"මිනිසුන් වෙනස් කොට නොසලකා නිවාරණයට ශක්තියක් වෙමු" තේමාවෙන් ක්‍රියාත්මක මෙවර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා පොලිස් අධිකාරී කාර්යාලය එක්ව කෑගල්ල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැඩසටහන් මාලාවක් ඊයේ (26) පැවැත්වීමට කටයුතු කෙරිණි.

දිරිය ව්‍යවසායකයින්ගේ නිර්මාණශීලීත්වයෙන් හැඩවුණු කෑගලු ව්‍යවසාය- 2023 අලෙවි ප්‍රදර්ශනය හා ගැනුම්කරුවන්ගේ හමුව අද (26) අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙම වසරේ දෙවන කාර්තුවට අදාල දිස්ත්‍රික්කයේ ළමුන්ගේ හා කාන්තාවන්ගේ සුබසාධනය හා ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිලිබද විමසා බැලෙන දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටුව අද (23) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී රැස් විය.

දිස්ත්‍රික් සංස්කෘතික අංශයේ දොළොස්මහේ පහන වැඩසටහන් මාලාව යටතේ මේ වසරේ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි වැඩසටහන් පිලිබඳ සාකච්ඡාවක් දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩල හා දිස්ත්‍රික් කවි සමාජ අනුකමිටු එක්ව ඊයේ (22) පස්වරුවේදී දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජූනි 26 වන දිනට යෙදෙන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා පොලිස් අධිකාරී කාර්යාලය එක්ව කෑගල්ල දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පහත වැඩසටහන් පැවැත්වීමට කටයුතු කෙරේ.

"අස්වැසුම " සුභසාධක ප්‍රතිලාභී නාමලේඛනය මේ වනවිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇත.

මීට අදාළ යම් විරෝධතා හෝ අභියාචනා ඇත්නම් ඒවා ඉදිරිපත් කිරීමට ජූනි 21 - ජූනි 30 දක්වා කාලය තුල අවස්ථාව ඇත.

වැඩි විස්තර ලබා ගැනීම සඳහා පිවිසෙන්න.

https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://www.wbb.gov.lk/&ved=2ahUKEwjU772ckNb_AhUb7zgGHQcnDr8QFnoECBEQAQ&usg=AOvVaw1EnVv2Z7Xc-EfTeOW1rgZn

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින්ගේ ධාරිතාවර්ධන හා ආයතනික භාෂා සැලසුම් පහසුකරණ තෙදින පුහුණු වැඩසටහනක් අද (21) දින දිසාපති / දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹ්ණි.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන කෙටි චිත්‍රපට හා ඒ්කාංගික කෙටි නාට්‍ය කරගාවලිය පිළිබද සියලු විස්තර පහත සබැඳිය ඔස්සේ බාගත කර ගත හැකිය.

https://drive.google.com/.../1TfqQUKgzUoGLRnTg3zA.../view...

දිස්ත්‍රික් ඩිජිටල් පරිවර්තන කමිටු සාමාජිකයින් සඳහා වැඩමුළුවක් අද (19) තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

අධිකරණ , බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ සංස්කෘතික සංහිදියාව ජනගත කිරීමේ විශ්ව සම්භාව්‍ය සිනමා දැක්ම හා කතිකාවට සමගාමීව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කළ වැඩසටහනක් අද (15) පෙරවරුවේ දී පැවැත්විණි.

කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) සවස් භාගයේ දී "දම්සරණි" පොසොන් කලාපය විවෘත විය .

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලය එක්ව පලමු වරට සංවිධානය කල ෆ්‍රයිඩ් රයිස් දන්සල අද (03) දින කෑගල්ල දිසා පති මැදුර ඉදිරිපිට දී අති සාර්ථකව පැවැත්විණි.

