තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය හා එක්ව දිවයින පුරා පිහිටි ග්‍රාමීය ව්‍යවසායකයන් සවි බල ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක නව්‍යකරණ වැඩසටහනට අදාළව නිලධාරීන් දැනුවත් කිරීමක් හා GMP පරීක්ෂකවරුන් ලෙස විදාතා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් කළ නිලධාරීන් සඳහා සහතික පත්‍ර ප්‍රධානය කිරීමක් අද (20) පෙරවරුවේදී ගරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදුවිය.

මාවනැල්ල ,රඹුක්කන ,ගලිගමුව,කෑගල්ල අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි වසම් ආශ්‍රිතව රාජකාරි කටයුතු සිදු කරන සංවර්ධන නිලධාරින් උදෙසා ධාරිතා සංවර්ධන වැඩසටහනක් අද (16) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වන උඩුව ග්‍රාමනිලධාරී වසමට අයත් කැකලපන ග්‍රාමයේ පදිංචි පාසල් හැරගිය අඩු යටිතල පහසුකම් යටතේ ජීවත් වන සිංහල දෙමළ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා විදුලි කාර්මික පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන අංශය මගින් දියත් කළ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පසුගියදා පැවැත්වුණේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් එච්. ඩී. එස්. එන්. හෙට්ටිගේ, සහකාර ප්‍රාදේශීය ලේකම් සිතාරා වී වික්‍රමරත්න සහ කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් කැකලපන මහා විද්‍යාලයට ආසන්නව පිහිටි කැකලපන විහාරස්ථානයේ අභිනව ධර්මශාලාවේදීයි.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ දිවයින පුරා ක්‍රියාත්මක වන සංස්කෘතික මධ්‍යස්ථාන එම සංස්කෘතික මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන ප්‍රදේශයේ ජීවත් වූ, ජීවත් වන විශිෂ්ට කලාකරුවකුගේ නමින් එම කලාකරුවාට උපහාර පිණිස නම් කරන ලෙස ගරු බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා විසින් ලබාදුන් උපදෙස් පරිදි එහි පළමු අදියර යටතේ දිවයිනේ පලමු සංස්කෘතික මධ්‍යස්ථානය කෑගල්ල ප්‍රදේශයේ මෙන්ම ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට අනභිබවනීය සේවයක් ඉටු කළ 'ප්‍රවීණ රංගදර සුමින්ද සිරිසේන' මැතිතුමා නමින් නම් කිරීමේ උත්සවය පසුගියදා (11) ගරු බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල සංස්කෘතික මද්‍යස්තානයේදී සිදුකෙරිණි.
සුමින්ද සිරිසේන මහතා වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ සිනමාව තුළ විශිෂ්ට ලෙස රංගනයෙන් දායක වූ කලාකරුවෙක් වන අතර ඒ සඳහා රාජ්‍ය සම්මාන වලින් ද පිදුම් ලැබු රංගවේදියෙකි.

වෙසක් මාසය නිමිත්තෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක 'දොළොස්මහේ පහන' සංස්කෘතික වැඩසටහනට අදාළව බුළුරුප්ප ග්‍රාම නිලධාරී වසමේ කලායතන, ග්‍රාමීය සමාජ සහ සෞන්දර්ය ළමා සමාජ කේන්ද්‍ර කරගෙන 'ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිත කර වෙසක් සැරසිලි හා ගොක්කොළ නිර්මාණ වැඩසටහන - 2024' අද දින (2024 05 10) තිබ්බටුමුණුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණා.

කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද දින රැස්වූයේ (02) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීයි.

