
























2025 අයවැය යෝජනාවලට අනුව නව විශ්‍රාම වැටුප් පරිවර්තනය පිළිබඳ දැනුම්වත් කිරීමේ පුහුණු වැඩසටහනක් 2025 06 25 දින පැවැත්වුණේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ ප්‍රධාන ඝණකාධිකාරී එස්. එන්. ජයසිංහ සහ අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධාන විගණක නිලධාරිනී ඩබ්ලිව්. ටී. අයි. ජයවර්ධන යනමහත්මීන් දෙපළගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීයි.
ප්‍රථමයෙන්ම මෙම වැඩසටහනෙහි අරමුණ පැහැදිලි කිරීම ප්‍රධාන ඝණකාධිකාරී එස්.එන්. ජයසිංහ මහත්මිය විසින් සිදු කළ අතර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි මහත්මා සූම් (zoom) තාක්ෂණය ඔස්සේ මෙම වැඩසටහන හා සම්බන්ධ විය.
විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඝණකාධිකාරීවරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඝනකාධිකාරීවරුන්, නව පත්වීම් ලද ඝනකාධිකාරීවරුන්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විශ්‍රාම වැටුප් නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශයේ නිලධාරීන්, ගිණුම් අංශයේ සහ ආයතන අංශයේ නිලධාරීන් දැනුම්වත් කිරීමයි මෙහිදී සිදු වුණේ. මෙම වැඩසටහනෙහි දැනුම්වත් කිරීමේ සම්පත් දායකයා වූයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, ගිණුම් අංශයේ, විශ්‍රාම වැටුප් නිලධාරී, එච්. ඒ. නිහාල් පියසිරි මහත්මායි.
මෙහිදී එම නිලධාරීන්ට 2025 විශ්‍රාම වැටුප් පරිවර්තනය කිරීම පිළිබඳ පිළිබඳ ගැටලු, වාර්ෂික වැටුප් වර්ධක අගය සකස් කිරීම, මාසික වැටුප් වර්ධක අගය සකස් කිරීම සහ 10 - 2025 චක්‍රලේඛය පරිදි විශ්‍රාම වැටුප් සකස් වෙන ආකාරය, 2025 අයවැය යෝජනාවලට අනුව 3 - 2016 චක්‍රලේඛය අනුව 2018 ට හිමි වැටුප 2025 07 01 දින සිට විශ්‍රාමිකයන්ට ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
මෙම වැඩසටහන ප්‍රධාන ඝණකාධිකාරී තුමියගේ යෝජනාවකට අනුව දිස්ත්‍රික් පුහුණු ඒකකය විසින් සංවිධානය කරන ලදී. වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ඉහත සඳහන් නිලධාරීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන ඒකකයේ සියලුම පුහුණු ලාභීන් සහභාගි විය. වැඩසටහන අවසානයේදී සම්බන්ධ වූ සියලු පුහුණු ලාභීන්ට සහභාගිත්ව සහතිකයක් පිරිනැමීමද මෙහිදී සිදු විය.
























දිස්ත්‍රික් අභ්‍යන්තර විගණන කමිටුව ජූනි මස 11 දින පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් /දිසාපති ජගත් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී රැස්විය.
සුනාථ ධාරේථ චරාථ ධම්මේ
(ධර්මය අසන්න, ධර්මය ධාරණය කරගන්න, ධර්මයෙහි හැසිරෙන්න )
ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩසටහනට සමගාමීව සමෘද්ධි කළමනාකරුවන් හා අදාළ නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මූල්‍ය සාක්ෂරතාව හා මනෝ සමාජයීය සවිබල ගැන්වීමේ වැඩසටහනක් මැයි මස 06 වන දින පැවැත්වුණේ කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ටී. කුසුම් බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීයි.
කෘතිම බුද්ධිය භාවිතය මගින් ව්‍යාපාර කටයුතු වේගවත් කරගන්නා ආකාරය ,අපනයන ව්‍යාපාරයට කෘත්‍රීම බුද්ධිය භාවිතා කර ව්‍යාපාරයන්ට අදාළ පරිවර්තනයන් සිදු කරගන්නා ආකාරය පිළිබඳවත් දැනුවත් කිරීමක් මැයි 06 දින පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කරන "ඇසි දිසි - පියවර" කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළුවක් මැයි මස 06 වන දින ප. ව. 12.00 සිට ප. ව. 5.00 දක්වා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එම්. එස්. කේ. ජේ. බණ්ඩාර මහත්මාගේ ප්‍රධානත්වයෙන් සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් / දිසාපති එච්. එම්. ජේ. එම්. හේරත් මහත්මාගේ සහභාගිත්වයෙන්.
ජුනි මස 05 වැනිදාට යෙදුණු ලෝක පරිසර දිනයට සමගාමීව පැවති පරිසර සතියේ අවසන් දිනය ඊයේ නිමාවට පත් වූයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නිදහස් මාවතේ පැවති පරිසර සැමරුම් උත්සවය මගින්. මෙම පරිසර දිනය මගින් කෑගල්ල දිස්ත්‍රික්කයටද සුවිශේෂී කාරණාවන් කිහිපයක් සනිටුහන් කර ගැනීමට හැකි වුණා. කාබන් උදාසීන වැඩසටහනක් ලෙස සංවිධානය කර තිබූ කර මෙම උත්සවය මගින් "නිල්ගල" වනාන්තරය, "කොට්ටව" වනාන්තරය, "වේරැහැන් කන්ද", "තුල්හිරිකන්ද", "උඩලියැද්ද" ඇතුළු වනාන්තර පහක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමත් ඊට අදාළ ලේඛන ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීමත් මෙහිදී සිදු වුණා. එමෙන්ම පාරිසරික වශයෙන් අගයනු ලැබූ හරිත දුම්රිය ස්ථාන වෙනුවෙන් සම්මාන සහතික පත්‍ර, මුදල් ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදුවීම විශේෂත්වයක්.
