වෙළඳපොලේ පවතින සහල්, පාලන මිලට වඩා වැඩියෙන් විකුණ වෙළඳුන් 40ක් පමණ නීතියේ රැහැනට හසුකරගැනීමට පසුගිය දිනවල දී කෑගල්ල දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඇතුළු නිලධාරීන් සමත් විය .කෑගල්ල ,මාවනැල්ල, වරකාපොළ, අවිස්සාවේල්ල, රුවන්වැල්ල යන අධිකරණවල නඩු පැවරීම් කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර ඉදිරි මාසවල ද ඒ සම්බන්ද නඩු පැවරීම් දිගින් දිගටම සිදුකිරීමට ද පාරිභෝගික සේවා අධිකාරිය බලාපොරොත්තු වේ.
පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයට ඇද හැලුණු අයහපත් වර්ෂාව හේතුවෙන් යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බේරෙන්නාව ග්‍රාම නිලධාරී වසමේ පවුල් හැත්තෑ දෙකක් ගංවතුරෙන් පීඩාවට පත්ව අවතැන් වූ අතර එම පවුල් සඳහා බෙරෙන්ඩිනා සංවර්ධන ආයතනය මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉල්ලීමක් පරිදි මූල්‍ය පරිත්‍යාග කිරීමක් අද (22) පෙරවරුවේදී දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා වෙතට පිරිනැමීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි .
ආබාධ සහිත ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා මධ්‍යම රජය සහ පළාත් සභාව මගින් ලබාදෙන ප්‍රතිපාදනවලට අමතරව ස්වශක්ති අරමුදල නිසි පරිදි යෙදවීමට කටයුතු කල යුතු බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසුරිය මහතා සඳහන් කරයි.
කොරියානු රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අන්තර් ජාතික සෙමාවුල් ව්‍යාපෘතිය යටතේ කෑගල්ල දිස්ත්‍රිකයේ නයි මිරිස් වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා මූලික වටයේ සාකච්ඡාවක් අද (16) කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
රට මුහුණ දී ඇති අර්බුදය හමුවේ රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන අතරතුර විදේශ විනිමය ඉපයිය හැකි වැඩසටහන් කෙරෙහි ප්රමුඛත්වයක් ලබා දිය යුතු යැයි කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (16) පෙරවරුවේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව අමතමිනි.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා ඉඳිකෙරෙමින් පවතින නව ගොඩනැගිල්ලේ ඉඳිකිරීම් කටයුතු සම්බන්ධ ප්‍රගති සමාලෝචන රැස්වීමක් කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රෙය් දී පැවැත්විණි.
ලංකා වාණිජ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කෙරෙන "දිවියට දිරියක්" වැඩසටහන මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි තවත් පවුල් පන්සියයක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය සහිත සහනාධාර සහ සී.අයි.සී ආයතනයෙන් ගෙවතු වගාව සඳහා අවශ්‍ය කෙරෙන බීජ ,පොහොර, අත් වැසුම් හා වගා මලු ලබාදීමක් අද (03) දින කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
නූතන සමාජ අභියෝග හමුවේ සමස්ත සමාජයේම සුවපත් භාවය ඇති කිරීම සදහාත්, විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ මනස සුවපත් කරනු පිනිසත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යුගයේ කිරීම අවශ්‍යතාවක්ව පවතී.මේ තත්ත්වය මනාව හඳුනා ගත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සංස්කෘතික අංශය දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන අනුකමිටු 05ක් ඔස්සේ විවිධ විශේෂාංගයන් මේ වන විටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.
දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වල්පොල ග්‍රාම නිලධාරී වසමේ මීගස්තැන්න (කොටස) සහභාගිත්ව ගැමි පිවිසුම වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කිරීම කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
"සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන" වැඩසටහන යටතේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කනංගම ග්‍රාම නිලධාරි වසමේ සාර්ථක මිරිස් වගාවක් නිරීක්ෂණය කිරීම සඳහා පසුගියදා කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය මහතා සහ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් චන්දන පියදාස යන මහත්වරුන් එක්වූහ.
