කෑගල්ල දිස්ත්‍රික් සංස්කෘතික අංශය සංවිධානය කරන ලද කලා විභාෂී - 2022 සාහිත්‍ය උළෙල අද (06) පෙරවරුවේදී කෑගලු විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී විචිත්‍රවත් අංග හා හරසර ප්‍රමාණයන් රැසක් මධ්‍යයේ නිමාවට පත්විය.

ආපදා තත්ත්වයන් තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය , ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වු ප්‍රචන්ඩත්වය පිටු දැකීම සහ අවම කිරිම පිළිබඳ ප්‍රතිචාර දක්වන්නන් දැනුවත් කිරිමේ වැඩ සටහනක් කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) කෑගල්ල ස්ලීක් කැමිලියා හෝටලයේදී පැවැත්විණි.

රාජ්‍ය නිලධාරීන් ඩිජිටල් තාක්ෂණයෙන් සවි බල ගැන්වීම (NextGenGov) පිළිබඳ හඳුන්වා දීමේ වැඩමුළුමේ දිවයිනේ පළමු වැඩසටහන අද (02) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

දිස්ත්‍රික් ක්‍රීඩා අංශය, සුබසාධක සංගමය හා ඵලදායිතා අංශය එක්ව සංවිධානය කරනු ලබන දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ක්‍රීඩා තරඟාවලියේ නෙට්බෝල් තරඟ අද (01) දින කෑගල්ල පොලිස් ක්‍රීඩාංගනයේ දී සාර්ථකව නිමාවට පත් විය.

තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සාමය, සංහිඳියාව හා බහුත්වවාදය සංකල්පයන් ඔස්සේ දියත් වුණු ධාරිතා වර්ධන දෙදින පුහුණු වැඩමුළුවක් නොවැම්බර් 22 හා 23 යන දිනයන්හි පේරාදෙණිය රෝයල් කැන්ඩියන් හෝටලයේ දි පැවැත්විණි.

In order to bring the process of submitting private disputes to the Conciliation Board closer to the public, the Ministry of Justice and the Conciliation Board Commission established a complaint box in each Divisional Secretariat under the program of Kegalle District Governor/District Secretary Mr. Mahinda S. Weerasooriya handed over the complaint box to Kegalle Divisional Secretary Mr. K.G.S.Nishantha today (30) at the District Secretary's Office.

රට ආර්ථික අර්බුදයකට පත්ව සිටින සමයක ඊට විසඳුම් සෙවීම සඳහා නිෂ්පාදන ආර්ථිකයක් ලගා කර ගත යුතුව ඇතැයි ද ඒ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ කාර්යභාරය සුවිශේෂී බවත් කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ‘කෑගලු ව්‍යවසාය -2022' අලෙවි පොල සහ වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ සහ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ දී පැවැත්විණි.

A meeting was held yesterday (28) under the chairmanship of the District Governor/District Secretary Mr. Mahinda S. Weerasooriya to discuss the preparations for the "Kala Vibhashi - 2022" District Literary Festival.

කෑගල්ල දිස්ත්‍රික් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සංගමයේ සංවිධානයෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මෙහෙයවීමෙන් ජාතික මට්ටමෙන් ඇගයීමට හා ජයග්‍රහණයට පත් කෑගල්ල දිස්ත්‍රික් ව්‍යවසායකයන්ට සම්මාන පිරිනැමීමේ "ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙල- 2022 " අලව්ව ග්‍රීන්ලේස් හෝටලයේදී ඊයේ (25) දින උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි .

දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා තවදුරටත් ඇප කැපවී කටයුතු කළ යුතුව ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ අනුව ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරනු වස් රජය විසින් ආරම්භ කර ඇති විවිධ වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා අදාළ රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතුව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට සහභාගී වෙමින් දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙම අදහස් පළ කළේය.