ජුනි මස 05 වැනි දිනට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇති පරිසර සතියෙහි ජෛව විවිධත්ව සංරක්ෂණ දිනට සංවිධානය කරනු ලබන "ආක්‍රමණශීලි ආගන්තුක ශාක විශේෂයක් වන යෝධ නිදිකුම්බා (Mimosa pigra) සහ අනෙකුත් ආක්‍රමණශීලි ආගන්තුක ජීවී විශේෂයන් මර්දනය හා කළමනාකරණය" පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් / දිසාපති එච්. එම්. ජේ. එම්. හේරත්, අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් ටී. කුසුම් බණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීයි.
වත්මන් සමාජය තුළ උද්ගත වී ඇති ප්‍රබල ගැටලුවකි, මූල්‍ය කළමනාකාරිත්වය නොමැතිවීම. මෙම ගැටලුව මූලික කර ගනිමින් "විගමනික ප්‍රජාව සඳහා මූල්‍ය සාක්ෂරතා පුහුණු වැඩසටහනක්" මැයි 03 දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
2025 ජගත් පරිසර දිනය වෙනුවෙන් "බන්දුල පෙතියා" (Pethiya bandula) Bandula Barb ජීවත් වන මිහිතලයේ එකම ස්ථානය සංරක්ෂණය කිරීමට පියවර ගැනේ.
ජූනි මස 05 දිනට නියමිත ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව මෙවර ජාතික සැමරුම කෑගල්ල නිදහස් මාවතේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ජගත් පරිසර දිනයට සමගාමීව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් අද දින සිට එලඹෙන 05 දින දක්වා පවත්වනු ලබන පාරිසරික ප්‍රදර්ශනය හා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව කෑගල්ල නගර ශාලාවේ දී ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැයි මස 02 දින පස්වරුවේ දී විවෘත කෙරිණි.
2025 වසරේ ජගත් පරිසර දිනය ජුනි 05 දින කෑගල්ලෙ දී සැමරෙන අතර ඊට සමගාමීව පරිසර සතියක් ක්‍රියාත්මක වේ.එහි දෙවන දිනය වූ අද දිනයේ තේමාව වායු දූෂණය හා එහි අහිතකර බලපෑම අවම කිරීම යන්නයි.ඒ වෙනුවෙන් වාහන වායු විමෝචන පරීක්ෂා කිරීම හා නිවැරදි කිරීමේ සායනයක් මැයි 31 දවස පුරා කෑගල්ල නිදහස් මාවතේදි පැවැත්විණි.
මට පිස්සු යැයි මම කිසි විටෙක නොකියමි. අපි කියන්නේම අනෙකාට පිස්සු කියාය. ඔවුන්ද පෙරළා අපට පිස්සු යැයි කියති. මේ අනුව බලන විට අපි හැම කෙනාටම පිස්සුය. එසේනම් ඒ තුළ ඇත්තේ මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටලුවකි. ඇත්තටම අපිට පිස්සුද? නැද්ද?
ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත ක්‍රියාත්මක Connect 2025 - Youth Clubs පිහිටුවීමේ ඉදිරි සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධව විශේෂ හමුවක් මැයි 29 වන දින රඹුක්කන පින්නවල අපේගම පරිශ්‍රයේදී පැවැත්විණි .
මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ දිවයින පුරා බොහෝ දිස්ත්‍රික්කවලට බලපාන ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ අංශය මේ වන විටත් සූදානමක සිටින බව දක්නට ලැබුණේ මැයි මස 29 වැනි දින කෑගල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 17 කට උපකරණ බෙදා දීමත් සමඟයි.
ජූනි මස 05 දිනට නියමිත ජාත්‍යන්තර පරිසර දිනට සමගාමීව මෙවර ජාතික සැමරුම කෑගල්ල නිදහස් මාවතේදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සැමරීමට නියමිත අතර එහි සූදානමේ වත්මන් ප්‍රගතිය විමසා බැලීමක් මැයි 29 වන දින පස්වරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.
මේ දිනවල සක්‍රිය වෙමින් පවතින නිරිත දිග මෝසම් තත්ත්වය සමඟ ආපදා සිද්ධීන් වාර්තා විය හැකි බවට අදාල තාක්ෂණික ආයතන දැනුම් දී ඇති අතර ඒ සඳහා පූර්ව සූදානමක් ලෙස මැයි මස 27 වන දින දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව රැස්විය.
මනා පෞරුෂයෙන් යුතු අභිමානවත් දරුවකු දැරියක රටට දායාද කිරීමේ අරමුණු ඇතිව ශිෂ්‍යභට බලකාය 9 වැනි බල ඇණියට ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී නිල ලාංඡන පැළඳවීමේ උත්සවයක් 2025 05 23 දින පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදීයි.
කෑගල්ල දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී ප්‍රගති සමාලෝචන රැස්වීම 2025.05.16 දින පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් / දිසාපති H. M. J. M. හේරත් මහත්මාගේ සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් T. කුසුම් බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීයි.
වෙසක් සතිය නිමිත්තෙන් පසුගිය දින කිහිපය තුළම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණි.