පොසොන් පොහොය නිමිත්තෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය බැතිබර සිතින් බුද්ධාලම්භන ප්‍රීතිය වර්ධනය කරනු වස් වැඩසටහන් මාලාවක් අද (02) සංවිධානය කර තිබුණි. ඒ අනුව දිස්ත්‍රික් සංස්කෘතික අංශය විසින් සංවිධානය කළ "පොසොන් බැති ගී සරණියක් " කාර්යාලයේ සියලු අංශවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත් විණි.

හේමාස් අවුට්රිච් පදනමේ අනුග්‍රහයෙන් සහ එහි විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාස්කෝරාළ මහත්මියගේ උපදෙස් පරිදි දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන "පියවර" මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ඉදිකිරීම් ව්‍යාපෘතියේ කෑගල්ල දිස්ත්‍රික් පළමු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සඳහා මුල් ගල තැබීම අද (01) දින පෙ ව. 10.29 ට යෙදුණු සුබ මොහොතින් දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහතාගේ සුරතිනි සිදු කෙරිණි.

ජූනි 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දිනය වෙනුවෙන් මැයි මස 30 දින සිට ජුනි 05 වන දින දක්වා ජාතික පරිසර සතියක් නම් කර ඇත .

විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු යටතේ සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ විවිධ විෂයයන් යටතේ "අලුත් ගමක් - අලුත් රටක්" ජාතික ඒකාබද්ධතා වැඩසටහනට ප්‍රවේශයක් ලබා දීමේ හැකියාව පිළිබඳ විමසා බැලීමේ හමුවක් දිසාපති /දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(31) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මිනිස් වෙළදාම පිටු දැකිමේ අරමුණ පෙරදැරිව දිස්ත්‍රික් සංසදය පිහිටුවීම අද (31) පෙරවරුවේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) ගමලත්ගේ දිලීප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

කාන්තා හා ළමා කටයුතු සමාජ සවි බල ගැන්විමේ අමාත්‍යංශයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශය මඟින් ජාත්‍යන්තර දුම්වැටි හා මත්ද්‍රව්‍ය විරෝධි කොඩි වැඩසටහන මැයි 31 දින සිට ජූනි 14 දින දක්වා ක්‍රියාත්මක කෙරේ.

A review of the current situation of the dengue control process in the district was held today (31) under the chairmanship of the District Coordination Committee Chairperson, Member of Parliament Mrs. Rajika Wickramasinghe at the District Secretariat meeting hall.

ජන හා නිවාස සංගණනය -2024 (ලැයිස්තුගත කිරීමේ අදියර)අදාළව සංගණන කොමසාරිස් සහ නියෝජ්‍ය සංගණන කොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (30) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කෑගලු දිස්ත්‍රික් විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

කුළුබඩු ආශ්‍රිත එකතු කළ නිෂ්පාදන, විජලනය කරන ලද ආහාර හා පලතුරු ආශ්‍රිත නිෂ්පාදන, කිරි ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු අගය එකතු කළ නිෂ්පාදන රැසකින් සමන්විත නිෂ්පාදන ප්‍රදර්ශනය හා අලෙවි පොළ ඊයේ (26) දිසාපති /දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නගර ශාලාවේ දී ඇරැඹිණි.

කෑගල්ල දිස්ත්‍රික් සංස්කෘතික අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද (25) පෙරවරුවේ දී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන කෑගලු අභිමන් -2023 දෙස් විදෙස් රැකියා පොළ සමඟින් වෘත්තිය පුහුණු අත්වැල වැඩසටහන පිළිබඳ රාජ්‍යාතන සහ පෞද්ගලික ආයතන අතර සාකච්ඡාවක් ඊයේ (24) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ දී වැඩ බලන තාක්ෂණ අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

2023 වසරේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා අනීතික ලෙස භාණ්ඩ විකිණූ වෙළඳුන්ට එරෙහිව වැටලීම් 420 සිදු කර අධිකරණයට ඉදිරිපත් ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් පාරිභෝගික සේවා අංශය සඳහන් කරයි.

කෑගල්ල අරණායක ‘අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය’ ජනතා අයිතියට පත්කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (20) පස්වරුවේ දී සිදු කෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (19) පෙරවරුවේ රැස්විය.