සිව්වන කාර්තුවට අදාළව කෑගල්ල දිස්ත්‍රික් විගණන කළමනාකරණ කමිටු රැස්වීම කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) දින පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අංශ අතර පවත්වන ක්‍රීඩා තරගාවලියේ එල්ලේ කාන්තා/පිරිමි තරඟය ඊයේ (24) දවස පුරා රඹුක්කන බටමුරේ ක්‍රීඩාංගනයේ දී සාර්ථකව නිමාවට පත් විය.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් රාජ්‍ය නිලධාරින් සඳහා වන පැය 150 දෙමළ භාෂා සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිමාවට පත් කළ දිස්ත්‍රක් ලේකම් කාර්යාලිය නිලධාරීන්ට එම සහතික ප්‍රදානය ඊයේ ( 21) වන දින දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ කෘෂි බෝග වගාවන් සඳහා හානි පමුණුවන වන සත්ව හානි අවම කර ගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙක් සකස් කර ගැනීම සඳහා විවිධ පාර්ශවයන්ගේ අදහස් ලබා ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කතක හේරත් මහතා සහ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිනී රාජිකා වික්‍රමසිහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (21) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ සේවයේ නියුතු නිලධාරීන් සේවය කරනු ලබන අංශ අතර සුහදත්වය වර්ධනය කිරීම, බෝ නොවන රෝග වලක්වා ගැනීම සඳහා නිසි කායික සෞඛ්‍ය මට්ටමක් පවත්වා ගැනීම යන අරමුණු පදනම් කරගනිමින් කාර්යාලීය අංශ අතර ක්‍රීඩා තරගාවලියෙහි සමාරම්භය අද (18) කෑගල්ල පොලිස් ක්‍රීඩාංගණයේදී වොලිබෝල් (කාන්තා /පිරිමි) තරගයෙන් ආරම්භ විය.

රටක සංවර්ධනය සඳහා ඩිජිටල් පරිවර්තනයක අවශ්‍යතාව සලකා බැලීමෙන් අනතුරුව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියොජිත ආයතනය මඟින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් හා සමගාමීම කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනයන් ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා අවශ්‍යතා හඳුනා ගැනීම, ප්‍රමුඛත්වය ලබා දීම , සහය දීම සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියොජිත ආයතනය විසින් සිදු කළ මූලික සාකච්ඡාවක් අද (18) දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක විවිධ ආර්ථික වර්ධන වැඩසටහන් රැසකට දායක්වය සපයන කොරියානූ සෙමාවුල් පදනමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ සහ සෙමාවුල් ගෝලීයකරණ සංසදයේ සභාපති ආචාර්ය Lee Seung Jong මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ගෝලීය ව්‍යවසායකත්ව සතියට සමගාමීව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනය, තාක්ෂණ අමාත්‍යංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය සහ Meta පදනම එක්ව සංවිධානය කරන ලද‘ සුහුරු ලිය ‘ වැඩමුළුව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් අද (18) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ සංකල්පයකට අනුව හියුමෙඩිකා සංවිධානයේ මූල්‍ය අනුග්‍රහයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික් 18 ක ආර්ථීක දුෂ්කරතා සහිත පවුල්වල දරුවන්ට අධ්‍යාපන හා මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වියළි ආහාර සළාක ලබා දීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ රැකියා පුරප්පාඩු සඳහා ආධුනිනයින් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් අද පෙරවරුවේදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ළමයින්ගේ අනාරක්ෂිතභාවය දිනෙන් දින ඉහළ යන වකවානුවක දිස්ත්‍රික්කයේ ළමුන් සම්බන්ධයෙන් අදාළ සියළු නිලධාරීන් එකාබද්ධව සිය රාජකාරීන් ශක්තිමත් වැඩපිළිවෙලක් ලෙස ඉදිරියට ගෙන යා යුතු යැයි කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (10 ) පැවති දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන කමිටුවට සහභාගී වෙමිනි.

රබර් වගාව ප්‍රචලිතම දිස්ත්‍රික්කයක් වන කෑගල්ල දිස්ත්‍රික්කය තුල රබර් වගාවෙහි නියැලෙන වගාකරුවන්ට බලපා ඇති ගැටලු පිළිබඳ විමසා බැලෙන විශේෂ හමුවක් අද (09) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

"කලා විභාෂි" දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය පැවැත්වීම හා "කෑගලු වංශය" ග්‍රන්ථය මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා ගැනීම සහ කොවිඩ් වසංගතගය හා පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවූ මානසික පීඩනය අවම කිරිමේ අරමුණ ඇතිව කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ දිස්ත්‍රික් සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද ‘සුභාවිත ගී වියමන’ ස්වර දැහැන හා සත්සර මුසුව ප්‍රවීණ ගායකයින් රැසකගේ සහභාගීත්වයෙන් ඊයේ (08) පස්වරුවේ දී කෑගල්ල නගර ශාලාවේදී පැවැත්විණි.