ජගත් පරිසර දිනය සෑම වසරකම ජුනි මස 05 වන දින සැමරේ.මෙවර මෙම වැඩසටහන ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතී.ඒ පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මැයි මස 15 දින පස්වරුවේදී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මානව හිමිකම් කොමිෂන් සභාව මෙහෙයවීම මත මානව හිමිකම් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් මැයි සම 16 වන දින පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කල දිස්ත්‍රික් වැඩිහිටි අවුරුදු උළෙල "දෙටු පුරවැසි" බක්මහ උළෙල අප්‍රේල් 30 වනදා කෑගල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
වත්මන් රජයේ ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) සංකල්පයට සමගාමීව ප්‍රජාපාදක ජල මූලාශ්‍ර ආශ්‍රිත පවිත්‍රතා වැඩසටහනක් පසුගියදා (29) දියත් කෙරුණේ ගලිගමුව ලාහුපන ග්‍රාම සේවා වසමේ පිහිටි ලාහුපන ඇල්ල හෙවත් හරිගල ඇල්ල මුල් කරගනිමින්. දේශීය සංචාරකයන්ගේ නිරන්තරයෙන් නෙත ගැටෙන මෙම ස්ථානය විදෙස් සංචාරකයින්ගේ නෙතට උළෙලක් කරවීම අරමුණු කරගෙනයි පළමු අදියරේ සමාරම්භය සනිටුහන් කරමින් එම වැඩසටහන පැවැත්වුණේ.
ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන මගින් ග්‍රාමීය සංවර්ධන සැලසුම් සකස් කිරීම පිළිබඳ පුහුණු වැඩසටහනක් 2025.04.23 දින පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදීයි. එක්දින දැනුවත් කිරීමේ වැඩසටහනක් වූ මෙය සංවිධානය කරන ලද්දේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ( සැලසුම්) ඒ. ජේ. එස්. කේ. මධුරසිංහ මහත්මිය විසිනි. දිස්ත්‍රික් සැලසුම් අංශයේ අධ්‍යක්ෂ ඒ. ඒ. වීරකෝන් මහත්මාගේ අධීක්ෂණය යටතේ පැවැත්වූ මෙම වැඩසටහන ආරම්භ කරන ලද්දේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති එච්. එම්. ජේ. එම්. හේරත් මහත්මාගේ ප්‍රධානත්වයෙනි.
ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් සෑම ග්‍රාම නිලධාරි වසමක්ම ආවරණය වන සේ මෙම සැලසුම් සකස් කිරීමට ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය විසින් නිර්දේශ කොට දැනුවත් කිරීම් කර ඇති අතර සෑම ග්‍රාම නිලධාරී වසමකටම සංවර්ධන සැලසුමක් සකස් කිරීම සඳහා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය මගින් රු. 10 000 /= බැගින් ප්‍රතිපාදන ද වෙන් කොට තිබේ.
පස් අවුරුදු දීර්ඝ කාලීන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහන පිළිබඳව දීපව්‍යාප්ත මට්ටමින් ලංකාවේ සියලු දිස්ත්‍රික්ක දැනුවත් කිරීමේ වැඩමුළුවක් ක්‍රියාත්මක වූයේ ඉකුත් මාර්තු මස 14 - 15 යන දෙදින තුලයි. ඒ සඳහා කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සැලසුම් අධ්‍යක්ෂ සහ දිස්ත්‍රික් සැලසුම් අංශයේ නිලධාරීන් තිදෙනෙකු සහභාගි වූ අතර 2025.04.23 දින මෙම වැඩමුළුව මගින් සිදු කරනු ලැබුවේ එසේ පුහුණුවලත් නිලධාරීන් මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11හි අදාළ නිලධාරීන් දැනුවත් කිරීමයි.
අනාගත ජයග්‍රහණ ලබා ගැනීම සඳහා අවශ්‍යතා හඳුනා ගනිමින් ග්‍රාමීය ජනතාවගේ ගැටලු හා ඉල්ලීම් පාදක කොට ගනිමින් හා ඒ ඒ දිස්ත්‍රික්කවල ඇති සම්පත්, මානව සම්පත්, භෞතික සම්පත් හා ඉදිරි ආයෝජන අවශ්‍යතා හඳුනා ගනිමින් මෙන්ම ඉදිරි සංවර්ධන අරමුණු දිශාගත කරන්නේ කෙසේද යන්න තේමාව කොට ගනිමින් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන මෙය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් වූ පසු ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ නිර්දේශ මත ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවයි දිස්ත්‍රික් සැලසුම් අංශයේ අධ්‍යක්ෂ ඒ. ඒ. වීරකෝන් මහතා පවසා සිටියේ.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් මෙම වැඩමුළුව මගින් දැනුවත් වන සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, තාක්ෂණික නිලධාරීන්, සංවර්ධන නිලධාරින් මගින් ග්‍රාම සේවා වසම්වල තාක්ෂණික නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා ග්‍රාම සේවා නිලධාරීන් සහභාගී කරගනිමින් ඔවුන් දැනුවත් කොට ඒ ඒ ග්‍රාම සේවා වසමට අදාලව මෙම සංවර්ධන සැලසුම් සකස් කිරීමට පියවර ගන්නා බවයි සැලසුම් අධ්‍යක්ෂ ඒ. ඒ. වීරකෝන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ.
