විදේශයන් සදහා භාණ්ඩ තැපැල් සේවාව පිළිබඳ අපනයනාභිමුඛ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (10) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන වැඩසටහන්වලට අදාල ප්‍රගති සමාලෝචන හමුවක් ඊයේ (09) දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුල විවිධ වූ කලා හැකියාවන්ගෙන් යුතු නිලධාරින් සතුව පවතින හැකියාවන්ට එකම වේදිකාවක් තනා දෙමින් ඒ හරහා කාර්යාලයීය නිලධාරින්ගේ සුහදතාව වර්ධනය කරගැනිම අරමුණ කර ගනිමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කලා සංසදය ස්ථාපිත කිරිම ඊයේ (09) දින දිසාපති/දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

2023 වසරේ ජාත්‍යන්තර ආබාධිත දිනය මුල් කරගනිමින් දෙසැම්බර් 07 වන දින පවත්වන කෑගල්ල දිස්ත්‍රික් ආබාධිත දින සැමරුම සැලසුම් කිරීම අරමුණ කරගනිමින් දිස්ත්‍රික් ස්වශක්ති බල මණ්ඩල මහා සභාවේ හමුවක් අද (08) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සංවිධානය කරන ලද ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හඳුන්වා දීමේ පුහුණු වැඩසටහනක් ඊයේ (07) ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

රාජ්‍ය නිලධාරීන් සතු හැකියාවන් අනුව නිදහස් සේවකයෙකු ලෙස මුදල් ඉපයීම සඳහා දැනුම ලබාදීමේ අරමුණින් Freelancing පිළිබඳ පුහුණු වැඩසටහනක් ඊයේ (07) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

කාන්තාවන් දේශපාලනයට පිවිසීම බලගැන්විමට අදාලව නායකත්ව දෙදින පුහුණු වැඩසටහනක් 31 සහ 01 යන දිනයන්හිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික් 'කලා විභාෂි' සාහිත්‍ය මහෝත්සවයට සමඟාමීව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ගේ කලා කුසලතා ඔප් නංවාලිම සඳහා "ස්වර සිත්තම් " නිලධාරි කලා උළෙලක් පසුගිය දා ( 27) කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා ප්‍රාථමික විද්‍යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

සුසැට කලාවක කෑගලු ප්‍රත්‍යාවලෝකනය “කලා විභාෂි - 2023 “ දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය පසුගියදා (27) කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා ප්‍රාථමික විද්‍යාලීය ශ්‍රවනාගාරයේ දී දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිමාවට පත් විය.
දිස්ත්‍රික් නර්තන සංචිතයේ වෙස් නර්තනයෙන් ආරාධිත අමුත්තන් ශාලාවට කැඳවා ගෙන ආ අතර සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ විය.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MONLAR) මගින් පවතින ඖෂධ අවශ්‍යතාවයට සහනයක් සලසමින් රැපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමින් යුත් ඖෂධ පරිත්‍යාගයක් යටියන්තොට හල්ගොල්ල ප්‍රාදේශීය රෝහල වෙත පිරිනැමීම අද (26) පෙරවරැවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රෙය් දි සිදු කෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික් වැඩිහිටි දින සැමරුම "දෙටුවර අභිමන් - 2023 " ඊයේ (24 ) දිසාපති /දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

Kegalle District Literary Arts Festival "Kala Vibhashi" and "Swara Sittam" entertainment program will be held on October 27th at 10:00 AM. From 8.30 to 4.00 at Kegalle St. Joseph's Girls' College Auditorium...

කලා විභාෂි දිස්ත්‍රික් සාහිත්‍ය උළෙලට සමගාමීව ප්‍රාදේශිය සංස්කෘතික බලමණ්ඩල කේන්ද්‍ර කර ගනිමින් "රංග ප්‍රතිභා" කෙටි නාට්‍ය උළෙල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගලු විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පසුගියදා පැවැත්විණි.

සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා "ජනසභා ක්‍රමය" ස්ථාපිත කිරීම රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහිලා ප්‍රශස්ත පුරවැසි මැදිහත්වීම තහවුරු කරන්නකි. එය අරමුණු කර ගනිමින් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි "ජනසභා " පිහිටුවීම සිදු වන අතර එහි කෑගල්ල දිස්ත්‍රික්කයේ නියමු ව්‍යාපෘතිය යටතේ ආදර්ශ ජනසභාව පිහිටුවීම අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විලපොල වසම කේන්ද්‍රකරගනිමින් ඊයේ (22)දිප්පිටිය මුස්ලිම් විද්‍යාලයේ දී සිදුකෙරිණි.

දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව , ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩල කේන්ද්‍ර කරගනිමින් පවත්වන කෙටි නාට්‍ය තරගය 2023.10.21 දින් කෑගලු විද්‍යාලයේදී.

උසස් පෙළ වාණිජ විෂය හදාරණ සිසුන් ට ව්‍යාපාරය අධ්‍යයනය විෂය නිර්දේශය ආවරණය වන පරිදි 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත පිළිබඳව දැනුවත් කිරිමේ වැඩ සටහනක් ඊයේ (18) කෑගලු බාලිකා විද්‍යාලයේ දී පැවැත්විණි.

"කලා විභාෂි" දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවයට සමගාමීව පවත්වන ලද "සත්සර දැහැන" ගී රස වින්දන වැඩසටහන අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් "පබෝදා මෙත් සෙවන "පුනරුත්ථාපන මධ්‍යස්ථානයේද පසුගියදා පැවැත්විණි.

ශ්‍රී ලාංකිකයන් තුල පවතින විවිධත්වයන් වන වාර්ගික, ආගමික, සංස්කෘතික සහ භාෂාව ලෙස හඳුනා ගැනීමේ දී නිවැරදි භාෂා භාවිතය තුලින් ජනතාවගේ සංයමය, සංහිඳියාව සහ උගත්කම පෙන්නුම් කෙරේ. භාෂාවන්හි ජීවි ගුණය හඳුනා ගැනීම, ජාත්‍යන්තර භාෂාවක් ලෙස ඉංග්‍රීසි භෘෂාවේ වැදගත්කම ඇතුලු කරුණු සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමේ නුතන යුගයේ අවශ්‍යතාවයක්ව පවතී.

දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය සංවිධානය කරන "ප්‍රාදේශීය රැකියා පොළට " රැකියා විරහිත ඔබ සැමට ආරාධනා .....

කෑගල්ල දිස්ත්‍රිකක්යට අනුයුක්ත මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක් අද (13) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

මේ වසර අවසන් විමට ප්‍රථම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභින් බදවා ගැනිමේ 3000 ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම් දිසාපති රංජන ජයසිංහ මහතා පවසයි.

කෑගල්ල දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයන්හි මෙම වසරේ පසුගිය කාර්තු තුනට අදාලව ප්‍රගතිය විමසා බැලෙන රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ හමුව ඊයේ (12) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් හා ඔවුනගේ පවුල් සඳහා ප්‍රජා මූලික පුනරුත්ථාපනය සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ සමාජ සේවා නිලධාරි හා සංවර්ධන නිලධාරින් වෙනුවෙන් මූලික කණ්ඩායම් නිලධාරී එක් දින පුහුණු වැඩසටහනක් අද (10) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.

මෙම වසරේ තුන් වන දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය පසුගියදා (06) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී රැස් විය.

කලා විභාෂි - 2023 දිස්ත්‍රික් සාහිත්‍ය උළෙලට සමගාමීව ඉදිරිපත් කරන "රංග ප්‍රතිභා " කෙටි නාට්‍ය උළෙල

කෑගල්ල දිස්ත්‍රික්කයේ පවතින අපනයන අභිමුඛ නිෂ්පාදන හා ආනයන ආදේශක නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයන්ගේ එම නිෂ්පාදන ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවය ඉහළ නංවමින් සකස් කර ගැනීම සම්බන්ධ අදහස් හා යෝජනා ලබා ගැනීමේ හමුවක් ඊයේ (20) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රිකක්යේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ඉල්ලීමකට අනුව දිස්ත්‍රිකක්ය පුරා විසිරී සිටින සුළු , මධ්‍ය හා මහා පරිමාණ කරුමාන්තකරුවන් වර්තමානයේ මුහුණ පා සිටින ව්‍යපාරික ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (04) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක "ළමා මූලික ආපදා අවදානම් අවම කරන" ව්‍යාපෘතිය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහ අතරින් හොඳම ව්‍යාපෘතීන් ලෙස ජයග්‍රහණය ලැබූ සියලුම ව්‍යාපෘතීන්වලට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අපගේ උණුසුම් සුභ පැතුම්.

වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතය සම්බන්ධ රාජ්‍ය නිලධාරින්ගේ ධාරිතා වර්ධනය කිරිමේ පුහුණු වැඩසටහනක් අද (04) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ අපනයන සැපයුම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් යටතේ ක්‍රියාත්මක "අපනයනාභිමුඛ ජලජ පැලෑටි සදහා සැපයුම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනට" අදාලව පළමු අදියර ලෙසින් දිස්ත්‍රික්කයේ නව වගාකරුවන් දස දෙනෙකු සඳහා ජලජ පැලෑටි මව් ශාක පිරිනැමීම අද දින (03) අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අධ්‍යාපන අමාත්‍යංශයේ නිපුණතා සංවර්ධන අංශය යටතේ ඇති තෘතියීක අධ්‍යාපන කොමිෂන් සභාව මගින් රාජ්‍ය හා පෞද්ගලික වෘත්තිය පුහුණු ආයතන ලියාපදිංචි කිරීම හා පාඨමාලා ප්‍රමිතිකරණයට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (02) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ඔක්තෝම්බර් මස 01 දිනට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුභසාධක සංගමයට අනුබද්ධිත දිදුල පෙර පාසලේ දරුවන් උදෙසා නාට්‍යයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිළධාරින්ගේ ඉදිරිපත් කිරීමක් ලෙසින් අද දින (02) එම පරිශ්‍රයේදී සංවිධානය කර තිබුණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය හා අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ හා පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල සංචාරක ආකර්ෂණීය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් පාරිසරික සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. ඒ පිළිබඳ විශේෂ හමුවක් පසුගියදා (27) විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රැකියා ලක්ෂයේ වැඩ සටහන යටතේ බහු කාර්ය සංවර්ධන සහයක පුහුණු ලාභීන් සඳහා පළමු අදියර යටතේ ස්ථීර පත්වීම් ලබා දීම ඊයේ (27) දින කෑගල්ල නගර සභා ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි .

කෑගල්ල දිස්ත්‍රික්කය තුල පවතින ක්‍රිඩා සංගම්වල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම්/දිසාපති රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හමුවක් ඊයේ ( 26) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් පිළිබද විමසා බැලෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සබරගමු පළාත් ආණ්ඩුකාර,දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති නවීන් දිසානායක මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රිනි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනි රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (27) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

2022 අ.පො.ස උසස් පෙළ විභාගයේ මෙවර දිවයිනෙන් කලා අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගත් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ සචිනි සත්සරණි, ඉංජිනේරු තාක්ෂණයෙන් දෙවනි ස්ථානය හිමි කර ගත් කෑගල්ල ස්වර්ණ ජයන්ති ජාතික පාසලේ සංජනා ලලින්ද්‍යා සහ ජෛව්‍ය පද්ධති තාක්ෂණයෙන් පස්වන ස්ථානය ලබා ගත් කෑගල්ල ස්වර්ණ ජයන්ති ජාතික පාසලේ තරුෂි හිමාෂා යන සිසුවියන් අද (26 ) දින පැවති කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමමේ දී ඇගයිමට ලක් විය.

ළමා ආරක්ෂාව හා ළමා සංවර්ධන විෂයට අදාලව දිස්ත්‍රික්කයේ ප්‍රගතියේ විමසා බැලෙන දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව අද (26) පෙරවරුවේ දී දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රධාත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි රැස් විය.

මාර්ග සංවර්ධනය කිරීමේදී සේවා කොරිඩෝවක් පවත්වාගෙන යාම පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

දිස්ත්‍රික් සංස්කෘතික බල මණඩලයේ නව නිලධාරීන් පත් කර ගැනීම, මේ වසරේ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිලිබඳ සාකච්ඡා කිරිම මුල් කර ගනිමින් සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය ඊයේ (21) රැස් විය.

ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත "විශ්‍රාමයට පෙර සූදානමක් - සාර්ථක වැඩිහිටි දිවියක් "තේමාවෙන් විශ්‍රාම පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (20) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි පැවත්විණි.

සමබර ජීවිතයකට මනෝ උපදේශන වැඩසටහන් මාලාවේ දෙවන අදියර ඊයේ ( 19) පස්වරැවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් කෑගල්ල දිස්ත්‍රික්කය පුරා විහිදී පවතින හින්දු දහම් පාසල් වෙනුවෙන් අවශ්‍ය මුද්‍රිත දමිළ පොත් සංකේතාත්මකව පිරිනැමීමක් අද (15) පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි සිදු කෙරිණි.

දිස්ත්‍රික් සංස්කෘතික අංශය සංවිධානය කල "රිදී නිම්නය " චිත්‍රපටි ගීතමය වැඩසටහන ඊයේ (12) පස්වරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.

සැප්තැම්බර් 27 සිට ඔක්තෝම්බර් 01 දින දක්වා කෑගල්ල, රඹුක්කන මංගලගම ශ්‍රී විද්‍යා මංගල පිරිවෙන් පුරාණ ටැම්පිට විහාරස්ථානයේ දී නීලගිරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වැඩ සිටින ශ්‍රී සර්වඥ කේශ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ සම්බන්ධයෙන් වන සූදානම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (12 ) දින තාක්ෂණික රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ දිසාපති /දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ජලජීවි වගාකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබද විමසා බැලිමේ හමුවක් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

දිස්ත්‍රික් කෘෂි කමිටුව හා පොහොර සම්බන්ධීකරණ කමිටුව දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී රැස් විය.

අපනයන වෙළදපොල ඉලක්ක කරගත් අගය එකතු කළ අතින් නිපදවන තේ පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහනක් අද (07) පෙරවරුවේදී දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

රාජ්‍ය නිලධාරීන්ගේ සිනමා රස වින්දනය වැඩි දියුණු කිරීම පිණිස දිස්ත්‍රික් සංස්කෘතික අංශය සංවිධානය කළ සිනමා දැක්මක් අද (06) පස්වරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී තිරගත කෙරිණි.

පාසල් දරුවන්ගේ විශාදය මානසික ආබාධ තත්වය කල්තියා හඳුනාගැනීම හා විශාදය ආබාධිත තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීමේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (05) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභා විසින් නාගරික ප්‍රදේශයන්හි සැරිසරන යාචකයන් පිළිබඳ සංගණනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස සමාජ සේවා දෙපාර්තමේන්තුවට කරන ලද ඉල්ලීමකට අනුව දිවයින පුරා සියලුම නගර සභා මහ නගර සභා බල ප්‍රදේශයන් හි 2023.09.05 වන දින සංගණන කටයුතු ආරම්භ කෙරිණි.

පසුගියදා පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී සාකච්ඡාවට ලක් කෙරුණු දිස්ත්‍රික්කයේ ප්‍රවාහන ගැටලු ආශ්‍රිත විශේෂ සාකච්ඡාවක් අද (05) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කෑගල්ල, රඹුක්කන මංගලගම ශ්‍රී විද්‍යා මංගල පිරිවෙන් පුරාණ ටැම්පිට විහාරස්ථානයේ දී මේ මස 27 සිට ඔක්තෝබර් 01දක්වා නීලගිරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වැඩ සිටින ශ්‍රී සර්වඥ කේශ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

හේමාස් අවුට්රිච් පදනමේ මූල්‍ය අනුග්‍රහයෙන් මිලියන 12කට ආසන්න පිරිවැයක් දරමින් එම පදනම ඉදිකළ කෑගල්ල දිස්ත්‍රික් පළමු පෙර පාසල ලෙසින් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධිත "දිදුල" පෙර පාසල් නව ගොඩනැගිල්ල අද (01) දින පෙරවරුවේ දී සිසු අයිතියට පැවරුණි.

කෑගල්ල දිස්ත්‍රික්කයෙහි ඩිජිටල් සංවර්ධනය අරමුණු කර ගනිමින් තොරතුරු තාක්ෂණ සම්පත්දායකයින් 25 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නිර්මාණය කිරීම සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් මාර්ගගතව ලියාපදිංචි කෙරේ.ලියාපදිංචිය සඳහා පහත දිගුව හෝ QR කේතය භාවිතා කළ හැක.

