2025 වර්ෂය පළමු කෘෂිකර්ම කමිටුව අද (21)පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්විය.

කෘෂිකර්ම අමාත්‍යාංශය හා ජාතික පොහොර ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ "වී කරලට තව ඇටයක්" නමින් ගොවින් දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (16)ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

නව වසරේ පළමු දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව සභාපති පරිසර අමාත්‍ය වෛද්‍ය ධමිමික පටබැදි මහතාගේ හා සබරගමුව පළාත් ආණ්ඩුකාරවර චම්පා ජානකි රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (16) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .

කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) තනතුර සඳහා අද දින ට(16) යෙදුණු සුභ මොහොතින් ටි.ඒ. කුසුම් බණ්ඩාර මහත්මිය වැඩ භාරගත්තාය.

2025 නව වසරේ රාජකාරී කටයුතු සෙත් පිරිත් සජ්ඣායනා මැද අද (01) පෙරවරුවේ දී ආරම්භ කෙරිණි.

කෑගල දිස්ත්‍රික්කයේ ජීවත්වන 57000 ක පමණ වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා කැපවූ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් සම්මාන පිරිනැමීමක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වැවිලි මානව සංවර්ධන භාරය විසින් සිදු කරන ලදී.

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි කෑගල්ල දිස්ත්‍රික්කයේ ආබාධ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධීකරණය කරගනිමින් කෑගල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සමාජ පිහිටුවීම ඊයේ දින (26) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

චිරාත් කාලයක සිට පැවත එන ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික "කෝලම්" පිළිබඳ සංස්කෘතිකමය වැඩසටහනක් "කලා විභාෂී දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය 2024" ට සමගාමීව පැවති වැඩසටහන් මාලාවේ තෙවන අදියර ලෙස (24 ) දින කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්විණි.

කෑගලු දිස්ත්‍රික් සාහිත්‍ය මහෝත්සවය කලා විභාෂි දෙදහස් 2024 පසුගියදා කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙසින් අදියර තුනක් යටතේ දවස පුරා සාර්ථකව සංවිධානය කර තිබුණි.

එතෙක් මෙතෙක් ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වභාවික ආපදාව වූ සුනාමි ව්‍යසනය සිදුව අදට වසර 20ක් පිරීම නිමිති කරගනිමින් දිස්ත්‍රික් සුරක්ෂිත දින සැමරුම දිසාපති /දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේදී (26) දිස්ත්‍රික් ලේකම් කාර්යාල එළිමහන් පරිශ්‍රයේදී සමරනු ලැබිණි.

සූ සැට කලාවක කෑගලු ප්‍රත්‍යාවලෝකනය කලා විභාෂි - 2024 කෑගල්ල දිස්ත්‍රික් සාහිත්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් ලෙසින් පසුගියදා (24) කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී දවස පුරා පැවැත්විණ.

ජාතික ළමාරක්ෂක අධිකාරිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කල ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහනට අදාළ කෑගල්ල දිස්ත්‍රික් ශිෂ්‍ය තානාපති සමුළුව පසුගියදා (20)දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

2024 වර්ෂයේ රාජ්‍ය නොවන සංවිධාන වල පළමු ,දෙවන හා තෙවන කාර්තුවල ප්‍රගතිය හා 2025 වර්ෂයේ යෝජිත සැලසුම් පිළිබඳ සමාලෝචනය කිරීම වෙනුවෙන් සම්බන්ධීකරණ හමුවක් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන්ගේ ආකල්ප, කුසලතා වර්ධනය හා සාමූහිකව කණ්ඩායම් හැඟීමෙන් එක්ව වැඩ කිරීම හා සක්‍රීයව රාජ්‍ය සේවයට සම්බන්ධ වීමට අවශ්‍ය වන ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක් 2024 .12 .18 සහ 20 යන දෙදින පුරා කෑගල්ල ජාතික යොවුන් සේනාංක පරිශ්‍රයේදී පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහත්මාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහත්මාගේ ප්‍රධානත්වයෙන් හා සම්පත් දායකත්වයෙන්.

ලෝක ළමා දිනය වෙනුවෙන් ළමා අයිතීන් හා ළමා ආරක්ෂාව තේමා කරගනිමින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මගින් සිව්වන වරටත් සංවිධානය කරනු ලැබූ සිතුවිලි සිත්තම් 2024 සමස්ත ලංකා චිත්‍ර, පෝස්ටර් හා කාටුන් තරඟයේ කෑගල්ල දිස්ත්‍රික් ජයග්‍රහයකින් සඳහා සහතික හා පදක්කම් පිරිනැමීම අද (20)දින අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත මහතා හා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් )දිලීප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

2024 වර්ෂය අවසන් වන විට සමාජ ආරක්ෂණ අංශයේ බඳවා ගැනීමේ ඉලක්කය වෙන දායකයින් 2000 සම්පූර්ණ කළ හැකි බව දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19)පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය කෙරිණි.