රාජ්‍ය නිලධාරීන් ලෙස සියළු දෙනාගේම අවසන් අරමුණ විය යුත්තේ පොදු මහ ජනතාවට සෙත සැළසීම පමණක් බවත් සියළු වැඩසටහන් සහ ක්‍රියාමාර්ගවල අවසන් ඵලය ඒකී අරමුණ ඉටු කර ගැනීම උදෙසා සිදු කළ යුතු බවත් කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද ඒස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ් මහතා මේ බව සඳහන් කළේ අද (09) පෙරවරුවේ දී පැවති දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරීන්ගේ විශේෂ රැස්වීමක් අමතමිනි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ නව ව්‍යවසායන් ආරම්භ කිරීමට අපේක්ෂිත පිරිස් සඳහා නව මානයක් ඔස්සේ ව්‍යාපාරික අවස්ථාවන් හඳුන්වා දීමේ වැඩසටහනක් අද (08) පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.

වත්මන් විදේශ රැකියා අවස්ථා පිළිබඳ කෑගල්ල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (06)පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

2002 වර්ෂයේ ආරම්භ කෙරුණු සෑම ඉඩමක් සඳහාම නිරවුල් ඔප්පුවක් ලබා දීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා දියත් කළ "බිම් සවිය" වැඩසටහනෙහි කෑගල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරිත්වය පිළිබඳ සාකච්ඡාවක් අද (04) වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කරන ජාතික තලයේ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් දියත් වනසුභාවිත ගී වියමන ස්වර දැහැන හා සත්සර මුසුව නොවැම්බර් 8 වන දින සවස 2.30 ට කෑගල්ල නගර ශාලාවේදී

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වැඩිහිටි අංශය වාර්ෂිකව සංවිධානය කළ වැඩිහිටි වන්දනා චාරිකාව ඊයේ (03) වන දින දළදා මාලිගාව, නෙල්ලිගල ජාත්‍යන්තර මධ්‍යස්ථානය, රණවන පුරාණ විහාරය, හන්තාන සඳහිරු සෑය මුල් කර ගනිමින් නිමාවට පත් විය.

කෑගල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සංවිධානය කළ ගැණුම්කරුවන්ගේ හා විකුණුම්කරුවන්ගේ හමුවක් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ආබාධිත සහිත වූවන්ගේ ස්වශක්ති බලමණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද (01) පෙරවරුවේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

ලංකාවේ ප්‍රථම මහ දිසාපතිතුමිය වූ රන්මැණිකේ ගුණතිලක මහත්මිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ වත්මන් මහ දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා වෙතින් '' පවර දෙටුවර''ජ්‍යෙෂ්ඨ පුරවැසි සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබුවාය.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය වූ දිස්ත්‍රික්කයේ ප්‍රවාහන ගැටළු විසඳීමේ අරමුණින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිනි රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකාච්ඡාවක් අද (27) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

ලෝක වැඩිහිටි දිනයට සමගාමීව යමින් "වෙනස් වන ලොවක -සවිමත් වැඩිහිටියෙක්" තේමාව ඔස්සේ කෑගල්ල දිස්ත්‍රික් වැඩිහිටි දින සැමරුම "දෙටුවර අභිමාන්"උත්කර්ෂවත් අයුරින් අද (26) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී නිමාවට පත්විය.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු - ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ වැවිලි ප්‍රජා සන්නිවේදන නිලධාරීන්ගේ ප්‍රගතිය විමසා බැලීමේ හමුවක් අද (25) පෙරවරුවේදී දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .

 

                                                  

 

Paper Article                                                                                               Paper Article
Application Form               

 

 

        

 

කෑගල්ල දිස්ත්‍රික්කයට මෙතෙක් අඩුපාඩුවක් පවතින දිස්ත්‍රික් නර්තන සංචිතයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය හදුනා ගත් දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ සංකල්පයකට අනුව සමස්ත දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පාසල් හා විවෘත අංශයේ නර්තන ශිල්පීන්ගේ එකතුවෙන් නර්තන සංචිතයක් ඇති කිරීම සඳහා වූ ඔවුන්ගේ සුදුසුකම් විමසා බැලෙන සම්මුඛ පරීක්ෂණය අද (21) දින කෑගල්ල තරුණ බෞද්ධ සංගම් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .

පොල් වගාව ආශ්‍රිතව මේ දිනවල කෑගල්ල දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත වන සුදු මැස්සා රෝගය පාලනය කිරීම සඳහා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ සක්‍රීය මැදිහත්වීම මත පියවර ගෙන තිබේ. ඒ අනුව අදාළ රාජ්‍ය නිලධාරීන් සහ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මේ දිනවල සිදු කෙරෙමින් පවතී.

කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පවතින ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් විසඳා ගැනීමට නොහැකි වූ ඉඩම් ගැටලු විසඳාගැනීම සඳහා දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ පූර්ණ උපදෙස් මත ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඍජු මැදිහත්වීමෙන් එම ගැටලු විසඳා ගැනීමේ විශේෂ හමුවක් (18)දින පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .

විදේශ රැකියා අමාත්‍යාංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සංවිධානය කරන මාර්ගගත රැකියා පොල හෙට (20) පෙ.ව 10.00 පැවැත්වේ .

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුබසාධක සංගමයට අනුබද්ධිත දිදුල පෙරපාසලේ ඉංග්‍රිසි දින සැමරුම් වැඩසටහන අද (19) පෙරවරුවේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සහ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් රාජ්‍ය භාෂා ප්‍රවීණතා දෙමළ භාෂා පාඨමාලාවක් දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පසුගියදා ආරම්භ කෙරිණි.

38 වන ජාතික කලා භූෂණ සම්මාන උළෙල - 2022 සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වන කලාකරුවන් තේරීමේ සම්මුඛ පරීක්ෂණය (19) වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි .

මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තුඹලියද්ද ග්‍රාම නිලධාරි වසමට අයත් නිවසකට පස්කන්දක් කඩාවැටීමෙන් එම නිවස දැඩි හානියට පත් වී තිබේ.

යෝජිත පාර්ලිමේන්තු තේරීම්කාරක සභා විධිමත්ව ක්‍රියාවට නැඟීම සඳහා නිර්මිත මැතිවරණ කොමිෂන් සභා ක්‍රියාමාර්ග ජනගත කිරීමේ සංවාද මාලාවේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන අද (14) කෑගල්ල හේෂානී උත්සව ශාලාවේ දී පැවැත්විණි.

රට තුළ උද්ගතව පවතින ආර්ථික අර්බුදයට තිරසාර විසඳුමක් වන අපනයන නිෂ්පාදන දිරිගැන්වීම හා ඊට පහසුකම් සැලසීම අරමුණු කරගනිමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ව්‍යවසායකයින් පිරිසක් උදෙසා අපනයන ක්‍රියාවලිය හා අපනයන අවස්ථා හඳුන්වාදීමේ වැඩසටහන අද (13) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .

කෑගල්ල දිස්ත්‍රික්කයේ සිටින කලා ක්ෂේත්‍රය වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටු කරනා ප්‍රවීණතම කලාකරුවන් පිරිසකට විශේෂ ආධාර ලබා දීමේ "කලාකරු සුවදම්" වැඩසටහනක් අද (12) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.

ලෝක මානසික සෞඛ්‍ය දිනය හා ජාතික උපදේශන දිනයට සමගාමීව ආතති කලමනාකරණ හා මානසික සෞඛ්‍යය සම්බන්ධව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් මානසික රෝග විශේෂඥ වෛද්‍ය නිපුණ රණවීර මහතාගේ සම්පත්දායකත්වයෙන් අද (12) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත් විණි.

සිංගප්පූරූවේ මහා කරුණා බෞද්ධ සමාජය මඟින් කෑගල්ල දිස්ත්‍රික්කයේ අඩුපහසුකම් සහිත පිරිවෙන් සඳහා භාණ්ඩ හා අධ්‍යන උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (05) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්_යාලයේ දී පැවැත්විණි.

USAID –PARTNER වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ‘අගය එකතු කරන ලද කුළුබඩු නිෂ්පාදනය’ සාකච්ඡාවක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් /දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) දින දිස්ත්‍රික් ලේකම් කාර්_යාලයේ දී පැවැත්විණි.

ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා ක්‍රියාමාර්_ග ගන්නා අතරම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආහාර පුරුදු වෙනස් කිරීම සඳහා ද දැනුවත් කිරීම් කළ යුතු යැයි කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්_ථික පුනර්_ජීවන කෙන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු - ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයේ කෑගලු දිස්ත්‍රික් වැඩසටහනේ ඉදිරි ක්‍රියාමාර්_ග පිළිබඳ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.

දිස්ත්‍රික්කය තුළම පෝෂණ අවස්ථා සපුරා ගැනීම මිරිදිය මත්ස්‍ය වගා වැඩසටහන ප්‍රවර්_ධනය කිරීම කෙරේ අවධානය යොමු කළ යුතු යැයි කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (04) පෙරවරුවේ දී පැවති දිස්ත්‍රික් කෘෂිකර්_ම කමිටුවට සහභාගී වෙමිනි.