132 ජාතික පුරාවිද්‍යා දිනය වෙනුවෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන වැඩසටහන් මාලාවට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථානවල පවතින ස්මාරක ආරක්ෂා කරමින් වගා කළ හැකි සෑම බිම් අඟලක්ම වගා කිරීමේ සමාරම්භක අවස්ථාවක් පසුගිය 28 වන දින සීතාවක ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ රාජසිංහ රජ මාළිගා පරිශ්‍රය දී සිදු කෙරිණි.
ජුලි 31 වන දිනට යෙදෙන ජාතික ක්‍රීඩා දිනය නිමිත්තෙන් රාජ්‍ය නිලධාරීන් සඳහා ශාරීරික හා මානසික යෝග්‍යතා වැඩසටහනක්, පාපන්දු පුහුණු උපදේශක ලලිත් ජයවර්ධන මහතාගේ සම්පත් දායකත්වයෙන් අද (29) දින පෙරවරුවේදී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රයේදී පැවැත්විණි.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සෑම වසරකම ජූලි 14 සිට 21 දක්වා වූ සතිය මුල් ළමාවිය ජාතික ළමා සතිය ලෙස නම් කරයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ වසා දැමූ පාසල් පරිශ්‍රයන් තුළ කෙටි කාලීන ආහාර බෝග වගා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉදිරියේ දී ඇති විය හැකි ආපදා වැළැක්වීමට සහ එවැනි ආපදා තතත්වයක දී දිස්ත්‍රික්කයේ කටයුතු මනාව කළමනාකරණය කර ගැනීමටත් මේ සම්බන්ධ අදාළ පාර්ශවයන් වල නිලධාරීන් වෙනුවෙන් ධාරිතා වර්ධන වැඩසටහන් සිදු කිරීම අතිශය වැදගත් බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය.
කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් සමුළුව දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) උදෑසන ආරම්භ කෙරිණි.
දැනට පවතින ඉන්ධන අර්බුදය තුළ මහජන ගැටුම් අවම කර සාධාරණ ලෙස ඉන්ධන බෙදාහරිමින් විධිමත් ලෙස අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද (15) දින පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
කෑගලු දිස්ත්‍රික්කයේ පවතින ඉන්ධන ගැටලු සඳහා ගත හැකි ඉදිරි සැලසුම් පිළිබඳ සිදු කෙරෙන විශේෂ හමුවකදී සමකාලීන මිතුරන් අහඹු ලෙස මුණගැසීමේ සුවිශේෂී අවස්ථාවක් අද දින අප කැමරා කාචයේ සටහන් විය .
කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නිළධාරීන්ගේ මාසික ප්‍රගතිය විමසා බැලෙන හමුව අද (14 ) පෙරවරුවේ දි ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් පුෂ්පා වීරසේකර මහත්මියගේ සහභාගිත්වයෙන් ගොවිජන සංවර්ධන කොමසාරිස් කාර්යාලිය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
අල, බතල, මඤ්ඤොක්කා වගා කිරීමේ සමෘද්ධි කඩිනම් වගා ක්‍රියාන්විතයේ ජාතික වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන අද (6) දින පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පරගම්මන ආහාර ගබඩා පරිශ්‍රයේදී සිදුකෙරිණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන පිළිබඳ ප්‍රගති සමාලෝචන වැඩසටහනක් මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (06) කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමයට අද (05) පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
සම්ප්‍රදායික ආහාර ප්‍රවර්ධනය හා පෝෂණය පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (29) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
රාජ්‍ය සේවකයින්ට විදේශ රැකියාගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මීපිටිය අරුණෝදය ග්‍රාම සංවර්ධන සමිතිය මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් ඖෂධීය පැළ සහිත භූමියක් දැනට වසර ගණනාවක සිට වල්බිහි වී ඇති බවත්, එය ශුද්ධ පවිත්‍ර කර දෙන ලෙසත් එම සංගමය මගින් දිසාපතිතුමාට පසුගිය දිනක කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස එම භූමිය ශුද්ධ පවිත්‍ර කිරීම අද (23)දින පෙරවරුවේ දී සිදුවිය.
රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය සහිත සහනාධාර ලබාදීමට ලංකා වාණිජ මණ්ඩලය "දිවියට දිරියක් " වැඩසටහන කොළඹ සහ කෑගල්ල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මේ වන විටත් ආරම්භ කොට ඇත.එහි කෑගල්ල දිස්ත්‍රික් සමාරම්භය අද (21) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
වාහන මනා ලෙස නඩත්තු කිරිම මගින් ඉන්ධන කාර්යක්ෂමතාවය ඇති කිරිම මුල් කර ගනිමින් රජයේ කාර්යාලවල වියදම අවම කර ගැනීමේ වැඩසටහන යටතේ , කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද ඒස්. වීරසූරිය මහතාගේ සංකල්පයක් අනුව රියදුරු මහතුන් දැනුවත් කිරිමේ වැඩ සටහනක් ඊයේ (20) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ඒ් අනුව තිබෙන වාහන පිළිගත් ක්‍රමවේදයක් යටතේ මනා ලෙස නඩත්තු කිරිම,වාහන පැදවීමේදී මාර්ගය පිළිබදව රියදුරු මහතුන්ට මනා අවබෝධයක් පැවතිම, වාහනවල තිරිංග පද්ධතිය ගැන සැළකිලිමත් විම, වාහනයට සුදුසු නියමිත ටයර් භාවිතා කිරිම, මාර්ග සංඥ පිළිබඳ සැලකිලිමත්වීම, නිසි වේලාවට ඉන්ධන පිරවීම යන කරුණු ගැන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රියදුරු මහතුන් දැනුවත් කිරිම , කෑගල්ල දිස්ත්‍රික් මෝටර්රථ පරීක්ෂක කුමාරසිංහ මහතා අතින් සිදු කෙරිණි.
දුෂ්කර අවස්ථාවකට මුහුණ දීමට සිදුව ඇතත් සංස්කෘතික හරයන් බැහැර නොකොට ඒවා ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික්කයේ තෝරාගත් කලාකරුවන් පිරිසකට රක්ෂණ ඔප්පු පිරිනැමීම සඳහා අද (20) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.
රට තුළ එකතු වන අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කර ගනිමින්, සුරක්ෂිත පරිසර පද්ධතියක් තුලින් තිරසාර දේශයක් ගොඩනැංවීම සඳහා විවිධ සැලසුම් හා ක්‍රියාමාර්ග ගනු ලබන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ කැලිකසල මනා ලෙස කළමනාකරණය කර ගනිමින් පරිසරය සුරක්ෂිත කිරීමේ වැඩසටහන් ද මේ වනවිටත් ආරම්භ කොට ඇත .ඒ අතරින් කසල ප්‍රතිචක්‍රිකරණය කිරීම සඳහා වූ බේලර් යන්ත්‍ර අදාල ඒ ඒ ආයතන සඳහා ලබාදීම පෙන්වාදිය හැකි ය.
තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීමට තම ජීවිත කැපකල ඒ වෙනුවෙන් ඇස්, ඉස්, මස්, ලේ, ඇට ,නහර තම දේශය වෙනුවෙන් කැප කළ වීරෝදාර රණවිරුවන් යනු ජාතියේ මුර දේවතවුන් වැනි පිරිසක් ය.
2021 .11 .10 වන දින කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ 98 km කණුව ආශ්‍රිතව ඉහළ බෑවුම අස්ථාවර වීම නිසා ඇති වු ආපදාවට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වත්මන් ප්‍රගතිය හා ඉදිරි සැලසුම් විමසා බැලීමේ හමුවක් අද (15) වන දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ පොසොන් පොහොය නිමිත්තෙන් තෝරාගත් පවුල් 100 ක් සඳහා වියළි ආහාර සහනාධාර මල්ලක් ‘‘අත්වැල" සමාජ සත්කාර වැඩසටහන යටතේ අද (13) දින පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදි අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මියගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර ක්‍රියාපටිපාටියන් පිළිබඳ විමසා බැලෙන විගණන කලමණාකරණ කමිටුව අද (08) වන දින පෙරවරුවේ දි දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. විරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා රඹුක්කන බ්‍රැන්ඩික්ස් ආයතනය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ඒකාබද්ධව කටයුතු කිරීම සම්බන්ධ සාකච්ඡාවක් අද (07) කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නිපුණතා සංවර්ධන දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව අද දින (07) පෙරවරුවේ දී දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රක් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී රැස්විය.
සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සමස්ත දිවයිනේම විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව ක්‍රීඩාවට හා ඔවුන්ව කායික, මානසික වශයෙන් බල ගන්වමින්, ඒ ඔස්සේ ජාත්‍යන්තර තරඟ සඳහා එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කිරිමේ අරමුණින් 2022 වසර සඳහා විශේෂ අවශ්‍යතා සහිත වූවනගේ ජාතික ආධුනික මළල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට සැලසුම් කෙරේ.
ඉදිරියේ දි ඇති විය හැකි ආහාර අර්බුදයට දිස්ත්‍රික්කයක් ලෙස ගනු ලබන පියවරයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් මෙවර රැස් වු දිස්ත්‍රික් කෘෂි කමිටුව අද (01) දින දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවාව තුළ ඵලදායිතා සංකල්ප පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව පැවැත්වූ ඵලදායිතා සංකල්ප පිළිබඳ මූලික සහතිකපත්‍ර පාඨමාලාව (මාර්ගගත පුහුණු සැසිය) සාර්ථකව නිම කළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් හට සහතිකපත්‍ර පිරිනැමීම කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2022/05/30) සිදුකෙරිණි.




දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුභසාධක සංගමය විසින් මෙහෙයවනු ලබන දිදුල පෙර පාසල හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ වසරක් පාසා සම්බුදු තෙමඟුල සමරනු පිණිස පවත්වන වෙසක් බැති ගී සරණිය - 2022 අද (30) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදයට පිළියමක් ලෙස ආහාර සුරක්ෂිතාවය තහවුරු කිරීම සඳහා ඒ සම්බන්ධ සියළුදෙනා ඒකාබද්ධව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අනිවාර්යෙන් සිදුකළ යුතු බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කරයි. විශේෂයෙන් දිස්ත්‍රික්කයේ ආහාර අර්බුදය හමුවේ ප්‍රජාවගේ ජීවන පැවැත්ම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බව දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා අවධාරණය කළේය. කෑගල්ල දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අද (24) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති වැඩසටහනේ මුලසුන හොබවමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
කෑගල්ල දිස්ත්‍රික්කය තුළ නීතිය හා සාමය ආරක්ෂා කර ගනිමින් ජන ජීවිතය අඩාල නොවන පරිදි කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව කරුණු විමසා බැලෙන විශේෂ හමුවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (13) දිස්ත්‍රික් ලේකම් / දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ නිපුණතා ශිල්පීන් සදහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) නොමිලේ ප්රදානය කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (05) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
සෑම දෙසතියකට වරක් රැස් වන කෑගල්ල දිස්ත්‍රික් පොහොර මෙහෙයුම් කමිටුව දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. විරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
මේ වන විට ආරම්භ වී ඇති යල කන්නයේ වි වගා කටයුතු සඳහා සහ අනෙකුත් වැවිලි භෝග වගා කටයුතු සඳහා අවශ්‍ය කාබනික පොහොර ලබා දිමට ඇග්රස්ටර් සමාගම ඇතුලු අනෙතුක් සමාගම් සඳහා උපදෙස් ලබා දිම හෙි දි සිදු විය.තව ද ඇග්රස්ටාර් සමාගම ඉදරි දෙසතිය තුල අවශ්‍ය කාබනික පොහොර සැපයිමට කටයුතු කරන බව ද පැවසීය.
කෘෂි කර්ම හා ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුවල සම්බන්ධීකරණයෙන් ගොවින් හට කාබනික පොහොර භාවිතය පිළිබඳ යුධ හමුදාව විසින් දැනුවත් කිරිම් ඉදිරියේ දී සිදු කිරිමට නියමිත යි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි, දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් කලණ ජයනන්දන ,දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් එල්.ඒ.ජේ.එල්.බී උඩෝවිට යන මහත්ම මහත්මින්, දිස්ත්‍රික් පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්යක්ෂවරුන්, කාෂිකර්ම කේෂත්රයට අදාල නිිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.







ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ මැදිහත් විමෙන් විදුලි පාරිභෝගිකයින් මුහුණ දෙන ගැටළු පිළිබඳ ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩ සටහනක් අද (21) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැිණි.