ගොලින්ද වත්ත ශ්‍රී මුතුමාරි අම්මන් කොවිලේදී පුණ්‍ය ග්‍රාම වැඩසටහනක් ඊයේ (18) දිනය පුරාම පැවැත්විණි.

2024 වර්ෂය අවසන් කෘෂිකර්ම ,පරිසර, ඉඩම් කමිටු අද (18)පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්විය.

iau

 

Email         -  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Telephone  - 035 222 2233
Fax            - 035 223 2620 / 035 2231659

 


Main Objectives of the Internal Affairs Unit

The Internal Affairs Unit of every institution is expected to achieve the following objectives:
i. Prevent corruption and develop a culture of integrity within the institution.
ii. Ensure transparency and accountability in all activities of the institution and ensure public access to information related to institutional activities and decisions.
iii. Promote ethical governance within the institution.
iv. Develop a safe and accessible mechanism to encourage the reporting of misconduct, protect whistleblowers and maintain confidentiality.
v. To assist in the enforcement of laws in collaboration with law enforcement agencies and the Commission for the Investigation of Allegations of Bribery or Corruption.

 

Responsibilities and Functions of the Internal Affairs Unit


The following specific responsibilities and functions are assigned to the Internal Affairs Unit to ensure proactive, clear and focused anti-corruption efforts targeting key elements of corporate integrity.
I. Reviewing current procedures and circulars to identify systemic bottlenecks within the organization and simplifying them to enhance operational efficiency.
II. Identifying areas of vulnerability to corruption and unethical behavior within the organization through conducting Corruption Risk Assessments and taking targeted preventive measures.
III. Developing and implementing a corporate compliance action plan that includes specific anti-corruption objectives and strategies tailored to the needs of the organization.
IV. Aligning institutional policies and practices with the National Anti-Corruption Action Plan and complying with the National Anti-Corruption Strategy.
V. Conducting Compliance Assessments to assess the institution’s compliance with national and international anti-corruption laws, including the Anti-Corruption Act No. 9 of 2023, and identifying areas for improvement.
VI. Ensuring compliance with asset declaration requirements for all public officials and employees and managing conflicts of interest in accordance with the Bribery or Corruption Investigation Commission Regulations and the Anti-Corruption Act No. 9 of 2023.
VII. Establishing a secure system for receiving and managing complaints related to corruption and unethical conduct within the institution, ensuring that all such complaints are dealt with promptly by the relevant officers or units, and providing regular updates to relevant stakeholders who make inquiries, ensuring transparency and accountability. As necessary, refer relevant facts, findings or information to the Bribery or Corruption Investigation Commission for investigation under the Anti-Corruption Act.
VIII. Develop and publish a Citizens’ Charter describing the services provided by the institution.
IX. Establish and enforce policies that promote ethical governance, including a standardized code of conduct to be followed by public officials.
X. Take other measures, including training and awareness raising, to motivate staff to adhere to anti-corruption principles.
XI. Act as the institutional focal point for the National Anti-Corruption Integrity Assessment, ensuring that the institution participates in and aligns with the integrity assessment activities conducted by the Bribery or Corruption Investigation Commission and the National Anti-Corruption Framework.
XII. Maintain liaison with the Commission to Investigate Allegations of Bribery or Corruption for ongoing guidance and support in the performance of the Unit’s duties.
XIII. Prepare periodic and annual reports summarizing the activities of the Internal Affairs Unit, progress of anti-corruption initiatives, challenges faced and recommendations for future actions.
XIV. Prepare and implement plans to enhance compliance with the participation of private sector stakeholders.

Establishment of IAU - Kegalle

 

අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යායෙන් ඉදිරිපත් කළ සිරිසේනගේ මනාලියෝ වේදිකා නාට්‍ය රාජ්‍ය සම්මාන හිමි කරගනී.
සම්මාන දිනාගත් සියලු නිලධාරීන්ට දිස්ත්‍රික් ලේකම්තුමන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම්!

2024 කෑගලු වොලිබෝල් සැණකෙළි ඊයේ දින (13) පරිසර අමාත්‍ය එච්.පි ධම්මික මහතාගේ හා දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල පොලිස් ක්‍රීඩාංගණයේදී ඇරඹිණි .