දිස්ත්‍රික් ලේකම් කාර්_යාලට අනුබද්ධිත 'දිදුල' පෙරපාසල හා දිවා සුරකුම් මධ්‍යස්ථානයේ දරුවන් හා කුරුඳුහින්න Dream පෙර පාසලේ දරුවන් හා එම දෙමාපියන් එක්ව පසුගිය ඔක්තෝම්බර් පළමු වන දිනට යෙදුණු ලෝක ළමා දිනයට සමගාමී දිස්ත්‍රික් සමරුම් වැඩසටහනක් පින්නවල අලි අනාථාගාර පරිශ්‍රයේදී සංවිධානය කර තිබුණි .

සැප්තැම්බර් 27 ට යෙදුනු ලෝක සංචාරක දින සැමරුමෙහි මෙවර තේමාව "Re thinking Tourism" ලෙස නම් කර තිබූ අතර ඊට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය හා බද්ධ වී සිටින හෝටල්, බැංකු සහ රාජ්‍ය ආයතන අතර හමුවක් පසුගිය දා රඹුක්කන එළිෆන්ට් බේ හෝටලයේ දී පැවැත්විණි.

"වෙනස් වන ලොවක- සව්මත් වැඩිහිටියෙක් " තේමාවෙන් ජාත්‍යන්තර වැඩිහිටි දිනය මුල් කරගනිමින් රටට සහ වැඩිහිටි ප්‍රජාවට සෙත් පතා බෝධි පූජා පිංකමක් ඔක්තෝබර් 01 දිනට යෙදුනු ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමඟාමීව දිස්ත්‍රික් වැඩිහිටි දින සැමරුම ලෙසින් කෑගල්ල වෑවලදෙණිය විහාරස්ථානයේ දි පවත්වන ලදි.

"සිනහ දකින- අපේ ලොවක්" ලෝක ළමා දින කෑගලු දිස්ත්‍රික් සැමරුම ඔක්තෝම්බර් 01 දින කෑගලු සංස්කෘතික පුහුණු මධ්‍යස්ථායේ දි දරුවන් රැසකගේ සහභාගීත්වයන් පැවැත්විණි.

විගමණික ශ්‍රමිකයින්ගේ පවුල්වල දරුවන්ට අධ්‍යාපන උපකරණ බෙදා දීමේ දීපව්‍යාප්ත වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ සමාරම්භක වැඩසටහන කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්_යාලයේ දී පැවැත්විණි.

අර්_බුදකාරී වාතාවරණයක් හමුවේ වුවද දිස්ත්‍රික්කයේ ජන ජීවිතය අඩාල නොවන පරිදි සංවර්_ධන කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කරන බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (26) දිස්ත්‍රික් ලේකම් කාර්_යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමිනි.

2021 වසරේ 5 වසර ශිෂ්‍යත්වය සමත් තෝරාගත් අඩු ආදායම්ලාභී සිසුන් විසි දෙදෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම අද (25) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්_යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .ඕනෑම සමාජයක දරුවන්ට සලකන ආකාරය අනුව එම සමාජයේ ආත්මය ප්‍රකට වන අතර මෙම වැඩසටහන ඔස්සේ දරුවන් රැසකට අධ්‍යාපන පහසුකම් ඔප් නංවා ගැනීමට අවස්ථාව උදාවේ .

නිරන්තරයන් ආපදා වලට ලක් වන දිස්ත්‍රික්කයක් ලෙස කෑගල්ලේ මාධ්‍යවේදීන්ට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය තුළ දිස්ත්‍රික්කයේ ජනතාවට නිවැරදි තොරතුරු ලබා දීමේ සුවිශේෂී රාජකාරියක් පැවරී ඇතැයි කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය.

මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් ලේකම් කාර්_යාලයේ රැකියා කේන්ද්‍රය එක්ව "දිනන්නට හෙට දින" දිස්ත්‍රික් රැකියා පොල අද (23) පෙරවරුවේදී තරුණ තරුණියන් රැසකගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්_යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ සංකල්පයකට අනුව රට තුළ පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස නීත්‍යානුකූලව මෙරට සිටිමින් විදේශ විනිමය උපයන ක්‍රමයන් පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (22) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දිස්ත්‍රික්කයේ කවි කිවිදියන් ඒකරාශී කිරිම,ඔවුන්ගේ සුබසාධනය ඉහළ නැංවීම මෙන්ම කවියට ඇති වටිනාකම ඉහළ නංවමින් කවි කලාව ආරක්ෂා කිරීමේ අරමුණින් පිහිට වූ දිස්ත්‍රික් මහාකාව්‍ය සම්මේලන කලාකරුවන්ගේ හමුවක් අද (20) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්_යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

2021වසරේ සරසවි වරම් ලැබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ විශිෂ්ටම සාමාර්_ථ ලබා ගත් කෑගලු ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ සිසුවියන් සහ එම ගුරුවරුන් ඇගයීමේ අවස්ථාවක් අද (16) පෙරවරුවේ දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ග්‍රාමීය ආර්_ථික පුනර්_ජීිවන හා ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කොට ආර්_ථිකය සවි බල ගැන්වීම සඳහා ඒ සම්බන්ධ සියළු රාජ්‍ය ආයතන ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කිරීම වඩා වැදගත් බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය.