මෙම වැඩසටහනට පැමිණි නිලධාරීන් දැනුවත් කිරීම සඳහා සම්පත් දායකයින් ලෙස මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යූ. කේ. ප්‍රියන්ත පුෂ්පකුමාර (සැලසුම්), කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්. පී. ඉන්දිකා සේනාරත්න (සැලසුම්), එම්. ඒ. ජේ. එස්.මධුරසිංහ සහකාර අධ්‍යක්ෂ ( සැලසුම්)යන මහත්ම මහත්මීන් සහභාගි වූ අතර මෙම වැඩමුළුව සාර්ථක කරගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, තාක්ෂණික නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් සහභාගි විය.





චිරාගත සම්ප්‍රදායානුකූලව සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවලට මුල් තැන දෙමින් 2025 වර්ෂයේ සිංහල දෙමළ අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ උත්සවය ඊයේ (16) දින පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත මහත්මාගේ ප්‍රධානත්වයෙන්.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධ දිදුල පෙර පාසලේ සිඟිති අවුරුදු උත්සවය මාර්තු සම 09 වන දින කෑගල්ල පොලිස් ක්‍රීඩාංගනයේදී සාර්ථකව නිමාවට පත්විය.
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025 - 2029 එළිදැක්වීම හා රාජ්‍ය ආයතන තුළ අභ්‍යන්තර කටයුතු ඒකක දියත් කිරීම අරමුණු කර ගනිමින් දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම මාර්තු මස 09වන දින අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරිණි.
කෑගල්ල දිස්ත්‍රික් ව්‍යවසායකයින්ගේ නිර්මාණශීලිත්වයෙන් හැඩවුණු SED Super Fair - 2025 අලෙවි ප්‍රදර්ශනය මාර්තු 07 දින කෑගල්ල නගර සභා ශාලාවේදී ආරම්භ කෙරිණි.
ආබාධ සහිත වූවන්ගේ ජාතික ආධුනික ක්‍රීඩා තරගාවලියෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට ජාතික මට්ටමේ ජයග්‍රහණ තුනක්
ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කළ ආබාධ සහිතවූවන්ගේ ජාතික ආධුනික ක්‍රීඩා උළෙල 2025 මාර්තු 04 දින හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ ” ආරක්ශාවශාවශ්‍රාම” වැටුප් යෝජනා ක්‍රමයට බැදුණු දරුවන් සිව් දෙනෙත් වෙත චෙක්පත් ප්‍රාදානය කිරීමක් දිස්ත්‍රික් ලේකම් / දිසාපති ජගත් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 04 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුකෙරිණි.
තිරසර කවය සංවිධානය කළ බෝ නොවන රෝග හා අනෙකුත් රෝග වලින් ආරක්ෂා වීම සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (04) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පෞද්ගලික ජීවිතය හා රාජකාරි ජීවිතය කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍යය මඟ පෙන්වීම ඇති කරලනු පිණිස මනෝ උපදේශන වැඩසටහනක් මාර්තු 03 දින පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී දිස්ත්‍රික් ලේකම් / දිසාපති එච්. එම්. ජේ. එම්. හේරත් මහත්මාගේ ප්‍රධානත්වයෙන්.
දිස්ත්‍රික්කයේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ඉලක්කගත වැඩසටහන්හි ප්‍රගතිය විමසා බැලෙන මෙම වසරේ පළමු කාර්තුවට අදාල සංස්කෘතික නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අප්‍රේල් 01 වන දින දිස්ත්‍රික් ලේකම් / දිසාපති ජගත් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ස්ත්‍රි පුරුෂ සමාජභාවය මත පදනම්ව හිංසනයට ලක්වන කාන්තාවන් සහ ළමුන් සදහා සේවා සපයන රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහනක් මාර්තු මස 28 වන දින කෑගල්ල කලුගල්ල මාවතේ රතුකුරුස සමාජ ශාලාවේදී පැවැත්විණි.
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් රාජකාරි සිදු කරන විදේශ රැකියා නිලධාරීන්ගේ ප්‍රගතිය විමසා බැලීමක් මාර්තු 26 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.
ළමුන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව හා සුබසෙත විමසා බැලෙන දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටුව මාර්තු 25 දින දිස්ත්‍රික් ලේකම්/දිසාපති ජගත් තේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි රැස් විය.
බෝ නොවන රෝග වැළැක්වීමේ හා මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම අරමුණ කරගනිමින් පළමු වරට දිස්ත්‍රික් කමිටුව අද (25) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි රැස් විය.
දිස්ත්‍රික් පුහුණු ඒකකය සංවිධානය කල ග්‍රාම නිලධාරීන් සඳහා වන ධාරිතා සංවර්ධන වැඩසටහනක් මාර්තු මස 21 වන දින කෑගල්ල ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානය පැවැත්විණි.
අදියර තුනක් යටතේ පවත්වන මෙම වැඩසටහනෙහි පළමු වැඩසටහන ලෙසින් මෙය සිදු කල අතර ඒ සදහා කෑගල්ල, ගලිගමුව , රඹුක්කන , මාවනැල්ල, අරණායක , වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල ග්‍රාම නිලධාරීහු පිරිසක් එක් වූහ.
මේ සදහා සම්පත්දායකත්වය කෑගල්ල දිස්ත්‍රික් මනෝ විද්‍යා උපදේශන නිලධාරි රේණුකා ජයරත්න මහත්මිය හා කෑගල්ල කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල් ලීලවංශ මහතා විසින් ලබා දුන්හ.
සමාරම්භක අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ජගත් හේරත් , සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ශා එල් ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.









අධිකරණ අමාත්‍යාංශයේ සමථ මණ්ඩල කොමිශන් සභාවේ මෙහෙයවීම මත "මිත්‍රෝපදේශන" සංකල්පය හදුන්වා දීමේ වැඩසටහනක් ඊයේ (21) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි සංවිධානය කර තිබුණි.