නව රජයේ පළමු දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව නව සභාපති පරිසර අමාත්‍ය වෛද්‍ය එච්. පි. ධමිමික මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ජුලි මස 18 වන දිනට යෙදෙන සමථ දිනය මුල් කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කෑගලු දිස්ත්‍රික් සැමරුම අද දින (06) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

දෙසැම්බර් මස තුන්වන දිනට යෙදුණු ජාත්‍යන්තර ආබාධිත දින සැමරුමට සමගාමීව සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ දිස්ත්‍රික් ආබාධිත දින සැමරුම අද (04)කෑගල්ල නගර සභා ශාලාවේදී සාර්ථකව නිමාවට පත්විය.

ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන අංශය විසින් විශ්‍රාම පූර්ව නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (02) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබුණි.

දිස්ත්‍රික්කය තුළ පවතින කෘෂිකාර්මික සංවර්ධන ඉලක්කයන් පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යංශයට අනුයුක්ත සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (29)දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

විගමනික පවුල්වල ගැටලු හදුනා ගැනීම හා එම පවුල්වල ඵලදායිතාව ප්‍රවර්ධනය කිරිම සඳහා විගමනික පවුල් දැනුවත් කිරිමේ වැඩසටහනත් අද (29) දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා ශ්‍රවන උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2024 11 28 වැනි දින පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් / දිසාපති ජේ. එම්. ආර්. පී. ජයසිංහ මහත්මාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීයි.

කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම ඊයේ දින ( 27) පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් / දිසාපති ජේ. එම්. ආර්. පී. ජයසිංහ මහත්මාගේ සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත මහත්මාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදීයි.

2024 වසරේ අවසන් දිස්ත්‍රික් විගණන කළමණාරණ කමිටුව අද (27) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම්/දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී රැස්විය.

2025 වර්ෂයේ විදේශසේවා නියුක්ති කාර්යාංශයේ කාර්යභාරය පිළිබඳව කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (2024 11 21) පැවැත්වුණේ සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ විදේශසේවා නියුක්ති කාර්යාංශයේ රත්නපුර ජ්‍යෙෂ්ඨ පළාත් කළමනාකාර ජගත් බටුගෙදර මහත්මාගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීයි.

2024 වසරේ කෑගල්ල දිස්ත්‍රික්කය තුල මිලියන 2500 ඉක්මවු පිරිවැයකින් ව්‍යාපෘතීන් 6000කට වැඩි ප්‍රමාණයක් සාර්ථකව අවසන් කිරිමට හැකි වූ බව දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ විරකෝන් මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (21) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි පැවති කෑගල්ල දිස්ත්‍රික්කයේ මෙම වසරේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය විමසා බැලුනු හමුවේ දී ය.

ළමුන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව හා සුබසෙත විමසා බැලෙන දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටුව අද (20) දිස්ත්‍රික් ලේකම්/දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි රැස් විය.

කෑගල්ල දිස්ත්‍රික් සමාජසේවා නිලධාරී ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (19) පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහත්මාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීයි.

ජාතික ළමාරක්ෂක අධිකාරිය හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන පාසල් ආරක්ෂක කමිටු (සුරැකුම් පව්ව ) වැඩසටහන සම්බන්ධව විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ හමුවක් අද (19) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබුණි.

ජාතික ළමාරක්ෂක අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ එක්ව ක්‍රියාත්මක කරනු ලබන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයින් සඳහා වන ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහනට අදාළව කෑගල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප තුනෙහි පාසල් සිසුන් සඳහා ශිෂ්‍ය තානාපති වැඩසටහනෙහි දැනුවත් කිරීමක් අද (18) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

දස වන පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා පත් කර ගැනීමේ 2024පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාළව කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 577 කදී ඡන්දය ප්‍රකාශ කිරීම අද උදෑසන 7.00 ආරම්භ කෙරිණි.

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අද පෙරවරුවේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු කෑගල්ල බාලිකා විද්‍යාලයෙන් හා ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයෙන් ආරම්භ කෙරිණි.

පාර්ලිමේන්තු මැතිවරණය -2024 සදහා කෑගල්ල දිස්ත්‍රික්කය සදහා සියලුම කටයුතු සූදානම් වෙමින් පවතින බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී / දිසාපති රංජන ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.

සමාජසේවා දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලබන ස්වශක්තිය සංවිධාන ඇගයීමේ "ස්වාභිමානී" - 2024 ජාතික සම්මාන ප්‍රධාන උළෙල පසුගියදා පැවැත්වුණේ බත්තරමුල්ල, සුහුරුපාය, 19 වැනි මහල ශ්‍රවනාගාරයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින්.

ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් ළමා ආරක්‍ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධව නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනෙහි තවත් අදියරක් අද (05)කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

සෑම වසරකම ඔක්තෝබර් මස 10 වනදා ලෝක මානසික සෞඛ්‍ය දිනය සැමරේ. ඊට අදාලව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීම මත දීප ව්‍යාප්තව මානසික සෞඛ්‍ය සතියක් ක්‍රියාත්මක කෙරිණි. එහිලා කෑගල්ල දිස්ත්‍රික් උපදේශන වැඩසටහන අද (29) දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

වෘත්තීය පුහුණුව නගා සිටුවීම වෙනුවෙන් මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව මගින් ප්‍රධාන වැඩසටහන් හයක් යටතේ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් දිවයින පුරා දැනුවත් කිරීම් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ යටතේ අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් සඳහා "ජීවිතයට හරි තීරණයක්" , නවය වසර සිසුන්ට දහවෙනි වසරේ කාණ්ඩ විෂයන් තෝරා ගැනීම සම්බන්ධ දැනුවත් කිරීම්, අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණු අවස්ථා තෝරාගැනීමට අදාළව "වෘත්තීය මංපෙත්" වැඩසටහන , දෙමව්පියන් සහ ගුරුබවතුන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ලෙස පැවැත්වේ.

විගමනික ශ්‍රමිකයන්ට යහපත් ජීවන තත්ත්වයක් උදාකර ගැනීම සඳහා සහ මනෝ සමාජයීය සහාය ලබාදීම උදෙසා විගමනික ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් පුහුණු වැඩසටහනක් අද දින (2024 10 21) දවස පුරා පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී එහි අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත මහත්මාගේ ප්‍රධානත්වයෙන්.

ඔක්තෝම්බර් මස 01 දිනට යෙදුණු ලෝක වැඩිහිටි දිනයෙහි මෙවර තේමව "සත්කාරක හා ආධාර පද්ධති ශක්තිමත් කරමින් ගෞරවාන්විත වයස්ගතවීමක් යන්නයි." ඊට සමගාමීව මෙවර කෑගල්ල දිස්ත්‍රික් වැඩිහිටි දින සැමරුම දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කෑගල්ල නගර සභා ශාලාවේදී නිමාවට පත් විය.

ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ ප්‍රතිපත්ති සම්පාදනය හා සමගිය, සහජීවනය සඳහා උපයාමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සඳහා අදහස් ලබා ගැනීමේ රැස්වීමක් ඊයේ දින ( 10 ) පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ මහත්මාගේ සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත මහත්මාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීයි.

කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ජාතික කාන්තා කමිටුවේ පූර්ණ මෙහෙයවීම හා ප්‍රතිපාදන මත කාන්තා හිංසන සිද්ධින් සම්බන්ධව ක්‍රියාකිරීමේදී පොලිස් ස්ථානාධිපතිවරුන් තුල සංවේදීභාවය හා ප්‍රතිචාරාත්මකභාවය වර්ධනය කිරීමේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන ඊයේ (09) කෑගල්ල අඹසෙවන හෝටල් පරිශ්‍රයේදී දවස පුරා පැවැත්විණි.

ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ප්‍රතිපාදන යටතේ සමාජ සුභසාධන අමාත්‍යාංශය මගින් අඩු ආදායම්ලාභී ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් අතුරින් පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් ඊයේ දින (09) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය හා උපදේශය මතය.

සුරක්ෂිතතාව හා ජීවනෝපාය සංවර්ධන හදිසි ආධාර ව්‍යාපෘති වැඩසටහන -2024 ක්‍රියාත්මක කරමින් එම වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින ( 2024 10 08 ) පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීයි. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් /දිසාපති J. M. R. P. ජයසිංහ මහත්මාගේ පූර්ණ අධීක්ෂණය හා උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගිනි.

2024 දෙසැම්බර් 03 වැනි දිනට යෙදී ඇති ජාත්‍යන්තර ආබාධිත දින සැමරුමට සමගාමීව සමාජ සේවා නිලධාරී ප්‍රගති රැස්වීම හා ස්වශක්ති දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම අද දින (03) පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන )කේ.ජී.එස් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම වසරේ තුන්වන කාර්තුවට අදාළ විදේශ රැකියා සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රගතිය විමසා බැලීමේ හමුව ඊයේ (01) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ අනුව 2024 වර්ෂයට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදේශ රැකියා අංශය මගින් සකස් කර ඇති ක්‍රියාකාරී සැලැස්මට අනුව ප්‍රගතිය ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් විමසා බැලිණි.