කාර්_යාල නිලධාරීන්ගේ රාජකාරී කටයුතු පහසු කිරීම හා කාර්_යක්ෂමතාවය වර්_ධනය කිරීමේ අරමුණින් කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි සංවිධානය කළ ‘ කාර්_යාල කටයුතු සඳහා තොරතුරු තාක්ෂණය හා පරිගණක භාවිතය ‘ පිළිබඳ එක් දින පුහුණු වැඩමුළුවක් අද (15) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.

පසුගිය ගංවතුරෙන් හානියට පත් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙරන්නාව පාලමේ ඉදිකිරීම් කටයුතු කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) නිරීක්ෂණයට ලක් කෙරිණි.

ස්වදේශ කටයුතු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි කාර්_යාල කළමනාකරණ ප්‍රාදේශීය ලේකම් කාර්_යාල මට්ටම් තරඟවලින් ග්‍රාම නිලධාරී කාර්_යාල විසි හතක් අතරින් 1,2,3 ස්ථාන සඳහා කුසලාන සහ සහතික පත්‍ර සහ 4 ,5, 6, 7, 8 ,9,10 ස්ථාන දක්වා කුසලතා සහතික පිරිනැමීම කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2022. 09 .14 දින බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්_යාලය ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.

නිසි ප්‍රතිකාර නිසි කල ලබා ගැනීමෙන් ලාදුරු රෝගය සම්පුර්_ණයෙන්ම සුවකර ගත හැකි වන බව ලාදුරු මර්ධන එකකයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රසික විරසිංහ මහතා සඳහන් කලේය. . ඒ මහතා මෙසේ සඳහන් කළේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්_යාලයේ නිලධාරීන් සදහා අද (14) දින පැවති ලාදුරු රෝගය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩ සටහනකට සහභාගී වෙමිනි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, යුනිලීවර් සමාගම හා සිංගර් ශ්‍රි ලංකා ෆැෂන් ඇකඩමිය එක්ව කෝවිඩ් වසංගත තත්ත්වයෙන් හා විවිධ හේතූන් මත බිඳවැටුණුු ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු ව්‍යවසායිකාවන් නගා සිටුවීමේ අරමුණින් "සන්ලයිට් මනුදම් වියමන" නමින් දීප ව්‍යාප්ත වැඩමුළුක් පසුගිය වකවානුව තුල ක්‍රියාත්මක කෙරිණි. ඉන් ජයග්‍රහණය කළ කෑගලු දිස්ත්‍රික් ව්‍යවසායකයින් සඳහා ඔවුනට හිමි මුදල් ත්‍යාග ලබා දීම කෑගල්ල දිසාපති / දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ සුරතින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (12) දින සිදු කෙරිණි.

මාවනැල්ල සමථ මූල මණ්ඩලය සදහා නව සාමාජිකයන් 36 දෙනෙකු පත් කිරීමට අදාල පත්වීම් ලිපි සංකේතාත්මකව එම සමථ මූල මණ්ඩල නව සභාපති ආනන්ද කෙහෙල් පන්නල මහතා වෙත ප්‍රදානය කිරීම අද (12) පෙරවරුවේ දී දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ අතින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුකෙරිණි .

කෑගල්ල හා පුත්තලම දිස්ත්‍රික් ළමා සමාජ දරුවන් අතර අත්දැකීම් හුවමාරු වැඩසටහනෙහි දෙවන අදියර සැප්තැම්බර් 10, 11 යන දෙදින පුත්තලම් දිස්ත්‍රික්කයේ මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් දෙදින පුහුණු වැඩසටහනක් ලෙසින් සාර්ථකව නිමාවට පත්විය.

රටට දෙස් විදෙස් කීර්_තියක් ගෙන ඒම සඳහා ක්‍රීඩාව අවස්ථාව සපයන අතරම ශරීර සහ මානසික සුවතාව වෙනුවෙන් ද ක්‍රීඩාවෙන් මහත් පිටුවහලක් ලැබෙන බව දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ කෑගල්ල දිස්ත්‍රික් බාහිර සේවා නිලධාරීන් විසින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය භාවිතය නිසා පුනරුත්ථාපනය වීම් ආශ්‍රිත තොරතුරු සදහා ක්‍රියාත්මක 1927 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය හදුන්වා දීම පසුගියදා සිදු කෙරිණි.