කෑගල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ මෙහෙයවීමෙන් අටපිරිකර නීති සම්බන්ධයෙන් එම වෙළඳුන් හා නිෂ්පාදකයින් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (17) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
“එක මිටට ගොවි බිමට , වී කරලට තව ඇටයක්” වැඩ සටහන යටතේ නව පරම්පරාවේ පොහොර වර්ග හදුන්වාදීමේ හා පරිසර හිතකාමී වගාව පිළිබඳ ගොවීන් හා නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩ සටහනත් අද (14) වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ වැවිලි, අපනයන, එළවළු, පළතුරු, හා වී වගාව යන බෝගයන් සඳහා නිර්දේශිත සමස්ත දළ පොහොර අවශ්‍යතාවය 45000 Mt පමන වන අතර ඉන් ගොවීන්ගෙන් වාර්ෂිකව 13000 Mt පමන ඉල්ලුමක් පවති. නමුත් විවිධ හේතුන් මත දිස්ත්‍රික්කයට සපයනු ලබන්නේ 10000 Mt වඩා අඩු ප්‍රමාණයකි.
බෝග සඳහා පොහොර යෙදීම සමිබන්ධව ගොවීන්ගේ දැනුම හා ආකල්ප වර්ධනය කිරිමත්, පරිසර හිකතාමීව වැඩිදියුණු කළ පොහොර භාවීතා කරවීමත් මගින් ජාතික නිෂ්පාදිතයට ගුණාත්මක හා ප්‍රමාණාත්මකව කෘෂිකාර්මික නිෂ්පාදන වල දායකත්වයක් ලබා දීමට කටයුතු කිරිම මෙම වැඩ සටහනේ අරමුණයි.
මෙහිදි බවර් වෙළද සමාගම විසින් වැඩි දියුණු කළ පොහොර වර්ග, යෙදෙන ආකාරය හා ඒවා කෙරෙහි බෝගය දක්වන ප්‍රතිචාරය පැහැදිළි කිරිමක් මෙහිදි සිදු කෙරිණි.
මෙම වැඩසටහන වරකාපොල නිව් නැෂනල් ට්‍රේඩර්ස් ආයතනයේ අනුග්‍රහය මත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පොහොර අංශය හා වරකාපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබුණි.
මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝජ් කුමාර රාජපක්ෂ, වරකාපොල ප්‍රාදේශිය ලේකම් රංගන සජීව, කෑගල්ල දිස්ත්‍රික් කෘෂි කර්ම අධ්‍යක්ෂ එස්. එම්. තිලකසිරි, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නියොජ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව්. සරත් සුමනදාස, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නියොජ්‍ය අධ්‍යක්ෂ ටි. එමි. එන් . තෙන්නකෝන් යන මහත්වරුන් බවර සමාගමේ නියෝජිතයින්, ගොවි මහතුන්, කෘෂි ක්ෂෙත්‍රයට සම්බන්ධ නිලධාරීන් ඇතුඵ පිරිසක් එක් වුහ.











ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන 2025 සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව දිස්ත්රික් නිලධාරීන් දැනුවත් කෙරේ
යැපුම් මානසිකත්වයෙන් මිදී ස්වාධීන පුරවැසි සමාජයක් ගොඩනැගීම සඳහා ප්‍රජාව සවිබල ගැන්වීමට අවශ්‍යයි. ප්‍රජාව තුළින් ගොඩනැගෙන ශක්තීන් පදනම් කරගනිමින් පංචවිධ සවිබල ගැන්වීමේ වැඩසටහනක් මගින් රටේ සෑම පුරවැසියෙකුම ජාතික ආර්ථිකයේ අභිමානවත් කොටස්කරුවකු බවට පත්කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අභිලාෂයයි. ප්‍රජාවගේ අදහස් යෝජනා ඇතිව ප්‍රජාව තුළින්ම ගොඩනැගෙන ශක්තීන් පදනම් කර ගනිමින් ජීවනෝපාය ප්‍රවර්ධනය, සමාජ ආරක්ෂණය, මූල්‍ය අන්තර්කරණය, මනෝ සමාජයීය සවිබල ගැන්වීම, පුහුණු කිරීම හා මග පෙන්වීම යන පංචවිධ බලවේගයන් ඔස්සේ ප්‍රජාව සවිබල ගැන්වීමයි මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධාන අරමුණු වන්නේ.
ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන 2025 මූලාශ්‍ර දෙකක් යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.
සවි බල ගැන්වීමේ ජාතික වැඩසටහන (මහා භාණ්ඩාගාර මුදල් හා දෙපාර්තමේන්තුගත අරමුදල් යටතේ ක්‍රියාත්මක වේ)
ආසියානු සංවර්ධන බැංකුව නියමු වැඩසටහන (ආසියානු සංවර්ධන A D B බැංකු ණය ආධාර)
ක්ෂේත්‍රගත සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ වාර්ෂික ඉලක්කයට ළඟා වීමට එක් නිලධාරියකු පහත ප්‍රතිලාභී කාණ්ඩ අතුරින් පවුල් 50 ක් තෝරාගත යුතුවේ. පළමු අස්වැසුම ප්‍රතිලාභී පවුල් කාණ්ඩයට අනුව සංක්‍රාන්තික හා අවධානයට ලක් වූ ප්‍රතිලාභී පවුල් 23 ක්ද, දුප්පත් ප්‍රතිලාභී පවුල් 10 ක්ද, අන්ත දුප්පත් පවුල් 05 ක්ද පවුල් 38 ක් තෝරාගත යුතුවේ. එමෙන්ම දෙවැනි අඩු ආදායම් පවුල් කාණ්ඩය (සමෘද්ධි සහනාධාර ලැබූ පවුල්) 12ක් ලෙස මුළු පවුල් සංඛ්‍යාව 50 ක් තෝරාගත යුතුය. ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් අස්වැසුම ප්‍රතිලාභී පවුල් හඳුනා ගැනීම, අස්වැසුම නොලබන සමෘද්ධි සහනාධාරය ලැබූ අඩු ආදායම්ලාභී පවුල් හඳුනා ගැනීම, සවිබල ගන්වන ක්ෂේත්‍ර හා වැඩසටහන් හඳුනා ගැනීම, සවිබල ගැන්වීමේ ක්‍රමවේදය සහ අපේක්ෂිත ප්‍රතිඵල පිළිබඳ මේ වන විට සියලු නිලධාරීන් දැනුම්වත් කොට තිබේ.