කෑගලු අභිමන් - 2023
 
නිපුණතාවයෙන් පෙරමගට
 
දෙස් විදෙස් රැකියා පොල සමගින් වෘත්තීය පුහුණු අත්වැල
 
පහත සබැඳියාවෙන් හෝ QR කේතය භාවිතා කර ඔබත් දැන්ම ලියාපදිංචි වන්න.
 
 

මිනිසා සොබා දහම වෙතට වඩාත් සමීප වීම යනු ජීවිතය පහසු කරගැනීම වෙනුවෙන් අතිරේක කවුළුවක් විවෘත කිරීමකැයි ඕෂෝ සඳහන් කර තිබේ. සොබා දහම ඔබව සැහැල්ලු කරයි. ඔබව පහසුවෙන් තබන අතර ජීවිතයට සතුට ලගා කරවයි. එහි මහගු සෞන්දර්ය අත්පත් කර ගැනීමට නම් ඔබ සංචරණයට ප්‍රිය විය යුතුය. ඔබ ඒ වෙනුවෙන් තබන දිගු පියසටහන් සේම කෙටි පියසටහන් ද එක සේ වටින්නේය. මේ සොබා දහමේ ගීතයට සවන් දීම පිණිස අප තැබු කෙටි පියසටහනක ආවර්ජනයයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල 2022 හා 2023 වර්ෂයේ මේ දක්වා ක්‍රියාකාරකම් වල ප්‍රගතිය සමාලෝචනය කිරීම කිරීමේ හමුවක් අද (17) දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට බඳවා ගත් ප්‍රතිලාභීන් දස දෙනෙක් සඳහා විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීමක් කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ දී සිදු කෙරිණි.

කැගල්ල දිස්ත්‍රික් කර්මාන්ත කමිටුවේ දී දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතාගේ සංකල්පයකට කර්මාන්ත මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කර ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන්ගේ රැකියා නියුක්තිය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් "කෑගලු අභිමන්- 2023" නිපුණතාවයෙන් පෙරමඟට දෙස් විදෙස් රැකියා පොල සමගින් වෘත්තිය පුහුණු වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් සියලුම රාජ්‍ය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල දායකත්වයෙන් ජූලි මස 8 වැනි දින කෑගලු බාලිකා විද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ආබාධ සහිත වූවන්ගේ ස්වයං රැකියා පුහුණු අවශ්‍යතා පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් දිරිය ශක්තිය - ස්වශක්තිය දිස්ත්‍රික් බල මණ්ඩලය අද (09) පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස් විය.

දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාවයට මුල්තැන දෙමින් දිස්ත්‍රික් කෘෂි කමිටුව හා පරිසර කමිටුව අද (09) දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

ජාතික වෙසක් සතිය නිමිත්තෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශය සංවිධානය කළ සුමධුර කාව්‍යමය ධර්ම දේශනය අද (04) දින පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන වෙසක් සතිය වෙනුවෙන් ,අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ' බුදු දහමෙන් පෝෂණය වූ සෞඛ්‍ය සම්පන්න දිවියක්' යන තේමාව යටතේ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා දැරණියගල සිරිසමන් ජාතික පාසලේ දරුවන් 250 කගේ පමණ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්විණි.

සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් වෙනුවෙන් දිස්ත්‍රික් රැකියා ප්‍රවර්ධන අංශය මගින් සංවිධානය කළ කොස් නිෂ්පාදන පිළිබඳ පුහුණු කිරීමේ වැඩසටහනක් අද (03) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2567 වන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමිව ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වූ අතර ඊට අදාලව යමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම වතාවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය කරමින් ප්‍රාදේශීය හා දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩලවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් "දෙටුවර අභිමන්" දිස්ත්‍රික් වැඩිහිටි අවුරුදු උළෙල අප්‍රේල් 28 වන දින දවස පුරා කෑගල්ල පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