කෑගල්ල දිස්ත්‍රික්කයට මෙතෙක් අඩු පාඩුවක්ව පැවති රාජ්‍ය සේවකයින් සඳහා වූ සංචාරක නිකේතනයක් තැනීමේ අවශ්‍යතාවය යථාර්ථයක් බවට කරමින් ගරා වැටී තිබූ නිල නිවාස දෙකක් ඒකාබද්ධ කරමින් ප්‍රතිසංස්කරණය කොට ඉදි කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.
2022 - සිංහල දමිළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කිරීමේ අවස්ථාවක් ඊයේ (17) පූර්ව භාග 07.04 ට යෙදුනු සුභ මොහොතින් කෑගල්ල තරුණ බෞද්ධ සංගම් ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.
කෑගල්ල පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන්ගේ හිසතෙල් ගෑමේ මහෝත්සවය මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායන මධ්‍යයේ අද (17) පෙරවරුවේ 7.04 ට යෙදී තිබුණ සුභ මොහොතින් සිදුකෙරිණි.
අප්‍රේල් මස 08,09,10 යන දින ද ඇතුලත්ව ඉදිරි දින කිහිපයේ දි වැසි තත්වයේ වැඩි විමක් අපේක්ෂිත බැවින් ඊට මුහුණ දිම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව උපදෙස් දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. විරසුරිය මහතා විසින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දෙයි.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් ජාතික යොවුන් සේනාංකයේ සහයෝගයෙන් දිස්ත්‍රික්කයේ තෝරා ගත් රාජය ආයතනවල කේෂත්ර නිලධාරීන්ගේ කාර්ය සාධනය හා නායකත්ව කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් එක් දින ධාරිතා වර්ධන පුහුණු වැඩසටහනක් ඊයේ (07) වන දින දවස පුරා කෑගල්ල ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ දි පැවැත්විණි.
සිිද්ධි කලමණාකරණය හා ආකල්ප සංවර්ධනය පිළිබඳ එක් දින පුහුණු වැඩමුළුවක් අද (07) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අල්ගම ග්‍රාම නිලධාරි වසමේ දිළිඳු පවුලක් වෙනුවෙන් ඉදි කෙරුණු නව නිවස එම පවුලට ලබා දිම අද (07) පෙරවරුවේ දී සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ යෙදුනු සුභ මොහොතින් සිදු කෙරිණි.
වරකාපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය මඟින් සංවිධානය කළ සමෘද්ධි ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අලෙවි පොළක් අද (07) පෙරවරුවේ දි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දි පැවැත්විණි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැකියා ප්‍රවර්ධන අංශය විසින් සංවිධානය කළ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සේවය කරන මානව සම්පත් සංවර්ධන නිලධාරින්ගේ මාසික ප්‍රගති සමාලෝචන හමුව අද (05) වන දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුබසාධක සංගමයේ පුස්තකාලය සඳහා දිසාපති / දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොත් කට්ටල පිරිනැමීමක් අද (04) දින පෙරවරුවේදී සිදු කෙරිණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මගින් ක්‍රියාත්මක වැඩසටහන් හා ඒ්වා ක්‍රියාත්මක කිරිමේද ඇතිවන ගැටලු පිලිබදව විමසා බැලෙන ප්‍රාදේශිය ලේකම් හමුව අද (01) දින පෙරවරුවේදී දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික් ඵලදායිතා ඒකකය මඟින් සංවිධානය කරන ලද පෙර පාසල් ගුරුවරියන් දැනුවත් කිරීමේ වැඩසටහන අද (31 ) දින පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්කයේ ළමුන්ගේ හා කාන්තාවන්ගේ සුභසාධනය හා පවතින ගැටලු පිළිබඳ අදාල නිලධාරින් සමඟ සාකච්ඡා කෙරුණු දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන කමිටුව අද (30) පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
පසුගිය කාල වකවානුව තුල අරාජිකව පැවති කෑගල්ල දිස්ත්‍රික් තරුණ බෞද්ධ සංගමය යළි පුබුදුවාලීම සඳහා වත්මන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතා විසින් අනගිභවනීය කාර්යභාර්යක් ඉටු කර ඇති බවට හේතු කාරණාවන් බොහෝ ය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා සහන සේවා නිලධාරීන්ගේ ප්‍රගතිය විමසා බැලෙන හමුවක් අද දින (29) කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වසවිසෙන් තොර පෝෂණයෙන් සපිරි නැවුම් එළවළු හා පළතුරු,පලාවර්ග,ඇතුළු භෝග තම ගෙවත්තෙන්ම සපයා ගැනිම තුළින් නිරෝගි ස්වයංපෝෂිත පවුල් ඒකක සංකල්පය ප්‍රචලිත කිරිම අරමුණු කර ගනිමින් "හරිත දැයක් ගෙවතු වගා සංග්‍රාමය 2022" වැඩසටහන අද (29) දින පෙරවරුවේ 9.18 ට යෙදුණු සුභ මොහොතින් දිවයින පුරා ආරම්භ කෙරිණි.