ග්‍රාමීය ව්‍යවසායක ප්‍රජාවගේ ව්‍යාපාර නිෂ්පාදන සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබා දෙමින් ගුණාත්මක නිෂ්පාදනයන් සිදු කිරිමට අවශ්‍ය පරිසරය ගොඩ නංවමින් අදාල නිෂ්පාදන සඳහා වෙළඳ පොළක් ලබා දීම හා එමඟින් ව්‍යවසායකයින්ගේ එදිනෙදා ජිවිතය ගොඩ නඟමින් සාර්ථක ව්‍යවසායකයින් පිරිසක් බිහිවන තෙක් අවශ්‍ය අත්වැල සැපයීම අරමුණ කරගනිමින් විදාතා නිලධාරින් GMP පරීක්ෂකවරුන් ලෙස පුහුණු කිරීමේ වැඩසටහනක් අද ( 02) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ විෂය පථයට අදාළව එම අමාත්‍යංශය විසින් කෑගල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරුතර ස්වාමීන් වහන්සේලා හා ක්ෂේත්‍ර රාජකාරීවල නිරත සියලුම නිලධාරීන්ගේ හමුවක් 2024 04 27 දින පැවැත්වීමට තීරණය කර තිබිණි. එමෙන්ම මේ සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම ගරු අමාත්‍යතුමන්ලා, ගරු මන්ත්‍රීතුමන්ලා සහ ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසද වැඩිදුරටත් දන්වා තිබිණි. ප්‍රථමයෙන්ම ගරු විදුර වික්‍රමනායක අමාත්‍යතුමන් කෑගල්ල සංස්කෘතික මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම හා එහි නිලධාරීන් හා අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කිරීම සිදුවිය. මෙම නිරීක්ෂණයට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ. එම්. ආර්. පී. ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ. පී. එස්. නිශාන්ත, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතංගොඩ, විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනි රාජිකා වික්‍රමසිංහ, ඇතුළු කෑගල්ල සංස්කෘතික මධ්‍යස්ථානයේ නිලධාරීන් හා අදාළ පාර්ශවයන් සහභාගි විය.

පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මැනුම් සම්බන්ධ පුහුණු වැඩසටහනක් පසුගියදා ( 26) දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

According to the discussion held at the Ministry of Plantation under the chairmanship of the Hon'ble Minister of Agriculture and Plantation, adding a national auspicious of planting saplings to the auspicious seat of the Sinhala and Tamil New Year celebrations in the year 2020 and implementing the program started under the name "A plant for auspiciousness - auspicious for the country" in the year 2024 and taking the program forward, the Ministry of Agriculture and Plantation Industries has decided to plant an annual plant that bears fruit at the same time in all institutions' premises on 18.04.2024 at 10.16 am for the National Planting Day.

A meeting to review the progress of the social service officers performing their duties in the district was recently held at the district secretariat auditorium.

අස්වැසුම නව අයදුම්පත් සමීක්ෂණය සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන අද දින(9) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ කෑගලු දිස්ත්‍රික් දිරිය ව්‍යවසායකයින්ගේ නිර්මාණශීලීත්වයෙන් හැඩ ගැන්වුණු "කෑගලු ව්‍යවසාය " - 2024 අද පෙරවරුවේ දි අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත මහතාගේ සුරතින් කෑගල්ල නගර සභා ශාලාවේ දි විවෘත කෙරිණි.

පහල ලෙනගල ප්‍රජාවගේ ආර්ථික තත්ත්වය නංවලීම අරමුණු කරගනිමින් ශ්‍රම ශක්ති සංගමය වසර දෙකක් මුළුල්ලෙ පවත්වා ගෙන යනු ලබන සති පොල සඳහා ස්ථිර ⁣ගොඩනැගිල්ලක් සංගමයේ සාමාජිකයින්ගේ දායකත්වය මත සකස් කර විවෘත කිරීම පසුගියදා (28) පෙරවරුවේදී සෙත් පිරිත් හඩ මැදින් සිදු විය.

කෑගල්ල දිස්ත්‍රික් සංස්කෘතික අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද (28) පෙරවරුවේ දී අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජි.එච් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා මනෝ උපදේශනය ඉතා වැදගත් කාල වකවානුවක රාජ්‍ය නිලධාරීන්ට යහපත් මහජන සේවයක් ලබා දීමටත් , තම පෞද්ගලික ජිවිතය සාර්ථකව ගත කිරිමටත් අවශ්‍ය උපදෙස් ලබා දීමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (27) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

මිනිස් ජාවාරමට එරෙහි සිවිල් සංවිධාන බලගැන්වීම ව්‍යාපෘතිය පිළිබඳව විදේශ රැකියා අංශය මගින් සංවිධානය කරන ලද දිස්ත්‍රික් සුරක්ෂිත සංක්‍රමණ සංසදය ඊයේ දින ( 21 ) පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්තුමන් නියෝජනය කරමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත මහත්මාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවනාගාරයේදීයි.

මෙම වසරේ පළමු කාර්තුවට අදාළ දිස්ත්‍රික් රාජ්‍ය නොවන සම්බන්ධීකාරක කමිටුව අද (22) පෙරවරුවේ දී රැස්විය.