වැඩබාරගත් මොහොතේම මෙම වැඩසටහනට සහභාගිව පිළිගැනීමේ කතාව කළ අභිනව දිසාපති එච්. එම්. ජේ. එම්. හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ: "රාජ්‍ය නිලධාරීන් වන අපගේ මුළු ජීවිත කාලයම රැකදෙන්නා වූ ජනතාව රාජ්‍ය නිලධාරීන් වන අප විසින්ම එම ප්‍රජාවගේ ජීවිතද රැකගත යුතු බවයි. එම කාර්යය සුවිශාල කාර්යයක් බවත් එය ඉටු කිරීමේදී කණ්ඩායමක් ලෙස සියලු දෙනාම ඒ සඳහා වැඩ කළ යුතු බවයි"
දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති හා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි ඇමතිතුමන් ප්‍රකාශ කර සිටියේ: " මාස 08 ක කාලයක් ඇතුළත මෙම වැඩසටහන් ක්‍රියාත්මක කර ගන්නේ කෙසේද යන්න අභියෝගයක් ඇති බවත් අප බලාපොරොත්තු වන ආර්ථික සංවර්ධන වේගය අත්පත් කර ගැනීමට හැකි වන්නේ ප්‍රමාණවත් ලෙස එය ක්‍රියාවට නංවා ගතහොත් පමණක් බවයි." එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ:" යැපුම් මානසික තත්ත්වයෙන් මිදී රටේ නිෂ්පාදන ආර්ථිකයට දායක වන, ආර්ථිකයේ පංගුකාරයින් ලෙස වෙහෙස මහන්සි වෙන, නිෂ්පාදනය කරන ප්‍රජාවක් බිහිකර ගත යුතු බවත් එහිදී ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ නිවැරදි ප්‍රතිලාභීන් තෝරා ගැනීම සහ අවශ්‍ය අයට ප්‍රතිලාභ ලබාදී මෙම කාර්යය වගකීමෙන් යුතුව කළ යුතු බවයි."
අද දින වැඩසටහනට සහභාගි වූ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ග්‍රාමීය සංවර්ධන) නාලිකා පිය සේන මහත්මිය මෙම ව්‍යාපෘතියෙහි කාර්යභාරය සහ අරමුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කර සිටියේ: " අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධාන අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීමේ සංකල්පයට අනුව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය ග්‍රාමීය දිළිඳු ජනතාව සවිබල ඉගැන්වීම සඳහා වැඩසටහන් සහ ව්‍යාපෘති කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති වර්ෂයකට ලක්ෂ 04 බැගින් වර්ෂ 05 කට ලක්ෂ 20 ක් සවිබල ගැන්වීම සහ ඔවුන් දරිද්‍රතාවයෙන් මිදී සවිබල ගැන්වුණු පිරිසක් ලෙස සමාජගත කිරීමයි අපගේ අරමුණ වන්නේ." එමෙන්ම අද දින පැවැති මෙම රැස්වීම සඳහා සහභාගි වූ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජීවනෝපාය සංවර්ධන, ජ්‍යෙෂ්ඨ කළමනාකාර, සුනිල් විජේසිංහ මහත්මා විසින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2025 වර්ෂයේ සවිබල ගැන්වීම් වැඩසටහන සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. එමෙන්ම අද දින පැවති මෙම සභාවාරය ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ප්‍රශ්න ගැටලු විසඳා ගැනීමට මා හැඟී අවස්ථාවක් වූ අතර සාර්ථක වැඩසටහනක් ලෙස අවසන් විය.
අද දින පැවති මෙම රැස්වීම සඳහා දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්. ආර්. කාංචන වැලිපිටිය, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ආර්. නන්ද බණ්ඩාර, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ඒ. ඒ. සාගරිකා ගංගානි අතාවුද යන මහත්ම මහත්මීන්ද, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ. ඒ. වීරකෝන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්. එස්. තිලකසිරි යන මහත්ම මහත්මීන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින්ද, ප්‍රාදේශීය සහභාගිත්වය නියෝජනය කරමින් දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සමෘද්ධි මූලස්ථාන, ප්‍රජා මූල බැංකු සමිති, ප්‍රජා මූල බැංකු කළමනාකරුවන්, සවිබල ගැන්වීමට අදාළව සෘජුව සම්බන්ධිත ආයතනවල දිස්ත්‍රික් ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයේ සියලු නිලධාරීන් සහභාගි විය.





.



කෑගල්ල නව දිසාපති/ දිස්ත්රික් ලේකම් ලෙස එච්.එම්.ජේ. එම්. හේරත් මහතා අද දින 2025.03.12 පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කළේය.