මෙම වැඩසටහන තුළින් ගෙවතු වගාවේ නියුතු පවුල් ලක්ෂ 22 ක් සංවර්ධනය කිරිමට සැලසුම් කර ඇත.
මෙම ජාතික වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ම ආවරණය වන පරිදි අද පෙරවරුවේ දී ආරම්භ කෙරිණි.
කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෙරගල ග්‍රාම නිළධාරි වසමේ ගෙවතු වගා වැඩසටහන කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කේ.ජි.එස් නිශාන්ත මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමන් පතිරණ, දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ටී.ඒ.පී.කුසුම්සිරි ,දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද,කෑගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් කොරළගේ යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිලධාරින් හා ප්‍රතිලාභින් පිරිසක් එක්ව සිටියහ.










සුවහසක් ජනතාවගේ කලා රසය ඉස්මතු කිරිම සඳහා කැප වන කලාකරුවන්ගේ සමාජ ආරක්ෂණය සුරක්ෂිත කරමින් ඔවුනගේ වර්තමානය හා අනාගතය වඩාත් සුරක්ෂිත කිරිම සඳහා ශ්‍රි ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කරයි. ඒ අනුව දිස්ත්‍රික්කයේ තෝරා ගත් කලාකරුවන් සඳහා රක්ෂණ ඔප්පු පිරිනැමීම අද (28) වන දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
බතික් , අත් යන්ත්‍ර රෙදි හා දේශිය ඇගලුම් නිෂ්පාදන පිළිබඳ රාජය අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත කෑගල්ල පුවක්දෙණිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව අවසන් කල ව්‍යවසායකයින්ගේ පළමු බතික් නිෂ්පාදන ප්‍රදර්ශනය හා අලෙවිපොල අද (28) පෙරවරුවේ දී කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
දිස්ත්‍රික්කයේ පවතින පාසල් අතරින් පානීය ජල පහසුකම් නො මැති පාසල් සඳහා එම අවශ්‍යතාවය සපුරා දීමේ දැනට ක්‍රියාත්මක වැඩසටහනෙහි ප්‍රගතිය හා පවතින ගැටලු පිළිබඳ සාකච්ඡාවක් අද (25) වන දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් /දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක මෙම වැඩසටහනෙහි පළමු අදියර සඳහා මේ වන විට හඳුනා ගත් පාසල් අතර පානීය ජල අවශ්‍යතාවය සපුරා ඇති පාසල් ලෙස මාවනැල්ල අධ්‍යාපන කලාපයට අයත් ගුරුබෑවිල කණිෂ්ඨ විද්‍යාලය හා තම්මිට කණිෂ්ඨ විද්‍යාලය හා දෙහිඕවිට අධ්‍යාපන කලාපයට අයත් සපුමල්කන්ද ප්‍රාථමික විද්‍යාලය අයත් වේ.
මීට අමතරව වැඩ ආරම්භ කිරිමට නියමිතව ඇති පාසල් 06 ක් පවතින බවත් ඊට අදාල යෝජනා හා ගැටලු පිළිබඳව මෙහි දි අදාල නිලධාරින් සමඟ කරුණු විමසා බැලීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ විරකෝන් මහතා ඇතුලු දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂවරුන්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නෙවිල් කුමාරගේ, දිස්ත්‍රික් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධාකාරී රසික වනිගසේකර යන මහත්වරුන්, ජල සම්පාදන හා ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.