සමාජ සේවා දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව හය වන වරටත් සංවිධානය කළ කෑගල්ල දිස්ත්‍රික් ආබාධ සහිත වුවන්ගේ ජාතික ආධුනික මළල ක්‍රීඩා තරඟාවලිය ඊයේ (19) දවස පුරා කෑගල්ල මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ එලදායිතා අංශයේ සංවර්ධන නිලධාරී අමාලි විජේවර්ධන මහත්මියගේ කුළුදුල් කෘතිය “නටන්න ආස කක්කුටු පැටියා” දොරට වැඩීම අද (18) පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධිත දිදුල පෙර පාසලේදි සිදු කෙරිණි.

විදුලි මාර්ග සඳහා අවශ්‍ය මාර්ග අවසරය,ගස් හෝ අතු කපා බිම හෙලීම සහ වන්දි තීරණය කිරීම හා වන්දි ගෙවීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශයන් පිළිබඳව දැනුවත් කිරීමේ කෑගල්ල දිස්ත්‍රික් සැසියක් පසුගියදා (14) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි සිදුකෙරිණි.

දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් පිළිබඳ විමසා බැලෙන කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (13) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය සංවිධානය කළ දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථාවන් උදාකරලීමේ සම්මුඛ පරීක්‍ෂණයක් අද (12) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබුණි.

සබරගමුව පළාත් සභාවේ වනිතා කටයුතු සංවර්ධන වැඩසටහන් යටතේ ප්‍රධාන අමාත්‍යංශය, දිස්ත්‍රික් වනිතා කටයුතු අංශය හා ඉන්දිරා පිළිකා භාරය එක්ව ක්‍රියාත්මක කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුමක් ඊයේ (07) පෙරවරුවේ දී කෑගල්ල නගර සභා ශාලාවේ දී පැවැත්විණි.

මහජන පැමිණලි අවම කර ගනිමින් කාර්ය්‍යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා වන ප්‍රායෝගික උපාය මාර්ග හඳුනා ගැනීම වෙනුවෙන් ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා Transparency International Sri Lanka ආයතනයේ දායකත්වයෙන් හා අනුග්‍රහයෙන් ක්‍රියාත්මක Road Map For Better Service Delivery වැඩසටහනෙහි කෑගල්ල දිස්ත්‍රික් පළමු දැනුවත් කිරිම ඊයේ (06) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන කමිටුව ඊයේ ( 05) දින පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහත්මාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදීයි.

කවිකාර සිත් දොඩමළු වන ගීතමය සුයාමය "සඳදිය නිම්නය" ගීතමය රස වින්දනාත්මක වැඩසටහනෙහි කුළුඳුල් දිගහැරුම ඊයේ (05) පස්වරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව, කෑගල්ල වොලිබෝල් සංගමය හා සුහද මිතුරු සංසදය එක්ව සංවිධානය කළ කෑගලු වොලිබෝල් සැණකෙළියේ රාජ්‍ය ආයතන අතර වොලිබෝල් අවසන් මහා තරඟය අද (01) දවස පුරා කෑගල්ල ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.මෙම තරගාවලියේ විශේෂත්වය වූයේ කෑගල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති පලමු වොලිබෝල් තරගාවලිය මෙය වීමයි.

ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම හා සමාජ සේවා නිලධාරීන්ගේ රැස්වීමක් ඊයේ (28) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික් "ගරු සරු" සහ SMART Youth Club හදුන්වාදීමේ වැඩසටහන පසුගිය 23 හා 24 දිනයන්හිදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නිදහස් මාවතේදී සාර්ථකව අවසන් විය.

ජයගමු ශ්‍රි ලංකා ජනතා ජංගම සේවයට සමගාමීව පසුගිය 23,24 දිනයන්හිදි වැඩ සටහන් රැසක් කෑගල්ල නිදහස් මවතේදී පැවැත්විණි.

"ජයගමු ශ්‍රී ලංකා" ජනතා ජංගම සේවා වැඩසටහනේ සමාරම්භය ඊයේ (23)පෙරවරුවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නනායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නිදහස් මාවතේදී ඇරඹිණි.