මූල්‍ය සාක්ෂරතාවය හා නිපුණතා ණය පිළිබඳ පුහුණු වැඩසටහනක් අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ගමලත්ගේ දිලීප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරිම සඳහා වන වැඩසටහනේ ප්‍රධානතම ගැටලුව වු යාවත්කාලින දත්ත පද්ධතියක් නොමැති විමට විසඳුමක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලීය ආහාර සුරක්ෂිතතා අංශයේ මැදිහත්වීමෙන් Microsoft සමාගම, Orel (IT) සමාගම, තොරතුරු තාක්ෂණ ආයතනය, හා ලංකා විදුලි සමාගම එක්ව නිර්මාණය කර තැනූ FoofGate APP ජංගම දුරකතන යෙදවුම ගැන නිලධාරින් දැනුවත් කිරීමේ හමුවක් අද (27) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ මානසික සුවතාවය ඇති කරමින් උදා වූ නව වසරේ දේශීය සංස්කෘතියට මුල්තැන දෙමින් දිස්ත්‍රික් සංස්කෘතික අංශයේ සදෙස කවයේ සංවිධානයෙන් සහ අනෙකුත් සියලුම තත්ත්ව කවවල මූලිකත්වයෙන් පැවැත්වූ "සූර්යාංජලී " බක්මහ උළෙල ඊයේ (20) කෑගල්ල පොලිස් ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්විය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ කර්මාන්ත ප්‍රවර්ධනය සදහා ඒකාබද්ධ සම්බන්ධීකරණ යාන්ත්‍රනයක් සැකසීමේ අරමුණින් දිස්ත්‍රික් කර්මාන්ත සම්බන්ධීකරණ කමිටුව පිහිටුවීම අද (21) දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.

ඊයේ සවස් බාගය කච්චේරියේ නිලධාරීන්ට සුන්දර සන්ධ්‍යාවකි. දිස්න දුන් තාරකා රැසක් සේ වේදිකාවට බට ද කාර්යාල නිලධාරීන් මනෝහර නර්තනයෙන් ද, මිහිරිතම ගීයෙන් ද, ඇස් අලවා ගත් රැගුමෙන් ද ප්‍රේක්ෂක දන මන පුරවා ලුහ.

සිංහල දමිල අලුත් අවුරුදු උදාවෙන් පසු රාජකාරි සඳහා පැමිණි තම කාර්ය මණ්ඩලය අමතමින් නව වසරට සුභාෂිංශන අද (17) දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහතා විසින් එක් කරන ලදී.

තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ කෑගල්ල නිස්කෝ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයෙන් පුහුණුව ලැබූ පුහුණුලාභීන් සඳහා සහතික පත් ප්‍රදානය අද (11) පෙරවරුවේදී දිසාපති / දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සීමානීර්ණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද සීමානිර්ණ කමිටුවේ අවසන් වාර්තාව පිළිබද සාකච්ඡා කිරීමේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් අද (06) පෙරවරුවේ දී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

බෞද්ධ ශාසනයේ උන්නතිය පිණිස ගෙන ඇති හා ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධ විමසා බැලෙන කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය ඊයේ (04) අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේ දී රැස්විය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ලබා ගැනීමට අපේක්ෂිත සහයෝගීතාවය, එහි ප්‍රගතිය සහ එහි ධනාත්මක පැතිකඩ සම්බන්ධව පළාත් මට්ටමින් විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ පළමු වැඩසටහන අද (31)සබරගමු පළාත ආවරණය වන පරිදි කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සහයක් අවැසි මිනිසුන් සඳහා සහනයක් වෙමින් කෑගල්ල දිස්ත්‍රික් සමාජ සේවා අංශය සපයන දායකත්වය ප්‍රසාදජනක බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහතා සඳහන් කළේය. කෑගල්ල දිස්ත්‍රික් සමාජ සේවා අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක සඳහා සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

A program to inform government officials about stress management was held recently under the chairmanship of Kegalle District Secretary/District Governor Mr. Ranjan Jayasinghe.

දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන කමිටුව අද (30) දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී රැස්විය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ සිටින සාර්ථක ව්‍යවසායිකාවන් කිහිප දෙනෙකු අගයමින් දිස්ත්‍රික් කාන්තා දින සැමරුම අද(24) දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ තීරණයකට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ පෞද්ගලික හා ලංගම බස් රථ ධාවනයේ දි පවතින ගැටලු පිළිබඳ අදාළ පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපතිනි , පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වෙයෙන් අද (20) පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (17) පෙරවරුවේ දී පැවැත්විණි.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා කාලගුණික, ගංවතුර හා නායයෑම් පිළිබඳ පුරෝකථන හා අනතුරු ඇගවීම හා එවැනි තත්ත්වයන් වැළැක්වීමේ දීර්ඝකාලීන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක ව්‍යාපෘතීන් දෙකකට අදාළ කෑගල්ල දිස්ත්‍රික් වාරි සැලසුම් සමාලෝචනය කිරීමේ විශේෂ හමුවක් ඊයේ (15) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුබසාධන සංගමයට අනුබද්ධිත දිදුල පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ආර්.පී ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ දී පැවැත්විණි.

දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට අයත් සියළු රාජ්‍ය ආයතනවලින් සිදුකෙරෙන කාර්යභාරයන්හි අවසාන ප්‍රතිඵලය විය යුත්තේ දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට සහය වෙමින් දිස්ත්‍රික්කයේ ජන ජීවිතය නගා සිටුවීම බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ආර්.පී ජයසිංහ මහතා සදහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (15) පෙරවරුවේ පැවති කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට සහභාගී වෙමිනි.

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදුනු මාර්තු මස 08 වන දිනට සමඟාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී කාන්තා මූලික පවුල් 25 සඳහා ඇහැලියගොඩ කරීටාස් සෙත්මිණී ආයතනයේ අනුග්‍රහයෙන් රු.7000.00 පමණ වටිනා ආහාර මලු 25ක් ලබා දීමට කටයුතු කෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික් සංස්කෘතික අංශය විසින් සංවිධානය කළ ගැබිණි මව්වරුන් සඳහා ආශිර්වාදාත්මක සෙත් කවි සජ්ජායනයක් සහ ගීත රසවින්දනාත්මක වැඩසටහනක් අද (09) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ සෑම මට්ටමකම ප්‍රජාව දැඩි පසුබෑමකට පත්ව තිබීම හේතුවෙන් සමස්ත පුරවැසියන්ටම ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම වස් ආර්ථික හා සාමාජීය වශයෙන් ඔවුන් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් "අලුත් ගමක් -අලුත් රටක් " 2023- 2025 ජාතික සංවර්ධන වැඩසටහන දිවයිනේ සියලුම දිස්ත්‍රික්කයන්හි දී අදින් ආරම්භ විය.

පරිපාලන සේවයේ හසල අත්දැකීම් ඇති නිලධාරියෙක් වූ ගමලත්ගේ දිලිප් නිශාන්ත මහතා අද (08) පෙරවරුවේ කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා (ඉඩම් හා සංවර්ධන ) ලෙස වැඩ බාර ගත්තේය.

පරිපාලන සේවයේ හසල අත්දැකීම් ඇති නිලධාරියෙක් වූ ගම්ලත්ගේ දිලිප් නිශාන්ත මහතා අද (08) පෙරවරුවේ කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා (ඉඩම් හා සංවර්ධන ) ලෙස වැඩ බාර ගත්තේය.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සංවිධානය කරන “ව්‍යවසාය -2023” අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය මාර්තු 31,01,02 යන දිනයන්හි දී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතයි.

GMP (Good Manufacturing process ) සහතිකකරණය ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ සම්පත්දායකත්වය යටතේ අද (03) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක් වන දිනීෂා එස් රත්නායක මහත්මිය කෑගල්ල නව අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) ලෙස වැඩබාර ගත්තාය.

කෑගල්ල දිස්ත්‍රික් විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ආර්.පී ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත් විණි.