මහනුවර කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන වැඩසටහනෙහි පූර්ණ අනුග්‍රහය මත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා කටයුතු අංශය සංවිධානය කළ දෙදින පුහුණු වැඩමුළුවක් අද (30) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

තෙවන කාර්තුවට අදාල දිස්ත්‍රික් විගණන කළමනාකරණ කමිටුව දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්විය.

සංස්කෘති කටයුතු දෙපාර්තමේන්තුවේ දොළොස් මහේ පහන වැඩසටහනට සමගාමිව පවත්වන ළමා ලොවේ වර්ණාවලිය "නිල් අහසට සරුංගල්" සැණකෙළිය අද (23) දවස පුරා රඹුක්කන කොට්ඨාසයේ ළමා සමාජ දරුවන් රැසකගේ සහභාගීත්වයෙන් රඹුක්කන අශෝක ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ජාතික සාහිත්‍ය තරගාවලියට සමගාමීව පැවැත්වෙන කෑගල්ල දිස්ත්‍රික් සාහිත්‍ය තරග ඊයේ (22) දවස පුරා කෑගල්ල රාජකීය විද්‍යාලයේදී පැවැත්විණි.

ලයිකා ඥානම් පදනෙම් මුල්‍ය අනුග්‍රහයෙන් අරනායක හා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මුල් කරගෙන ඉදි වු ජල ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරිම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ හා ලයිකා ඥානම් පදනෙම් උප සභාපති සුන්තරම් අරුමානායම් යන මහතත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (21) සිදු කෙරිණි.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ මෙහෙයවීම සහ අධීක්ෂණය යටතේ දිවයින පුරා සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවි බල ගැන්වීම වෙනුවෙන් දිවයින පුරා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව සාර්ථක ව්‍යවසායකයන්ගේ දැනුම හා අත්දැකීම් හුවමාරුව, ඔවුනගේ ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීම, ව්‍යවසායකයන් හා සම්බන්ධ වී සිටින ඵලදායිතා නිලධාරීන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය වන දැනුවත් කිරීමේ වැඩසටහනෙහි කෑගල්ල දිස්ත්‍රික් පුහුණු වැඩමුළුවක් අද(21) දවස පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ස්‍ය වගාව සම්බන්ධයෙන් පවතින ගැටළු හදුනා ගැනීමේ ජංගම රසායනාගාර සේවාවක් ඊයේ (20) කැගල්ල ජලජීවි වගා ව්‍යාප්ති කාර්යාලයේදී හා රුවන්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ස්වභාවික පානයක් ලෙස ලෝක වෙළඳපළේ දැඩි ඉල්ලුමක්ව පවතින තැඹිලි විශාල අපනයන ඉල්ලුමක් සහිත බෝගයකි. එම ඉල්ලුමට ගැලපෙන සේ තැඹිලි වගාව ප්‍රවර්ධනය කිරීම තුළින් ශ්‍රී ලාංකේය විදේශ විනිමය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් තැඹිලි ගම්මාන පිහිටුවීමේ ව්‍යාපෘතියක් දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක කරනු ලබයි. මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කය තුළ තැඹිලි ගම්මාන අටක් ඇති කිරීමට අපේක්ෂා කරන අතර දිස්ත්‍රික්කයේ තැඹිලි වගා ඉලක්කය පැළ හාරදහසක් වේ.

A discussion was held today (13) at the District Secretariat Auditorium about the programs to be run by the District and Regional Cultural Power Boards.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ජාතික භාෂා හා පලාත් පාලන අමාත්‍යංශය හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජාතික භාෂා අංශය මඟින් සබැඳියාව - දැනුවත් වෙමු, ක්‍රියා කරමු තේමාව පෙරදැරිව 07.01 – 07.05 දක්වා රාජ්‍ය භාෂා සතිය ක්‍රියාවට නැංවිණි. ඊට සමඟමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සන්නාම 500ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි (B500) “සුවිශේෂී වූ පාරිභෝගික සත්කාර සේවාවක් “ තේමාවෙන් ක්‍රියාත්මක කෑගල්ල දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටහන අද (08) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ නර්තන, ගායන ,රංගන හැකියාවන්ගෙන් යුත් සෞන්දර්යාත්මක දිගහැරුම සඳ දිය මංකඩ - 2024 පසුගියදා (02)කෑගලු විද්‍යාලිය ශ්‍රවනාගාරයේදී සාර්ථකව නිමාවට පත්විය.