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා හර්බ්ලයින් ආයතනය එකව පැවත් වූ රූපලාවණ්‍ය පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කළ පුහුණු ලාභිණියන්ට එම සහතික පත් ප්‍රධානය අද (22) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරන ලද රාජ්‍ය භාෂා ප්‍රවීණතා ග්‍රන්ථ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප කාර්යාල හරහා හඳුනාගත් පාසල් වෙත බෙදා දිම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරේ. ඒ අනුව කෑගල්ල අධ්‍යාපන කලාප කාර්යාල මට්ටමින් හඳුනා ගත් පාසල් වෙත එම ග්‍රන්ථ ලබා දිමක් අද (21) පෙරවරුවේ දී සිදු කෙරිණි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ භාෂා අංශයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ඉන්දිකා වීරවර්ධන මහත්මිය අතින් කෑගල්ල අධ්‍යාපන කලාප කාර්යාලයේ සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය වෙත එම ග්‍රන්ථ එහි දි පිරිනැමිණි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය එක්ව බතික් කර්මාන්තයේ නිරත ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (20) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි දිස්ත්‍රික් ලේකම්/දිසාපති රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

76 වන නිදහස් දිනයට සමගාමීව දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලය සංවිධානය කළ මුදල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා (16) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුබ සාධක සංගමයට අනුබද්ධිතව ක්‍රියාත්මක වන "දිදුල" පෙර පාසලේ 2023 වසරේ වාර්ෂික විවිධ ප්‍රසංගය ඊයේ (14) පස්වරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .

2024 වසර සඳහා විමධ්‍යගත වැඩ සටහන හා කදුකර දශකය වැඩ සටහන ඇතුලත්ව දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් පිළිබඳ විමසා බැලෙන කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (14) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ නව අග්‍රහාර කාර්යාලය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය හා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතින් අද (12) පෙරවරුවේදී කෑගල්ල කච්චේරිය පරිශ්‍රයේ සුභසාධක අපනශාලාව අසලදී විවෘත කෙරිණි.

2023 අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලිය සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කළ "කැලේ කතාවක්" නාට්‍ය පිටපත් නමසීයක් අතරින් හොඳම නාට්‍ය පිටපත් අතර දෙවන ස්ථානය ලබා ගනිමින් සම්මාන සහ සහතික රැසක් දිනා ගැනීමට සමත් විය. එම ජයග්‍රහණය ලද නාට්‍ය කණ්ඩායම ඇගයීමේ විශේෂ හමුවක් ඊයේ (07) පස්වරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී දිසාපති /දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමන්ලා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හා කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් රට තුල කාර්මික සාමය ආරක්ෂා වී ආයෝජන හිතකාමී පරිසරයක් ඇති කිරිම තුලින් දේශීය නිෂ්පාදනය ඉහළ නැංවිම හා ඒ තුලින් රටේ ආර්ථිකය නැංවීමට දිස්ත්‍රික් මට්ටමින් ජංගම සේවා වැඩසටහන් මාලාවක් පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇත. එහි කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම පසුගියදා (06) පස්රවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

Yesterday (07) a certificate presentation ceremony was held for 46 children who studied the International Culinary Course under the leadership of District Secretary Ranjana Jayasinghe at the District Secretariat Auditorium.

විවිධ භාෂා සහ රාජ්‍ය භාෂා පිළිබඳ දැනුම කුසලතාවය වර්ධනය කිරීමටත්, පුද්ගලයන් අතර අන්‍යෝන්‍යය අවබෝධය ඇති කරමින් පොත් කියවීමේ සංස්කෘතියක් සමාජය තුළ ඇති කිරීමත් අරමුණු කරගනිමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශයේ ක්‍රියාකාරී සැලැස්මකට අනුව පුස්තකාල සඳහා භාෂා පොත් බෙදා දීමට කටයුතු කර ඇත.

විදේශගත වීමට මූලික අවශ්‍යතා ලෙස සැලකෙන පිළිගත් ආයතනයක විදේශ රැකියා ඉලක්ක කරගත් පුහුණු ලබාදීම සහ විදේශ භාෂාවක් ප්‍රගුණ කිරීම ඉතා වැදගත් වේ. එමෙන්ම පුහුණු ශිල්පීන් සහතික කර රැකියා සඳහා යොමු කිරීම, පුහුණු තරුණ තරුණියන් නව පුහුණු වැඩසටහන් සඳහා යොමු කිරීම,විදේශ රැකියා සඳහා මගපෙන්වීම හා ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා සහාය වීම යන සේවාවන් ජනතාව අතර ප්‍රචලිත කිරීම යන අරමුණු ද අතිශයින්ම වැදගත් වන අතර ඒවා ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (06) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ගොවිජන සේවා, සත්ව පාලන, ජල ජීවී වගා, කෘෂි රක්ෂණ මණ්ඩල, වැවිලි භාරය, කුඩා තේ වතු, රබර්,තේ සංවර්ධන, සමෘද්ධි දෙපාර්තමේන්තු ඇතුළු කෘෂි ක්ෂේත්‍රයට අදාල අංශ රැසකගේ ප්‍රගතිය විමසා බැලෙන දිස්ත්‍රික් කෘෂි කමිටුව අද (06) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී රැස්විය.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැකියා ප්‍රවර්ධන අංශය මගින් DSI ආයතනය සඳහා සංවිධානය කරනු ලැබූ රැකියා ගත කිරීමේ වැඩසටහනක් (02) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