රාජ්‍ය ආයතනවල භාෂා පරිවර්තන පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 ක් සඳහා ත්‍රෛයිභාෂා ශබ්ද කෝෂ සහ පාරිභාෂිත මෘදුකාංග තැටි බෙදා දීම අද (28) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

අපවත්වී වදාළ කුඹල්දිවෙල ගල්ගනේ පුරාණ විහාරය,උතුවන ශ්‍රී බෝධිරාජාරාමය, මාහින්තැන්න සම්බෝධි විහාරය, මොළගොඩ ධර්මායතනය යන සිවු මහා විහාරාධිපති, සද්ධර්මෝදය පිරිවෙනේ කෘත්‍යාධිකාරි, විනය කීර්ති ශ්‍රී පියදස්සි සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක ශ්‍රාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය හෙට්ටිමුල්ලේ සිද්ධාර්ථ නාහිමිපාණන් වහන්සේගේ ආදාහාන පූජෝත්සවය රඹුක්කන කුඹල්දිවෙල ගල්ගනේ පුරාණ විහාර පරිශ්‍රයේ දී හෙට (23) සවස 3.00 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත සමස්ත දිවයින පුරාම සිටින වැඩිහිටි ප්‍රජාවගේ සුව සෙත පිණිස ක්‍රියාත්මක ජංගම වැඩිහිටි වෛද්‍ය සායනයෙහි පළමු නියමු ව්‍යාපෘතිය පසුගිය 19 වන දින දවස පුරා කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල මාලිබොඩ මංගල කණිෂ්ඨ විද්‍යාලයේදී සාර්ථකව නිමාවට පත්විය.

විශිෂ්ට නර්තන සම්ප්‍රදායන් උරුම ශ්‍රී ලාංකේය නර්තන ශිල්පය යනු අප රට ජාත්‍යන්තරය තුල නොමැකෙන සළකුණක් තබා ඇති කලා සන්නාමයකි. එය තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා උඩරට, පහතර හා සබරගමු ඇතුලු නර්තන සම්ප්‍රදායන් සේම කෑගල්ල දිස්ත්‍රික්කයේ සතර කෝරළයටම ආවේණික නර්තන සම්ප්‍රදායන් රැක ගැනීමත්, ප්‍රචලිත කිරිමත් කාලීන අවශ්‍යතාවයක්ව පවතින යුගයක සමස්ත දිස්ත්‍රිකයම ආවරණය වන පරිදි දිස්ත්‍රික් යෞවන නර්තන සංච්තයක් ස්ථාපිත කළ අතර එහි පුහුණුවීම් කටයුතු මාර්තු 04 වන දින තරුණ බෞද්ධ සංගම් ශාලාවේ දි ආරම්භ කිරීමට කටයුතු කෙරේ. ඒ පිළිබඳ විශේෂ හමුවක් අද (17) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික් රැකියා ප්‍රවර්ධන අංශය (මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව) හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් රැකියාගත කිරීමේ වැඩසටහනක් අද (15) පෙරවරුවේ දී ආරම්භ කෙරිණි.

සමාජ සේවා දෙපාර්තමේන්තුව හා වොයිස් ආයතනය ඒ්කාබද්ධව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ආබාධ සහිත පුද්ගලයිනගේ තොරතුරු ඇතුලත් සංගණයක් පැවැත්විමට කටයුතු කර ඇත. එහිදී ජංගම දුරකතනයෙහි පවතින ඇප් ඒකක් ආධාරයෙන් අදාල සංගණනය සඳහා තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ විදේශ විනිමය උත්පාදනය කිරීම සඳහා පුහුණු ශ්‍රමිකයන් විදේශ ගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට මේ වන විටත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී .

සැබෑ දේශපාලන නිදහසක් භුක්ති විඳීම සඳහා ආර්ථික නිදහස වඩා වැදගත් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති ජේ.එම්.ආර්.පී.ජයසිංහ මහතා කෑගල්ල දිස්ත්‍රික් නිදහස් දින උත්සවය අමතමින් සඳහන් කළේය. විශේෂයෙන් ආර්ථික වශයෙන් රට අභියෝග රැසකට මුහුණ දී ඇති කාල සීමාවක අසීරුතා මධ්‍යයේ වුව ද සියළුදෙනා විවිධ ක්ෂේත්‍රවල නියෝජනය කරමින් රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කල යුතු බවත් එවිට වඩා අර්ථවත් දේශපාලන නිදහසක් මහජනතාවට හිමිවනු ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා නිදහස් දින උත්සව සභාව අමතමින් වැඩිදුරටත් සඳහන් කළේය.
 
රාජ්‍ය සේවය , සුහදශීලී කාර්යක්ෂම ප්‍රවේශයකින් මහජනතාව වෙත ප්‍රවිශ්ඨ කිරීම සහ දිස්ත්‍රික්කයේ මහජන අපේක්ෂාවන් දිනවීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යැයි කෑගල්ල නව දිසාපති/දිස්ත්‍රික් ලේකම් ජේ.ඒම්.ආර්.පී ජයසිංහ මහතා අද (01) පෙරවරුවේ දී සඳහන් කළේය. අභිනව දිසාපති ධූරයේ වැඩබාර ගැනීමෙන් අනතුරුව පැවති කාර්ය මණ්ඩල රැස්වීමේ දී ඒ මහතා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන ජේ.එම්.ආර්.පී ජයසිංහ මහතා අද (01) දින පෙරවරුවේ යෙදුන සුබ මොහොතින් කෑගල්ල දිස්ත්‍රික් අභිනව දිසාපතිවරයා ලෙස වැඩ භාර ගත්තේය.
ජාතික ආර්ථිකයට විදේශ විනිමය උපයා දිම උදෙසා විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් උනන්දු කිරිම කාලිනව වැදගත් වන වකවානුවක ඊට යොමු විමට අපේක්ෂිත ප්‍රජාව නෛතිකව සුරක්ෂිත වන අයුරින් විදේශ ගත කිරීම සම්බන්ධව කෑගල්ල දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරිමක් අද ( 27) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශට අනුයුක්තව සේවය කරනු ලබන විදේශ රැකියා සංවර්ධන නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය කිරීමේ අරමුණින් සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ අනුග්‍රහයෙන් දෙදින පුහුණු වැඩසටහනක් 24 හා 25 යන දිනයන්හිදී කෑගල්ල හේශානි හොටලයේදී සාර්ථකව පැවත්විණි .
සමාජ සේවා අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද (25) පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
2023 යල කන්නය සදහා කෑගල්ල දිස්ත්‍රික්කයේ වගා ඉලක්ක ලබා ගැනීමේ දිස්ත්‍රික් පොහොර සම්බන්ධීකරණ කමිටුව අද (24) පෙරවරුවේ දි වැඩ බලන දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී රැස්විය.
 

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුබසාධක සංගමය මඟින් පවත්වාගෙන යනු ලබන “දිදුල” පෙර පාසලෙහි දුවා දරුවන්ගේ නිර්මාණ ඇතුලත් අත්කම් ප්‍රදර්ශනයක් අද (23) පෙරවරුවේ දී එම පෙරපාසලේ දී පැවැත්විණි.

දෙමළ හින්දු බැතිමතුන්ගේ අස්වනු මංගල්‍යය හෙවත් තෛපොංගල් උත්සවය සැමරීම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උත්සවශ්‍රීයෙන් අද (17) පෙරවරුවේ දී පැවැත්විණි. වැඩි අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හිරු දෙවියන්ට ස්තුති කිරීම වෙනුවෙන් තෛපොංගල් මගල්‍යය සැමරෙන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ අද පැවැති උත්සවය විවිධ සංස්කෘතිංක අංග රැසකින් සමන්විත විය.

ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ අංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමය දායකත්වය ලැබූවන්ට චෙක්පත් හා විශ්‍රාම වැටුප් පොත් පිරිනැමීම කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරියන් දෙපළගේ ප්‍රධානත්වයෙන් අද (02) සිදුකෙරිණි.