ජාතික ළමාරක්ෂක අධිකාරිය හා දිස්ත්‍රික් ළමා කටයුතු අංශය එක්ව සංවිධානය කළ ළමා ආරක්ෂාව සහ නීතිය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (02)දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දිස්ත්‍රික් සැලසුම් අංශය සංවිධානය කළ ඩිජිටල් ගෙවීම් සහ ඒ ආශ්‍රිත මූල්‍ය වංචා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (29) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කර්මාන්ත අමාත්‍යාංශයේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක දීප ව්‍යාප්ත මට්ටමින් දිස්ත්‍රික්ක විසිපහම ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික් කර්මාන්ත කමිටු ස්ථාපිත කිරීම මේ වන විට සිදුකෙරේ. එයට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් කර්මාන්ත කමිටුව පිහිටුවීම අද (29) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශයේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අභ්‍යන්තර විගණන අංශවල නිරත නිලධාරීන් සහ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අභ්‍යන්තර විගණන අංශයට අනුයුක්ත ආධුනික රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණ ඇතිව 'සංවර්ධන ව්‍යාපෘති ගොනු සහ විගණනය ඉදිරිපත් කිරීම' මැයෙන් එක් දින පුහුණු වැඩමුළුවක් දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහත්මාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා (24) පැවැත්වුණා.

දිස්ත්‍රික්කයේ කෘෂි ක්‍ෂේත්‍රයට අදාළව ප්‍රගතිය විමසා බැලෙන මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ දිස්ත්‍රික් කෘෂි කමිටුව අද (23)පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

කාන්තා ළමා කටයුතු හා සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය හා දිස්ත්‍රික් මනෝඋපදේශන ඒකකය එක්ව සංවිධානය කළ තවත් මනෝ සමාජීය ගැටලු අවම කිරීමේ උපදේශන වැඩසටහනක් අද (19) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

වර්තමාන සමාජයේ කාන්තාවන් මුහුණ දෙන විවිධ මානසික ගැටලු හේතුවෙන් ඇතිවන ගැටලුකාරී තත්වයන් , අන්තර් පුද්ගල සබඳතා ගැටලු, විද්‍යුත් තිරවලට ඇබ්බැහිවිම සියදිවි නසා ගැනිම්,විවිධ ඇබ්බැහිවීම් අවම කිරිම සදහා මනෝ විද්‍යාත්මක වැඩසටහන් තුලින් කාන්තාවන්ගේ ජීවන කුසලතා ඉහළ නැංවීම හා පෞරුෂය සංවර්ධනය කිරීම යුගයේ අවශ්‍යතාවයක්ව ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව, අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ආර්ථික දුෂ්කරතාවයන් ඇති පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය හා මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපතති රාජ්‍ය අමාත්‍ය රංජිත් සියබලාපිටිය හා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නිදහස් මාවතේදී දි ඊයේ (16) දින සිදු කෙරිණි.

ආසියානු සංවර්ධන බැංකු නියමු ව්‍යාපෘතියේ මූලික සමීක්ෂණයෙන් පසු එහි දෙවැනි සමාරම්භක වැඩසටහන පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂිකා කුසුම් බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

A preliminary discussion about the Kegalle district program to be held in the series of scholarship programs implemented nationwide under the President's Fund was held today (12) afternoon at the District Secretariat under the chairmanship of the Minister of State for Finance Mr. Ranjith Siyabalapitiya.

සමාජ සේවා දෙපාර්තමේන්තුව ,ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය සහ මිනිස් බල සහ රැකි රක්ෂා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ආබාධ සහිත පුද්ගලයන් සඳහා රැකියා සහයෝගීතා ප්‍රවර්ධනය සඳහා වන ව්‍යාපෘතිය (ESPD) මේ වන විට දිවයින පුරා සාර්ථකව ක්‍රියාවට නංවා ඇත.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුමක් ඇති නිලධාරින් පුහුණකරුවන් ලෙස පුහුණු කිරීමේ සය දින පුහුණු වැඩමුළුවෙහි සමාරම්භය ඊයේ (10) දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය ශ්‍රවනාගාරයේදි සිදුවිය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ග්‍රාම සේවා තරග විභාගයෙන් සමත් වූ නවක ග්‍රාම නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනෙහි සමාප්ති උත්සවය පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී දිස්ත්‍රික් ලේකම්J. M. R. P. ජයසිංහ මහත්මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි විදේශ රැකියා සංවර්ධන නිලධාරීන්ගේ මනෝවිද්‍යාත්මකව සිත ශක්තිමත් කොට මනෝවිද්‍යාත්මක ගැටළුවලට සහාය දැක්වීම අරමුණු කර ගනිමින් විදේශ රැකියා අංශය මගින් සංවිධානය කරන ලද වැඩසටහනක් පසුගියදා (03) දිස්ත්‍රික් ලේකම්/දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කේෂ්ත්‍රයේ අභිවෘද්ධිය සදහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන්, ඉදිරියට සැලසුම් කර ඇති ව්‍යාපෘතින් හා අපේක්ෂිත නව ව්‍යාපෘතීන් සකස් කරමින් තවදුරටත් දිස්ත්‍රික්කයේ කෘෂිකර්මය උසස් මට්ටමකට ගෙන ඒම සදහා එම විෂයට අදාලව කටයුතු කරන සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් අද (05) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා සියලුම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් වෙත ලයිකා ඥානම් පදනම සංවිධානය කල අපද්‍රව්‍ය ඒකක සදහා කසළ බදුන් කට්ටල පිරිනැමිමක් ඊයේ (04) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී සිදු කෙරිණි.