සබරගමු පළාත් ආණ්ඩුකාරවර උපකාර්යාලයක් කෑගල්ල රතඹලාවත්තේදී (02)පසුගියදා සබරගමු පළාත් ආණ්ඩුකාරවර අධි නීතිඥ නවීන් දිසානායක මහතා අතින් විවෘත කෙරිණි.

76 වැනි නිදහස් දින සමරු උළෙලට සමගාමීව ඖෂධ පැළ දස ලක්ෂයක් සිටුවීමේ ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ ආයුර්වේද සංරක්ෂණ සභාවේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඇතිව අද (02) ඖෂධ පැළ සිටුවීමේ වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රන්ජන ජයසිංහ මහත්මාගේ සහභාගිත්වයෙන් කෑගල්ල සංචාරක බංගලා පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ආබාධ සහිත පුද්ගලයින්ගේ සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමේ දී පොදු ගොඩනැගිලිවලට ප්‍රවේශ වීමේදී දී මතුව ඇති අපහසුතාවයන් නිසා පවතින ගොඩනැගිලි හා අලුතින් ඉදිකරන ගොඩනැගිලි ආබාධ සහිතවූවන්ට ප්‍රවේශ විය හැකි වන පරිදි ඉදිකිරිම් කටයුතු සිදු කිරීම පිළිබඳ දැනුවත් කිරිමක් අද (01) කෑගල්ල ස්ලික් හෝටලයේ දී පැවැත්විණි.

DSI ආයතනයේ පවත්නා විවිධ රැකියා පුරප්පාඩු සඳහා තරුණ තරුණියන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2024.02.02 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය A රැස්වීම් ශාලාවේදී පෙ.ව. 9.00 සිට පැවැත්වේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සංවිධානයෙන් Voice of Migration (VOM) ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පවතින විගමනික ශ්‍රමික සංගම් සංවිධාන ගත කිරීම හා සවිබල ගැන්වීම පිළිබඳ පුහුණ වැඩසටහනක් අද (31) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩල විසින් කාර්තුමය වශයෙන් පවත්වාගෙන යා යුතු වැඩසටහන් පිළිබඳව මෙන්ම නව වසරේ ඉදිරි වැඩසටහන් පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා (26 ) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

හින්දු බැතිමතුන්ගේ හිරු දෙවියන් පිදීමේ මංගල්‍යය හෙවත් තෛපොංගල් මංගල්‍යයේ හරයන් හා චාරිත්‍රයන් ඇතුළත් තෛපොංගල් දින සැමරුමක් අද (24) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය පරිශ්‍රයේදී සංවිධානය කර තිබුණි.

2023 වසරට අදාල සමස්ත ලංකා සහ දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් සහතික පත්‍ර ප්‍රධානෝත්සවය ඊයේ (21) පස්වරුවේදී කෑගල්ල නගර සභා ශාලාවේදී පැවැත්විණි.

දෙමළ හින්දු බැතිමතුන්ගේ අස්වනු මංගල්‍යය හෙවත් තෛපොංගල් උත්සවය සැමරීම අඹන්පිටිය ශ්‍රී මුත්තුමාරි අම්මාන් කොවිලේදී උත්සවශ්‍රීයෙන් අද (18) පෙරවරුවේ දී පැවැත්විණි. වැඩි අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හිරු දෙවියන්ට ස්තුති කිරීම වෙනුවෙන් තෛපොංගල් මගල්‍යය සැමරෙන අතර කොවිල් පරිශ්‍රයේ අද පැවැති උත්සවය විවිධ සංස්කෘතිංක අංග රැසකින් සමන්විත විය.

සුබසාධක සංගමයට අනුබද්ධිතව පවත්වාගෙන යනු ලබන "දිදුල" මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට 2024 වර්ෂය සඳහා නවක දරුදැරියන් බඳවා ගැනීම හා නව වසරේ පෙර පාසල ආරම්භ කිරීම පසුගියදා සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙණි.