සාහිත්‍ය මාසය නිමිත්තෙන් උත්කර්ෂවත්ව පැවැත්වීමට අපේක්ෂිත "කලා විභාෂී" සාහිත්‍ය මහෝත්සවය වෙනුවෙන් දිස්ත්‍රික් සාහිත්‍ය තරග අද (09) වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී ඇරඹිණි .

පසුගිය නොවැම්බර් 15 වැනි දින අයහපත් කාලගුණයෙන් නායයෑමට ලක්වූ කොළඹ - නුවර මාර්ගයේ පහල කඩුගන්නාවේ ස්ථානයෙන් නාය යාමට අදාලව දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි ඊට අදාළ නාය යාම අවම කිරීමේ ප්‍රගති සමාලෝචන හමුවක් එම ක්ෂේත්‍රයේ දී ඊයේ (07)වන දින පැවැත්විණි.

ආර්_ථික අර්_බුදය හමුවේ විදේශ ආදායම් වර්_ධනය කර ගැනීම උදෙසා නිර්_මාණාත්මක නව ප්‍රවේශයන් රාජ්‍ය අංශයෙන් සැළසුම් කළ යුතුව ඇතැයි කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (07) දින කෑගල්ල දිස්ත්‍රික්කයේ නිපුණතා සංවර්_ධන නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අමතමිනි.

මෙරට සංගීත ක්ෂේත්‍රයේ සදාතනික හඬ පෞරුෂයකට හිමිකම් කියන රසික හදවත් අමන්දානන්දයට පත් කළ ගීත රැසක හිමිකරුවෙකු වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ සිටින ප්‍රවීණම කලාකරුවෙකු වූ නිමල් ගුණසේකර මහතා විසින් රචිත "ලියමු ගී මනරම්", "ගුවන්විදුලියෙන් නොඇසූ රස කතා","මියැසි මග" ග්‍රන්ථ ත්‍රිත්වය කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාට පිළිගැන්වීම අද (07)පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්_යාලයේ දී සිදු කෙරිණ.

අපනයනාභිමුඛ ආර්_ථිකය ශක්තිමත් කිරීම තුළින් විදේශ විනිමය ප්‍රේෂණ්‍ය කිරීමට හැකිවන බවත් ඒ සඳහා කුඩා ව්‍යාපාර ව්‍යවසායකයින් දිරි ගැන්වීමට කටයුතු කළ යුතු බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය.

ඉදිරියේ දී වැඩිහිටි ජනගහණය ඉහළ යාමත් සමඟ ඇති විය හැකි සමාජ වෙනස්වීම් පුරෝකථන කොට ඊට සූදානම් වීම වැදගත් බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (07) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්_යාල ශ්‍රවණාගාරයේ දී පැවති කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිහිටි නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගී වෙමිනි.

තෙවන කාර්තුවට අදාල විගණන කරුණු විමසා බැලෙන දිස්ත්‍රික් විගණන කළමනාකරණ කමිටු රැස්වීම අද (06) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්_යාලීය ශ්‍රවණාගාරයේදී දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තම ජීවිතයේ වැඩ කළ හැකි අවධ්යේ පවා රට වෙනුවෙන් සේවය කර ,විශ්‍රාම ගිය ද රටට වැඩදායී ලෙස කටයුතු කරනා දිස්ත්‍රික්කයේ වැඩිහිටියන්ගේ සුභ සාධනය වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය දැඩිව පවතින බව කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා මෙහිදී සඳහන් කළේය.

ක්‍රීඩාවෙන් හිමිවන්නේ ජයග්‍රහණයන් ලබා ගැනීම පමණක් නොව ජය පරාජ දෙකම සමව විද දරාගත හැකි සහ කුමන අභියෝගයකට වුවද නොසැලී මුහුණ දීමට හැකිවන පරිදි පුද්ගලයෙකුගේ ර්ව යාවන් මනා ලෙස පවත්වාගෙන යාමට ද ඉවහල් වන බව කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය සඳහන් කළාය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදුකෙරෙන හිංසනයන් වැළැක්වීම සඳහා රජයේ නිලධාරීන් ලෙස උපරිම කටයුතු කරන බවත් විශේෂයෙන්ම ළමා සහ කාන්තා හිංසනය වළක්වා නොගත හොත් ඒහි අනිසි බලපෑම සමස්ත සමාජයටම අත්විඳීමට සිදුවනු ඇතැයි කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද ඒස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ් මහතා මේ බව සඳහන් කළේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත සිදුවන හිංසනයන් වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන ඒ්කාබද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඊයේ (31) පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.