මාර්තු 08 වන දිනට යෙදුනු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙන පැවැත්වූ කෑගල්ල දිස්ත්‍රික් කාන්තා දින සැමරුම අද පෙරවරුවේ දී (12) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. "තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ මඟක් " තේමාවෙන් සැමරූ මෙවර කාන්තා දිනයේ දි දිස්ත්‍රික්කයේ හොඳම ව්‍යවායිකාවන් තිදෙනෙකු ඇගයිමට ලක් කිරීම විශේෂත්වයකි.
අභිනව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/ මහ දිසාපති ධූරයට පත් ජගත් හේරත් මැතිතුමන්ට උණුසුම් සුබ පැතුම් !

රසායනික,ජීව විද්‍යාත්මක , විකිරණ හා න්‍යෂ්ටික අපද්‍රව්‍ය ආපදා අවධානම් අවම කිරිම සම්බන්ධව දිස්ත්‍රික් පාර්ශවකාර හා ආයතන සම්බන්ධීකරණ කරමින් පවත්වන ලද කෑගල්ල දිස්ත්‍රික් පළමු සාකච්ඡාව අද (11) පෙරවරුවේදි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කෘෂි කාර්මික ප්‍රගතිය පිළිබඳ විමසා බැලෙන දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව අද (11) පස්වරුවේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්විය.
E M S - (Express Mail Service) ජාත්‍යන්තර කුරියර් සේවාව එකම දිනක දීපව්‍යාප්ත සේවාවක් ලෙස යාවත්කාලීන කරමින් ලංකාවේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි කඩිනම් කුරියර් සේවාවක් ලෙස දියත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා.
කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්. එස්. තිලකසිරි මහත්මාගේ පූර්ණ අධීක්ෂණයෙන් හා සම්බන්ධීකරණයෙන් යුතුව සංවිධානය කළ ව්‍යාපෘති කළමනාකරණය සම්බන්ධයෙන් කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.03.07 දින පැවැත්වුණේ කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත (ඉඩම්) මහත්මාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදීයි.

දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ එකමුතුවෙහි ඉල්ලීමකට අනුව කෑගල්ල දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් වර්තමානයේ මුහුණපා සිටින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමක් අද (20) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සංවිධානය කර තිබුණි.
ශ්‍රී ලංකා පෙර සූදානම් සහයෝගීතාවය (SLPP) ආසියානු පෙර සූදානම් සහයෝගීතාවය (APP) යටතේ ජාතික හවුල්කාරීත්ව එකමුතුවක් ලෙස ක්‍රියා කරන අතර එහි කෑගල්ල දිස්ත්‍රික් ව්‍යාපෘති සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා පළමු දිස්ත්‍රික් මට්ටමේ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡා වැඩසටහන අද (20)පෙරවරුවේදී කෑගල්ල අඹ සෙවණ හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
රාජ්‍ය ආයතන සදහා තොරතුරු සහ සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තිය හදුන්වා දීමත්, සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් විසින් එම ප්‍රතිපත්තිය තම ආයතන තුල ක්‍රියාත්මක කිරීමත් අරමුණ කරගනිමින් හා සයිබර් ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමක් හා පුහුණු කිරීමක් ඊයේ (18) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි සංවිධානය කර තිබුණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සියලු ආයතන ඒකරාශී වෙමින් ඒකාබද්ධ කෘෂිකර්ම සංවර්ධන සැලැස්මක් ස්ථාපිත කිරීමේ අරමුණින් අද (17) විශේෂ හමුවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කෑගල්ල අඹන්පිටිය මේධානන්ද වැඩිහිටි නිවාසයේ අද දින (13) දින එහි නේවාසිකව සිටින වැඩිහිටියන සඳහා තම ජිවිතයේ සැදෑ සමය ප්‍රීතිමත් ලෙස ගත කිරිමටත්, මානසික සෞඛ්‍ය යහපත් ලෙස පවත්වා ගැනීමටත් අවශ්‍ය මනෝ උපදේශනය මෙහිදි ලබා දුණි. එමෙන්ම කප්පාගොඩ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් උදෙසාද උක්ත තේමාව අරමුණු කර ගනිමින් මනේ උපදේශන වැඩසටහනක්ද පසුගියදා (03) පැවැත්වුණි.
ශූරතා කුසලානය මාවනැල්ලට
බුලත්කොහුහුපිටියට - රඹුක්කනට අනුශූරතාව
කෑගල්ල දිස්ත්‍රික්කයේ කෘෂි කාර්මික ප්‍රගතිය පිළිබඳ විමසා බැලෙන දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව හා පරිසර කමිටුව අද (11)පෙරවරුවේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්විය.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් /දිසාපති කේ. ජී. එස් නිශාන්ත මහතා කෑගල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් (රාජකාරී ආවරණ) ලෙස අද දින (10)සිය රාජකාරී කටයුතු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරිණි.
දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.
පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය හා පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධානය හා මෙහෙයවීම යටතේ 2024 / 2025 සබරගමුව පළාත් රාජ්‍ය සේවක ක්‍රිකට් තරගාවලිය ඊයේ දින ( 05) පැවැත්වුණා. මෙම තරගාවලියේ පිරිමි තරගාවලිය පැවැත්වුණේ පින්නවල බතමුරේ මහීපාල හේරත් ක්‍රීඩාංගනයේදී සහ කාන්තා තරගාවලිය පැවැත්වුණේ රඹුක්කන අශෝක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදීයි.