අර්බුදකාරී වකවානුවක රටේ අභිවෘද්ධිය උදෙසා අභියෝග ජයගත හැකි රාජ්‍ය සේවයක් ගොඩනගා ගත යුතු බව කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකොන් මහත්මිය සඳහන් කළාය. විශේෂයෙන් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ප්‍රමුඛතාව ලබා දෙමින් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති මහජන මිත්‍රශීලී ප්‍රවේශයකින් ක්‍රියාත්මක කළ යුතු බව ද ඒ මහත්මිය සඳහන් කළාය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ සෙමාවුල් පදනම මගින් බල ගැන්වෙන ග්‍රාමීය ආර්ථික තත්වය නගා සිටුවීම වෙනුවෙන් ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්හි මෙම වසරේ ප්‍රගතිය සහ එළඹෙන නව වසරේදී සිදු කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘතීන්හි ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අද (29) දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල කාමරයේ දී පැවැත්විණි .

කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ මැදිහත් වීමෙන් ප්‍රතිසංස්කරණය කරන ලද කෑගල්ල දිස්ත්‍රික් රජයේ සංචාරක බංගලාවෙහි සෙත් පිරිත් සජ්ඣායනයක් අද (29) පෙරවරුවේ දී මහා සංඝරත්නය වැඩම වීමෙන් පැවැත්විණි .

එළැඹෙන වසර පහ තුළ කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් හතළිස් එක් දහසක් බලගැන්වීමේ වැඩසටහනට අදාල ඒ ඒ ක්ෂේත්‍රයන්හි නිරත රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තුව නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් අද (27) දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ලෝක ආහාර වැඩසටහන සහ රාජ්‍ය අංශය ඒකාබද්ධව කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ඉහළ ආහාර අනාරක්ෂිතභාවයක් සහිත පවුල් සඳහා මුල්‍යාධාර ලබා දීමේ වැඩසටහනට අදාළ මූලික සාකච්ඡාවක්) කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20 ) පස්වරුවේ දී පැවැත්විණි.

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු පිළිබඳ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, සබරගමු පළාත් ආණ්ඩුකාර ගරු ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමාගේ සහ රජයේ මැති ඇමැතිවරුන්ගේ ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (17) කෑගල්ල නගර ශාලාවේදී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීම කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පස්වරුවේ දී පැවැත්විණි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ සේවයේ නියුතු නිලධාරීන් සේවය කරනු ලබන අංශ අතර සුහදත්වය වර්ධනය කිරීම, බෝ නොවන රෝග වලක්වා ගැනීම සඳහා නිසි කායික සෞඛ්‍ය මට්ටමක් පවත්වා ගැනීම යන අරමුණු පදනම් කරගනිමින් කාර්යාලීය අංශ අතර ක්‍රීඩා තරගාවලියෙහි සමාරම්භය අද (18) කෑගල්ල පොලිස් ක්‍රීඩාංගණයේදී වොලිබෝල් (කාන්තා /පිරිමි) තරගයෙන් ආරම්භ විය.

සමාජ සේවා දෙපාර්තමේන්තුව හා ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය එක්ව ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත පුද්ගලයින් රැකියා ගත කිරීමේ වැඩසටහනට අදාළව කෑගල්ල දිස්ත්‍රික්කයේ නිලධාරීන් දැනුවත් කිරීමේ මූලික වැඩසටහනක් අද (14) කෑගල්ල ස්ලීක් ආයතනයේ දී පැවැත්විණි.

නිරන්තර ආපදාවට ලක් වන දිස්ත්‍රික්කයක් වන කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මීට වසර කිහිපයකට පෙර සකස් කළ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සැලැස්ම යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය හදුනා ගත් දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ඊට අදාළ ප්‍රධාන රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යුත් විශේෂ හමුවක් අද (13) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී සංවිධානය කර තිබිණි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිවාසාන්තර ක්‍රීඩා තරගාවලිය අද (10) දින දවස පුර කෑගල්ල විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී උණුසුම් තරග රැසකින් අනතුරුව නිමාවට පත් විය.