හේමාස් අවුට්‍ රීච් පදනමේ මූල්‍ය අනුග්‍රහයෙන් ඉදිකළ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධිත "දිදුල" පෙර පාසලේ නව ගොඩනැගිල්ලට අද පෙරවරු 10.15 ට යෙදුණු සුබ මොහොතින් ගෙවදුණි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුමන්ගේ හා අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි ජාතික සාහිත්‍ය උත්සවයට සමගාමීව දිස්ත්‍රික් සාහිත්‍යය තරඟාවලියේ ජන ගායනා සහ කතන්දර ඉදිරිපත් කිරීමේ තරඟ සිංහල, ඉංග්‍රීසි සහ දමිළ මාධ්‍යයන්ගෙන් පසුගියදා කෑගල්ල සංස්කෘතික මධ්‍යස්ථානයේදී ( 25) පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් දියත් වන වාර්ෂික වැඩිහිටි චාරිකාව මෙවර මහියංගණය පුද බිම කේන්ද්‍ර කරගනිමින් පසුගියදා (25) සාර්ථකව සංවිධානය කර තිබුණි.

සංඥා භාෂාව භාවිතය පිළිබඳ ක්ෂේත්‍ර නිලධාරීන් සහ මැතිවරණ කාර්යාලයේ නිලධාරින් පුහුණු කිරිමේ වැඩ සටහනක් අද (25) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

අපනයන නිෂ්පාදන කේන්ද්‍රීය ආර්ථිකයක් බිහි කරමින් රටේ ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසාකයින් පිරිසක් සඳහා ආනයන අපනයන ක්‍රියාපටිපාටිය පිළිබඳ පුහුණු වැඩසටහනක් අද (24) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශ යටතේ සේවය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් සඳහා දෙදින ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක් 24 ,25 දෙදින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවත්වේ.

ආණ්ඩුකාර නිල මෙහෙවර ජංගම සේවයේ කෑගලු දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන ඊයේ (22 ) සබරගමු පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලයේදී පැවැත්විණි.

කලාවිභාෂි දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමිව සංස්කෘතික බල මණ්ඩලය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන රංග ප්‍රතිභා කෙටි නාට්‍ය උළෙල සදහා අයදුම්පත් කැඳවනු ලැබේ.

ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් වැඩිහිටි අංශය විසින් පවත්වන ඩිජිටල් සාක්ෂරතාවය, අභිප්‍රේරණ, යෝග ව්‍යායාම හා රැකියා උත්පාදනය - 2023 වැඩසටවන් මාලාවේ තුන් වන අදියර අද (21) කෑගල්ල නගර සභා ශාලාවේ දි පැවැත්විණ.

ආතති කලමණාකරණය මෙන්ම සමබර ජිවිතයක් උදෙසා දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ නිලධාරීන් හට ක්‍රියාකාරකම් සහිත මනෝ උපදේශන වැඩසටහනක් සහ මාවනැල්ල සහිරි ජාතික පාසලේ 4 සහ 5 වසරවල සිසු සිසුවියන්ගේ දෙමාපියන්ට මනෝ උපදේශන වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.

ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක දොළහක් අළලා මිනිස් වෙළදාමට එරෙහිව කටයුතු කිරිම සඳහා සිවිල් සමාජ බල ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක OECRP රාජ්‍ය නොවන සංවිධානය මඟින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැත්වූ වැඩමුළුවක් ඊයේ (17) සෙටි හෝටල් පරිශ්‍රයේ දි පැවැත්විණි.

සුවබර ජීවිතයක් වෙනුවෙන් නිසි ශාරීරික යෝග්‍යතාවයක් පවත්වා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්ගෙන් සැදුම්ලත් ක්‍රීඩා සමාජයක් අද ( 16) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ස්ථාපිත කෙරිණි.

දිවයිනේ පළමු දිස්ත්‍රික් විගමණික සංගමය කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අද (16) දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පිහිටුවිය.