ඉදිරියේ දී අපේක්ෂිත වර්ෂා තත්වය හමුවේ එළඹෙන අප්‍රේල් 20 - මැයි 20 වන දක්වා කාලයන් තුලදි කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති විය හැකි ආපදා අවම කිරිමේ පෙර සූදානම පිළිබඳ විශේෂ හමුවක් අද (25) වන දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
දැනට දිස්ත්‍රික්ය තුල නියඟය, නාය යාම්, කණ්ඩි කඩා වැටීම්, අකුණු අනතුරු, ගස් කඩා වැටීම්, ගිනි ගැනීම්, දියේ ගිලීම් වැනි ආපදා තත්වයන් හඳුනා ගත හැකි අතර එම ආපදා අවම කිරිම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් පවතී.
මෙම විශේෂ හමුවේ දී සුරක්ෂිත මධ්‍යස්ථානවල පවතින ගැටලු (අවතැන් පවුල් ක්ෂණිකව ඉවත් කර ගත හැකි වන පරිදි සූදානම් කර තැබීම), අධි අවධානම් පවුල් එම ස්ථානවලින් ඉවත් නොවීම, දැනට ඉවත් කිරිම සඳහා ඉල්ලීම් කර ඇති අවධානම් ගස් හා අතු ඉවත් කිරිම, මාර්ගවල කණ්ඩි කඩා වැටිම් සිදු වීමේ දි එම අවහිරතා ක්ෂණිකව ඉවත් කිරිම, මෙහෙයුම් කටයුතු සඳහා බෝට්ටු සූදානම් කර තබා ගැනිම හා හදිසි අවස්ථාවන්හිදි ස්ථානිය පරීක්ෂාවන් සඳහා නිලධාරින් සූදානම් කර තැබීම යන කරුණු පිළිබඳ මෙහි දි සාකච්ඡා කෙරිණි. ඒ අනුව ඉදිරි වර්ෂා කාලයන්හි දී ජිවිත හා දේපොල ආරක්ෂා කරමින් ආපදා හානි අවම දිස්ත්‍රික්කයක් බවට පත් කිරිමට අපේක්ෂිත ය.
මෙම හමුවට ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, ආපදා සහකාර අධ්යක්ෂ අනුෂ්ක චමිල යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය ලේකම්වරු, දිස්ත්‍රික් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරීතුමන්, භූ විද්‍යා හා පතල් කාර්යංශයේ නිලධාරීන්, ආරක්ෂක අංශයේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.




ප්රමුඛ සනීපාරක්ෂක විසඳුම් හඳුනා ගැනීම සහ ආයෝජන ප්රශස්ත ලෙස භාවිත කරමින් පියවර වශයෙන් සුරක්ෂිත සනීපාරක්ෂක ඉලක්ක ළඟා විම අරමුණ කර ගත් කෑගල්ල දිස්ත්‍රික් සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රධාන සැලැස්ම පිළිබඳ දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් අද (25) පෙරවරුවේ දී දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ පුර්ණ මග පෙන්විම හා අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් සංතික අංශය මඟින් සංවිධානය කළ රාජ්‍ය නර්තන උළෙලේ දිස්ත්‍රික් මට්ටමේ තරඟ 2022 මාර්තු මස 20 වන දින කෑ/රාජකීය මහා විද්‍යාලයේ දි දවස පුරා සාර්ථකව පැවැත්විණි.
