
තවද දිස්ත්‍රික්කයේ ස්ථාන 11 ක් සුරක්ෂිත කිරිමේ මුලික වැඩ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.ඒවා නම් කෑගලු විද්‍යාලය,ශාන්ත ජෝශප් බාලිකා ප්‍රථමික විද්‍යාලය ,මාවනැල්ල-දුම්බුලුවාව ,දැරණියගල,වත්තේගෙදරගම ,දැරණියගල දකුණ ,උඩපොලවත්ත පල්දෙණිය ,දෙහිඕවිට ජාතික නිවාස ,බලත්තාව,ගලිගමුව-රුවන්වැල්ල මාර්ගය ,දෙහිඕවිට,මඩගම්මන,ඇහැළියගොඩ-දෙහිඕවිට මාර්ගය,රඹුක්කන හා කඩිගමුව දුම්රිය ස්ථානය අතර,කඩිගමුව දුම්රිය ස්ථානය සහ ඉහළ කොට්ටේ සහ බලන දුම්රිය ස්ථාන යන ස්ථානයන් ය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ මෙම ව්‍යාපෘතියට අදාළ සමාරම්භක උත්සවය නුදුරේදිම මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතය.
මෙම අවස්ථාවට ස්ථායිකරණ ක්‍රමවේද මගින් නායයෑම් අවදානම් අවම කිරිමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අර් .එම්.එස් බණ්ඩාර ,කෑගල්ල දිස්ත්‍රික් ලේකම් /දිසාපති මහින්ද එස්.වීරසූරිය ,කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක,දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, දිස්ත්‍රික් ආපදා සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල යන මහත්ම මහත්මින් ඇතුලු සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් සහභාගිවි සිටියහ.

