දිස්ත්‍රික්කයේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ඉලක්කගත වැඩසටහන්හි ප්‍රගතිය විමසා බැලෙන මෙම වසරේ දෙවන කාර්තුවට අදාල සංස්කෘතික නිලධාරීන්ගේ ප්‍රගතිය විමසා බැලෙන හමුවක් අද (02) පෙරවරුවේ දී අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දිස්ත්‍රික් සංස්කෘතික අංශය දියත් කරනු ලබන "සදදිය නිම්නය" ගීතමය රසවින්දනාත්මක වැඩසටහන් මාලාවේ දෙවන දිගහැරුම ඊයේ (26) දින පස්වරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මුස්ලිම් කටයුතු අංශය, ඉස්ලාමීය අධ්‍යයන කේන්ද්‍රයේ සංහිඳියා මධ්‍යස්ථානය, කෑගල්ල දිස්ත්‍රික් මුස්ලිම් දේවස්ථාන සම්මේලනය හා මුස්ලිම් කාන්තා පර්යේෂණ හා ක්‍රියාකාරී සංසදය එක්ව සංවිධානය කළ "ඔබ අපි හඳුනා ගනිමු" සංස්කෘතික අත්දැකීම් හුවමාරු වැඩසටහන ඊයේ (25) දවස පුරා කෑගල්ල නගර ජුම්මා මස්ජිදයේදී සංවිධානය කර තිබුණි.

මාවනැල්ල අලුත් නුවර ඓතිහාසික ශ්‍රී දැඩි මුණ්ඩ දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය පිළිබඳ මූලික සාකච්ඡාව ඊයේ (25) පෙරවරුවේ දී ශ්‍රී දැඩි මුණ්ඩ දේවාලයේ බස්නායක නිලමේතුමන්ගේ නිල නිවසේදී පැවැත්විණි.

දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතීන්හි ප්‍රගතිය පිළිබඳ විමසා බැලෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (20) පෙරවරුවේ දී සබරගමු පළාත් ආණ්ඩුකාරවර අධි නීතිඥ නවීන් දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගේ සම සභාපතීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි රැස්විය.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් සංස්කෘතික අංශය සංවිධානය කරන 'දොළොස් මහේ පහන ' වැඩසටහන් මාලාවට සමඟාමීව පවත්වන "කෙතයි බතයි - අපේකමයි" දේශීය ආහාර වැඩසටහන සහ දේශීය ආහාර ප්‍රදර්ශනයක් අද පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම්/දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (18) දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

ළමුන්ගේ හා කාන්තාවන්ගේ සුබසෙත වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ ප්‍රගතිය විමසා බැලෙන දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටුව අද (12) පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම්/දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී රැස්විය.

ආබාධ සහිත වූවන්ගේ ජීවන තත්ත්වය උසස් කරදීම වෙනුවෙන් ක්‍රියාත්මක විවිධ වැඩසටහන් සම්බන්ධව ප්‍රගතිය විමසා බැලෙන සමාජ සේවා නිලධාරී ප්‍රගති සමාලෝචනය හා ස්වශක්ති දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම අද (12) අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ ජී.එස් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්විය.

වත්කම් කළමනාකරණය හා ගබඩා කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් අද දින (224 06 11) දින පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් J. M. R. P. ජයසිංහ මහත්මාගේ ප්‍රධානත්වයෙන්. දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් මෙම පුහුණු පාඨමාලාවේ අරමුණ පැහැදිලි කිරීමෙන් අනතුරුව වැඩසටහන ආරම්භ කරන ලදී.

ග්‍රාම නිලධාරීන් 111 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ ලිඛිත තරග විභාගය හා සම්මුඛ පරීක්‍ෂණයේ ප්‍රතිඵල මත බඳවා ගනු ලැබූ නවක නිලධාරීන්ට බඳවා ගැනීමේ පටිපාටිය අනුව ත්‍රෛයිමාසික පුහුණු වැඩසටහනක් අද දින (10) දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ආරම්භ කෙරිණි.