ආහාර සුරක්ෂිතාව හා ජීවනෝපාය සංවර්ධන ප්‍රතිපාදන හදිසි ආධාර වැඩසටහන යටතේ සක්‍රිය දායකත්වය සඳහා දිරිගැන්විම අරමුණු කරගනිමින් සමාජ සේවා දෙපාර්තමේන්තුව හා ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ආබාධ සහිත වූවන් සදහා ප්‍රධාන වැඩසටහන් තුනක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති අතර එහි දෙවන වැඩසටහන අද දින ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව ගලිගමුව, මාවනැල්ල, කෑගල්ල, අරණායක, වරකාපොල, රඹුක්කන යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ආබාධිත ප්‍රජාව අතුරින් තෝරා ගත් දැනට ව්‍යාපාරයක නිරත හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂිත පුද්ගලයින් තිස් දෙනෙකු සඳහා එළවළු හා පලතුරු විජලනය පිළිබඳ පුහුණුවක් අද (09) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

දිස්ත්‍රික්කය තුළ සිටින නව ව්‍යවසායකයන් හඳුනා ගැනීමටත්, දැනට සිටින ව්‍යවසායකයන් දිරිගැන්වීම තව දුරටත් පුළුල් කිරීම අරමුණු කර ගනිමින් ඊට අදාළ විෂයන්හි නිරත ක්ෂේත්‍ර නිලධාරීන් සදහා ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක් අද (08) ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

2024 වසරේ පළමු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (05) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්විය.

දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් සංවිධානය කරන ලද, කෑගල්ල දිස්ත්‍රික්ක‍යේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රි ලංකා සමාජ ආරක්ෂණ අංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමයට දායකත්වය ලැබූවන්ට විශ්‍රාම වැටුප් පොත් පිරිනැමීම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) සිදුකෙරිණි.

උදාවූ 2024 නව වසරේ රාජකාරි කටයුතු සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් අද (01) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරිණි.

පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව පවත්වන අත්සලු ජාතික තරගාවලිය, අත්‍ යන්ත්‍ර පේෂ කර්මාන්ත ප්‍රදර්ශනය හා තරගාවලියට සමගාමීව පවත්වන ලද "වියමන් දෑතට අභිමන් - 2023 " අත්‍ යන්ත්‍ර පේෂකර්ම තරගාවලියෙන් ජයග්‍රහණය ලද සබරගමු පලාතේ පේෂ කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලී සිටින ශිල්පීන්ට ත්‍යාග සහ සහතික පත්‍ර ලබා දීමක් අද (28) පෙරවරුවේදී කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ‍ අද (28) දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ලෝක ළමා දිනයට සමඟාමිව ළමා අයිතින් හා ළමා ආරක්ෂාව තේමා කර ගනිමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් 2021,2022 හා 2023 යන වසරවල පවත්වන ලද සමස්ත ලංකා "සිතුවිලි සිත්තම්" තරඟාවලියේ කෑගල්ල දිස්ත්‍රික් ජයග්‍රාහකයින් සදහා පදක්කම්, ත්‍යාග හා සහතිකපත් ප්‍රදානෝත්සවය ඊයේ (27) පෙරවරැවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

අහදියා දහම් පාසල් විසි හයක් සදහා චෙක්පත් බෙදා දීමක් පසුගියදා (19) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදු කෙරිණි.ඊට සමගාමීව දහම් පාසල් පොත් බෙදා දීමක්ද සිදු විය.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන දිරිය ව්‍යවසායකයින්ගේ නිර්මාණශීලිත්වයෙන් හැඩ ගැන්වුනු "කෑගලු ව්‍යවසාය" - 2023 අලෙවි පොල හා අලෙවි ප්‍රදර්ශනය අද ((27) කෑගල්ල නගර සභා ශාලාවේ දි දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතාගේ සුරතින් විවෘත විය.

ආදරය,ප්‍රේමය,දයාව පතුරුවන සීතල නත්තල් දිනය වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම කාර්‍ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් ඊයේ (21) පස්වරුවේ දී කාර්යාල පරිශ්‍රෙයේදී සංවිධානය කර තිබුණි.