‘දයාවේ සත්කාරය මනුසත් මෙහෙවර' වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බලමණ්ඩල වල අඩු ආදායම්ලාභී පවුල් 1500 ක් සඳහා වියළි ආහාර මළු බෙදා දීමේ වැඩසටහනේ කෑගල්ල දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන අද (31) පෙරවරවරුවේ දී තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දැඩි ලෙස අබලන් වී ඇති ගරාගොඩ හා බෙරන්නාව පාලම් ඇතුළු අබලන්ව පවතින පාලම් රැසක් සඳහා ක්‍රියාත්මක ඉදිරි සැලසුම් පිළිබඳ විමසා බැලීමේ හමුවක් අද (30) පස්වරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතිණි .


එහිදී එම පාලම් අලුත්වැඩියා කිරීම් කඩිනම් කිරීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය තවදුරටත් දැනුවත් කිරිමට කටයුතු කරන බව ප්‍රකාශ විය .


උක්ත සාකච්ඡාවට ලක්වූ පාලම් හැකි විගසින් ප්‍රතිසංස්කරණය කොට ප්‍රදේශයේ අපහසුතාවයට පත්ව ඇති ජනතාවට සහන සැලසීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමට කටයුතු කිරීමට අපේක්ෂිතයි .


මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය නියෝජනය කරමින් හිටපු පළාත් සභා අමාත්‍ය ශ්‍රී ලාල් වික්‍රමසිංහ මහතා ඇතුළු යටියන්තොට ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිශා එස්. රත්නායක මහත්මිය ,මාණ්ඩලික නිලධාරීන්,යටියන්තොට, බුලත්කොහුපිටිය කොට්ඨාශයන්හි ප්‍රාදේශීය ලේකම්වරියන්, රාජ්‍යය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් පිළිබඳ ප්‍රගතිය විමසා බැලෙන ප්‍රාදේශීය ලේකම් හමුව අද (30) පෙරවරුවේ දි දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය .

කෑගල්ල නගරය ආශ්‍රිත මහල් නිවාස ව්‍යාපෘතියක් ඉදි කිරිම පිළිබඳ මුලික සාකච්ඡාවක් අද දින (28 ) දිස්ත්‍රික් ලේකම් / දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.

නව නිපැයුම් ක්‍රීඩාවක් හරහා සමාජ ශුභ සිද්ධිය ඇති කරමින් ජව සම්පන්න පුරවැසියකු සමාජගත කිරීමට හඳුන්වා දෙන one fast නම් වූ නවතම ක්‍රීඩාව පිළිබඳව කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා දැනුවත් කිරීමක් අද පෙරවරුවේ දී එම ක්‍රීඩාව හඳුන්වා දෙන එස්.එන්. නිශාන්ත මහතා විසින් සිදු කරන ලදී .

දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කළ නව CRM යන්ත්‍රය හේතුවෙන් අවට කාර්යාලවල රජයේ නිලධාරීන්ට පමණක් නොව රාජ්‍ය ආයතන වල සේවාව ලබා ගැනීමට පැමිණෙන සේවාදායකයින්ගේ සහ ප්‍රදේශයේ මහජනතාවගේ බැංකු කටයුතු වඩාත් පහසු කරවන බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ කෑගල්ල කච්චේරී පරිශ්‍රය තුළ ලංකා බැංකුවේ නව CRM යන්ත්‍රයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් අද (26) පැවැති උත්සව සභාවක් අමතමිනි.

රාජ්‍ය අංශයේ ඵලදායී සේවයක් හා ශික්ෂිත විනය ගරුක රාජ්‍ය නිලධාරියෙකු බිහි කිරිමේ අරමුණින් පවත්වනු ලැබූ මූලික විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධ දෙදින වැඩමුළුවේ සහතික පත් පිරිනැමීම කෑගල්ල දිසාපති / දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීම අද (24) පස්වරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී රැස් විය.

පවතින සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන නිසි පරිදි අධ්‍යාපනය හදාරා රටට වැඩදායී , යහපත් ගුණගරුක පුරවැසියකු වීමට කටයුතු කළ යුතු බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. කෑගල්ල දිසාපතිවරයා මෙසේ සදහන් කළේ තුල්හිරිය ධර්මසිරි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ ඊයේ (23) පැවති නවෝත්පාදන නිර්මාණ ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමේ උත්සවයකට සහභාගී වෙමිනි.