සබරගමුව පළාත් සභාව හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන 2023/2024 වර්ෂ සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ වොලිබෝල් සංවර්ධන ව්‍යාපෘතියේ මුලික කරුණු පිළිබඳ හා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ සාකච්ඡාවක් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මේ දිනවල පවතින වියලි කාලගුණයත් සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්විමට සුදානම් වන්නේ කෙසේද යන්න පිලිබඳ විමසා බැලෙන සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි .

කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් පිළිබද විමසා බැලෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සබරගමු පළාත් ආණ්ඩුකාර,දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති නවීන් දිසානායක මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රිනි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනි රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (15) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

දිවා මධ්‍යස්ථාන ආශ්‍රිත , අභිප්‍රේරණ ඩිජිටල් සාක්ෂරතාව, යෝග ව්‍යායාම හා රැකියා උත්පාදන වැඩසටහන් මාලාවට අදාල පළමු අදියර යටතේ වැඩිහිටියන් සඳහා ධනාත්මක චින්තන වැඩමුළුවක් අද පෙරවරුවේ දි (11) දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පවතින සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරින්ගේ පලමු ප්‍රගති සමාලෝචන හමුව අද (10) දිස්තික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට බතික් නිෂ්පාදන කේෂත්‍රයේ නියැලී සිටින සියලුම බතික් නිෂ්පාදන කර්මාන්තකරුවන් ඒකරාශි කිරීම සහ සංවිධානය ගත කොට ඔවුනගේ කර්මාන්ත නගා සිටුවීමේ වැඩසටහනක් දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශය සංවිධානය කළ , "අරඹමු Let’s Start" වැඩසටහන යටතේ දැනට ව්‍යාපාරයක් කරන හා අලුතින් ව්‍යාපාරයක් ඇරඹීමට අපේක්ෂිත පිරිසක් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (07) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

අපනයන විවිධාංගීකරණ තුලින් රටේ මෙන්ම දිස්ත්‍රික්කයේ ආර්ථිකය බල ගැන්වීම අරමුණ කර ගනිමින් අපනයනාභිමුඛ ජලජ පැලෑටි වගාව පිළිබද දැනුවත් කිරීම , අපනයනකරුවෙකු සම්බන්ධ කිරීම සහ සැපයුම් ප්‍රවර්ධන වැඩසටහනක් අද ( 02) පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම් සමුළුව දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කය තුල සේවය කරන සමාජ සේවා නිලධාරින්ගේ ප්‍රගති සමාලෝචනය හා ස්වශක්ති බල මණ්ඩල හමුව අද (27) පෙරවරුවේ දී දිසාපති /දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී රැස්විය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පවතින සියලුම කුඩා, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාර ආවරණය වන පරිදි දිස්ත්‍රික් කර්මාන්ත සැලැස්මක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (26) අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැනට ව්‍යාපාර සිදු කරන සහ ව්‍යාපාර වෙත යොමු විමට කැමති ව්‍යවසායකයන් සඳහා විශේෂයෙන් අපනයන ක්‍රියාවලියට බලපාන නීතිමය කටයුතු, බලපත්‍ර ලබා ගැනීම ඇතුලු විවිධ අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමක් ඊයේ (25) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

කෑගලු දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්ගේ අභිවෘද්ධිය පිණිස ස්ථාපිත දිස්ත්‍රික් කර්මාන්ත කමිටුව ඊයේ (24 ) දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලිප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

ඵලදායිතා මෙවලම් සහ තාක්ෂණික ක්‍රම ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ගේ ඵලදායිතාව, ගුණාත්මකභාවය , ලාභදායිත්වය සහ වර්ධනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් දිස්ත්‍රික්කයේ තෝරාගත්  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 25 දෙනෙකු දැනුවත් කිරීමේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන අද (24) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

නීති ආධාර කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් ළමා, කාන්තා හා වැඩිහිටි අයිතිවාසිකම් පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමක් අද (19) පස්වරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කෑගල්ල දිසාපතිතුමන්ගේ මගපෙන්විම පරිදි දිස්ත්‍රික් බෞද්ධ කටයුතු අංශයේ සංවිධානයෙන් ලේ දන් දීමේ පුණ්‍ය කටයුත්තක් අද (19) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි සිදු කෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ හා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි පසුගියදා දැරණියගල හා රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් සඳහා වැඩිහිටි හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවයක් ක්‍රියාත්මක විය.