ඩිජිටල් ආරථිකය සඳහා නිපුණතා නැංවිමේ සහ රැකියා වෙළෙඳපොළ සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් සහ NVQ LEVEL 04 සමත් තරුණ තරුණියන් දැනුවත් කිරීමේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන ඊයේ (09) දින තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

ජාතික කාන්තා කමිටුවට ලැබෙන පැමිණිලි අතර විවාහයෙන් පසුව ඇතිවන හිංසනයන් හා දික්කසාද වීම් ක්‍රමිකව වැඩි වෙමින් පවතින බව හදුනා ගෙන තිබේ.එහෙයින් විවාහ අපේක්ෂිත යුවළවල් සදහා විවාහ වීමට ප්‍රථම අවබෝධයකින් යුතුව තම පවුල් දිවිය ගත කිරිම සදහා පූර්ව විවාහ උපදේශනය ලබා දීම සාධනීය විසදුමක් ලෙස හදුනා ගෙන ඇත. ඒ අනුව කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන විවාහ අපේක්ෂිතයින් සදහා පූර්ව විවාහ උපදේශන ලබා දීම වෙනුවෙන් විවාහ රෙජිස්ට්‍රාර්වරුන් හා උපදේශන හා උපදේශන සහකාර නිලධාරීන් බලගැන්වීමේ වැඩසටහනක් දිවයින පුරා සිදු කිරීමට සැලසුම් කර ඇති අතර එහි පලමු වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ගල් හා පස් පෙරළීමේ අවදානම් තත්ත්වය ඉවත් කිරීම 2024.06.08 සෙනසුරාදා සිදු කරන බැවින් විකල්ප මාර්ග භාවිතා කරන මෙන් කාරුණිකව දැනුම් දෙමු.

සබරගමු පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කළ 48 වන ජාතික ක්‍රීඩා උළෙල සඳහා ඉදිරිපත් කරන සබරගමු පළාතේ ක්‍රීඩකයන්ගේ පළාත් තරඟය ඊයේ (05) කෑගල්ල නගර ශාලාවේ දී පැවැත්විණි.

සින්නක්කර ඔප්පු ලක්ෂ 20 ප්‍රධානය කිරීමේ උරුමය දෙවැනි අදියර ක්‍රියාත්මක කරමින් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගිත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ඔප්පුලාභීන් 350 කට ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන 2023 06 04 දින රුවන්වැල්ල වැන්දල ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ 48 වන ජාතික ක්‍රීඩා උළෙල -2024 සමගාමීව පැවැත්වූ අන්තර් පළාත් මල්ලව පොර (කාන්තා/පිරිම්) තරගාවලිය ජූනි 01 සහ 02 කෑගල්ල ගෘහස්ත ක්‍රීඩාංගනයේදී සාර්ථකව පැවැත්විණි.

ගෘහස්ථ වායු තත්ත්ව මාර්ගෝපදේශ සංග්‍රයට අදාළව විවිධ ක්ෂේත්‍රයන් සහ මහජනතාව දැනුවත් කිරිමේ අරමුණින් යුතුව පරිසර අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් මට්ටමින් පවත්වන දැනුවත් කිරිමේ හා පුහුණුකරවන් පුහුණු කිරිමේ වැඩ සටහන් මාලාවේ කෑගල්ල දිස්ත්‍රික් වැඩ සටහන අද (31) කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

2024 වර්ෂයේ ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී දින කොඩි වැඩසටහනට පූර්ව ප්‍රචාරයක් ලබාදීම සඳහා වයස අවුරුදු 17 ට වැඩි තරගකරුවන්ගේ සහභාගිත්වයෙන් මාර්ග ධාවන තරගයක් අද දින (2024 05 31) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය මගින් සංවිධානය කර තිබිණ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ උපදෙස් වලට අනුව සමෘද්ධි බැංකු අලුත් අවුරුදු උත්සවයන්හි මාර්ග ධාවන තරගවලින් ප්‍රථම ස්ථානය දිනාගත් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම මැරතන් ධාවන තරගයට දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන්ගේ අධීක්ෂණය හා සහයෝගය ද නොමදව ලැබී තිබිණ.

2024 වසරේ දෙවන කෘෂි කමිටුව අද (28) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම්/දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානතවයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි රැස් විය.

මෙම වසරේ දෙවන දිස්ත්‍රික් විගණන කළමනාකරණ කමිටුව දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්විය.