Clean Sri Lanka වැඩසටහනට සමඟාමීව තිරසර කවය සංවිධානය කරනු ලබන ආහාර සුරක්ෂිතතාවය හා ගෙවතු වගා පුහුණු වැඩසටහනක් අද (05) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි අතිරේක දිසත්‍රික් ලේකම් (පාලන) කුසුම් බංඩාර මහත්මියගේ ප්‍රධානත්වයේන් පැවැත්විණි.
77 ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් සැමරුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී චාම් අයුරින් අද දින (04) සැමරිණි.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (02) දිනය පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීණී.
ශ්‍රී ලංකාව තුළ කාන්තා ව්‍යවසායකයින් නිර්මාණය කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ කාර්යයක් යැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පසුගිය දා(30) කෑගල්ල වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සඳහන් කළාය.
9 ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (31) හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී සංවිධානය කර තිබුණි.
රජයේ මගින් ක්‍රියාත්මක Clean Sri lanka වැඩ සටහනේ එක් අංගයක් වන පරිසරය පිරිසිදු කිරිමේ වැඩ සටහන ,සබරගමු පළාත් සභාවේ වැඩ සටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ සමාරම්භක උත්සවය කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 31 ) කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රෙය්දී ඇරබිණි.
කෑගල්ල ආයුර්වේද මූලික රෝහලේ ගෙවීම් ඒකකය ඊයේ (30) සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය මුලිකත්වයෙන් ජනතා අයිතියට පවරනු ලැබිණි.
දිස්ත්‍රික් අභ්‍යන්තර විගණන අංශය හා දිස්ත්‍රික් පුහුණු ඒකකය එක්ව සංවිධානය කරනු ලැබූ පෞද්ගලික ලිපිගොනු විගණන පුහුණු වැඩසටහනක් අද දවස පුරා (30) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි සංවිධානය කර තිබුණි.
හින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක උදාව සනිටුහන් කරන තෛපොංගල් දිනය සැමරිම වෙනුවෙන් අද (29) දින කෑගල්ල දිසාපති/දිස්ත්රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තෛපොංගල් සැමරුම් උත්සවයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවත්විණි.
මහනුවර කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයේ(WDC) "ස්ත්‍රි වයවසායකත්ව සංවර්ධන ඒකකය" මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ පරිසර හිතකාමී නිෂ්පාදනවල නියැලෙන කාන්තාවන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළදපල දක්වා හදුන්වා දීමේ වැඩසටහන කෑගල්ල වෑවලදෙණිය විහාරස්ථා ධර්මශාලාවේදී ඊයේ (28) දින අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයින් 82ක ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.
2024 දිස්ත්‍රික් සිසු නිපුනතා ඇගයීම් උත්සවයේ සංවිධාන වැඩ කටයුතු ගැන සාකච්ඡා කිරීමේ අරමුණින් ඊයේ (28) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මේ වසරේ පළමු ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්විය.
කෑගල්ල දිස්ත්‍රික් කර්මාන්ත සංවර්ධන සැලැස්ම සකස් කිරීම පිළිබඳ හමුවක් අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
"සුපෝෂිත හා නිරෝගිමත් දේශයක් උදෙසා" ආයුර්වේද ප්‍රදර්ශනයක් සහ දේශීය ආහාර ප්‍රවර්ධන වැඩමුළුවක් අද (28)කෑගල්ල නගර සභා ශාලාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී සාගරිකා අතාවුද මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් සහ ආචාර ධර්ම ප්‍රතිපත්ති වැඩි දියුණු කිරීමට වඩාත් පිරිසිදු භෞතික පරිසරයක්" යන තේමාව පදනම් කර ගෙන සමාජීය, සදාචාරාත්මක සහ පාරිසරික වශයෙන් සෑම අංශයකින්ම පිරිසිදු රටක් ගොඩනැගීම අරමුණු කොට ගනිමින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක "Clean Sri Lanka " ජාතික වැඩසටහන පිළිබඳව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරිමක් ඊයේ (27) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ලැබුවා වූ 2025 නව වසරේ දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි වැඩ සැලැස්ම පිළිබඳව සාකච්ඡා කරගැනීමට, ඒවා ක්‍රියාත්මක කරගැනීමට අනුමැතිය ලබා ගැනීමේ අරමුණ ඇතිවයි දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලය ජනවාරි 24 දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයට රැස්වුණේ.
2025 වසරේ පලමු දිස්ත්‍රික්කයේ සමාජ සේවා නිලධාරි ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගියදා (22)) අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන)කුසුම් බංඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර 2024 වර්ෂයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11 හි ප්‍රගතිය එහිදී විමසා බැලිණ.
බිහිරි ප්‍රජාව ආපදා අවස්ථාවන්වලදී අවදානමට පෙර සූදානම ඇති කිරීමෙහිලා රජයේ ආයතන හා නිලධාරීන් උද්දේශනය කිරීමත් ,දිස්ත්‍රික්කයේ නිරන්තරයෙන් ආපදා තත්ත්වයන්ට පීඩාවට පත්වන බිහිරි ප්‍රජාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීමත් අරමුණු කරගත් හමුවක් අද (23) දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
දිස්ත්‍රික් රැකියා අංශයේ ශ්‍රමාභිමාණී කවය සංවිධානය කරන ලද LED බල්බ් අලුත් වැඩියාව කිරීම් පිළිබඳ පුහුණු වැඩසටහනක් අද (22) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.






















































