අභ්‍යන්තර වෙළඳ , ආහාර , සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුභසාධක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් සදාරාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක් තුල සුරක්ෂිත පාරිභෝගිකයෙකු බිහි කිරිම සඳහා වූ දැනුවත් කිරීමේ වැඩසටහනක් 611 වන පාබල බල සේනා මූල්සථානයේ දී අද (23) වන දින පෙරවරුවේ දී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි පත්වීම ස්ථීර කරන ලද නවක අභ්‍යන්තර විගණන සංවර්ධන නිලධාරීන් හට විගණන කටයුතු හා ඒ සම්බන්ධ විෂය පිළිබඳ අවබෝධය ලබා දිමේ අරමුණින් පුහුණු වැඩ සටහනක් අද (22) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
ආදරය, ප්‍රේමය, සෙනෙහස නැමැති ලෝකයේ සියලුම දුක් පිසදමමින් මේ මුලු ලෝකයම ලස්සන කරන කාන්තාවන් අගයන ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමීව කෑගල්ල දිස්ත්‍රික් සැමරුම අද (22) වන දින පෙරවරුවේ දී දිස්ත්‍රික් දිස්ත්‍රික් ලේකම්/දිසාපති මහින්ද එස් වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන අංශය මඟින් පැවැත් වූ ‘සෙනෙහෙ තටාකය’ නිවාස පදනම් කර ගත් මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන අද (21) වන දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති පිලිබඳ විමසා බැලෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (16) වන දින පෙරවරුවේ දී සබරගමු පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
කෑගල්ල හා පුත්තලම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ළමා සමාජ දරුවන් අතර අත්දැකීම් හුවමාරු වැඩසටහනක් මාර්තු මස 03 හා 04 යන දෙදින කෑගල්ල අටලුගම අධ්‍යාපන පුහුණු මධ්‍යස්ථානයේ දී හා කිතුල්ගල මාකන්දාව රක්ෂිතය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව නිමාවට පත් විය.
පාසල් ළමුන් සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ආරක්ෂා කිරිම සම්බන්ධව දැනුවත් කිරිම, සදාචාරාත්මක මාධ්‍ය භාවිතය , නායකත්ව පුහුණුවක් ලබා දීම, ජීවන නිපුණතා ලබා දීම මඟින් ළමා අපයෝජනයන් අවම කිරිම මූලික අරමුණු කර ගත් පාසල් මාධ්‍ය සමාජ ජාතික වැඩසටහන - 2021 ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන දීප ව්‍යාප්ත වැඩසටහකි.
කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව අද (9) දින පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී රැස්විණි.
කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සමාජ සේවා නිලධාරීන්ගේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) දින පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් සම්බන්ධ වූ ප්‍රාදේශීය ලේකම් හමුව (08) වන දින පස්වරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩල 16කින් සහභාගී වූ දහම් පාසල් සිසු දරු දැරියන් අතුරින් තේරී පත් වූ ජයග්‍රාහකයින් 165 දෙනෙකු සඳහා ත්‍යාග ප්‍රදානොත්සවය පසුගිය දා රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී වැවිලි කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික්කයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා වන මාර්ගගත ක්‍රමවේද ඔස්සේ රැකියා පොළක් අද (08) වන දින පෙරවරුවේ දි ආරම්භ විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කරන කරකර්මාන්ත අමාත්‍යාංශයේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කුඩා පරිමාණ ඇගලුම් කර්මාන්ත ශාලා නගා සිටුවීමේ වැඩ සටහන යටතේ රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කොට්ථාසයේ මොට්ටප්පුලිය ග්‍රාම නිලධාරි වසමේ දුලාර පැෂන් ආයතනය හා කිරිවන්දෙනිය ග්‍රාම නිලධාරී වසමේ පංචසික ගාමන්ට් ආයතනය යන ඇගලුම් ශාලා විවෘත කිරිම ඊයේ (6) දින පෙරවරුවේදී වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
දිස්ත්‍රික්කයේ පවතින පානීය ජල ගැටලු සම්බන්ධව ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ජාවක් අද (02) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය සඳහා ග්‍රාමිය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක ක්‍රීඩා පාසල් සංවර්ධන කිරීමේ වැඩසටහන - 2022 යටතේ එම පාසල් ක්‍රීඩා පිටිය ඇතුලු සංවර්ධන ව්‍යාපෘතීන්හි තෙවන ප්‍රගති සමාලෝචන හමුව අද (28) වන දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම්/දිසාපති මහින්ද එස් විරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.
ජාතීන් අතර සාමය, සංහිඳියාව, සුහදතාවය වර්ධනය කර ගැනිම සඳහා භාෂාව ඉවහල් කර ගත හැකි බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පැවසිය.
ළමා හිමිකම් ප්‍රවර්ධන හා ළමාරක්ෂක නිලධාරින්ගේ ද්වි මාසික දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන සාකච්ඡාව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි අද ( 25 ) දින පෙරවරුවේදි අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන ) චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.



