දිස්ත්‍රික් සංස්කෘතික අංශය මඟින් නිලධාරීන්ගේ කලාත්මක රසවින්දනය ඉහල නැංවීම සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ බිම්බා දේවිය හෙවත් යශෝධරා සිංහල චිත්‍රපටිය අද (18) පස්වරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි තිර ගත කෙරිණි.

සීඝ්‍රයෙන් පැතිර යන මාරාන්තික ඩෙංගු ව්‍යාප්තිය අවම කිරිම සඳහා සබරගමු පලාත් සභාව මඟින් ඩෙංගු මර්දන විශේෂ සතියක් ජූලි 17 සිට 23 දක්වා හඳුන්වා දි ඇත.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශය මගින් සංවිධානය කල දන්ත, අක්ශි, පියයුරු හා සුව නාරි වෛද්‍ය සායන මාලාවක් අද (18) දවස පුරා කාර්යාලීය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශය සංවිධානය කරන ලද වෛද්‍ය උපදේශනයක් සමඟින් බෝ නොවන රෝග නිර්ණය සඳහා රුධිර සාම්පල් පරීක්ෂාවක් කාර්යාලීය නිලධාරීන් වෙනුවෙන් අද (11) වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය පරිශ්‍රෙය් දී සිදු කෙරිණි.

යූලීඩ් ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ කෑගලු අභිමන් -2023 දෙස් විදෙස් රැකියා පොල සමගින් වෘත්තීය පුහුණු අත්වැල අද (08)කෑගලු බාලිකා විද්‍යාලයේදී තරුණ තරුණියන් රැසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව නිමාවට පත්විය .

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන කෑගලු අභිමන් - 2023 දෙස් විදෙස් රැකියා පොළ සමගින් වෘත්තීය පුහුණු අත්වැල ජූලි 08 කෑගලු බාලිකා විද්‍යාලයේ දී පැවත්වීමට සියලු කටයුතු සූදානමින් පවතී. එදිනට සිදුවන කාර්යභාරය සම්බන්ධයෙන් ඒ ඒ ආයතන හා නිලධාරීන් සම්බන්ධ කරගනිමින් විමසා බැලීමක් තාක්ෂණ ‍ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් හා දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (05) පස්වරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි .

ජීවිතය ජීවත් කරවන අතිශය භාවාත්මක හැඟිම් අතරින් ආදරය හා විරහව තේමා කරගත් වින්දනීය රසවින්දනාත්මක ගීත හෝරා කිහිපයක් ඊයේ (04) වන දින පස්වරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සුගීතවත් විය.

කෑගල්ල දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කෘෂි කාර්මික වැඩසටහන්වල ප්‍රගතිය විමසා බැලෙන දිස්ත්‍රික් කෘෂි කමිටුව දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මුල් ළමා විය සංවර්ධන ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් සදහා ජල පෙරණ ඇතුළු උපකරණ ලබා දීමේ අවස්ථාවක් අද (30) පස්වරුවේ දී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.

සබරගමු පළාත් නව ආණ්ඩුකාරවර , දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති නවින් දිසානායක මහතාගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (30) දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී රැස් විය.

කොරියන් ජනරජයේ සෙමාවුල් ගෝලීය පදනම හා පළාත් සභාව මගින් ක්‍රියාත්මක කල ප්‍රජා සත්කාරක වැඩ සටහන් අවසන් කිරිමෙන් අනතුරුව සබරගමුව පළාත් සභාව වෙත නිල වශයෙන් භාරදීම අද (30) දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා තාක්ෂණ අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබන කෑගලු අභිමන් - 2023 දෙස් විදෙස් රැකියා පොළ සමගින් වෘත්තිය පුහුණු අත්වැල ජූලි මස 8 වන දින කෑගලු බාලිකා විද්‍යාලය දී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සැලසුම් කරමින් පවතී .

කෑගල්ල දිසාපතිතුමන්ගේ හා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂතුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි ජූනි 22, 23 දිනයන්හිදි වයස අවුරුදු 60ට වැඩි අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ගේ අක්ෂි හා ශ්‍රවණ සායනයක් කෑගල්ල වෑවලදෙනිය විහාරස්ථානයේ හා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සංවිධානය කර තිබුණි.