ක්‍රීඩ හ යෞවන ,කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් අනාගත ව්‍යවසායකයින් සොයා යන සොඳුරු ඇරඹුමේ සුවිශේෂී කඩඉමක් වූ Golden Idea චිත්‍ර හා රචනා තරඟාවලියෙන් ජයග්‍රාහී ලැබු කෑගලු දිස්ත්‍රික් දූ දරුවන්‌ගේ ත්‍යාග ප්‍රදානෝත්සවය හා චිත්‍ර ප්‍රදර්ශනය අද (21 )පස්වරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල‌යීය පරිශ්‍රයේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස් නිශාන්ත මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුභසාධක සංගමයට අනුබද්ධව ක්‍රියාත්මක වන “දිදුල“ මුල් ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය හා විශේෂ නත්තල් සැමරුම අද (21) දිදුල පෙරපාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පවතින අපනයන අභිමුඛ නිෂ්පාදන හා ආනයන ආදේශක නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයන්ගේ එම නිෂ්පාදන ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවය ඉහළ නංවමින් සකස් කර ගැනීම සම්බන්ධ අදහස් හා යෝජනා ලබා ගැනීමේ හමුවක් ඊයේ (20) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒක්ව සංවිධානය කළ හින්දු දහමු පාසල් ගුරු භවතුන් පුහුණු කරීමේ වැඩසටහනක් ඊයේ (17) කරවනැල්ල ශ්‍රි විශුද්ධාරාමා සම්මන්ත්‍රණ ශාලාවේ දි සංවිධානය කර තිබුණි.

කාර්යාලයේ නිලධාරීන්ගේ සිනමා රසවින්දනය ඉහළ නැංවීම අරමුණ කර ගනිමින් සිනමා දැක්මක් පසුගියදා (14) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි ප්‍රදර්ශනය කෙරිණි.

කළමනාකරණ සහයක සේවයේ පළමු ශ්‍රේණියට උසස් කිරිමේ දින 10 පාඨමාලාව අවසාන කල නිලධාරීන් සදහා සහතික පත් ප්‍රදනය කිරිම ඊයේ (15) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි සිදු කෙරිණි.

ප්‍රවින ගිත රචක,ගිත විචාරක ධම්මික බන්ඩායන් සමග දෙරණ පැය 24 රූපවාහිනී නාලිකා සහ ලියා රූපලාවණ්‍ය සමාගමේ පුර්ණ අනුග්‍රහයෙන් පවත්වන "සෙනෙහසේ කැදැල්ල" සෞන්දර්ය චාරිකාව දෙපැයක් පුරා ඊයේ (15) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.

සබරගමු පළාත් සභාව,කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කෑගල්ල පොලිසිය ,සබරගමු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය ,පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ,කෑගල්ල සමූපකාර සහකාර කොමසාරිස් කාර්යාලය, කෑගල්ල සහකාර පළාත් පාලන කොමසාරිස් කාර්යාලය, කෑගල්ල වොලිබෝල් සංගමය සහ සුහද මිතුරු සංසදය එක්ව සංවිධානය කරන කෑගලු වොලිබෝල් සැණකෙළිය - 2023 අද (15) කෑගල්ල පොලිස් ක්‍රීඩාංගණයේදී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් ආරම්භ විය.

ළමා ආරක්ෂාව හා ළමා සංවර්ධන විෂයට අදාළව දිස්ත්‍රික්කයේ ප්‍රගතිය විමසා බැලෙන දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව අද (14) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී රැස්විය.

දෙසැම්බර් 03 දිනට යෙදුණු ජාත්‍යන්තර ආබාධිත දිනය නිමිත්තෙන් පළමු වරට සංවිධානය කළ කෑගල්ල දිස්ත්‍රික් ආබාධිත දින සැමරුම ඊයේ (07) පෙරවරුවේදී කෑගල්ල නගර සභා ශාලාවේදී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හමුව දිසාපති / දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්විය.

මෙම වසරේ අවසන් දිස්ත්‍රික් විගණන කළමනාකරණ කමිටුව දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්විය.

ජාතික ළමාරක්ෂක අධිකාරිය හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන පාසල් ජේෂ්ඨ ශිෂ්‍ය නායකයන් සඳහා වන ළමා ආරක්ෂාව පිළිබඳ ශිෂ්‍ය තානාපති ජාතික පුහුණු වැඩසටහනෙහි කෑගල්ල දිස්ත්‍රික් සමාරම්භය ඊයේ (01) ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩල නිලවරණය අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජි.එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (30) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත කෑගල්ල දිස්ත්‍රික්කයේ අවුරුදු 60ට වැඩි අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සදහා ශ්‍රවන උපකරණ ලබා දීමේ වැඩසටහනක් ඊයේ (28) දවස පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුරක්ෂිත කවය මගින් සංවිධානය කළ ආයුර්වේද වෛද්‍ය සායනයක් අද (28) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අපනයන සංවර්ධන නිලධාරීන් මඟින් ක්‍රියාත්මක කරනු ලබන අපනයනාභිමුඛ ජලජ පැලෑටි සැපයුම් ප්‍රවර්ධන වැඩසටහනෙහි දෙවන අදියර යටතේ මවුශාක බෙදා දීමක් පසුගියදා (24) දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් /දිසාපති රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු විය.

ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන අංශය මඟින් දිවා මධ්‍යස්ථාන ආශ්‍රිත අභිප්‍රේරණ , ඩිජිටල් සාක්ෂරතාවය, යෝග ව්‍යායාම හා රැකියා උත්පාදන වැඩසටහනට අදාල දෙවන අදියර ලෙස කෑගලු දිස්ත්‍රික්කය පුරා පිහිටා ඇති වැඩිහිටි දිවා මධ්‍යස්ථානවල වැඩිහිටියන් සිය දෙනෙකු වෙනුවෙන් වැඩසටහන් රැසක් 22 හා 23 දෙදින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

2030 වසර වන විට රට තුල ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම සඳහා රාජ්‍ය අංශය ඩිජිටල්කරණයෙන් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත කොට ඇති දිස්ත්‍රික් ඩිජිටල් පරිවර්තන කමිටුවෙහි කෑගල්ල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන හමුවක් ඊයේ (22) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) තනතුර සඳහා අද දින (23) යෙදුණු සුභ මොහොතින් කේ.ජී.එස්. නිශාන්ත මහතා වැඩ භාර ගත්තේය.

2023 වර්ෂයේ ලෝක මානසික සෞඛ්‍ය දිනය සැමරීමට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් මනෝ උපදේශන වැඩසටහන කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) දින මාවනැල්ල ඉල්මා උත්සව ශාලාවේදී පැවැත්විණි.

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගියදා (19) දින සවස කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති වු ආපදා තත්ත්වය, එහිදී ඇති වූ ගැටළු සහ ඒවාට අවශ්‍ය විසඳුම් හා සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය හා දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (21 ) පෙරවරුවේදී පැවැත්විණි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයිගේ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම අරමුණු කරගත් වැඩ සටහනක් අද (20) දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මාතර අකුරැස්ස ප්‍රධාන බස් නැවතුමේ සිට යාපනය දක්වා කි. මි. 3089 ක් පාගමනින් ගමන් කොට ලෝක වාර්ථාවක් තැබීම අරමුණු කර ගනිමින් අද (20) උදෑසන වෑවලදෙනිය විහාරස්ථානයෙන් 54 වන දිනට පරදුව අකුරැස්ස පදිංචි මැරතන් ධාවන ශූර එස්. බාලකුමාර මහතා පා ගමන අරඹයි.

රාජ්‍ය භාෂා ප්‍රවීණතා පැය 150 පාඨමාලාව අවසන් කල රාජ්‍ය නිලධාරීන්ගේ හැකියාවන් ඉදිරිපත් කල ප්‍රාසංගික වැඩ සටහනක් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ මානසික සුවය වැඩි කරමින් රාජකාරි හා පුද්ගලික ජීවිතය සමබර අයුරින් ගත කිරීමට උපකාරි වන ලෙස ලිහිලනය හා රංග ප්‍රතිකාර සංකල්ප පිලිබද දැනුවත් කිරීමක් ඊයේ (15)පස්වරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.

සංචාරක හා ඉඩම් අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රි ලංකා සංචාරක හා හෝටල් කලමණාකරණ ආයතනය මඟින් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි හෝටල් කේෂත්‍රයේ ආගන්තුක සත්කාරය පිළිබඳ කෙටිකාලීන පුහුණු වැඩසටහන් හදාරන ලද කෑගල්ල දිස්ත්‍රික් සිසුන් සඳහා තහවුරු ලිපි ලබා දීමේ වැඩසටහනක් අද( 16) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

දිස්ත්‍රික් කෘෂි,පරිසර,ඉඩම් පරිහරණ කමිටු දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී රැස් විය.

තරුණ තරුණියන් රැසකට විවිධ වෘත්තීය පුහුණු හා රැකියා අවස්ථාවන් උදා කරදීම අරමුණ කරගත් "දිවියට සවිය "තුන්කෝරළ රැකියාපොල සහ වෘත්තිය පුහුණු අත්වැල ඊයේ (11) දවස පුරා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදි පැවැත්විණි.